දිල්හානි - ගයත්‍රී මිනී පෙට්ටිය කඩයි

මාර්තු 27, 2019

වැලිපවුරු නමින් චිත්‍රපටයක් ඉදිරියේදී තිරයට පැමිණීමට නියමිතයි.

එහි යොවුන් දරුවන් සිටින මවකගේ චරිතයක් රඟපානවා ජනප්‍ර‍්‍රිය නිළි දිල්හානි ඒකනායක.

චිත්‍රපටයේ දර්ශනයක් තියෙනවා ඒ මව මිය යන. මිනී පෙට්ටියක සැතපිලා එම දර්ශනය ගන්න අධ්‍යක්ෂවරයාට ඕන වුණා.

දිල්හානිත් චරිතයන්ට සාධාරණයක් කරන නිළියක් හැටියට ඊට බොහොම කැමැත්තෙන් එකඟ වුණා. මිනී පෙට්ටියක් එහෙම ගෙනල්ලා දර්ශනය රූපගත කරන්න සූදානම් වුණා.

දිල්හානි එහි සැතපෙන්න හදද්දි මේක දැක්කා එතැනට පැමිණ හිටපු ගයත්‍රි ඩයස්.

 

 

දිල්හානි මිනී පෙට්ටියක ඉන්න තැනට ගිහිල්ලා සෙල්ෆියක් ගන්න ඇයට ඕනෑ වුණා.

ගයත්‍රි දුවලා දුවලා ගිහින් දිල්හානි එක්ක ෆොටෝ එකක් ගන්න මිනී පෙට්ටියට බර වුණා විතරයි දඩොස් ගාලා මිනී පෙට්ටියත් දෙකට කඩාගෙන දිල්හානියි ගයත්‍රියි බිමට වැටුණා.

දෙන්නටම හිතාගන්න බැහැ මොකද වුණේ කියලා.

අන්තිමේ සෙල්ෆියක් හින්දා වෙනත් මිනී පෙට්ටියක් ගෙනල්ලයි ආයේ එම දර්ශනය කළේ.