“වාක් සම්ප්‍රදාය” (IDIOMS)

මාර්තු 21, 2019

'පෙම් වියරුව' පරිවර්තනය කර රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ප්‍රවීණ පරිවර්තක රූ. පෙ. විජේසිංහ ලියූ අලුත්ම ග්‍රන්ථය 'වාක් සම්ප්‍රදාය' (IDIOMS) පසුගිය අඟහරුවාදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ ජනගත කෙරිණි.

වාක් සම්ප්‍රදාය යනු ජීව භාෂාවක ව්‍යවහාරයේ පවත්නා සුවිශේෂී විකාශන විලාසයකි. මෙම ප්‍රකාශනය පද කීපයකින් හෝ නැතහොත් වාක්‍යාංශයකින් යුක්තය. ඉන් දනවන විශේෂත්වය වනුයේ එහි පදගතාර්ථයට වඩා හාත්පසින්ම වෙනස් අර්ථයක් ද්වනිත කිරීමය. ඉංග්‍රීසි භාෂාවෙහි මෙවන් පාඨ බොහෝමයක් වෙයි. ඒවා අතුරෙන් තෝරා ගනු ලැබූ පාඨ යම් කිසි ප්‍රමාණයක් මෙහි ඇතුළත් වේ.