වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
පියාගේ කෘති පුතුගේ හඬින්

අමිතාබ් බච්චන් බොහෝ විට තම සිතුවිලි සහ හැඟීම් සමාජ මාධ්‍ය ඔස්සේ ආදරණීය රසික රසිකාවන් සමඟ බෙදාගනී. පසුගිය කාලයේ ඔහු සිය බ්ලොග් අඩවිය ඔස්සේ සිය මතකයන් සහ අත්දැකීම් බෙදා ගත්තේය. පසුගියදා අමිතාබ් ට්විටර් හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය රසික රසිකාවන් පුදුමයට පත් කළේය. මධ්‍යම රාත්රියේදී නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වූයේ, අමිතාබ් තම පියාගේ නවකතාවක් කියවන ආකාරය දැක්වෙන ඡායාරූපයකි. එහි ඔහු ඉදිරිපිට මයික්රෆෝනයක් ද විය.
එයින් සඳහන් වන්නේ අමිතාබ් බච්චන් සිය පියා හරිවන්ෂ් රායි බච්චන්ගේ පොතක් පටිගත කිරීමට සූදානම් වන බවයි. ඒ අනුව නුදුරේදී අභාවප්‍රාප්ත හරිවන්ෂ් රායි බච්චන්ගේ කෘතියක් අමිතාබ්ගේ කටහඬින් ඇසීමට ලැබෙනු ඇත. අමිතාබ් සිය පියාගේ සාහිත්‍ය කෘතියට විශේෂ කැමැත්තක් දක්වන්නේය. එනිසාම
ඡායාරූපය සමඟ අමිතාබ් මෙසේ සටහන් කළේය. "මම කිසි දිනෙක පියාගේ ලේඛනවලින් ඈත් නොවෙමි. දැන් ඔහුගේ ඥානවන්ත වචන, මගේ හඬින්."
සති අන්ත විවේකය
විවේකී දිනයට බොලිවුඩ් තරු මොනවාද කරන්නේ? බොහෝ දෙනෙක් නිවාඩුව සුන්දර ස්ථානයක ගත කිරීමට පෙලඹී සිටියත් මේ වන විට පවතින වාතාවරණය හමුවේ එය දුෂ්කර කටයුත්තකි. ඒ නිසාම තම නිවෙස්වලට වී යමක් කිරීමට ඔවුහු පුරුදු වී සිටිති. එහිදී ඇතැමෙක් සිතුවම්කරණය කරන විට තවත් අයෙක් අලුත් කෑම වට්ටෝරුවක් අද්හදා බලති. පසුගිය සති අන්තයේ ලද විවේකයෙන් විකී කෞෂාල් ද අපූරු සිතුවමක් දැක්වීය.
සිතුවම් කුසලතා විදහා දැක්වූ ඔහු අනතුරුව රැප් ගායනයක් ඉදිරිපත් කළේය. "සියයට සියයක් හුරුබුහුටි බවක් දැනෙනවා" යනුවෙන් ඔහු එම වීඩියෝව සමඟ සටහනක් යෙදීය. දීපිකා පදුකෝන්, රිතික් රෝෂන් සහ අයුෂ්මාන් කුරාණා වැනි තරු පවා වීඩියෝවට ප්‍රිය කළහ. ඊට අමතරව විකී සුපිරි වීරයෙකු වන 'දි ඉමෝර්ටල් අශ්වාතමා' සඳහා ව්‍යායාම ශාලාවේ අමතර පැය ගණනක් යොදවා ඇත. තවද 'සර්දාර් උදම් සිං' සහ 'මිස්ටර් ලෙලේ' යන චිත්රපටද ඔහුගේ ඉදිරි කාලසටහනේ ඇතුලත් වී ඇත.
නයන්තාරාගේ බොලිවුඩ්ගමනය
ශාරුක් ඛාන්ගේ මීළඟ සිනමා නිර්මාණය කුමක්ද යන්න බොලිවුඩ් රසික රසිකාවන් නොඉවසිල්ලෙන් විමසන ප්රශ්නයකි. ඔහු මේ වන විට 'පතන්' චිත්‍රපටයේ රූගත කිරීමවලට දායක වෙමින් සිටින අතර ඇට්ලීගේ චිත්‍රපටය සහ චිත්‍රපට නිෂ්පාදක රාජ්කුමාර් හිරානිගේ තවත් චිත්‍රපටයක්ද ඔහුගේ ඉදිරි ලැයිස්තුවට ඇතුළත්ය. මේ අතර දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන නයන්තාරා ද බොලිවුඩයට පිවිසීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ ශාරුක් ප්‍රධාන චරිත නිරුපණය කරන ඇට්ලී විසින් අධ්‍යක්ෂණය කරන නව චිත්‍රපටයෙනි.
නයන්තාරාගේ රංගනයන් වැඩි වශයෙන් දැකගත හැකි වන්නේ දෙමළ, තෙළිඟු සහ මලයාලම් චිත්‍රපටවලිනි. 'චන්ද්‍රමුකි', 'ගජිනි', 'ශ්‍රී රාම රාජම්' සහ 'පුතිය නියාමාම්' ඇයගේ ජනප්‍රිය චිත්‍රපට අතරින් කිහිපයකි. මෙම චිත්‍රපටයේ නයන්තාරාගේ භූමිකාව පිළිබඳ තොරතුරු හෙළි වී නැතත් ශාරුක් ද්විත්ව චරිත වෙනුවෙන් පණ පොවන බව ප්‍රසිද්ධියට පත් වී ඇත.
ස්පාඤ්ඤයේ ආදරය
බොලිවුඩයේ රංගනයන් වෙනුවෙන් ඇතැම් නළු නිළියන් යුගල වශයෙන් ප්‍රසිද්ධය. ශාරුක් ඛාන් සහ කාජල් මේ අතරින් ඉහළම ප්‍රසිද්ධියක් ලද තරු යුවළකි. මේ අතරට එක්වන නවතම තරු යුගල වන්නේ රන්බීර් කපූර් සහ ශ්‍රද්ධා කපූර් ය. රන්බීර් පළමු වරට ශ්‍රද්ධා සමඟ එක් වන්නේ ලව් රන්ජන්ගේ මීළඟ චිත්රපටයේදීය. චිත්‍රපටයේ මාතෘකාව තවමත් තීරණය කර නොමැති වුවත් චිත්‍රපටය සඳහා සංගීත නිර්මාණය කරන ප්‍රීතම් පවසන්නේ, රන්බීර්ගේ චිත්‍රපට සඳහා සංගීතය සැපයීමට තමා සැමවිටම උනන්දු වන බවත් මෙය ද ඉතා විනෝදජනක වනු ඇති බවත්ය.
මේ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් රන්බීර් සහ ශ්‍රද්ධා සැප්තැම්බර් මාසයේදී ස්පාඤ්ඤයට පියාසර කරනු ඇත. අධ්යක්ෂ රන්ජන් ඔවුන් සමඟ ස්පාඤ්ඤයේදී ආදර ගීත කිහිපයක් සහ ආදරණීය දර්ශන කිහිපයක් රූගත කිරීමට සැලසුම් කර තිබේ. චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් මෙහිදී රන්බීර්ගේ පියා ලෙසින් රංගනයේ යෙදීමට නියමිත අතර මවගේ චරිතයට පණ පොවන්නේ ඩිම්පල් කපාඩියා විසිනි.
තෙවසරකට පෙර
2000 වසරේදී ලෝක රූ රැජන කිරුළ දිනා බොලිවුඩයට පිවිසි ප්‍රියංකා චොප්රා සහ හොලිවුඩයේ නළුවකු මෙන්ම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් බිහිවූ ගායකයෙකු වන නික් ජෝනස් මේ වන විට ලොව ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගත් යුවලක් බවට පත් වී අවසන්.
කෙටි ඇසුරකින් පසු සිදු වූ විවාහ ගිවිසගැනීම් කලා ලොව සුලබව දක්නට ලැබෙන අතර ප්‍රියංකා සහ නික් විවාහ ගිවිස ගැනීම ද එසේ සිදු වූවක් විය. ප්‍රියංකා - නික් ආදර කතාව සුවිශේෂි එකක් බවට පත් වූයේ දෙදෙනාගේ ජනප්‍රියත්වයට වඩා දෙදෙනාගේ වයස් පරතරය නිසාවෙන්.
මේ දිනවල ඔවුන්ගේ වැඩ කටයුතු නිසා ඔවුන් දෙදෙනාම එකට ගත කිරීමට වැඩි කාලයක් නොලැබේ. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යවල ආදරණීය ලිපි හුවමාරු කර ගැනීම පුදුමයක් නොවේ. පසුගිය සතියේ ප්‍රියංකා සහ නික් ඔවුනොවුන් හමුවීමේ වසර 3 ක් සැමරුවේ ප්‍රියංකාගේ 39 වැනි උපන්දිනයද සමඟිනි. ප්‍රියංකා චොප්රා ජොනාස් සමාජ මාධ්‍යවල ප්‍රමාද වී පළ කරන ලද තොරතුරු සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නීය. මෙම අවස්ථාවද එසේම විය. නික් ජෝනස් ද සමාජ මාධ්‍ය වෙත ගොස් ඔවුන්ගේ පින්තූරයක් බෙදා ගනිමින් සටහන් කළේ "අදට වසර 3 කට පෙර" යනුවෙනි. ප්‍රියංකා සිය උපන්දිනය සනිටුහන් කරමින් එය සැමරීම පිළිබඳ සටහනක් තැබූයේ දුරින් සිටියද තම උපන්දිනය විශේෂිත කිරීම ගැන සැමියා නික් ජෝනස්ට ස්තූතිවන්ත වෙමිනි. නික් ඇය වෙනුවෙන් 1982 චැටෝ මවුටන් රොත්ස්චයිල්ඩ් නම් වයින් බෝතලයක් තිළිණ කළේය. 1982 චැටෝ මවුටන් රොත්ස්චයිල්ඩ් මිලිලීටර් 750 බෝතලයක් සඳහා ඉන්දීය රූපියල් 131,375 ක් පමණ වැය වේ. ප්‍රියංකා උපත ලැබූයේද 1982 වසරේදී වීමත් එයට විශේෂයි.