තිලාගේ සරසවියේ ඩය-රිය update ..හොරෙන් කියවලා බලන්න....

මාර්තු 21, 2019

අද මාර්තු 13 බදාදා.....

ඩොනල්ඩ් අයියා ගැන තිලාට (ප්‍රවීණ දක්ෂ සිනමා කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න) මතකයට නැගෙන්නෙ වසන්ත ඔබේසේකරයන්ගේ දඩයම චිත්‍රපටයත් සමග. එහි ස්වර්ණා මල්ලවආරච්‍චි සහ රවීන්ද්‍ර රන්දෙණිය දෙපළ ඉතා කැපවීමෙන් රඟපෑ කාර් එකේ ඉදිරිපස වීදුරුව කැඩෙන්න ගහපු දර්ශනය රූගත කරන්න කැපවුණු හැටි ඒ අතර කතාබහ ලක්වුණා. ඩොනල් අයියා කෙතරම් ප්‍රවීණ වූවත් ⁣බොහොම නිහතමානි සුන්දර චරිතයක්. තිලා බූඩි කීර්තිසේන මාතා යුද චිත්‍රපටය කරන කාලේ අපි මාස දෙකක් විතර පුදුක්කුඩුඉරිප්පු පැත්තේ හිටියේ ඒ දිනවල එහේ විදුලි බලය නැති නිසා හවසට අපි ඉතින් (වසන්ත විට්ටච්චි, බ්‍රයන්, උපුල් මහානාම, දමිත, රුචිර) මධු විතක් සමග ඩොනල්ඩ් අයියාගේ පරණ කතා අහගෙන ඉන්නවා. ඩොනල්ඩ් අයියා ගැන විශේෂයෙන් ලියන්න මතක් වුණේ ලබන 15 උපන් දිනය නිසාවෙන් ඔබට සුබ උපන්දිනක් අයියේ...........

අද මාර්තු 14 බ්‍රහස්පතින්දා ..........

අපේ ටෙනී ආයේ අපිත් සමඟ වැඩ. ඉස්සරත් ටෙනීයි මාලනුයි තිලා ගජයො ඉතින් ටෙනීගෙ ආගමනයයි මාලන්ට තනතුරකුයි. එකටම වගෙ ඉතින් ටෙනී ඇහැව්වා මචං අලුත් තනතුර මොකද්ද කියලා ඒක මචං Full H.D ටෙනිත් හොල්මන් Full H.D (High Definition)  කියන්නේ උසස් තාක්ෂණය ගැන කියන වචනයක්නේ. පස්සෙ තමයි තේරුම දැනගත්තේ මචං තනතුරු කිහිපයක් තියෙනවා මේ‍ක මුළු අංශයටම ප්‍රධානියා Full head of the department..

අද මාර්තු 15 සිකුරාදා...........

අද හවස තරංගනී එකට ගියා සුළඟ අප රැගෙන යාවි මාධ්‍ය දර්ශනය. ඉතින් අරුණිත්, තිලානිත්, තුෂාරත්, නිශ්ශංකත්, ශානුත්, රංජිත් එකම වාහනයේ තරංගනී සිනමා ශාලාවට යන ගමන් අපේ තිලානි හැමොටම හොරෙන් කාටද මැසෙජ් කොටනවා. වාහනයේ අයිනේ ඉන්න නිසා වීදුරුවෙන් පේනවා හැබැයි අනිත් පැත්තට අපි ඉතින් කියෝගත්තා.

අද මාර්තු 16 සෙනසුරාදා .........

මේ දවස් වල තිබුණ චිත්‍රපටි එක ළඟ මුදා හැරලා සුළඟ අප රැගෙන යාවි, (නුවන් ජයතිලක) දැකලා පුරුදු කෙනෙක්( මලිත් හෑගොඩ), කතාකරන හීන (සෝමලතා හේරත්) අසන්ධිමිත්තා (අශෝක හඳගම) එක වගේ චිත්‍රපට ටිකක් එකම වකවානුවක ප්‍රදර්ශනය වෙනවා රසිකයන්ට බලන්නෙ මොකක්ද කියලා තෝර ගන්න බෑ. ඒක ගැන හිතනකොට රංගන ශිල්පි දයා අල්විස් කියපු කතාවක් මතක් වුණා .....වාද්දුව පැතතෙ මිනිහෙක් පුංචියට දොදොල් විකුණන්න පටන් අරන් බිස්නස් ඒක දැකපු අනික් අයත් ඒ දිගටම පුංචි පුංචි දොදොල් කඩදාල සතියකට දෙහෙකට පස්සෙ එතන දොදොල් තාච්චි විකුණන්න තිබුණලු..................

අද මාර්තු 17 ඉරිදා ......

අද ⁣තිලා ගෙදර ඉන්න ගමන් කල්පනා කළේ ටික දවසකින් වේදිකා නාට්‍යයක් බලන්න වුණේ නෑ කියලා දැන් ⁣අලුත් නාට්‍ය වලත් ගොඩක් මැත කාලේ හැදුණ මනමේ, සිංහ, බාහු, පේමති ජායතී සෝකො, හුණුවටයේ කතාව වගේ අහල පුරුදු වේදිකා නාට්‍ය අතර⁣ට අලුත්ම නාට්‍ය ටිකක් ආවා.....

හංකිති දහතුන , බල්ලොත් එක්ක බෑ, අනතඞපුරය හොරු කඩයි, සාරි ගැටේ, ඊ ගාව ගේ, බෝම්‍බයක් ඉතුරුයි, මාශා සහ වලහා, මල් වඩම් අනවශ්‍යයි, අල්ලයි වලිගේ, හතේ කාමරේ තව තියෙනවා ආයෙත් ඩය-රියභනඤචබඥ දාන්නම ඔන...

අද මාර්තු 18 සදුදා ......

අපේ සිළුමිණේ මලික්(මලික් චමින්ද ධර්මවර්ධන) ළඟදි අලුත් පොතක් වෙල්ලස්සේ කැරැල්ල අදාළ කරගෙන “18 පරපුර” කියල මලිත් මාර කැපවීමක් කළා. තිලාටත් මතකයි ඔබ්සර්වර් පුවත් පතේ ඉසුරි සමඟ ඔය ගැන ලිපියකට කරුණු හොයන්න යන කොට අපේ සමන්තත් මලික් එක්ක දවස් ගාණක් එහෙ. 1818 තොරතුරු හොයනවා කියන එක ලේසි වැඩක් නොවේ තිලාත් එහෙ ගිය නිසාම දන්නවා සමහර තැන් වලට යන්නම වරුවක් යනව... කියවලාම බලමු..

අද මාර්තු 19 අඟහරුවාදාය .......

බොරැල්ලෙන් යනවිට නිතරම ඇහැ ගැටෙන දෙයක රිට්ස්‍ සිනමා ශාලාව තිලා පාසලෙන් හොරෙන් (සමහරු ස්කූල් කට්‍ කියලත් කියනව) ඇවිත් බලපු පළවෙනි සිනමාහල. පාසල් මිතුරෙක් වන ඡායාරූප ශිල්පි අතුල බෝපගේ මචං අද අලුත් කොල්ලෙක් රඟපාන චිත්‍රපටයක් රිට්ස් එකට ඇවිත් බලමුද.. තිලත් පේ‍්‍රම්‍ ජයන්ත් ඇඳපු කටවුට් එක දකල තිබුණ “ගඟ අද්දර” ඉතින් හරි බයෙන් යන්නෙ කවුරු හරි දකියි රිට්ස්‍ එකේ සුදු සරම ඇදල හිටිය අත කොට අංකල්ට ඊට වැඩිය බයයි.. ඉතින් ගිහින් බැලුව අලුත් නළුවා සනත් ගුණතිලක ....