වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
පොලිසිය නොහඳුනන කූඹියෝ
මාර්තු 25, 2019

කළණ ගුණසේකර කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්.
ඉකුත් දා පැවති රයිගම් සම්මාන උලෙළේ කූඹියෝ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා වුණේ ඔහු.
කළණ ඒ සම්මානයේ සතුට විඳදරාගෙන නෙළුම් පොකුණ ශාලාවෙන් එළියට බැහැලා ටික දුරක් එද්දි ඔහුව රථ වාහන පොලිසියෙන් නවත්වලා.
කළණ එවෙලේ මඳ පමණට අරගෙන ඉඳලා තියෙන්නේ.
ඔහු වැරදියි කියලා පිළිගෙන. ඒකනේ මහත්මා ගතිය කියලා කියන්නේ.
නමුත් අවාසනාවට මහා මාර්ගයේ සහ පොලිස් ස්ථානයේ හිටපු කිසි කෙනෙක් කළණව හඳුනාගෙන නැහැ.
ඇත්තටම වසර ගණනාවක් තිස්සේ රංගනයෙන් දායක වූ කළණ වගේ කෙනෙකුගේ මුහුණ මතකයේ නොතිබීම එක අතකින් අවාසනාවක්.