සිංදු කිරිල්ලී රඟපාන්න ගිහින් තෙරුණිට වෙච්ච දේ

මාර්තු 29, 2019

තෙරුණි අශංසා කියන්නේ වේදිකා නාට්‍ය රැසක රඟපෑ රංගන ශිල්පිනියක්.

 

ඒ වගේම ඉකුත් රයිගම් උලෙළේදී හොඳම නැඟී එන නිළිය වුණෙත් ඇය යි.

තෙරුණි කලකට ඉහතදී රඟපෑවා සිංදු කිරිල්ලී නැමැති නාට්‍යයක. ෂෝ එකක් තිබුණේ ටිකක දුර පළාතක.

නාට්‍යය කණ්ඩායම නියමිත වේලාවට එහෙ ගිහිල්ලා හවස වෙද්දී මේකප් එහෙමත් දාගෙන නාට්‍ය දර්ශනයට ලැහැස්ති වෙලා.

මේ අතරේ තෙරුණි ගිහින් බලලා නාට්‍යයට සෙනඟ ඇවිත් ද කියලා. තිරය එහාට කරලා ඕඩියන්ස් එක දිහා බලපුවාම හිස් පුටු ටික විතරයිලු.

තුනයි තිහේ දර්ශනයට හතර වෙනකම් කට්ටිය බලාගෙන ඉඳලා සෙනඟ කවුරුවත්ම නැහැ. හවස දර්ශනයට ආවෙ එකම එක්කෙනයිලු.

එයත් නාට්‍යයට ඇඩ් එකක් දීපු මහත මුදලාලි කෙනෙක්. අන්තිමේ සිංදු කිරිල්ලී නාට්‍යය පෙන්නිල්ල පැත්තක තියලා තෙරුණිලා ගෙදර ඇවිල්ලා.