වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
මුල් කාලයේ කස්තුරි නෙවෙයි දැන් ඉන්නේ
දෙරණ අවුරුදු කුමරිය තරගය ඇගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. ඒ 2019 වසරේදී පැවැති දෙරණ අවුරුදු කුමරිය තරඟයෙන් ඇය ජයග්‍රහණය කර දෙවැනි ස්ථානය හිමිකර ගැනීමත් සමඟයි. එතැන් පටන් මේ දක්වා ඇයට ටෙලි නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය ලබා දීමට අවස්ථාව උදා විය. මේ දිනවලද පුංචි තිරය තුළින් ඇය අපේ ආලින්දයට ගොඩ වන්නීය. ඒ සිරස TV තුළින් සතියේ දිනවල රාත්‍රි 9.00 ට විකාශන වන නීල පබළු ටෙලි නාට්‍යයේ මහීමා ලෙසයි. ස්වාධීන රූපවාහිනියේ සෙනසුරාදා ඉරිදා විකාශය වන සැප්තැම්බරයේ දිග දවසක් මෙන්ම දෙරණ රූපවාහිනි සේවයේ අලුත්ම ටෙලි නාට්‍යය වන හිතුවක්කාර ටෙලි නාට්‍යයේ තමාලි ලෙසද ඇය අපේ ආලින්දයට එක්වන්නීය. ඓතිහාසික ඌව වෙල්ලස්ස, මහියංගනය පුරවරයෙන් ඇය කලාවට එක්වූවාය. රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන ඇය තවමත් සරසවි සිසුවියකි. කස්තුරි නෙල්කා ජයවර්ධන නම් යොවුන් රංගන ශිල්පිනිය සරසවිය සමඟ මෙලෙසින් කතා බහට එක්වූවාය.
ඔබේ සම්පූර්ණ නම කිව්වොත්?
තෙන්නකෝන් මුදියන්සේලාගේ කස්තුරි නෙල්කා අශෝක ජයවර්ධන
නම දිග වැඩි නැද්ද? භාවිතා කරන නම මොකද්ද?
කස්තුරි ජයවර්ධන කියලා තමයි කියන්නේ
උපන් දිනය, වයස කියන්න පුළුවන්ද?
ඔව් පුළුවන්, උපන් දිනය 1998 ඔක්තොම්බර් මාසේ 12 වෙනිදා. දැන් වයස අවුරුඳු 23 යි
කස්තුරිගේ ගෙවල් කොහෙද?
ඉපදුණේ බදුල්ලේ. හැදුණේ වැඩුණේ මහියංගනයේ. මේ වනවිට පදිංචි වෙලා ඉන්නේ කොට්ටාවේ.
පවුලේ විස්තර සදහන් කළොත්?
අම්මයි, තාත්තායි, මමයි, නංඟියි. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. නංඟි තාම ඉගෙන ගන්නවා.
ඔබ අධ්‍යාපනය ලැබුවේ?
සාමාන්‍ය පෙළ කළේ මහියංගනයේ ජාතික පාසලෙන්. උසස් පෙළ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්
ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?
ඔව්, මම දැනට රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පිඨයේ දෙවැනි වසරෙහි ඉගෙනුම ලබමින් ඉන්නවා.
කස්තුරි කලාවට එකතු වුණේ කොහොමද?
මම 2019 වසරේදී T.V.දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. එයින් දෙවැනි ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කරනවා. එතැනින් පස්සේ තමයි මට රංගනයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ.
කස්තුරි ප්‍රථමයෙන් රඟපෑවේ?
මට මුලින්ම රංගනයට අවස්ථාව ලැබුණේ හිරු T.V. එකේ විකාශය වූ හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ ඊට පස්සේ සක්කාරං, හිරු දෙවියෝ, දාංගලෙ වැනි ටෙලිනාට්‍ය රැසකම මට රඟපාන්න අවස්ථාව ලැබුණා.
සිනමාවටත් දායක වූණාද?
සිනමාවට නම් තවම මට අවස්ථාව ලැබිලා නෑ. ඒ සදහා ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් වැඩ කරන්න කැමැත්තෙන් ඉන්නවා.
මේ දවස්වල ඔබ ප්‍රේක්ෂකයින් අතර, එන්නේ?
සිරස T.V. එකේ සතියේ දින පහේම යන නිල පබළු ටෙලි නාට්‍යයේ මහීමා ලෙසත්, ITN එකේ සති අන්තයේ රාත්‍රි 7.30 ට යන සැප්තැම්බරයේ දිග දවසක්,ඒ වගේම ITN එකේ සතියේ දිනවල යන පෝ(ර්)ක් වීදීය, දෙරණ රූපවාහිනි නාළිකාවේ අලුත්ම ටෙලි නාට්‍ය වන හිතුවක්කාර එකේ තමාලි ලෙසත් ටෙලි නාට්‍ය රැසකින් මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.
නීල පබළු ටෙලි නාට්‍යයේ මහිමා මේ දවස්වල හරිම ජනප්‍රියයි නේද? ඒ ගැනත් යමක් කිව්වොත්
ඔව් මහීමා කියන්නේ කොත්මලේ ගමක සාමාන්‍ය පවුලක තරුණියක්. ඇය කොත්මලේ ඉඳලා කොළඹ ප්‍රදේශයේ රැකියාවකට එනවා. එහෙම ඇවිත් රැකියාවක් කරමින් තමන්ගේ ගමේ තියන ප්‍රේම සබඳතාවයද පවත්වාගෙන යනවා. ඒ අනුව කටයුතු කරමින් සිටින තරුණියකගේ ගලා යන චරිතයක් තමා එයින් පෙන්නුම් කරන්නේ. මං ගොඩාක් ආසයි මේ චරිතයට. මාව මඟතොටේදි වෙනත් ඕනෑම තැනකදි වුණත් එයින් දකින අය මං මාස්ක් එක දාගෙන හිටියත් අඳුර ගන්නවා මහීමා කියලා. සතුටුයි ගොඩාක් අයගෙන් මහීමට ලැබෙන ප්‍රතිචාර වලට.
මං මෙහෙම ඇහැව්වොත් සැබෑ ජිවිතයේදි මහීමත් කස්තුරිත් එක සමානද?
ඇත්තම කිව්වොත්, පෞද්ගලික ජිවතයේ කස්තුරි වන මමත්, චරිතයේ හැටියට මහීමත් බොහෝ සෙයින් සමානයි.
ITN එකේ යන ඔබ රඟපාන ටෙලි නාට්‍යවල චරිත ගැනත් කියමු.
සැප්තැම්බරයේ දිග දවසක් ටෙලි නාට්යයේගැමි යුවතියකගේ චරිතය තමයි මං රඟපාන්නේ. ඒ කතාව කපිල කුමාර කාලිංග මහතාගේ සම්මානනීය නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙලා තියෙන්නේ. පෝ(ර්)ක් වීදීය ටෙලි නාට්‍යයේ මං ගුරුවරියකගේ චරිතයක් තමයි නිරුපණය කරන්නේ.
ඔබ රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවාද?
මට මේ ළඟදි ඒවගේ මං ආසාවෙන් හිටපු චරිතයක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක දුෂ්ට චරිතයක්. පසුගිය 17 වෙනිදා සිට එහි රූගත කිරිම් වැඩකටයුතු ආරම්භ වුණා.
කස්තුරි දැන් පෙම්වතියක්ද?
තවම නෑ.
කලා ක්ෂේත්රයේම අයෙක්ද? වෙනත් ක්ෂේත්රයක අයෙක්ද? ඔබේ අනාගත සහකරු වෙන්නේ.
එහෙම කියලා වෙනසක් නෑ. වෙනත් ක්ෂේත්රයක අයෙකු වුණත් මගේ හිතට වැදුණොත් මට හරියයි, හොදයි, මට ගැළපෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. අද කාලේ අය විවිධාකාරයි. හරිහැටි අදුරගන්න බෑ. ස්ථිරව විශ්වාසයක් කරන්නත් බැරි තත්වයක අයනේ ඉන්නේ. ඒ තරමටම අද හරිම අමාරු යුගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ඒ ගැනත් තීරණයකට එන්න ඕනේ. ඉස්සරහට බලමු.
ඔබට මේ සදහා ගෙදරින් යෝජනා ගෙනාවේ නැද්ද?
මම කැමති විදිහට මටම ආදරේ කරලා කෙනෙක්ව හොයා ගන්න ගෙදරින් නිදහස දීලයි තියෙන්නේ. ඒකට කිසිදු බාධාවක් නෑ. ගෙදර අය දන්නවා මං වැරදි තීරණයක් ගන්නේ නෑ කියලා.
කස්තුරිගේ අනාගත සහකරු රඟපෑමෙන් ඉවත් වෙන්න කිව්වොත්
මම වැරදි දෙයක් නොවෙයි කරන්නේ. එහෙම නිතී රිතී දලා මාව කොටු කරන්න හදන කෙනෙක්ව මං මගේ අනාගත සහකරු වශයෙන් තෝරා ගන්නේ නෑ. මං කැමතියි මට හරියන විදිහට අවබෝධයෙන් නිවැරදි දේ කරන්න මට නිදහස දෙන්න පුළුවන් විදිහේ කෙනෙක්ට. ඇත්තටම මට නිදහසක් තියෙන්න ඕනේ. නිතී රීතී දාලා මාව රාමුවකට කොටු කිරිම මං කොහෙත්ම අනුමත කරන්නේ නෑ.
ඔබ රංගනය ගැන හැදෑරිමක් කරනවාද?
දැනට මං ක්ෂේත්රයේ කටයුතු කරමින්ම බොහෝ දේවල් ඉගෙන ගනිමින් යනවා. ඒ මුල් කාලයේ ආපු කස්තුරි නොවෙයි දැන් ඉන්නේ. දැන් එයා ටිකක් දියුණු අයෙක්. ඉස්සාරහාට රංගනය ගැන වැඩිදුරට හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවාද?
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ අම්මා තාත්තාට. ඔවුනගේ අවවාද මඟපෙන්වීම ආශිර්වාද මධ්‍යයේ මම මේ ආපු ගමන ගැන. ඒ වගේම මෙහිදි නම් වශයෙන් සදහන් කළ නොහැකි වූ බොහෝ පිරිස් ඉන්නවා මට විවිධාකාරයෙන් උදව් කරපු. ඒ හැමෝටමත්, සරසවිය පුවත්පතටත් ඔබටත් ස්තුතියි මේ ලබා දුන් අවස්ථාවට.
සේයාරුව - අජන්ත විජේතුංග