මොනාලිසාට වගේ මේ චිත්‍රපටයටත් අර්ථකථන රැසක් තියෙනවා

මොනාලිසා තිරයට ගෙනා එරංග සේනාරත්න
පෙබරවාරි 24, 2022

 

සුරයහන ගිනි ගනී, ගිණිගත් මධුසමය, රෝස පැටික්කි, සිනාසුණා ආදරෙන්, ස්වීට් ඒන්ජල්, නෝනෙ මගෙ සුදු නෝනෙ ආදී යන චිත්‍රපට තිරයට ගෙනා එරංග සේනාරත්නගේ නවතම සිනමාපටය මොනාලිසා යනුවෙන් නම් කොට තිබේ. මේ එරංගගේ එකොළොස් වැනි සිනමා නිර්මාණයයි. මොනාලිසා චිත්‍රපටය ගැන මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ඇතිවී ඇතැයි ඇතැමුන් කියන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව ද කතා බහ කිරීමේ අරමුණ පෙරදැරිව එරංග සේනාරත්න සරසවියට ගොඩ වැදිණ. ඔහු දැක්වූ අදහස්වල සාරාංශගත සටහනයි මේ.

 

මොනාලිසා චිත්‍රපටයේ තිරරචනයත් ඔබගේ. අපි පළමුව කතා කරමු මේ වැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්න පෙළඹීම සහ මෙහි කතාව කොහොමද ඔබේ සිතට පහළ වෙන්නේ කියන කාරණය ගැන?

මේ කතාව ලියැවෙන්නේ පළමුවෙනි  lockdown  එක, ඒ කියන්නෙ 2020 මාර්තු මාසයේ විතර. මේ කාලය ඇතුළත ඉතා දිගු කාලයක් අපි නිවෙස්වලට වෙලා කාලය ගත කළා. හැම ක්ෂේත්‍රයකම තිබුණේ අවිනිශ්චිතතාවයක්. සිනමා ක්ෂේත්‍රයෙත් එලෙසමයි. නිවෙසට වී සිටින අතරතුරදී අපට විශේෂ දෙයක් කරන්න තිබුණෙ නැහැ. රූපවාහිනිය දැම්මත් කොරෝනා පිළිබඳ කියනවානේ. ඒ විතරක් නෙමෙයි අපිට පත්තරේ බලන්නත් නෑ. පත්තර ප්‍රින්ට් කළේ නැහැනේ. කඩවලුත් වහලා. අපි වෙනම මානසිකත්වයකින් ඒ කාලයේ නිවෙසට වෙලා ගත කළේ. මට හිතුණා ඔය කාලය ඇතුළත සිනමාව පැත්තෙන් අත්හදා බැලීමක් කරන්න. ඒ සිතුවිල්ල කෙරවල වුණේ මොනාලිසා කතා පුවත ලියන්නට පටන් ගැනීමෙන්. ඇත්තටම මගේ ජීවිතේ යම් යම් අත්දැකීම් එහෙමත් එකතුකරගෙන තමයි මෙය ‍රචනා වෙන්නෙ. මේ කතාව ගලා යන්නේ දිවි නසාගන්න ගිහින් බේරෙන තරුණියක් කරන පාපොච්චාරණයක් එක්ක. ඇය පෙරකළ සිදුවීම් දාමයක් ඔස්සේ මේ කතාව ඉදිරියට යනවා. කතාවේ රසය තියාගෙන ඒ අතීත සිද්ධිත් එක්ක සීමිත චරිත යොදාගෙන පරිසමාප්ත වූ තිරරචනය ලියන්න ටිකක් වෙහෙස වන්නට සිදු වුණා.

 

ඔබ පෙරකළ චිත්‍රපටවලට වඩා වෙනස් ආරක් ගත් එකක්?

ඇත්තෙන්ම ඔව්. මම මොනාලිසා නම් කරනවා කලාත්මක ගණයේ චිත්‍රපටයක් විදිහට. පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණා අනියම් ඇසුර විශාල ඛේදාන්තයකින් නිමවූ පුවත්. ඉතින් ඛේදාන්තය පිළිබඳ වෙනස් ආකාරයකින් කතා කරන්නට මට අවශ්‍යතාවය තිබුණා. තිරරචනයද ගැළපෙන අන්දමින් සකස් කළා. වෙනමම රටාවකින් ෂූට් කළා. ඒ වගේම මේ මම කරපු චිත්‍රපට රාමුවෙන් පිටතට එන්නේ මේ චිත්‍රපටියත් එක්ක. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජනයක් ගත්තෙත් මේ චිත්‍රපටයෙන්. මේ කරුණු කාරණාත් එක්ක මම මෙතෙක් කරපු ස්ටයිල් එක මොනාලිසා හරහාම බිඳුණා කියන එකත් මට කියන්නට පුළුවන්.

 

මේ චිත්‍රපටය රූපගත කිරීම් කරන්නට ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් රැසක් තියෙනවා කියලා මට දැනගන්නට ලැබුණා?

අපි මේ චිත්‍රපටය රූපගත කිරීම් කළේ දෙවැනි තධජඬඤධඹද එකේදි. එතකොට රට සම්පූර්ණයෙන්ම විවෘත වෙලා තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණා චිත්‍රපටයේ මේ කල්පනා කියන තරුණිය සියදිවි නසාගන්න දර්ශනය රේල් පාරක රූපගත කරන්න. ඇය දුම්රියට පනින්නට යනවා මේ කතාවට අනුව. ඉතින් ඔය කාලයේ කෝච්චිය ධාවනය වූණේ ඉතා අඩුවෙන්. හවස දෙකයි උදේ පාන්දර කෝච්චි දෙකයි වගේ තමයි ධාවනය වුණේ. ලොකු අභියෝගයක් වුණා මේ දර්ශනය රූපගත කිරීම් කරන්න. කෝච්චි එන ටයිම් එක බලල මේ දර්ශනය රූපගත කරන්න අපි කැමරා තුනක් පාවිච්චි කළා. යම්කිසි අවස්ථාවකදී එක කැමරාවක හෝ මොකක් හරි තාක්ෂණික දෝෂයක් හෝ ඇති වුණොත් කියලා තමයි එම කැමරා තුනක් යොදා ගනු ලැබුවේ. නමුත් වාසනාවට කිසිදු ප්‍රශ්නයකින් තොරව ඒ දර්ශනය රූපගත කරගන්නට හැකියාව ලැබුණා. ඒ වාගේම අපි විඳපු භයානකම අත්දැකීම තමයි මං මේ කියන්නට සූදානම් වන්නේ. අප රූපගත කිරීම් සිදුකළා මොරටුවේ දර්ශනතලයක. ඒ නිවෙස තිබුණු යාබද ප්‍රදේශය කොවිඩ් පැතිරෙමින් තිබුණා. අපි ඊයෙ රූපගත කිරීම් කළා නම් අද වන කොට අපිට ආරංචි වෙනවා ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තධජඬඤධඹද කරල කියලා. වෙලාවට රූපගත කිරීම සියල්ලම එතකොට නිමයි. අපිට ටිකක් බයත් හිතුණා අපිටත් කොවිඩ් රෝගය වැලඳීලාදෝ කියලාත්. නමුත් කාටවත් එහෙම වුණේ නැහැ.

මෙවන්වූ වකවානුවකය චිත්‍රපට නිෂ්පාදකයෙකු හොයා ගැනීම තවත් අභියෝගයක්?

මම සාමාන්‍යයෙන් චිත්‍රපටයක් තිරරචනය කරන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳලා රූපගත කිරීම් පටන් ගන්නේ කවදද කියන එකත් සැලසුම් කරන කෙනෙක්. මට එහෙම චිත්‍රපටයක් ලිව්වට පස්සේ ගෙදර තියාගෙන ඉන්න බැහැ. ඒක කරන්නම ඕනෙ. ඉතින් මේ නිසා මම මොනාලිසා චිත්‍රපටයේ තිරරචනය නිම කළායින් පසුව කතා කළා නිෂ්පාදකවරයෙකුට. ඔහු නිශාන්ත ගල්හේන, නිශාන්ත මීට කලින් මගේ නිර්මාණයන්ට නිෂ්පාදන දායකත්වය දක්වපු කෙනෙක්. මේ පිළිබඳ අපි කතා කරපු දිනයේදීම මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට ඔහු සූදානම් වුණා. ඔහු එකඟතාවය පළ කළා. ඇත්තටම ඒක විශාල ජයග්‍රහණයක්. නිශාන්ත සහ ඔහුගේ මිතුරු චම්පික ද සිල්වා එකතු වෙලා තමයි මොනාලිසා චිත්‍රපටය නිර්මාණය කරන්නට මට මුල්‍යමය දායකත්වය දැක්වූයේ. මේ වෙලාවේ සිනමාවට කරපු ලොකු මෙහෙවරක් හරියටම සලකන්න පුළුවන්.

 

චිත්‍රපටයකට මොනාලිසා වගේ නමක් තිබ්බේ ඇයි?

මොනාලිසා කියලා කියන්නේ ලෝක පූජිත චිත්‍රයක්. ඒ චිත්‍රය සහ එහි නම ගැන නොදන්නා කෙනෙක් නෑ. කොයි අතකින් ඒ චිත්‍රය දිහා බැලුවත් අපිට පේන්නෙ එහි සිටින කාන්තාව අපි දිහා බලාගෙන ඉන්නව කියලා. ඒ වගේම එක එක අය ච්ත්‍රයට විවිධ අර්ථකථන දෙනවා. නිශ්චිත තේරුමක් නැහැ. මම හිතන්නේ කල්පනා කියන චරිතයත් අන්න ඒ වගේ. අතිශය සංකීර්ණයි. අතිශය ආදරණීයයි. මෙන්න මේ විදිය කියලා කියන්නට බැහැ. ඒ නිසා මම චිත්‍රපටයේ තේමාවත් යොදාගත්තේ "ඔබේ ඇසින් මා දකින්න" කියනදේ. ඉතින් මට හිතුණා මොනාලිසා කියන නම මේ චිත්‍රපටයේ කතාවත් එක්ක වඩාත් ගැළපෙයි කියලා.

 

චිත්‍රපට ප්‍රදර්ශනයේදී යම් යම් අර්බුද තියෙනවා කියලා සමහර පිරිස් චෝදනා කරනවා. ඔබ ඒකට එකඟද?

ඇත්තටම අර්බුද ගණනාවක්ම තියෙනවා. මම හිතනවා විනිවිදභාවයකින් යුතුව තිබුණු චිත්‍රපට ප්‍රදර්ශන ක්‍රියාපටිපාටිය මේවන විට බිඳවැටිලා කියලා. ඒක නිසා ඒ පිළිබඳ විසඳුම් සොයන්නට අපිම උත්සාහ කළ යුතුයි. ෆයිල් එකක් උස්සගෙන රජයේ බලධාරීන් ගාවට ගිහිල්ල මේකට විසඳුම් දෙන්න කියලා අපිට කියන්න බැහැ. අපිම විසඳුම් සොයා ගන්න ඕනේ

 

චිත්‍රපටි දහයකට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කරපු අධ්‍යක්ෂවරයෙක් විදියට මොකක්ද ඔබේ තියෙන යෝජනාව?

ඇත්තටම මට තියෙන එකම යෝජනාව තමයි මේ චිත්‍රපටශාලා වැඩිකරන්න ඕනි. ප්‍රමාණවත්ව චිත්‍රපටශාලා නැහැ. චිත්‍රපටශාලා හදන්න දිරිගන්වන්න ඕන. පෞද්ගලික අංශයට ආරාධනා කරන්න ඕන චිත්‍රපට ශාලා හදන්න එන්න කියලා. ඒ නිසා මේ චිත්‍රපටශාලා වැඩි වුණොත් මේ තියෙන තදබදය එහෙමත් නැත්නම් චිත්‍රපට පෝලිම අවම වෙයි කියලා මට විශ්වාසයි. ශාලා බොහොමයක් තියෙනකොට චිත්‍රපටයෙන් වැඩි සංඛ්‍යාවක් තිරගත කරන්න පුළුවන්. උදාහරණයක්, ජාඇල ඉන්න කෙනෙකුට මොනාලිසා චිත්‍රපටය බලන්න ගල්කිස්සට යන්න වෙනවා. ඇත්තටම එහෙම කවුරුවත් යන්නේ නැහැ. තමන්ගේම ප්‍රදේශයෙම චිත්‍රපටශාලාවක් තිබුණනම් ප්‍රේක්ෂක කොච්චර නම් එයිද. නමුත් ඔවුන්ට ඒ අවස්ථාව අඩුයි. තෝරාගත් ප්‍රදේශයේ පමණ හෝ හරි චිත්‍රපට ශාලා ගොඩනැඟුවා නම් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයෝ එනවාමයි චිත්‍රපට නරඹන්න.

 

මොනාලිසා චිත්‍රපටය විකල්ප ධාරාවේ බෙදාහැරීමක් කියලා නිතරම සඳහන් වෙනවා. ඒ ගැන කතා කළොත්?

ඇත්තටම එම්.පී.අයි. මණ්ඩලයේ සහ තවත් මණ්ඩල කිහිපයක ශාලා එකමුතුවෙන් තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ. ඒ වගේම සීමිත දින ගණනාවකට ඒ කියන්නෙ දවස් විසිඑකකට හෝ ඒ ආසන්න කාලයකට තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ. ඒ නිසා මේක විකල්ප ධාරාවේ චිත්‍රපටයක් විදිහටයි මම හදුන්වනවා. නමුත් විසි එකෙන් පස්සෙ සමහර විට ඊටත් වැඩිය දින ගණනාවක් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නත් ඉඩ තියෙනවා. මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ චිත්‍රපටය ප්‍රදර්ශනයේදීය මට බෙහෙවින් උදව් කරපු සුනිල් ටී. ප්‍රනාන්දු, දුලානි බාලසූරිය සහ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු කියන තුන්දෙනාව.

 

මේ චිත්‍රපටය ගැන තවත් විශේෂ මොනවා හරි සඳහන් කරන්න තියෙනවාද?

මොනාලිසා චිත්‍රපටයේ රඟපාන නළු නිළියො මට චිත්‍රපටය රූපගත කිරීමේදී විවිධ අදහස් ලබාදුන්නා. විශේෂයෙන් බුද්ධික ජයරත්න කිව්වා එරංග උඹ අපේ ජීවිතය මේකෙ ලියලා තියෙනවා කියලා. නව පරපුරේ රංගන ශිල්පී මධුෂානිත් ඒ කියන්නේ මේකෙ කල්පනාට රඟපාන කෙනා, නිතරම කිව්වේ හිතට දැනෙන්නෙ මේ කතාව ලියවිලා තියෙනවා කියලා. ඒ වගේම ප්‍රවීණ නළු නිළියන් ඉතාමත් කැපවීමෙන් මේ චිත්‍රපටිය වෙනුවෙන් වැඩ කළා. මම මේ චිත්‍රපටය එන්.එම්.ජේ. වසයිලාවෝ කියන යොවුන් සංගීත අධ්‍යක්ෂවරයාට තමයි සංගීත නිර්මාණයට බාරදුන්නේ. ඔහු ඔපෙරා සංගීත නිර්මාණකරුවෙක්. ඉතින් මොනාලිසා වෙනුවෙන් ඔහු ගීත දෙකක් නිර්මාණය කරලා දුන්නා. ඩිනලි රොශාන්ති සේනාරත්න, මගේ බිරිඳ තමයි මේ චිත්‍රපටියේ සින්දු දෙකම ලිව්වෙ. මේ සින්දු දෙකක් ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ මෙම චිත්‍රපටයේ කතාවට මෙමගින් ඉතාම සාධාරණයක් වුණු නිසා. ඒ වගේම මම අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මොනාලිසා චිත්‍රපටය නරඹන්න එන්න කියලා.

 

නමුත් විසි එකෙන් පස්සෙ සමහර විට ඊටත් වැඩිය දින ගණනාවක් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නත් ඉඩ තියෙනවා. මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ චිත්‍රපටය ප්‍රදර්ශනයේදීය මට බෙහෙවින් උදව් කරපු සුනිල් ටී. ප්‍රනාන්දු, දුලානි බාලසූරිය සහ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු කියන තුන්දෙනාව.

 

මේ චිත්‍රපටය ගැන තවත් විශේෂ මොනවා හරි සඳහන් කරන්න තියෙනවාද?

මොනාලිසා චිත්‍රපටයේ රඟපාන නළු නිළියො මට චිත්‍රපටය රූපගත කිරීමේදී විවිධ අදහස් ලබාදුන්නා. විශේෂයෙන් බුද්ධික ජයරත්න කිව්වා එරංග උඹ අපේ ජීවිතය මේකෙ ලියලා තියෙනවා කියලා. නව පරපුරේ රංගන ශිල්පී මධුෂානිත් ඒ කියන්නේ මේකෙ කල්පනාට රඟපාන කෙනා, නිතරම කිව්වේ හිතට දැනෙන්නෙ මේ කතාව ලියවිලා තියෙනවා කියලා. ඒ වගේම ප්‍රවීණ නළු නිළියන් ඉතාමත් කැපවීමෙන් මේ චිත්‍රපටිය වෙනුවෙන් වැඩ කළා. මම මේ චිත්‍රපටය එන්.එම්.ජේ. වසයිලාවෝ කියන යොවුන් සංගීත අධ්‍යක්ෂවරයාට තමයි සංගීත නිර්මාණයට බාරදුන්නේ. ඔහු ඔපෙරා සංගීත නිර්මාණකරුවෙක්. ඉතින් මොනාලිසා වෙනුවෙන් ඔහු ගීත දෙකක් නිර්මාණය කරලා දුන්නා. ඩිනලි රොශාන්ති සේනාරත්න, මගේ බිරිඳ තමයි මේ චිත්‍රපටියේ සින්දු දෙකම ලිව්වෙ. මේ සින්දු දෙකක් ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ මෙම චිත්‍රපටයේ කතාවට මෙමගින් ඉතාම සාධාරණයක් වුණු නිසා. ඒ වගේම මම අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මොනාලිසා චිත්‍රපටය නරඹන්න එන්න කියලා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න