'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' කා‍ෙණ්ඩ මෝස්තර ප්‍රශ්නයක

මාර්තු 22, 2019

හිරු නාළිකාවේ විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි සිතුවමේ හිටපු කොණ්ඩා සැකසුම් ශිල්පියකු විසින් එහි නිෂ්පාදක ප්‍රභාත් රෝෂන්ට එරෙහිව සිය මුහුණු පොත හරහා හිඟ වැටුප් සහ කේෂාලංකරණ භාණ්ඩ පැහැර ගැනීමක් පිළිබඳ යම් විරෝධතාවක් එල්ල කොට තිබිණි.

එහිදී ඔහු සඳහන් කොට තිබුණේ එම නාට්‍යයට සම්බන්ධ වී සිටි කාලය තුළදී තමන්ට මහත් වූ අසාධාරණයක් සිදු වූ බවය. මේ පිළිබඳ අප කළ විමසීමකදී ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ප්‍රභාත් රෝෂන් දැක්වූයේ මෙවන් අදහසකි.

ඔය කියන පුද්ගලයා දිගින් දිගටම අපිට නොයෙක් ප්‍රශ්න දැම්මා. අපිට ඔහුත් එක්ක වැඩ කරන්න අමාරුයි. අයින් කරලා දැම්මේ ඔය හේතුව නිසා.

ඔහු අපිට චෝදනාවක් එල්ල කරනවා නාට්‍යයට යොදාගත් කොණ්ඩා කිහිපයක් බලෙන් ගත් බවට. ඒවා ඔහුට අයිති දේවල් කියලත් කියනවා.

ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක්. ඔය කියන දේවල් මගේ වියදමෙන් නාට්‍යයට ගත්තු ඒවා. ඔහුගේ දේවල් නෙවෙයි.

මං මේ මොහොතේ ඉල්ලා සිටිනවා අසත්‍ය චෝදනා පැතිරීම නවත්වන හැටියට.