අවුරුදු දහයකට පස්සෙත් ආරම්භ කරපු තැනම...

-සූර්යා දයාරුවන්
ජුනි 24, 2021

 

 

 

මේ දවස්වල හැමදාම සූර්යා රූපවාහිනියේ පේන්න ඉන්නවනේ?

ඔව්.සතියේ දිනවල දිවිතුරා හා සති අන්තයේ සකර්ම ටෙලිනාට්‍ය දෙකම විකාශය වනවා. මේ චරිත ද්විත්වය දෙවිදිහක්. දිවිතුරා හි හරිම ආදරණීය චරිතයක් හා සකර්ම හි සුබේ ගේ චරිතය හාත්පස වෙනස්. ඔහු ආත්මාර්ථයෙන් පිරුණ තරහා යන චරිතයක්. මුල දී මට හිතුණා සුබේගේ චරිතය මට ගැළපෙනවාද කියලා. නමුත් මම අභියෝග භාර ගැනීමට කැමැති නිසා එය භාරගත්තා.චරිත දෙකටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම චාමර ජයවීර, නිවන්ත ප්‍රසාර හා ප්‍රියන්ත ප්‍රනාන්දු ට ස්තූති කළ යුතුයි.

 

සූර්යා ගීතයක් කළත්, චරිතයක් නිරූපණය කළත් එය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගන්නවා. මොකද්ද රහස?

ලොකු කුඩා මහලු වයස් භේදයකින් තොරව හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ කාලේ තවත් වැඩී. එවිට නිර්මාණකරුවෙක් විදිහට මා හිතන්නේ මේ කාලයේ මොනවද කළ යුත්තේ කියලා. මට ගොඩක් ගීත, මෙලඩි ලැබෙනවා. නමුත් ඒවා බලනවිට මට හිතෙන්නේ නෑ මෙයට අත ගැසිය යුතුයි කියලා. ‘මගේ නේ’ ගීතයෙන් පසුවත් මට ඇරයුම් ලැබුණා ගීත ගොන්නකට. අපි සමාජය සමඟ ගැටෙනවිට ප්‍රේක්ෂකයා අතරට ගෙන යා යුත්තේ කුමක්ද කියන දේ වැටහෙනවා. නිර්මාණයක් කරන්නන්වාලේ කරනවට වඩා ගුණාත්මක ‍යමක් ප්‍රේක්ෂකයාට දුන්නොත් එය ඔවුන් ආදරයෙන් වැලඳ ගනී.

 

ඔබේ 'මගේ නේ' ගීතය ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. අලුත් ගීතයක් ළඟදි එන්නේ නැද්ද?

මේ වනවිට මගේ ම ගීත තිහක් පමණ මම කරලා තියෙනවා. ඒ අතර ටෙලිනාට්‍ය තේමා ගීත, චිත්‍රපට තේමා ගීත තිබෙනවා. දිවිතුරා ටෙලිනාට්‍යය තුළින් මේ වන විටත් මගේ ගීත දෙකක් එළිදැක තිබෙනවා. තව කිහිපයක් එන්නත් තිබෙනවා. මගේ අලුත්ම මියුසික් වීඩීයෝ එක මිලානෝවල රූගත කිරීම් කළා. එහි වැඩ කිහිපයක් තිබෙනවා ඉවර කිරීමට. එය කිරීමෙන් අනතුරුව එයත් හැකි ඉක්මනින් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සූදානම්. ඒ වගේම අනෙක් ගීතය 'ඉඟිකාරී' ගීතය මන්නාරමේ රූ ගත කිරීම් කිරීමට සිටියේ පවතින වසංගත තත්ත්වය නිසා රූ ගත කිරීම් ප්‍රමාද කරන්නට සිදුවුණා. එයත් 'මගේ නේ' ගීතයට සමාන ගීතයක්.

 

ඔබ උගත් ඔපෙරාව ඔබේ නිර්මාණවලට එකතු කරන්නේ නැද්ද?

මගේ අලුත් ගීතය 'අනුරාගිනී' ඒ හා සම්බන්ධව යන එකක්. එය පියෝ ඔපෙරාවක් ලෙස නොව සෙමි ක්ලැසිකල් විදිහට තමයි නිර්මාණය කළේ. එහෙම කළේ ලාංකේය ප්‍රේක්ෂකයාට එය හුරු කළ යුතු නිසා.

ඒත් එක්කම මම ඉංග්‍රීසි ගීතයක් කළා ථර ඡතධඵඵධථඪදඨ තචඵඵ කියලා. ඒ සඳහා වසරේ හොඳම ඉංග්‍රීසි ගායකයා වුණා. එය ඔපෙරා ගීතයක්. මම රූපවාහිනී වැඩසටහනකට ගියත් ඔපෙරාවක කොටසක් හෝ ගායනා කරනවා. 'වසන්ත නිද්‍රාව' නමින් ක්ෂේත්‍රයේ ශිල්පීන් සහභාගී කරගෙන විනාඩි හතළිස් ගණනක ඔපෙරාවක් කළා. තව එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 

සූර්යා රංගනය ආරම්භ කළ සමනල සංධ්වනියේ වගීෂගේ චරිතය වගේම චරිත බොහොමයක් පසු කාලයේදීත් නිරූපණය කරන්න ලැබෙනවා?

ඔව්. මට එවැනි ආරාධනා ලැබෙනවා. මෑතක ලැබුණ පිටපත් හතරෙන් තුනකම සංගීතය හා සම්බන්ධ චරිත තිබුණේ. නමුත් ඒ තුන තුන් ආකාරයක්. එම පිටපත් මේ දිනවල කියවනවා. මම කැමැතියි වෙනස් ආකාරයේ චරිත නිරූපණය කරන්න. එවැනි චරිත මට ලැබුණා. මගෙ අලුත් චිත්‍රපටය හැපි බර්ත්ඩේ හි මම නිරූපණය කරන්නේ වෙනස්ම චරිතයක්. වෙනස් චරිත කළත් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගන්නේ සංගීතය සම්බන්ධවන චරිතයි.

 

ඔබ නිරූපණය කළ චරිත අතර සුමේධ හාමුදුරුවන්ගේ චරිතය විශේෂයි. සිවුර පොරවගෙන ඉන්න විට ඇති වුණ හැඟීම කොහොමද?

මම පොඩි කාලේ ඉඳලම බුදු දහමට ළැදියි. දහම් පාසලේ සිට ධර්මාචාර්ය දක්වා මා දහම් අධ්‍යාපනය ලැබුවා. මම හරිම ආසයි කවි බණ කියන්න. පුංචි කාලේ මහණ වෙන්න ඕන කියලත් හිතුණා. ඒ සිතුවිල්ල ජය ගන්න මට පුළුවන් වුණා. මේ චරිතය සඳහා මට ඇරයුම ලැබෙන්නේ අරුණ ජයවර්ධන අයියගෙන්. ඒ ගැන කියද්දි මට ලොකු ආසවක් ඇති වුණා. පුළුවන් උපරිමයෙන් චරිතය නිරූපණය කරන්න හිතා ගත්තා. අවුරුදු එක හමාරක් මම සිවුර පෙරෙව්වා. වෙනත් චරිතයක් කළා නම් ඒ චරිතය නිරූපනය කරලා අවසානයේ මම සූර්යයා විදිහට ගෙදර යනවා. නමුත් මේ චරිතය මට ගෙදර ගෙනියන්න පුළුවන් වුණා. සිවුර ඇන්දම හරිම සැහැල්ලුයි.

 

අවුරුදු දහයකට පස්සෙත් සූර්යයා ආරම්භ කරපු තැනටම ගියාලූ නේද?

(සිනාසෙමින්) ඔව්. ඔව්. සමනල සංධ්වනිය චිත්‍රපටය ආරම්භ කළේ මීට අවුරුදු දහයකට කළින්. 2011 මර්තු මාසේ 20 වැනිදා තමයි මගේ රූ ගත කිරීම් ආරම්භ කළේ. ඉතින් මේ අවුරුද්දේ මාර්තු 20 තමයි දිවිතුරා ටෙලි නාට්‍යයේත් මගේ රූ ගත කිරීම් ආරම්භ කළේ. ඒක මියුසිකල් ෆිල්ම් එකක්. මේක මියුසිකල් ඩ්‍රාමා එකක්. ලොකේෂන් එකට ගිහින් වාහනෙන් බහිනවිට මට හිතා ගන්න බැරි වුණා. එය දෛවෝපාගත සිදුවීමක් වගේ. මට ඒ වෙලාවේ හිතුණා අවුරුදු දහයකට පසුවත් මම මෙතැනට ආවේ ප්‍රේක්ෂකයාට අමතක නොවන දෙයක් කරන්න තමයි කියලා.

ඡචජඬ බධ ඥතඥනඩචදබ ඹචතඬ ඔබේ ඉංග්‍රීසි චිත්‍රපටය ගැන කතා නොකළොත් එය අඩුවක්?

මේ චිත්‍රපටයේ එක සිංහල වචනයක්වත් නෑ කියනවිට කෙනෙකුට එම චරිතය නිරූපණය කරන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මං ඒ අභියෝගය භාර ගත්තේ ඉතාම කැමැත්තෙන්. ඒ සඳහා මා වෙනම අධ්‍යයනයක් කළා. ඇමරිකන් ඇක්සන්ට් එක සමඟ මම ඉගෙනගත් දේ එකතු පහදු කරගෙනයි මේ චරිතය නිරූපණය කළේ. එහි අධ්‍යක්ෂතුමා හා කැමරා ශිල්පී ඇතුළු සියලු දෙනාම මා එය ඉතා හොඳීන් සිදු කළ බව පැවසුවා. ලංකාව නියෝජනය කරලා තරුණ කලාකරුවෙක් ව්ඥබටතඪය වලට යන පළමු චිත්‍රපටය මෙයයි. කැලිෆෝනියාවේ නළුවෙක් වන එරික් හා මා මෙහි චරිත නිරූපණය කරනවා. මෙය ලංකාවේ සුන්දරත්වය හා අපේ සංස්කෘතිය පිළිබඳ කතා කරන චිත්‍රපටයක්. නුරුරේදීම එය නැරඹීමට හැකිවේයි.

 

සූර්යාගේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ර්‍ථඩ්ච් එක සම්පූර්ණ කර ගන්න ඕන. ඒ සඳහා මා ඔස්ට්‍රියාවට ගියත් පවතින වසංගත තත්ත්වය එක්ක ආපහු එන්න වුණා. මහාචාර්යවරයෙක් වීමත් එක බලාපොරොත්තුවක්. ඒ වගේම අන්තර්ජාතික තලයට යන නිර්මාණ තුළින් අන්තර්ජාතික මට්ටමේ කලාකරුවෙක් වීම තමයි අරමුණ.