වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
අර්බුද කාලවලදී තමයි සිනමාව වඩාත් රැකගන්න ඕනෑ

හේමාල් රණසිංහ පිළිබඳ අටුවා ටීකා ලිවීම අවශ්‍ය නොවේ. ඔහු රංගනයේ යෙදෙන නවතම චිත‍්‍රපටය ‘සෙකන්ඞ් ෂෝ’ පසුගිය සතියේ මෙරට මෙන්ම පිටරටවලද ප‍්‍රදර්ශනයට මුදා හැරුණේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් ඔහුගේ රංගන දිවියට සනිටුහන් කරමිනි. ඒ සිංහල සහ දෙමළ භාෂාද්වයෙන්ම එකම දර්ශන තලයේ එකම අවස්ථාවේ රූගත කළ ශී‍්‍ර ලංකා-ඉන්දියා සම නිෂ්පාදනයක් ලෙසිනි. මේ එම සිනමා කෘතිය සහ එවැනි නිෂ්පාදනවලින් සිනමා කර්මාන්තයට ඇතිවන බලපෑම මෙන්ම වත්මන් සිනමාවේ ස්වභාවය පිළිබඳ සරසවියට ඔහු දැක්වූ අදහස් බිඳකි.
‘සෙකන්ඞ් ෂෝ‘ චිත‍්‍රපටයට ප‍්‍රතිචාර ලබන්න හැකි වුණාද?
මේ චිත‍්‍රපටය ලංකාවේ ප‍්‍රදර්ශනය ඇරැඹුණේ පසුගිය 8 වැනිදා. ඒත් ඒ සමඟම රටේ අර්බුදකාරී තත්ත්වය තවත් වැඩි වුණා. එසේ තිබියදීත් සෙකන්ඞ් ෂෝ සඳහා ප‍්‍රතිචාර ලැබීම ගැන සතුටක් තිබෙනවා, මෙවන් තත්ත්වයක් යටතේ පවා පේ‍්‍රක්ෂකයන් චිත‍්‍රපටය නරඹන්න උනන්දු වීම ගැන. රටේ මේ අර්බුද අඩු වුණොත් වැඩි පේ‍්‍රක්ෂක පිරිසකට චිත‍්‍රපටය නරඹන්න අවස්ථාව ලැබෙයි.
මම නම් කියන්නේ මොන අර්බුද ඇති වුණත් රටේ සිනමාව පමණක් නොවේ අනෙක් සියලූ කර්මාන්ත නැඟිටින්න ඕනෙ. සිනමා කර්මාන්තය ගත්තොත් එයින් යැපෙන්නේ නළු නිළියන් හෝ අධ්‍යක්ෂවරුන් පමණක් නොවේ. කාර්මික හා තාක්ෂණ ශිල්පීන් ඇතුළු ශාලාව අසල අයිස්ක‍්‍රීම්, කඩල විකුණන පිරිස පවා මෙයින් යැපෙනවා. ඉතින් ඒ සියලූ දෙනා පිළිබඳ හිතලා මේ දවස්වල අපහසුතා මධ්‍යයේ වුවත් චිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුතුවල ඉදිරිය පිළිබඳ සුබවාදීව සිතමින්.
විදේශීය කණ්ඩායමක් සමඟ චිත‍්‍රපටයක කටයුතු කිරීම වෙනස් අත්දැකීමක්?
ඔව්. මට මීට පෙරත් විදේශීය චිත‍්‍රපටකරුවන් සමඟ යම්තාක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. ඒත් මෙහිදී සම්පූර්ණ චිත‍්‍රපටයම විදේශීය ශිල්පීන් සමඟ රූගත කරද්දි එය වෙනස්ම අත්දැකීමක් වුණා. සිද්ධිවිනායක් සමාගමේ කෞශල්‍යා වික‍්‍රමසිංහ මහත්මිය තමයි මෙහි නිෂ්පාදක ගනේෂ් මහදේවන් මහතාට මේ චිත‍්‍රපටය සඳහා මා යොදාගැනීමට යෝජනා කර තිබෙන්නේ. දෙමළ චිත‍්‍රපටය සඳහා වෙනත් දෙමළ නළුවකු යෝජනා වී තිබුණත් සිංහල චිත‍්‍රපටයට නිර්දේශ වූ පසු චිත‍්‍රපට දෙක සඳහාම මාව යොදාගැනීමට තීරණය වීම විශාල ජයග‍්‍රහණයක් ලෙස මට දැනෙනවා.
මේ චිත‍්‍රපටයේදි ඔබට දෙමළ බස භාවිත කරමින් රංගනයේ යෙදෙන්න සිදුවුණා?
ඇත්තෙන්ම භාෂා භාවිතය තමයි ලොකුම අභියෝගය වුණේ. දෙමළ උච්චාරණයේදී, හැඟීම් ප‍්‍රකාශනයේදී අපේ ඉංගිතයන් කෙසේ විය යුතුද ආදි සියලූ දේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන්න සිදු වුණා. අනෙක් ශිල්පීන් වගේම මමත් චිත‍්‍රපට කර්මාන්තයේ නියැළෙන රංගන ශිල්පියකු වගේම චිත‍්‍රපට නරඹන රසිකයකු ලෙස ලෝක සිනමාව සමඟ බද්ධව ඉන්න නිසාත් ඉන්දියාව අපට බොහොම සමීප රටක් මෙන්ම ඉන්දියානු චිත‍්‍රපට අපේ රට තුළ බොහෝ ප‍්‍රචලිත නිසාත් ඒ භාෂාව, ඉංගිතයන් සම්බන්ධ යම් හුරුවක් මට තිබුණා. එය මේ චිත‍්‍රපටයට වගේම එහි කතා රසය අනුව අනුගත වෙන්න විශාල වශයෙන් මට උපයෝගී වුණා. ඒ වගේම මට දෙමළ සහ සිංහල භාෂා පරිවර්තකයකු ලැබුණා. ඔහු ශ‍්‍රී ලාංකිකයකු වන විවේක්. ඔහුගෙන් වගේම ඉන්දියානු ශිල්පීන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම කාර්මික හා තාක්ෂණික ශිල්පීන්ගෙන්. ‘තංගරාජ් ජි‘ කියා අපි ආමන්ත‍්‍රණය කළ තාක්ෂණික ශිල්පියා විශේෂයෙන් සිහි කළ යුතුයි. ඒ වගේම අධ්‍යක්ෂ ඒ. ටී. ඥානම් මහත්මයාගෙනුත් විශාල සහායක් ලැබුණා. මම ඒ වෙලේ දැඩි උත්සාහයක් ගත්තේ ඔවුන්ගෙන් මට ලැබෙන ගුරුකරුකම් ඒ ලෙසම අනෙක් අතට නිරූපණය කරනවාට වඩා, එය ධාරණය කරගෙන මගෙන් එකතු විය යුතු යමක් අලූතෙන් එයට එක් කරන්න. මොකද මට අවශ්‍ය වුණේ සම්පූර්ණයෙන් අපි දකින චරිතයකට වඩා මගෙනුත් යමක් පේ‍්‍රක්ෂකයාට රසවිඳින්න දෙන්නයි. මගේ චරිතය සමඟ යම් යම් අත්හදා බැලීම් කරන්න ලොකු අවකාශයක් ලැබුණා. අපි කණ්ඩායමක් ලෙස කටයුතු කළේ. විවිධ භාෂා කතා කරන රංගන ශිල්පීන් චිත‍්‍රපටයට දායක වුණේ. ඒ නිසා අපි එකිනෙකා අතර තිබෙන සමහර සංස්කෘතික සමානතා, භාෂාවේ ඇතැම් වචනවල ඇති සමානතා ආදිය සමඟ බද්ධ වෙලා ලස්සන වැඩක් කරන්න හැකි වුණා.
එකම චිත‍්‍රපටයක් භාෂා දෙකකින් එකවර රූගත කරද්දි එන අභියෝග මොනවාද?
ඒක තමයි අනෙක් ලොකුම අභියෝගය. මම සාමාන්‍යයෙන් රංගනයෙන් දායකත්වය දෙන ඕනෑම විටෙක, සීමිත අවස්ථාවක් භාවිත කරද්දි වුණත් විවිධ චරිත නිරූපණයට උත්සාහ කරනවා. සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටයේදිත් එකම අවස්ථාවක එකම දර්ශනතලයේ සිංහල සහ දෙමළ භාෂාවලින් එකම දර්ශනය රූගත කරද්දි එහි මොනතරම් සමානතා තිබුණත් වෙනස්කම් රැසකුත් තිබෙනවා. මොකද අපි කොයිතරම් සමානයි කීවත් සිංහල භාෂාව කතාකරද්දි සහ දෙමළ භාෂාව කතා කරද්දි ඒ ඒ භාෂාවලට ආවේණික වේගයක්, රිද්මයක් තිබෙනවා. එකම දෙයක් වෙනුවෙන් වුවත් හැසිරීම් රටාව, ඉංගිතයන්වල වෙනස්කම් තිබෙනවා. ඉතින් සිංහල චිත‍්‍රපටය ශ‍්‍රී ලංකාවට විතරක් ප‍්‍රදර්ශනය වුණාට, දෙමළ චිත‍්‍රපටය රටවල් ගණනාවක ප‍්‍රදර්ශනය කෙරෙනවා. එහිදී ඒ සංස්කෘතිය හඳුනන අයට මගේ චරිතය සමීප වන්න නම් සිංහල චිත‍්‍රපටයට වඩා යම් යම් දේවල් වෙනස් විය යුතුයි. විශේෂයෙන් ඔවුන්ගේ ජීවන රටාවේ ලය නැත්නම් ටෙම්පො එක අපට වඩා පොඞ්ඩක් වෙනස්. ඉතින් දෙමළ චිත‍්‍රපටයේදී ඒ ආවේණික ගතිය උචිත විදිහට යොදාගන්න මම සමත් වුණා කියලා විශ්වාස කරනවා.
ඒ කියන්නේ අපි මෙතෙක් දුටු හේමාල්ට වඩා වෙනස් කෙනෙක් සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටයේ දකින්න පුළුවන්?
මගේ ජීවිතේ වඩාත්ම කැමති දේ තමයි අභියෝග කියන්නේ. ඉතින් අලූත්-අලූත් දේවල් එකතු කරගෙන මාව මීට පෙර දුටුවාට වඩා වෙනස්ව දකින්න සලස්වන්නයි මම උත්සාහ ගත්තේ. එසේ වෙනස් හේමාල් කෙනෙක් දකින්න මටත් ආශාවක් තිබුණා. එහිදී චිත‍්‍රපටයේ කැමරා ශිල්පී එල්. කේ. විජයගේ රූප රාමුවලත් යම් වෙනසක් දැනෙයි. ඔහුගේ කැමරා භාවිතය සම්බන්ධවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ඉතින් ඒ සියලූ කණ්ඩායම් එක්ක තමයි මේ වෙනස ඇති වන්නේ.
දෙමළ පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර කෙසේද?
මගේ දෙමළ මිත‍්‍රයන්ගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ නිසා තමයි මට ලැබුණු අභියෝගය ජයගත්තා කියා සිතෙන්නේ. අනෙක් සහෘද පේ‍්‍රක්ෂකයන්ටත් මම ආරාධනා කරන්නේ සිංහල චිත‍්‍රපටය වගේම දෙමළ චිත‍්‍රපටයත් බලන්න කියලා. එහි සාර්ථකත්වය තමයි මම කළ කැප කිරීමට ලැබෙන වටිනාකම වන්නේ. ඉතින් චිත‍්‍රපට දෙකම බලන්න. සසඳන්න. (සිනාසී* පරීක්ෂණය කළා නිරීක්ෂණය සහ නිගමනය පේ‍්‍රක්ෂකයන් සතුයි.
අපේ සිනමා තාක්ෂණයට වඩා එහි තාක්ෂණයේත් වෙනස්කම් ඔබ දුටුවාද?
ලොකු තාක්ෂණික වෙනසක් තිබෙන බව පේනවා. ලංකාවත් සිනමා තාක්ෂණය අතින් දියුණු තැනකයි තිබෙන්නේ. එහෙත් අපේ බහුතර චිත‍්‍රපටවලට යොදාගන්නා පොදු ලයක් :ඔැපචද* තිබෙනවා. ඒත් ප‍්‍රවේගය චිත‍්‍රපටයේදිත් මම ඊට වෙනස් වූ සෙකන්ඞ් ෂෝ හි වේගය වැනි ලයක් අත්වින්දා එහි ඉන්දීය භාවිතයක් තිබුණු නිසා. ඉන් පසු යම් ඒකාකාරී තැනක ඒ වේගය තිබුණා කියා සිතෙනවා. ඉන් වසර 10කට පසු මට එදා දැනුණු ටෙම්පෝ එක යළිත් වරක් දැනුණා. එය අපේ රූපණයේදිත් අපට දැනෙනවා. හැබැයි ටෙම්පො එක අඩුවෙනවාට වඩා වැඩි මානසික සහ ශාරීරික ශක්තියක් වැඩි ලයකින් කෙරෙන රූපණයකදී යොදන්න වෙනවා. ඒත් මම කොහොමත් ඇවිදිද්දි වුණත් ටිකක් හයියෙන් යන කෙනෙක්. ඒ මට හිමින් ගමන් කරන්න බැරි නිසා නෙවෙයි. ඒක තමයි මගේ ස්වභාවය. මගේ ශරීරයේ ජවයට සරිලන ලයකින් රූපණයක් කෙරුණාම ඒක මට දැනෙනවා.
ඒ රංගන ශිල්පී ශිල්පිනීන් ගැනත් කතා කරමු?
ඇත්තටම සිංහල චිත‍්‍රපටයට නම් කසුන් කල්හාර, උරේෂා රවිහාරි, මහේෂ්, ප‍්‍රවීන් වගේ පිරිස එක් වුණා. ඒත් දෙමළ චිත‍්‍රපටයේ ලංකාවේ සම නිෂ්පාදිකාව හැරුණාම නළු නිළියන් අතරින් අපේ රට නියෝජනය කළ එකම පුද්ගලයා මම. ඉතින් මට වැඩියෙන්ම සහයෝගය ලැබුණේ තාක්ෂණික ශිල්පීන්ගෙන් කීවොත් නිවැරැදියි. ඒ වගේම රංගන ශිල්පීන්ගෙනුත් සෑහෙන සහායක් ලැබුණා. කොහොමත් සිනමාව කියන්නේ කණ්ඩායමක් එක්ව කළ යුතු වැඩක්. එය තනි තනිව කළ හැකි දෙයක් නොවේ. විශේෂයෙන් රංගනය කියන්නේ ඇක්ෂන් ඇන්ඞ් රිඇක්ෂන්. මගේ ක‍්‍රියාවට ලැබෙන ප‍්‍රතික‍්‍රියාව මගේ රංගනයට බලපානවා. ඒ නිසා සමහර විට රූපරාමුවේ දකින්නේ මාව විතරක් වුණත් ඒ දර්ශනයට සම්බන්ධ අනෙක් ශිල්පීන් ඒ මොහොතේ දක්වන ප‍්‍රතික‍්‍රියාව රූපරාමුවෙන් පිටත සිට හෝ ලබා දීම සමස්ත නිර්මාණයේම සාර්ථකත්වයට බලපානවා. අපි අහලා තිබෙනවා අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ඉස්සර හඬකැවීම්වලදි පවා එක්ව කටයුතු කළ ආකාරය. අද තාක්ෂණය සමඟ ඒ දේවල් වෙනස් වෙලා ගියත් මිනිස් සබඳතා සමඟ කෙරෙන කටයුතුවලදි ඒ එකමුතුව වැදගත්.
ඔබ හිතන විදිහට මෙවැනි ද්විභාෂිත චිත‍්‍රපට අපේ සිනමාවට බලපාන්නේ කෙසේද?
මෙය අත්හදා බැලීමක්. මීට කලින් ලාංකික ශිල්පීන් විවිධ විදේශීය චිත‍්‍රපටවලට දායත්වය ලබා දුන්නා සේම විදේශීය ශිල්පීන් ද අපේ නිර්මාණවලට දායක වී තිබෙනවා. ඒ වගේම එක් භාෂාවක චිත‍්‍රපට වෙනත් භාෂාවලට හඬ කැවීම් කළත් එකම දර්ශන තලයේ එකම දර්ශනය භාෂා දෙකකින් රූගත කර තිබේද කියා මා දන්නේ නෑ. මෙය පර්යේෂණාත්මකයි කියන්නේ ලංකාවේ චිත‍්‍රපට වටපිටාව අනුවයි. ඇත්තටම කීවොත් මේ වන විට ලංකාවේ ශාලාවකට ගිහින් චිත‍්‍රපටයක් බලන පේ‍්‍රක්ෂක සංඛ්‍යාව ලක්ෂ පහක පමණ කුඩා සංඛ්‍යාවකට අඩුවෙලා. මෙවැනි කුඩා පේ‍්‍රක්ෂාගාරයකින් චිත‍්‍රපටයක ආදායම් ඉපදවීම ඉතා අපහසුයි. ඒ වගේම ඒ සඳහා තවමත් බලපැවැත්වෙන්නේ වසර 70ට පෙර තිබූ නීති රෙගුලාසිමයි. ඉතින් නිෂ්පාදකවරයා තවත් චිත‍්‍රපටයක් වෙනුවෙන් රැකගන්න නම් චිත‍්‍රපටය ලබන ආදායම වැදගත් වෙනවා. ඒ වගේම තවත් කරුණු රැසක් මේ සඳහා බලපානවා. ඇත්ත කතාව නම් අපේ සිනමාව තාක්ෂණික අතින් දුර්වල එකක් නෙවෙයි. ඒත් අපට යෙදවිය හැකි පිරිවැය සීමාවක් තිබෙනවා. හේතුව වැඩි පිරිවැයක් යොදවලා එය ආපසු උපයාගන්නේ කෙසේද කියන දේ බලපාන නිසා. ඒ නිසා අපට නිර්මාණවලදි ලඝුවන්න සිදුව තිබෙනවා. මම දායක වූ නිර්මාණවලදී ලැබූ අත්දැකීම් සමඟ එය මට දැනෙනවා අපි යම් තැනක හිර වෙන වග. ඒ නිසා අපට තිරයෙන් පිටුපස විශාල වැඩකොටසකුත් කරන්න සිදුව තිබෙනවා. ඒ සමස්තය නොකෙරී චිත‍්‍රපටයක රඟපෑමෙන් පමණක් නිර්මාණයේ සාර්ථකත්වයක් දකින්න දැන් කාලේ අපහසුයි. කාර්මික සහ තාක්ෂණික වශයෙන් සාර්ථකත්වය තිබුණත් පසු නිෂ්පාදන කටයුතු මොන ආකාරයෙන් බලපානවාද කියා දැනගන්නත් මෙය හොඳ අවස්ථාවක්.
ඒත් මෙය සියයට සියයක්ම සාර්ථක ව්‍යාපෘතියක් කියන්නත් අපහසුයි. මෙහි සිනමා භාවිතය සහ අපට තිබෙන අභියෝග ජයගෙන අඩුපාඩු දුර්වලතා මඟහැර ඉදිරියට යෑමේ දොරටුවක් ලෙසයි මා මෙය දකින්නේ. ඒ වගේම දෙරටේ තාක්ෂණික, යාන්ත‍්‍රික දැනුම උපකරණ වගේම මානව සම්පත් හුවමාරුවක් සඳහාත් මෙයින් දොරටු විවර වුණොත් ඉදිරියේදී අපේ රටේ සිටින අනෙක් ශිල්පීන්ටත් එයින් අවස්ථාවක් උදාවෙනවා. ඇත්තෙන්ම මෙය හුවමාරු වැඩසටහනක් වගේ. අපි ඒ අභියෝගය ජයගත්තා. මේ ක‍්‍රමය හරිගියොත් එහි ප‍්‍රතිඵලය අපේ අනාගත සිනමාවට ලැබෙයි.
සිංහල චිත‍්‍රපට අන්තර්ජාතික පේ‍්‍රක්ෂක ආකර්ෂණයට යහමින් නතු නොවන්න හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
අපේ රටෙත් ලෝක සිනමාවට ගිය අය නැතුවා නොවේ. ඒත් සීමිතයි. මම විශ්වාස කරන්නේ සිනමාව භාෂාවක් කියලයි. අන්තර්ගතය මත දිවෙන සිනමාව පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක්වෙනවා කියලත් මම විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස ආචාර්ය තිස්ස අබේසේකරගේ පිටපතක් කියවද්දි මට දැනුණු හැඟීම වචනවලින් විස්තර කරන්න අපහසුයි. මොකද මට එය මැවෙන්නේ රූපමයවයි. පසුකාලීනව කියවූ බොහෝ පිටපත්වලින් මට එය දැනුණේ නැහැ. මමත් චිත‍්‍රපටකරණයේ යෙදෙන නිසා අන්තර්ගතය නිර්මාණයක සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද යන්න අපට අවබෝධ වනවා. ඒ නිසා මම විශ්වාස කරනවා පිටපත් රචකයාගේ භූමිකාවට මීට වඩා අවධානයක් සහ සාධාරණත්වයක් ලබා දිය යුතුයි කියා. මට අනුව නම් චිත‍්‍රපටයක ප‍්‍රධාන භූමිකාව වන්නේ පිටපත් රචකයායි. සිනමා නිර්මාණයක අඛ්‍යානය ගොඩනඟන්නේ රචකයා. එය ලේසි පහසු භූමිකාවක් නොවේ. අප දකින හොලිවුඞ් හෝ බොලිවුඞ් නිර්මාණවල ඒ ගෙත්තම පේනවා. සමහර විට විදෙස් නිර්මාණවල රචකයන් දෙතුන්දෙනකු ඉන්නවා. ඔවුන්ගේ නම් චිත‍්‍රපටයේ නාමාවලියේ නොයනවා වෙන්න පුළුවන්. ඒත් කතාව ඔපමට්ටම් කරන්නේ ඒ අය එකතුවෙලායි. අපේ රටේ වගේ පිටපතක් තනිවම ගොඩනඟන විට එය අතිශයින් සාර්ථක වන්න නම් රචකයා ඉතාම විශිෂ්ට අයකු විය යුතුයි. මොකද වස්තුබීජයක ජීවය නිස්සාරණය කරලා කෙටි කාලයක් තුළ පේ‍්‍රක්ෂකයාට දැනෙන, වින්දනය කළ හැකි නිර්මාණයක් කිරීම අතිශය දක්ෂ අයුරින් කළ යුතු දුෂ්කර කාර්යයක්. එය සීමාසහිත වන නිසා තමයි අපි ¥පතක කොටු වන්නේ කියලත් හිතෙනවා. අනෙක අපට අවුරුදු 2500ට අධික ඉතිහාසයක් තිබෙනවා. ඕනෙ තරම් වස්තු බීජ ඒ කාලය තුළ මේ රටේ බිහි වී තිබෙනවා. ස්පීල්බර්ග්, ජේම්ස් කැමරන්, ටැරන්ටිනෝ වැනි නිර්මාණකරුවන්ට අපේ රටේ තිබෙන කතා වස්තු ලැබුණානම් විස්මයජනක නිර්මාණ කරන්න තිබුණා. නිදසුනකට පන්සිය පනස් ජාතක පොත ගන්නකො... චිත‍්‍රපට දහස් ගණනක්නේ එයම. ඒවායේ කතාබහ වන දාර්ශනික කරුණු... කොයි තරම් පොහොසත්ද ඒ වස්තුබීජ? ඒ වගේම අප ගත කළ මේ අවුරුදු තිහකට ආසන්න යුද සමය. එහි උතුරේ වගේම දකුණේ කොයි තරම් මානුෂීය කතන්දර ඇත්ද? ඒ අතර කාලවල සිදු වුණු තව කෙතරම් සිදුවීම් තිබෙනවාද? ඒ අතින් ගත්තාම අපේ රට නිර්මාණකරණයෙන් කොච්චර දුප්පත්ද? බංකොළොත් ද? යුද්දෙන් පස්සේ වුණත් වර්තමානයේ වුණත් අහන දකින කතන්දර, අත්දැකීම්වලින් කොයි තරම් වස්තුබීජ සපයා ගත හැකිද කියා හිතෙනකොට ඇත්තටම සතුටක් නෙවෙයි ඇතිවන්නේ කනගාටුවක්. වර්තමානයේ එදිනෙදා අප හමුවන අය අතරින් කොටසක් රට යයි. තවත් කොටසකට සමහර විට හාමතේ මැරිලා යන්න වෙයිද දන්නෙත් නෑ. අපි සිනමා සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් තරගකාරීව සිටි රටක්. චිත‍්‍රපට බලන්න පෝලිම් තිබුණු රටක තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර පෝලිම්වල තමයි අද බහුතරය දකින්න ලැබෙන්නේ. මම අරගලය කියන වචනයට කැමති නැහැ. පොදු ජන හඬ නමින් හඳුන්වන්න කැමැති ඒ ව්‍යාපාරය පාලනයක් ඇතිව හරි තැනක නතර වේවා කියලයි ප‍්‍රාර්ථනා කරන්නේ. අපට මුළු ලෝකයේම මුහුණට මුහුණ ගනුදෙනු කරන මිතුරන් ඉන්නවා. ඒ විදේශිකයන් මේ ව්‍යාපාරය දිහා බැලූවේ බොහොම ධනාත්මකව. ඒ ශක්තියෙන් අපට අපේ කර්මාන්ත ආදියට හරියට නැඟිටින්න තිබුණා. හරි දේකට යනවා නම් තවමත් පරක්කු නෑ. අද වන විට යුක්රේනයට පසු ලෝකයේ වැඩිම අවධානය යොමු වූ රට ලංකාව. එය ලෝකය ඉදිරියේ තවත් ලිබියාවක් වී ලැජ්ජාවට පත් නොවී ගොඩනැෙ`ගන්න නම් කෘෂිකර්මාන්තයේ සිට සිනමා කර්මාන්තය දක්වා සියලූ දේට පණ දිය යුතුයි. ඒ නිසා පොඩි ඉවසීමක් සමඟ බුද්ධිමත් ජනතාව කකුල සීරුවෙන් තැබිය යුතු වෙලාවක් මෙය. අපි හැමෝම පාරට වැටිලා ඉන්න වෙලාවක මම සිනමාව ගැන කතා කරනවා කියලා කවුරු හරි කියයි. නෑ... අපි මේ සම්මුඛ සාකච්ඡුාව පවා කරන්නේ කොහොම හරි අපේ කර්මාන්තය, අපේ රට කඩා වැටෙන්න නොදී රැකගැනීමේ එක් පියවරක් විදිහට. රට කඩාවැටෙන එක නවත්වන්න නම් අපි වැඩකරන්න ඕනෙ. එය සෑම කර්මාන්තයකටම පොදුයි. ඒ නිසා මම සියලූ සහෘදයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ අපෙන් පසු පරපුරෙන්, තවමත් නූපන් අපේ දරුවන්ගෙන් ශාප ලබන ලෙස කටයුතු නොකර රට ගොඩනඟන්න වැඩකරන්න කියලායි. ඉතින් මේ සියලූ දේවල් තිර රචනාවලට වස්තු බීජ සපයනවා. ඒවා පේ‍්‍රක්ෂකයාට දැනෙන ලෙස ගොතා ගැනීමට හැකි නම් ඒ අන්තර්ගතයන් අන්තර්ජාතික තලයට ගැළපෙන නිර්මාණ ලෙස ගොඩනඟන්න පුළුවන්.
වර්තමානයේ නිපදවන චිත‍්‍රපට සංඛ්‍යාව අඩුවීම ඔබේ පරපුරේ ශිල්පීන්ට දැඩි ලෙස බලපානවා?
ඇත්ත. 90 දශකයෙන් පසු අපට කතා කරන්න පුළුවන් චිත‍්‍රපට හැදුණේ කීයෙන් කීයද? ලෝකයේ පවා අද බොලිවුඞ් චිත‍්‍රපට පිටපත්වල ශක්තිමත් බව ගැන කතාවෙනවා. අමිතාභ් බච්චන්ට ඇන්ග‍්‍රි යං මෑන් කියලා නමක් පටබැඳිලා හැදෙන්නේ ජාවෙඞ් අක්තාර්, සලීම් ඛාන් වගේ බලකණුවල තල්ලූව නිසා. ඔවුන් පරණ චිත‍්‍රපට රීමේක් කරනවා. මලයාලම් චිත‍්‍රපට රීමේක් කරනවා සල්ලි තිබෙන නිසා. ඉන්දියාවේ ප‍්‍රාන්ත, භාෂා, කීයක් තිබෙනවාද? ඒවා සහ කෝටි එකසිය හතළිහක පමණ ජනගහනය සමඟ නළු නිළියන් සංඛ්‍යාව සැසඳුවාම ප‍්‍රතිශතය කීයද? ඒ නිසා ඔවුන්ගේ සිනමාව රඳා පවතිනවා විනා ඔවුන්ගේ සිනමාවෙත් ලොකු වෙනසක් වෙලා නැහැ. අපි පොඩි රටක් අපේ වෙළෙඳපොළ පොඩි නිසා තමයි මෙතරම් දුරකින් ඉන්නේ. අතීතයේ අපේ සිනමාවේ තිබුණු පොහොසත්කම වර්තමානයේ නැති වීමයි අද පරපුරට බලපාන්නෙ. මම පෞද්ගලිකව බොහොම අගය කරන එච්. ආර්. ජෝතිපාල ගායකයා ඉන්දියානු චිත‍්‍රපට ගී තනු කොපමණ ගයා තිබෙනවාද? අපි අද භක්තියෙන් සිහි කරන විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ වගේම අමරසිරි කලංසූරිය වැනි ජ්‍යෙෂ්ඨයන් ගැන ලියන්න හැකි වුණේ ඔවුන්ගේ හැකියාවන් දක්වන්න චිත‍්‍රපට තැනුණු නිසා. අද අපේ පරපුරට සලීම් ඛාන්, ජාවෙඞ් අක්තර්ලා වගේ අය නැහැ. අපි ගරුකරන ප‍්‍රවීණ රංගවේදීන්ට ලැබුණු අවස්ථාවන් අද පරපුරට ලැබෙන්නේ නෑ.
මගේ පෞද්ගලික මතය නම් අතීතයේ සිටම අපේ සිනමාවේ රංගන ශිල්පීන් දේශපාලනයට ගිය නිසා සිනමාව තනි වුණා. රංගන ශිල්පියාට දේශපාලකයන්ට වඩා ජනතාකර්ෂණය වැඩි නිසාත් සිනමාවට උදවු කරන තරමට ශිල්පීන් දේශපාලනයට යොමු වනවා වැඩි නිසාත් අවසානයේ මේ දේ සිදුවන්න ඇති කියා හිතෙනවා. පොහොසත් ක්ෂේත‍්‍රයක් ලෙස තිබුණු සිනමාව කර්මාන්තයක් වුණෙත් මෑතකදිනේ. දේශපාලකයන් කලාවට තැන නොදීමට කටයුතු යෙදුවේ වින්දනාත්මක ව්‍යාපාරයක් ලෙස 60-70-80 දශකවල තිබුණු සිනමාවෙන් ශිල්පීන් ඍජුවම දේශපාලනයට එකතු වුණාම ඇති වන ආකර්ෂණය නිසා කියා මට හිතෙනවා.
ඔබ ස්වර්ණමය යුගයේ ඉපදුණු ශිල්පියකු වුණා නම් නිරූපණය කරන්න කැමැති චරිත මොනවාද?
මම කොහොමත් ජවයෙන් සහ ටෙම්පො එකෙන් වැඩි චිත‍්‍රපටවලට කැමැතියි කීවානේ. ඉතින් හාර ලක්ෂෙ, අහස්ගව්ව, වැලිකතර වැනි ක‍්‍රියාදාම ම නූනත් ඒ පැත්තට බර චිත‍්‍රපටවල රඟපාන්න තිබුණා නම් කියා සිතුණු අවස්ථා තිබෙනවා.
ඒ යුගයේ අධ්‍යක්ෂවරුන් අතරින් කාගේ චිත‍්‍රපටයකට ඔබ තෝරගත්තානම් හොඳයි කියා සිතෙනවාද?
අපි අතීතයේ ගොඩක් දුර නොගොස් කතා කළොත් එච්. ඞී. පේ‍්‍රමරත්න අධ්‍යක්ෂවරයා යටතේ චරිතයක් කරන්න තිබුණානම් කියා හිතෙනවා. පේ‍්‍රමසිරි කේමදාස සංගීතවේදියාගේ සංගීත ඛණ්ඩයකට සම්බන්ධ වන්න තිබුණා නම්... ඒ වගේම ගාමිණි ෆොන්සේකා මහත්මයා සමඟ විනාඩි දෙකක් කතා කරන්න තිබුණා නම් කියා කවදාවත් සැබෑ කරගන්න බැරි ආශාවන් ටිකක් හිතේ කොනක තිබෙනවා.
ඒ යුගයේ අපට චිත‍්‍රපට සංස්කෘතියක් තිබුණා කියා ඔබ විශ්වාස කරනවාද?
පෞද්ගලිකව ගත්තොත් මගේ චිත‍්‍රපට සංස්කෘතිය තිබුණේ අපේ ගෙදර ඇතුළෙ. 88/89 කලබල කාලේ එළියේ කොයිතරම් කලබල තිබුණත් අපට බොහොම හිතවත් පවුල් ගෙදරට රැස්වෙලා චිත‍්‍රපට බලනවා. මගේ කුඩා අවධියේ මම එය දැක්කේ කුඩා ශාලාවක් වගේ. එළියේ කලබල අතරේ වුණත් සිනමාවට විශාල ඇල්මක් ඇතිවෙන්න එය හේතු වුණා. ඒත් සමස්තයක් ලෙස සිනමා ශාලාවෙන් පේ‍්‍රක්ෂකයා ඈත් වුණා. ඒ අය නැවත ශාලාවලට ගෙන්වන්න කාම රැල්ලක් භාවිත කළා. ඊට පස්සේ විවිධ දේවල් එහෙන් මෙහෙන් අහුලගෙන කළත් යම් සංස්කෘතියක් කැඩුණු පසු එය පිළිසකර කරන්න බොහොම අපහසුයි. මේ රසවින්දනාත්මක ව්‍යාපාරය ඉන්දියාවෙ දළ ජාතික ආදායමෙන් කොපමණ ප‍්‍රතිශතයක් උපයා දෙනවාද? අපේ පැරැණි රංගන ශිල්පීන්ගේ හැකියාව දැක්කාම පුදුම හිතෙනවානේ... අපි අද කතා කරන අය ඒ චිත‍්‍රපට රූගත කළේ කොහොමද කියා ගෞරවයක් ඇතිවෙනවා. ඒ සංස්කෘතික පොහොසත්කම නිසා තමයි අර මම කලින් කියූ විදිහට හඬකැවීම්වලදි පවා සියලූ ශිල්පීන් එකතු වුණේ. අද ලංකාවේ බොහෝ දේවල් නැති වී ගොස් තිබෙනවා.
වත්මන් අධ්‍යක්ෂවරු බොහෝ විට කලාත්මක චිත‍්‍රපටවලට නැඹුරු වෙනවා?
ඔව්. ඔවුන්ගේ අරමුණ වන්නේ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ. අනෙක මේ පුංචි කර්මාන්තය ඇතුළේ රඳාපවතින්න අලූත් අයට විශාල පිරිවැයක් දරන්න බෑ. කලාත්මක චිත‍්‍රපට අඩු පිරිවැයකින් කරන්න පුළුවන් කියන සිතිවිල්ල ඔවුන්ට තිබෙනවා. ඔවුන්ගේ නිර්මාණකරණය පිළිබඳ විශ්වාස කරලා ලක්ෂ දෙතුන්සියයක් දෙන්න තරගකාරීව නිෂ්පාදකයන් ඉදිරිපත් වෙන්නෙ නෑනේ. බොහෝ දෙනෙක් කරන්නේ ලක්ෂ සියයට අඩු පිරිවැයකින් කළ හැකි නිර්මාණ. මේ රටේ මෙතරම් ප‍්‍රශ්න තිබියදී ජනාධිපති මැදුර බලන්න පෝලිම් ගැහෙන ජනතාවට කලාත්මක චිත‍්‍රපට තේරුම් ගන්න පුළුවන්ද? මෙතැන ප‍්‍රධාන අවශ්‍යතාව අධ්‍යක්ෂවරයාට අන්තර්ජාතික පිළිගැනීමක් ලබා ගැනීම. ඊට පස්සේ වෙන්නේ සමහර අධ්‍යක්ෂවරුන්ට ඒ ගත්ත පිළිගැනීමේ බර අඩුකරන්න බැරිකම. කලින් අස්සයකුගේ බරට ගියා නම් ඒ වේගයත් තිබුණා නම් දැන් නිර්මාණයේ බර අලියකුගේ තරම් කරන්න වෙනවා. එතකොට වේගයත් ඒ වගේම අඩු වෙනවා. අනෙක පොඩි බයකුත් ඇති. ඇත්තෙන්ම මගේ පෞද්ගලික මතය නම් කලාත්මක චිත‍්‍රපටයකට වඩා ජනාකර්ෂණීය චිත‍්‍රපටයක් තැනීම අමාරුයි. මම නම් සත්‍ය වශයෙන්ම ගරු කරන්නේ කලාත්මක චිත‍්‍රපටයක් කරලා ජනප‍්‍රිය චිත‍්‍රපටයකුත් කරන්න පුළුවන් අධ්‍යක්ෂවරුන්ට.
කලාත්මක චිත‍්‍රපට පමණක් දිගටම කිරීම නිසා නළු නිළියන්ටත් අවස්ථාව සීමා වනවා. කවුරුහරි ඇහුවොත් මම සිනමාවට ආව දවසේ සිට මේ දක්වා කළ චිත‍්‍රපට සංඛ්‍යාව මතකද කියලා ඒක මට විශාල ප‍්‍රශ්නයක්. මොකද මම සිනමාවට ආවා කියන එකේ තේරුම මම පළමුවෙන්ම දර්ශනයකට පෙනී සිටි මොහොතද, මම නළුවෙක් වූ දවසද නැත්නම් මම සිනමාවට ආදරය කරන්න ගත්ත දවසද කියන එක පැහැදිලි නැති නිසා. කොහොම වුණත් පළමු රූගත කිරීමේ සිට මේ දක්වා ගත වූ වසර දහයකට තරමක් වැඩි කාලයක් තුළ මා රඟ පා ඇත්තේ චිත‍්‍රපට 20ක් පමණ සංඛ්‍යාවක්. එයින් කීපයක් බාගෙට තැනූ ඒවා. තවත් තුනහතරක් ප‍්‍රදර්ශනය නොවූ ඒවා. ඒ අනුව චිත‍්‍රපට පහළොවක් පමණ තමයි තිරගත වී තිබෙන්නේ. ක්ෂේත‍්‍රයේ රැඳී ඉන්න කාලයත් සමඟ වැඩි විය යුතු සංඛ්‍යාව ප‍්‍රතිලෝමවයි ගමන් කරන්නේ. එවිට අවස්ථා සීමිත වනවා. රංගන ශිල්පීන් හැටියට හෝ තාක්ෂණ ශිල්පීන් ලෙස අපට අධ්‍යයනය කරන්න පාසලක් එහෙම නෑනෙ. අපි ඉගෙන ගන්නේ, පෝෂණය වන්නේ අපට ලැබෙන චිත‍්‍රපටවලින්මයි. සිනමා වටපිටාවක හැසිරෙන්නේ ප‍්‍රායෝගිකව අප චිත‍්‍රපටයක කටයුතුවල යෙදෙන විට පමණයි. ඉතින් අවස්ථාවන් අඩු වන විට ශිල්පීන් කොහොමද පෝෂණය වන්නේ.
ඔබ රඟපෑ ආශාවරී චිත‍්‍රපටය තවමත් ප‍්‍රදර්ශනය වනවා?
ආශාවරී චිත‍්‍රපටය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩට සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා සහෝදරවරුන්ට ස්තූතිවන්ත විය යුතුයි. ඔවුන් දෙදෙනා ඉතා පහසුවෙන් කටයුතු කළ හැකි දෙදෙනෙක්. එහි කතාවස්තුව විශාල දාර්ශනික එකක් නොවේ. පුළුල් මනසින් සිතිය යුතු දේවල් පිළිබඳ සරලව හිතන අයට දාර්ශනික දේවල් කියලා වැඩක් නෑ. අනෙක ආශාවරී ප‍්‍රදර්ශනය වූ දා සිට ශාලා වැහෙනවා, ඇඳිරි නීතිය වැටෙනවා, ඒත් අපි ආදායම උපයා ගන්න සමත් වීම ජයග‍්‍රහණයක්. ඒ වගේම එක චිත‍්‍රපටයකින් පසු ශාලාවක් දිහා නොබලන තැනට නිෂ්පාදකයන් පත් නොකර, එක චිත‍්‍රපටයකින් පසු අධ්‍යක්ෂවරුන් කලකිරීමට පත් නොවී තේජා අයියා මෑතකදී කතා කරලා ‘මල්ලි අපි ඊළඟ වැඬේත් පටන්ගමු‘ කියන තැනට හිත හැදුණ එකම ජයග‍්‍රහණයක්.
සෙකන්ඞ් ෂෝ එකටත් ඔබට එවැනිම කැපකිරීමක් කරන්න වෙයිද?
සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටය ගැන මම හිතවත් පේ‍්‍රක්ෂකයන්ට යමක් කිව යුතුයි. මෙය පවුලේ චිත‍්‍රපටයක් නෙවෙයි. එය වැඩිහිටි මාතෘකාවක් යටතේ තැනුණු නිර්මාණයක්. එහි ඇත්තේ වැඩිහිටි ආස්වාදය. එනිසා රංගන ශිල්පියකු ලෙස ඒ පිළිබඳ පැවසීම වගකීමක් ලෙස සලකනවා. ඒ වගේම වර්තමානයේ පවතින තත්ත්වය යටතේ නිර්මාණයක සාර්ථකත්වය සඳහා එය ප‍්‍රදර්ශනය කිරීමේදී රංගන ශිල්පියකුගෙන් ලැබිය යුතු සහයෝගය උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරනවා.
පේ‍්‍රක්ෂකයන්ට ඔබගේ පණිවිඩය කුමක්ද?
මට අවශ්‍ය මේ රට දියුණු කරන්න කියලා ලොකු දේවල් කරන්න කියන්න නෙවෙයි. අපි එකිනෙකාගේ වෘත්තිය රැකගන්න පුළුවන් හැම දෙයක්ම අප කළ යුතුයි. මේ මොහොතේ වගේම මේ කාලය තුළ අපට වෙනදා නොකළ දේවල් ඒ වෙනුවෙන් කරන්න වෙයි. සෑම කර්මාන්තයකම නියුතු අයට ඒ කැප කිරීම කරන්න වෙනවා. අපි රට හදන්න කලින් අපේ ගෙදර අපේ ගම අපේ වටපිටාව හදාගමු. අපේ කර්මාන්ත රැකගමු. එවිට රට ඉබේම හැදෙයි. රැකෙයි. අර්බුද අවස්ථාවක තමයි අපි කැපවීමෙන් අප නියැළෙන කර්මාන්ත වඩාත් රැකගත යුත්තේ.
ඒ වගේම කවුරු හරි කියන්න පුළුවන් මම මේ වෙලාවෙත් චිත‍්‍රපට ගැන කතා කරනවා කියලා. ඒත් මේ වෙලාවෙ මා වෙනුවෙන් ආ පේ‍්‍රක්ෂකයන්ට පමණක් නෙවෙයි සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ට මගේ පණිවිඩය වන්නේ කලාව හා සෞන්දර්යය සමඟ බැඳී සිටිය යුතුම වෙලාව මෙයයි. මම විශ්වාස කරන දර්ශනය අනුව අපෙන් විශ්වයට මුදා හරින හඬ, ආලෝකය වැනි දේ මේ මොහොතේ සුබවාදී, ධනාත්මක දේ විය යුතුයි. නිදසුනක් ලෙස සෙත්කවි හා වස්කවි වැනි දේවලින් පවා කෙරෙන්නේ තරංග මඟින් යහපත හෝ අයහපත ඇති කිරීම. අපි බොහෝ පිරිසක් එකතුව ඍණාත්මක දේවල් විශ්වයට මුදා හරින්න ගත්තොත් බොහෝ අඳුරු ශක්තීන් අපේ රටෙන් නිකුත් වී ඒ කාන්දම් බලයට අප නතු වෙයි. මිනිසුන් මේ මොහොතේ තිබෙන පීඩනය මුදාහරින්න උත්සාහ කරන්නේ අඳුරු ක‍්‍රියාවලින්. එවිට ලෝකය අප දෙස ඍණාත්මක ලෙස බලයි. ලෝකයට අපේ රට අඳුරු තිතක් වෙයි. එනිසා සුබවාදී ධනාත්මක දේවල් සිතන්න. ඒවා විශ්වයට මුදා හරින්න. එවිට ලෝකයත් අප දෙස සුබවාදීව බලයි. අර්බුද අතරින් කලාව මතු වනවා. ඒවාට විශාල ප‍්‍රතිචාරත් ලැබෙනවා. සමබරව සිතන්නට කලාව උපයෝගී වනවා. අපේ රට යළිත් පෙර තත්ත්වයට ගන්න සුබවාදී ආකල්ප වර්ධනය කරගත යුතුයි. මම රංගන ශිල්පියකු වගේම මේ රටේ පුරවැසියකු ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ සුබවාදී ආකල්ප වර්ධනය කරගෙන ධනාත්මක සිතිවිලි විශ්වයට මුදාහරින ලෙසයි.
සේයාරූ- ශිවන්ත නිර්මාල්