ගෙවන්නට ණය බැරිවෙයි කළත් සැලකිලි ඔබට සංසාරේ

රහතන්ගම නාගිත හිමියන්ගෙන් නවතම ගීයක්
පෙබරවාරි 24, 2022
රහතන්ගම නාගිත හිමියන් වඩාත් ප්‍රකට ගී පද රචනා කරන හිමිනමක් විදිහට. පසුගියදා උන්වහන්සේ අලුත් නිර්මාණයකට අත තැබුවා. තවත් විදිහකින් කිව්වොත් රහතන්ගම නාගිත හිමියන් මියුසික් වීඩියෝවක් අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට අත්පොත් තබනු ලැබුවා. එලෙස උන්වහන්සේ විසින් නිර්මාණය කළ රූප රචනයට අදාළ ගීතයේ නම තාත්තා. තාත්තා ගීතය නාගිත හිමියන්ගේම රචනයක්. මේ ඒ ගීතය පිළිබඳ අප උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි.
 
අවසරයි හාමුදුරුවනේ, තාත්තා ගීතය රචනා කිරීමට පසුබිම ගැන පළමුව අදහසක් ලබා දුන්නොත්?
 
තාත්තා කියන්නේ ජීවිතයේ මිහිපිට හමුවෙන බුදු කෙනෙක්. අම්මා වෙනුවෙන් කවී ගී කොතෙකුත්  ලියවුණත්  තාත්තාගේ කැප කිරීමට කවි ගී ලියවී ඇත්තේ ඉතාම අඩුවෙන්. ඉතින් දරුවන් වෙනුවෙන් තාත්තා කෙනෙක් කොයි තරම් කැප කිරීමක් කරනවද යන්න මේ ගීතයෙන් නිර්වචනය වෙන්නේ. ඇත්තටම තාත්තා ගීතය ලියලා ටික කාලයක් වෙනවා. අමතක වෙලත් තිබුණේ. දවසක් පොත පෙරළනකොට වචන ටික අහම්බෙන් දැක්කා. මම ඒ වෙලේ වචන ටික ධනුක අමල්ෂ අයියට ඹඩචබඵචනන හරහා යොමු කළා. ඔහු සංගීතය නිර්මාණය කරලා අහන්න ලබා දුන්නා. ඒ වෙලේ මට රෝස් අලගියවන්න අයියාගේ හඬ තමයි ගැළපෙන්නෙම කියලා හිතුණේ. රෝස් අයියට ඹඩචබඵචනන කරලා කෙටි පණිවිඩයක් තිබ්බා මට මේක ගායනා කරලා ඕනි කියලා. ඔහු බෑ නොකියා ගායනා කරලා දුන්නා. ඔහොම තමයි තාත්තා ගීතය නිර්මාණය වන්නේ.
 
ගීතයේ රූප රචනය ඔබවහන්සේගේ?
 
අධ්‍යක්ෂණය මට වෙනස්ම අත්දැකීමක්. ඒත් මේ ගීතයේ රූප රචනය මටම කරන්නට කියලා හිත කිව්වා. සියලු දෙනාගේම උදව්පදව් මත ගීතයේ රූප රචනාව නිම කළා. රූප රචනය කරලා මාස කිහිපයක් වෙනවා. මගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි 25. එදා මේක එළිදැක්වෙනවා. රචනය සඳහා  තාක්ෂණිකව සහය දැක්වූ මගේ සහෝදර අජන්ත ඒකනායක අයියත් සිහිපත් කරනවා. වීඩියෝවේ අන්තර්ගතය සම්බන්ධව කතා කළොත්, දරුවන්  කොහොම සැලකුවත් තාත්තාගේ කැප කිරීම, ආදරය වෙනසක් වෙන්නේ නෑ කියන තේමාව තමයි ඉස්මතු කරන්න උත්සහා කළේ. රූප රචනය කරන්න බොහෝ දෙනෙක් උදව් කළා විශේෂ වශයෙන් අයි.වී ප්‍රේමසීලී මෑණියෝ, ජනක් ශාන්ත කුමාර, නයනජිත්, අශෝක කුමාර, කරුණසිරි පෙරේරා, සඳසිරි සුදත්, සුභාෂ් අරවින්ද, රුවන් පුෂ්පකුමාර, බුද්ධික සඳරුවන්, වසන්ත ලොකුපතිරගේ, රුමේෂ් බුද්ධික, ඔමේෂි කරුණාතිලක, දීපානි අදිකාරම්, ශෂි ගුණසිංහ, ප්‍රසංශනි පූර්ණිමා පෙරේරා, ඇතුළු හැමෝම සිහිපත් කරනවා. අප ගුරු දේවෝත්තම පූජනීය කොළඹගේආරේ අතුලසේන ලොකු හාමුදුරුවෝ, අප ගුරු දේවෝත්තම පූජනීය කොස්වානේ නන්දසාර ලොකු හාමුදුරුවන් වහන්සේ , හොරණ කුරුදුවත්ත මහා පන්සලේ විහාරාධිපති  පුජනීය උඩුගල්මොටේ සිරිවිමල ලොකු හාමුදුරුවන් වහන්සේ  කෘතවේදිව  සිහිපත් කරනවා.හොරණ වෑවල පරාක්‍රම වෙළෙඳ සැලේ පරාක්‍රම සේනාධීර අයියත්,ජානක පුෂ්පලාල් අයියත්, රංගනයෙන් දායක වූ සම්පත් දඩල්ලගේ,චතූ රාජපක්ෂ, ගීත ලාල් මහතා  ඇතුළු  වචනයකින් හෝ මා හට උදව් උපකාර කළ අය සිහිපත් කරනවා. සියලු දෙනාගේම උපකාරය මත තමයි මේ ගීතය නිර්මාණය වූයේ. මගේ තාත්තේ ඔබ බුදු කෙනෙකි.
 
ගීතයේ සම්පූර්ණ පද මාලාව
 
මේ ජීවිතයේ පෙර පිනකට මට හමු වූණ
බැරි බර ඉහිලුවේ දිව රෑ වෙහෙසී
නමදිමි පාද ඔබේ ආදර මගේ තාත්තේ..
 
වැටෙන්නට මට දුන්නෑ උන්නා ඔබ රහසේ 
මගේ පසු පස්සේ
කෙරුවේ නෑ කිසි අඩුවක් මට
ඇති කළා මේ මගේ දියුණුව
පතනෙමි පුතු ඔබගේ 
වෙන්නට හැම ආත්මේ..
 
ගෙවන්නට ණය බැරිවෙයි 
කළත් සැලකිලි ඔබට සංසාරේ
දියකලා ඔබේ මුළු ප්‍රාණෙම
පුදකළා ඔබේ හැමදේ මට
උපදින මතු ආයේ වෙනවද 
මගේ තාත්තේ..