වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
එකවර භාෂා දෙකකින් රඟපෑම අභියෝගයක්

අපට මේ නම හුරු වුයේ 2018 වසරේ සිටය. ඒ බිම්බා දේවී හෙවත් යශෝධරා නමින් මහාචාර්ය සුනිල් ආරියරත්තනයන් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයේ යශෝධරා දේවියගේ චරිතය සමඟනි. එහෙත් ඇයගේ රංගන දිවිය ඇරැඹෙන්නේ 2001 වසරේ සිටය. වාණිජ අංශයෙන් ප්‍රථම උපාධිය සම්පුර්ණ කර සිය සීයා මෙන් නීතීඥවරියක වීමට සුදානමින් සිටිය දී ඇය කේදාර් ශින්ඩේ අධ්‍යක්ෂවරයාගේ ඇස ගැටිණි. ඒ අනුව මරාති ටෙලි නාට්‍යයක් වන ටුටුමිමී හී රංගනයත් සමඟ ඇයගේ රංගන වෘත්තීය ඇරැඹිණි. 2005 දී කුංකු සාලේ වයිරි නම් මරාති චිත්‍රපටයෙන් ඇය සිනමා රංගනයට ද පිවිසියාය. නිරූපණ ශිල්පිනියක ලෙස ඇරැඹී ඇගේ රංග දිවියේ විශේෂත්වය වන්නේ සියලු දකුණු ඉන්දියානු භාෂා මෙන්ම සිංහල බසෙන් ද චිත්‍රපටවල රඟපෑ එකම නිළිය වීමයි.
සිංහල බසින් ලබන ජූනි 23 තිරගතවීමට නියමිත ඒ.ටී. ඥානම්ගේ අධ්‍යක්ෂයෙන් යුතු හේමාල් රණසිංහ සහ පල්ල වී සුභාෂ් රඟන ‘ද සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ඇය ලංකාවට පැමිණි මොහොතේ සරසවිය සමඟ සුහද පිළිසඳරකට ද එක්වුවාය.
කොහොමද පල්ල වී තොරතුරු ?
(සිනාසී) ආවා ඉතිං ඔය ගොල්ලන්ව බලලා යන්න දෙවැනි වතාටවත්
මොකද හිතෙන්නේ මේ මොහොතේ?
මට ඇත්තටම සතුටුයි. ඊටත් වඩා මම තරමක් ව්‍යාකූලයි වගේම හිත උද්යෝගයෙනුත් පිරිලා. මොකද අපිට මේ චිත්‍රපටය හදල අවුරුදු දෙකක් බලාගෙන ඉන්න වුණා. කොරෝනා වසංගතය නිසා.
අපේ නිෂ්පාදකවරයාත් පුදුම ඉවසීමකින් හිිටියේ. ඒ ගැන ඔහුට ගෞරව කළ යුතුයි. ඒත් කොහොම හරි අවසානයේ අපේ චිත්‍රපටය ප්‍රදර්ශනයට සුදානම්. ඉතින් මෙය අපට ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම මම හිතනවා මගේ මේ චිත්‍රපටයේ චරිතයට මේ රටේ පේ‍්‍රක්ෂකයන් ආදරය කරයි කියලා.
ද සෙකන්ඩ් ෂෝ හි ඔබ සමඟ රංගනයේ යෙදෙන්නේ අප රටේ වර්තමානයේ ජනපි‍්‍රයතම තරුවක් ?
පෞද්ගලික ගත්විට මම මෙහි ආ හැම අවස්ථාවකම හොඳ සහයෝගයක් මේ රටේ අයගෙන් ලැබුණා. ඒ වගේමයි හේමාලුත් මා සමඟ ඉතා සහයෝගයෙන් මේ චිත්‍රපටයේ කටයුතු කළා. ඔහු මගේ සිංහල දෙබස් නිවැරැදි කළා. ඒක ලොකු සහයෝගයක්.
මේ චිත්‍රපටය රටවල් සියයක එකවර ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබෙනවා. ඔබ භාෂා කීයකින්ද මෙහි රඟපෑවේ?
සිංහල සහ දෙමළ භාෂාවලින් පමණයි අප රංගනයේ යෙදුණේ. අනෙක් භාෂාවලට මම හිතන්නේ වෙනත් ක්‍රමවේදයක් උපයෝගී කර ගනී.
ඔබට මේ චිත්‍රපටයේ සිංහල දෙබස් කීමේදී යම් හුරු බවක් දැනෙන්න ඇති ද?
ඔව් මේ මගේ දෙවැනි සිංහල චිත්‍රපටය. ඒ වගේම කෞශි මැම් (කෞශල්‍යා වික්‍රමසිංහ) මාත් සමඟ හිටියානේ. අනෙක අපට භාෂා උපදේශකවරයකුත් හිටියා. ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි සතුටින් ඒ රඟපෑම් කටයුතු කළා.
යශෝධාරා සහ සෙකන්ඩ් ෂෝ අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?
ඇත්තෙන්ම මෙය සඳහා අපට බොහෝ මහන්සියෙන් කටයුතු කරන්න සිදුවුණා. ඒ වගේම තමයි යශෝධරා වෙනුවෙනුත් අපි බොහෝ මහන්සි වුණා. මම හිතන්නේ ඕනෑම චිත්‍රපටයකදී අපට කැපවීමෙන් වැඩ කරන්න වෙනවා. ඒ නිසා චිත්‍රපට දෙක අතර ලොකු වෙනසක් මට දැනෙන්නේ නැහැ. ඒ චිත්‍රපට දෙකම මට අධ්‍යාපනයක් වගේම අත්දැකීමක් වුණා.
ඒත් සෙකන්ඩ් ෂෝ රූගත කිරීම් කෙරුණේ ලන්ඩනයේ?
අප්පේ.... ඔව්. මම මීට පෙර එහි ගිහින් තිබුණේ නැහැ. දේශගුණය හරිම සීතලයි. සෙල්සියස් ඝෘන දෙක තුනකට වගේත් උෂ්ණත්වය අඩුවුණා. අපිව ගල් ගැහෙන තරම් සීතලක් එය. ඒත් ඉතින් අපිට සතුටින් වැඩකරන්න පුළුවන් වුණා. ඒකත් හරි විනෝදජනකයි.
භාෂා දෙකකින් රූගත කිරිමේදී ඔබට එකම දර්ශනය දෙවරක් එකම විදිහට කරන්න වෙනවා. එය ඔබට කෙබඳු අත්දැකීමක් වුණාද?
ඒක හරිම අභියෝගාත්මකයි. මම සිංහලෙන් නම් චිත්‍රපටයක් රඟපාලා තිබුණානේ. ඒත් දෙමළ භාෂාවෙන් මීට පෙර රඟපාලා නෑ. ඒ නිසා එය මට සම්පුර්ණයෙන් අලුත්ම අත්දැකීමක් වුණා. මොකද මගේ මව් භාෂාව මරාති. කොහොම වුණත් ඒකත් මට සතුටට කාරණයක්. මොකද මම වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිට තිබෙනවා දෙමළ භාෂාවෙන්. ඒ නිසා මට ඒ බස තරමක් සමීපයි.
නොදන්නා භාෂාවකින් දෙබස් කියන විට චරිතයේ හැඟීම් මතු කිරීම පහසු දෙයක් නොවේ?
ඔව්. හැබැයි මම යශෝධරා චිත්‍රපටය කරද්දී සුනිල් සර් (මහාචාර්ය සුනිල් ආරියරත්න) සමඟ වැඩමුළුවලට සහභාගී වුණා. රූගත කිරීම් වලට පෙර. ඒ වගේම භාෂාව පිළිබඳ කියා දීමකුත් සිදු කෙරුණා. ඒ නිසා අපේ දෙබස් පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් අවබෝධයක් මුලින් ලැබුණා. දෙවැනි වතාවේ මේ චරිතය කරද්දී අපට එහෙම වැඩමුළුවක් නම් කළේ නැහැ. අපි කෙළින්ම රූපගත කිරීම කළා. ඒත් කොහොම හරි අවශ්‍ය රංගනය ලබා දෙන්න අපට හැකි වුණා.
යශෝධරා චිත්‍රපටයේ දී ඔබට කණ්ඩායම දැනුණේ කොහොමද?
හරියට අපි එකම පවුලක් වගේ. ඇත්තෙන්ම මම ස්තූතිවන්ත වෙනවා. මගේ පළමු සිංහල චිත්‍රපටය සඳහා මට සහාය දුන් සුනිල් සර් ඇතුළු සියලු දෙනාට රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට සුනිල් සර් වැනි අයකු සමඟ කටයුතු කිරීමට ලැබීම වාසනාවක්. අපට බොහෝ දේ ඔහුගෙන් ඉගෙන ගන්න ලැබුණා. පේ‍්‍රක්ෂකයන් චිත්‍රපයට වගේම මටත් බොහෝ ආදරය කළා.
සුනිල් සර් මට සැලකුවේ හරියට ඔහුගේ දුවකුට වගේ. හැමදාම චොකලට් එහෙම ගෙනත් දුන්නා. හරියට හුරතල් දේවල් මට ගෙනත් දුන්නා. මගේ සමාජ මාධ්‍යවල ඒ දේවල් ගැන මම බොහෝ දේ පළ කළා. ඔහු අධ්‍යක්ෂවරයකුට වඩා පියකු වගේ අපට සැලකුවේ. මෙවරත් මම කෙසේ හෝ සුනිල් සර්ව බලන්න යන්න ඕනේ. නැත්තම් මගේ ගමන සම්පුර්ණ නෑ වගේ දැනෙයි.
රංගනය පිළිබඳ ඔබේ අර්ථ දැක්වීම කුමක්ද?
ඒකට නිශ්චිත අර්ථකථනයක් දෙන්න මට බැහැ. ඒත් අපට යම් චරිතයක් නිරූපණය කරන්න වෙනවා. ඒ චරිතය පිළිබඳ ඔබ විශ්වාස කරන දේ සමඟ ඒ චරිතය ගැන ඔබ සිතන දේ එයට බලපානවා.
හැම රංග ශිල්පියකුටම සුවිශේෂ වූ හැකියාවක් තිබෙනවා. තමන්ට ලැබෙන චරිතය නිරූපණය කරන්න. ඒ වගේම මෙය සම්පුර්ණයෙන්ම විශ්වාසය මත කෙරෙන කාර්යයක්.
ඔබ රංගනය හදාරන්න කැමැති මොන ආකාරයෙන් ද? පාසලකින්ද? සමාජයෙන් ද?
මම කවදාවත් රංගන පාසලකට අඩිය තියලා නැහැ. මම කවදාවත් නිළියක් වෙන්න වුවමනාවක් තිබුණේත් නැහැ. මම නිළියක් වුණේ අහම්බෙන්, දවසක් නාට්‍යයක් බලන්න ගිහින් ඉන්දැද්දි තමයි අධ්‍යක්ෂවරයකුට අලුත් නිළියක් අවශ්‍ය බව හිතිලා මට කතා කළේ.
ඇත්තෙන්ම රංගනය කියන්නේ හැමදාම ඉගෙන ගත යුතු දෙයක්. රංගනය තමන් තුළින් ආ යුතු දෙයක්. අපි හැම තිස්සේම හිතන්න ඕනේ කොහොමද මට ලැබුණු චරිතය හොඳින්ම කරන්නේ කියලයි. හැමදාමත් අපි රංගනය ඉගෙන ගන්නවා. සමාජයෙන් හමුවන අයගෙන් ආදී වශයෙන්. ඒ වගේම මම කවදාවත් මම කළ රංගනයෙන් සෑහීමකට පත්වන්නේ නෑ. මට ඒ දර්ශන නැරඹුවාම මෙය තවත් හොඳට කළ හැක්කේ කෙසේද කියා හිතනවා. මම හිතන්නේ රංගන ශිල්පීන් සියලු දෙනාම පාහේ ඒ වගේ තමයි. කවදාවත් තමන්ගේ රංගනයෙන් සෑහීමකට පත් වන්නේ නෑ. එය තමයි කෙනෙකුගේ ශිල්පීය දක්ෂතාව වැඩිවන්නට හොඳම රහස වන්නේත්.
ඔබ රඟපෑමට කැමැති විශේෂ චරිතයක් තිබෙනවාද?
එහෙම නෑ. ඕනෑම චරිතයක් කරන්න මට කැමැතියි.
විශේෂ සිනමා ප්‍රවර්ගයක් තිබෙනවාද වැඩිපුර දායකත්වය දීමට කැමැති?
නැහැ. මම ඕනෑම ශානරයක චිත්‍රපටිවල රඟපාන්න කැමැතියි. අපි නළු නිළියන් ලෙස එවැනි බෙදීමකින් සීමාවිය යුතු නැහැ.
සේයාරූ- නිශ්ශංක විජේරත්න