වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ප්‍රදීපාට සම්මානයක්
මාර්තු 21, 2019

වත්තල - හේකිත්ත සිරි සුගත ධම්මිකාශ්‍රම විහාරයේ විහාරාධිපති හා ප්‍රකට ගී පද රචකයෙකු ද වූ ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය වෙන්නප්පුවේ චන්ද්‍රානන්ද හිමියන්ගේ සංකල්පයක් අනුව එම විහාරස්ථ දහම් පාසල් පදක්කම් ප්‍රදානෝත්සවයට සමගාමීව වාර්ෂිකව එක් කලාකරුවෙකු ඇගයීම සඳහා 'සිරි සුගත කලා සම්මානය' ප්‍රදානය කිරීමේ උත්සවයක් ද පසුගිය දින සංවිධානය කර තිබිණි.
එහිදී තෙවන වරට මෙවර සම්මානය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ප්‍රදීපා ධර්මදාසට පිරිනැමිණි. සුගන්ධිකා ෆොන්සේකා ඇයගේ මුනුපුරු තිසෙව් විමුක්තිගේ සහය ඇතිව ප්‍රදීපා ධර්මදාසට ඇගයුම් සම්මානය පිරිනැමිණි.