මම කලාත්මක චිත‍්‍රපටවල චරිත වන්දනාවේ ගියේ නෑ

සුප‍්‍රකට රංගවේදී ජීවන් කුමාරතුංග
අගෝස්තු 11, 2022

  
 
 මේ චිත‍්‍රපට කතාවේ කිසිවක් මගේ අත්දැකීමක් හෝ මගේ ජීවිතයේ කොටසක් නොවෙයි

 
 
 
 
 අසූව අනූව දශකය ඔහුගේ සිනමා ආගමනයේ ස්වර්ණමය යුගය විය. දඩබ්බර දුෂ්ට චරිත ඔස්සේ මුල් යුගයේ සිනමාව ආක‍්‍රමණය කළ මේ රංග ශිල්පියා ජය සිකුරුයි, ඔබට දිවුරා කියන්නම්, නැවත හමුවෙමු, සුර¥තියෝ, රූමතියයි නීතියයි, ප‍්‍රාර්ථනා ආදී චිත‍්‍රපට රාශියක දුෂ්ටයා ලෙසින් රංගනයේ නියැළු‍ණේ පේ‍්‍රක්ෂකයාගේ ආදරය මෙන්ම ගැරහුම් ද ලබමිනි. දුෂ්ටයාගේ භූමිකාවට පහරක් එල්ල කරමින් ඔහු වරක් සිනමාවේ
 
 නැ`ගී සිටියේ හිත හොඳ කොල්ලෙක් චිත‍්‍රපටයෙනි. එතැන් පටන් සිනමාවේ වීරයකු :්‍යෑඍධ) වීමේ සිහිනය සොයා ගිය මොහු තම කුලූ`දුල් නිෂ්පාදනය වූ හිත හොඳ චණ්ඩියා තුළින් අති සාර්ථක ගමනක් ඇරඹුවේ සිනමාවේ ඊධඞ ධත්‍ත්‍ෂක්‍ෑ වාර්තා තබමිනි. නැව ගිලූ‍නත් බෑන්චූන්, මමයි රජා, නොම්බර 17, ඔක්කොම රජවරු, හොඳ හොඳ සෙල්ලං, රජදරුවෝ, කම් ඕ ගෝ චිකාගෝ ආදී චිත‍්‍රපට රාශියක රඟමින් රංගනයේ මුදුන්පෙත්තට පැමිණියේය. වේදිකාවෙන් සිනමාවට ප‍්‍රවිෂ්ට වූ මොහු ටෙලි නාට්‍ය රංගනයෙන් ද පේ‍්‍රක්ෂක නෙත තමන් සතු කරගනු ලැබූවේ සිනමාවේ සේම ටෙලි නාට්‍ය රංගනයේ ද සම්මානනීය ඇගයුම් පැසසුම් ලබමිනි. පසු කලෙක අමාත්‍ය ධුර දරමින් දේශපාලන ක්ෂේත‍්‍රයේ ද කැපී පෙනෙන භූමිකාවක නිරත වූ මොහු නමින් ජීවන් කුමාරතුංග ය. තම බාප්පා වූ ජනකාන්ත නළු විජය කුමාරතුංගයන්ගේ
 
 රඟපෑම් දැකීමෙන් සේම තම පියාණන් වූ සිඞ්නි කුමාරතුංගයන්ගේ රංගනය දැකීමෙන් නළුවකු වීමේ සිහිනය හඹා ගිය ජීවන් සිය අභියෝගාත්මක අරමුණ ජයගනු ලැබූවේ මෙරට සිනමා ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන පෙළේ නළු වෘත්තීයේ අභිෂේක ලබමිනි.
 

 
 
 
 ජීවන් කුමාරතුංග චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වෙලා කියලා ආරංචියි?
 
 ආරංචිය නම් ඇත්තක් තමයි. මගේ පළවෙනි චිත‍්‍රපට අධ්‍යක්ෂණය; ජීවා. මීට කලින් මම චිත‍්‍රපට නිෂ්පාදනය කරලා තිබුණට කවදාවත් චිත‍්‍රපට අධ්‍යක්ෂණය කරලා තිබුණේ නෑ. ජීවා චිත‍්‍රපටයෙන් තමයි මම හා පුරා කියලා අධ්‍යක්ෂවරයකුගේ කාර්යය භාරයට මුල පුරන්නේ.
 
 ජීවා මේ වෙනකොට චිත‍්‍රපටයේ වැඩ දැන් අවසන් ද ?
 
 ඔව්. චිත‍්‍රපටයේ සියලූ වැඩකටයුතු ඉවර කරලා දැනට මාස දෙකක් විතර ඇති. දැන් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න තමයි තියෙන්නේ. මම මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වූ ජීවා අයියාට රඟපානවා. සංගීතා වීරරත්න, පුබුදු චතුරංග, ක්ලීටස් මෙන්ඩිස්, ජීවන් හඳුන්නෙත්ති, දයාන් මාපලගම ආදී පිරිසක් මෙහි විවිධ චරිත රඟපානවා. මේ වනවිට රටේ තියෙන කලබලකාරී වාතාවරණය මඟ හැරෙනකන් තමයි බලන් ඉන්නේ; චිත‍්‍රපටය තිරගත කරන්න.
 
 ඔබගේ අධ්‍යක්ෂණයක් ලෙස හා පුරා කියා නිර්මාණය කළ චිත‍්‍රපටය ඔබේ නමින්ම නිර්මාණය කළේ එහි කතාව ඔබගේ යම් අයුරක අත්දැකීමක් නිසාවෙන් ද?
 
 නෑ. මේ චිත‍්‍රපට කතාවේ කිසිවක් මගේ අත්දැකීමක් හෝ මගේ ජීවිතයේ කොටසක් නොවෙයි. චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා මම බව ඇත්ත. මම එහි ප‍්‍රධාන චරිතය රඟපාන එකත් ඇත්ත. මේ කතාවේ ජීවා චරිතය මම කරනවා. චිත‍්‍රපටයේ නම් කවුරුත් කියන්නේ ජීවා අයියා කියලා. චරිතය ජීවා වුණාට, මම ජීවන් කුමාරතුංග වුණාට, චිත‍්‍රපටයේ නමට ජීවා කියලා යෙදුවේ චිත‍්‍රපටයේ චරිතයේ නම එය නිසා.
 
 රංග ශිල්පියෙක් වශයෙන් සාර්ථක ගමනක් පැමිණි ඔබ චිත‍්‍රපට නිෂ්පාදකයකු වශයෙන් ද සාර්ථක ගමනක් පැමිණියා. එසේ පැමිණි ඔබට මෙතරම් කලක් ගියේ ඇයි චිත‍්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න?
 
 මීට කලිනුත් මට චිත‍්‍රපට අධ්‍යක්ෂණය සඳහා නිෂ්පාදකවරු කීපදෙනෙක්ම ආරාධනා කළා. නමුත් මට තිබුණ කාර්ය බහුලත්වය නිසාවෙන් ඒ ආරාධනා මම භාරගත්තේ නෑ. සිනමාව තුළ මම ඉන්නකොට මට දවස ගානේ චිත‍්‍රපට තිබුණා; රඟපාන්න. සමහර කාල තිබුණා; රැයක් දවාලක් නැතිව රඟපාන කාලයක්. මේ වගේ කාර්ය බහුලතාවය නිසා මම චිත‍්‍රපට අධ්‍යක්ෂණය කියන බැ?රුම් කටයුත්තට අතගැහුවේ නැහැ. පසුකාලීනව මම දේශපාලන කටයුතුවලට යොමුවීම නිසා තව තවත් මම කාර්ය බහුල වුණා. චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න, මනස නිරවුල්ව තිබිය යුතුයි කියන තැන මම හිටියා. මීට බොහෝ කලක පටන් මට සුනිල් ටී යෝජනා කළා; එයාගේ චිත‍්‍රපට නිෂ්පාදන කිහිපයක්ම අධ්‍යක්ෂණය කරන්න කියලා. ඒත් මගේ තිබුණු අවිවේකී බව නිසා ඒ ආරාධනා මට අකැමැත්තෙන් වුණත් බැහැර කරන්න සිදුවුණා. ටිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප‍්‍රියමාලිට අවශ්‍ය වෙලා තිබුණා; චිත‍්‍රපටයක් කරන්න. මේ අදහස සුනිල් ටීට කියලා තිබුණා.
 
 සුනිල් ටී තමයි මට නැවතත් ආරාධනයක් කළේ. තිළිණිගේ යෝජනාව භාරගෙන ඇයට චිත‍්‍රපටයක් කරලා දෙන්න කියලා. මේ වෙනකොට මාත් කාර්ය බහුලතාවයෙන් සෑහෙන්න අත්මිදිලා විවේකයක් ඇතුව සිටි නිසාවෙන් චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට කැමැත්ත පළ කළා.
 
 රටේ තිබෙන වාතාවරණය සමඟ පේ‍්‍රක්ෂකයා සිනමා ශාලා දෙසවත් නොබලන කාල වකවානුවක චිත‍්‍රපටයක් නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කිරීමෙන් සාර්ථක භාවයක් අපේක්ෂා කළ හැකියි කියා ඔබ සිතනවාද?
 
 අපේ චිත‍්‍රපට බලල අත්පුඩි ගහපු, විසිල් ගහපු පේ‍්‍රක්ෂක ප‍්‍රජාවක් එදා හිටියනේ. ඒ වගේ අය නිතර අපිට හමු වුණාම අහන දෙයක් තමයි ජිවන් අයියා අපට නැද්ද එදා විධියේ චිත‍්‍රපට දැන් බලන්න කියලා. එදා අපේකම රැඳිච්ච වාණිජ චිත‍්‍රපටයක් බොහොම සරල කතා තේමාවක් යොදාගෙන එවැනි චිත‍්‍රපටයක් ඒ පේ‍්‍රක්ෂකයාට දැක බලාගන්න අවස්ථාව උදා කිරිම තමයි, මගේ අධ්‍යක්ෂණය කිරීමේ ප‍්‍රධාන අරමුණ වුණේ. මම හිතනවා ජීවා චිත‍්‍රපටයෙන් ඒ අරමුණ මට පේ‍්‍රක්ෂකයා වෙනුවෙන් ඉටු කරන්න ලැබුණා කියලා. වාණිජ චිත‍්‍රපටයක් ලෙසින් මම කළ ජීවා පේ‍්‍රක්ෂකයාට තව නොබෝ දිනකින් රැගෙන එනවා රට තුළ අරගල මානසිකත්වය සන්සිඳුණු ගමන්.
 
 ජනප‍්‍රිය දාරාවේ රංගන ශිල්පියකු සේම ඔබ ජනප‍්‍රිය දාරාවේම චිත‍්‍රපට නිෂ්පාදකයකු ලෙසත් සාර්ථක ගමනක් ආ පුද්ගලයෙක්?
 
 මම චිත‍්‍රපට නිෂ්පාදකයකු ලෙස චිත‍්‍රපට හතක් නිෂ්පාදනය කළා. 1987 හිත හොඳ චණ්ඩියා චිත‍්‍රපටය නිෂ්පාදනය කරමින් චිත‍්‍රපට නිෂ්පාදනයට හා පුරා කියලා මගේ ආගමනය සිද්ධවීමත් සමඟ රන්දෙණිගල සිංහයා, ඇසල සඳ, මම ඔබේ හිතවතා,
 
 කදිරා, මේ වාරේ මගේ, කොටිසනා චිත‍්‍රපට මම නිෂ්පාදනය කළා. නමුත් මම පසුකාලීනව දේශපාලන කටයුතු සමඟ කාර්ය බහුලවීමත් සමඟ චිත‍්‍රපට නිෂ්පාදනය කිරීමත් මගෙන් ඈත්වෙලා ගියා. සිනමාව තුළ වැඩි වශයෙන් රංග ශිල්පියෙක් සේම චිත‍්‍රපට නිෂ්පාදකයෙක් ලෙස රැඳීමට තිබූ කාලය මම නියැළී සිටි දේශපාලන භූමිකාව විසින් ආක‍්‍රමණය කිරීමත් සමඟ පසුබෑමකට ලක්වුණා.
 
 සිනමා නළුවකු ලෙස ඔබ ලබා තිබූ ජනප‍්‍රියත්වය තුරුම්පුවක් ලෙස ඔබ දේශපාලනයට ඒමට යොදා ගන්නවා නේද? එහිදී ඔබ වටා සිටි පේ‍්‍රක්ෂක රසික ප‍්‍රජාව ඔබෙන් ඈත්වෙනවාද?
 
 මම හිතනවා දේශපාලනයට මම ආවා කියලා මගේ පේ‍්‍රක්ෂකයෝ මගෙන් ඈත්වුණේ නෑ කියලා. ඒ වෙලාවේ විජය කුමාරතුංගයන්ට සිද්ධවෙච්ච අසාධාරණයට එතුමාගේ දේශපාලන ගමනට මම උපරිම ශක්තියක් ලබාදෙන කාලයක තමයි ඔහුව ඝාතනය කළේ. ඒ අවධියේ විජය වටා සිටි පේ‍්‍රක්ෂක පිරිස් මගෙන් දැඩිව ඉල්ලීමක් කළා; ජීවන් අයියා මේ වෙලාවේ දේශපාලනයට එන්න ඕනේ කියලා. මොකද ඒ වෙලාවේ රටේ තිබුණ දේශපාලන වාතාවරණය බොහොම නරකයි. මිනීමරු දේශපාලන සංස්කෘතියක් තමයි තිබුණේ. මම හිතුවා ඒ වෙලාවේ මගේ වගකීමක් ඒ වෙලාවේ රටේ තිබුණ පාලන ක‍්‍රමයට එරෙහිව දේශපාලනයට එන්න ඕනෙ කියලා තමයි 1991 දකුණු පළාත් සභා මැතිවරණයට ගිහිල්ලා ලොකු වගකීමක් ඉටුකළා. ඊට පස්සේ 1993 පළාත් සභා මැතිවරණයේදී මම කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදී පළමු ස්ථානය දිනාගනු ලැබුවා. 1994 මහ මැතිවරණයට ඉදිරිපත්වුණා. එහිදී මම කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තුන්වන ස්ථානයට පත්වුණා. ඒ තත්වයට එන්න කොළඹ දිස්ත‍්‍රික් ජනතාව මට ඡුන්දය දුන්නා. එතැන්පටන් මට අවුරුදු 23ක් පාර්ලිමේන්තුව තුළ විවිධ වූ අමාත්‍ය ධුර දරමින් කටයුතු කරන්න ලැබුණා. ඒ අතරතුර මම මැතිවරණ හතර පහකට ඉදිරිපත් වුණා. ඒ හැම අවස්ථාවකම කොළඹ දිස්ත‍්‍රික් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය පලූදු නොකරමින් කලාකරුවකු වශයෙන් ද මා පිළිබඳ තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් කිසිදු චෝදනාවකට ලක් නොවී බොහොම අවංකව මගේ වගකීම ඉටුකළා. සෑම මැතිවරණයකම මම විශාල ලෙස මුදල් වියදම් කළේ නෑ. නමුත් කොළඹ දිස්ත‍්‍රික් ජනතාව ඒ හැම වෙලාවකම මට අවශ්‍ය ඒ ආශිර්වාදය ලබලා දුන්නා.
 
 අද සමාජය දේශපාලනඥයෝ දිහා බලන කෝණය අනුව ඔබට හිතෙන්නේ නැද්ද කලාකාරයෙක් වශයෙන් පමණක් ඔබ මේ ගමන ආවනම් කොතරම් හොඳ ද කියලා?
 
 ඇත්තටම ඒ වෙලාවේ සමාජ වගකීමක් ඉටු කළා කියල සතුටු වෙනවා. ඒ වෙලාවේ මම කලාකාරයෙක් කියල මගේ වැඩක් බලන් ඉන්නවා කියල හිටිය නම් මටත් ඉන්න තිබුණා කලාකාරයෙක්නේ කියල ඉතාම පහසුවෙන්. මම හිතන්නේ ඒ වෙනකොට මට අවුරුදු තිස් දෙකක් තිස් පහක් විතර ඇති. එදා ඒ තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ මම ඉදිරිපත් වුණේ වෙනසක් කරන්න. ඒ වෙනස අපි කළා. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ උඩුයටිකුරු වෙලා තිබුණු දේ දෙපයින් හිටවල නායකත්වයේ අහිංසාවාදී ප‍්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙනි යන්න මමත් නියමුවෙක් ලෙස එයට දායක වුණා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මොරටුවේ සංවිධායක ධුරය පවා ලැබුණා. මට හැමවෙලාවෙම කොළඹ දිස්ත‍්‍රික්කයේ පක්ෂ භේදයකින් තොරව ජනතාවගේ ප‍්‍රතිචාරයක් ලැබුණේ අපි කළ ඒ කැපකිරීමේ ප‍්‍රතිඵලයක් හැටියට කියල මම හිතනවා. දේශපාලන වශයෙනුත් කලාකාරයෙක් වශයෙන් ඒ වෙලාවේ මම කළයුතු වගකීම මම කළා කියලා. මට මගේ ජනතාව කියන්නේ ඇයි ජීවන් අයියා දේශපාලනයට ආයෙ එන්නේ නැත්තේ කියලා. ඔයා වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා කියන අවස්ථා තියනවා. ඒ නිසාම ජනතාවගේ අප‍්‍රසාදයක් මට නෑ කියල හිතනවා. දැනටත් නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති හැටියට කටයුතු කරමින් ඉන්නවා.
 
 ඔබ දේශපාලනයෙන් සමුගන්න අදහසක් නෑ.?
 
 නෑ කොහේත්ම නෑ. දේශපාලන වශයෙන් නැවතත් මගෙන් රටට දෙයක් ඉටුවිය යුතු කාලයක් තමයි නැවත උදා වී තියෙන්නේ. මිනිස්සු පීඩාවට ලක්වෙලා. ඒවාට විසඳුම් සොයන මහජන නියෝජිතයන් හිඟකමත් අද ඇති වෙලා. මානව හිතවාදී ගුණය අද මහජන නියෝජිතයින්ගෙන් පිරිහිලා. මම රට වටේ යනකොට වුණත්, කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව වුණත් අද කියා සිටින්නේ නැවත දේශපාලනයේ තවදුරටත් නියැළෙන්න කියලා තමයි.
 
 කාලයක් සිනමා කර්මාන්තය තුළ නියැළී සිටි නළුවෙක්, චිත‍්‍රපට නිෂ්පාදකයෙක් ලෙස ඔබට මොකද හිතෙන්නේ, අර්බුදකාරී අපේ සිනමා කර්මාන්තය ගැන?
 
 මම විශ්වාස කරන්නේ රටේ සිනමා කර්මාන්තය යම් මට්ටමකට ඔසවා තැබීමක් කරන්න නම් රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට එන්න ඕනේ. ජනතාවගේ ආර්ථිකය ඉහළ මට්ටමකට එන්න ඕනේ කියලා. එය කරන්න නම් වියයුත්තේ රටේ සමස්ත දේශපාලනයේ ආර්ථික සමාජීය විෂයන් සියල්ල ඉහළට ඔසවා තැබීම තුළ මේකට විසඳුමක් සෙවිය යුත්තේ කියලයි මම විශ්වාස කරන්නේ. ඒ විශ්වාසයෙන් තමයි මම කටයුතු කළේ. මම දේශපාලනඥයෙක් ලෙසම නොව පෞද්ගලිකවත් මේ කර්මාන්තයේ ඇති වූ ගැටලූකාරී තත්ත්වය තුළ මට හැකි පමණින් විසඳුම් ලබා දුන් අවස්ථා තිබුණා. චිත‍්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය ණය පහසුකම් පෝළිමේ තිබුණු චිත‍්‍රපට නිෂ්පාදන වෙනුවෙන් ණය සහන ලබාදීම, නිෂ්පාදකවරු ගණනාවක් වෙනුවෙන් එවකට හිටපු ජනාධිපතිතුමිය සමඟ සාකච්ඡා කරලා බැංකු පොලී ණය සහන ලබාදුන්නා. බව දුක, බව කර්ම චිත‍්‍රපට නැවත ප‍්‍රදර්ශනයට එක්වුණෙත් ඒ සහන මත. සමස්ත මට්ටමෙන් කර්මාන්තය නැගිටීමකට ලක් නොවුණත් මම පෞද්ගලිකව කළ හැකි දේ කර්මාන්තය වෙනුවෙන් කළා කියන සතුට තියෙනවා. පසුගිය කාලෙත් හිටපු ජනාධිපතිවරුන්ට කිව්වා 83 කළු ජූලියේදී ගිනි තබලා විනාශ කළ අපේ සිනමා ශාලා ප‍්‍රමාණය නැවත ඇති කරන්න වැඩ පිළිවෙළක් යෝජනා කළා. අඩුම තරමින් දියුණු වෙමින් පවත්නා නගරවල සහන ණය ක‍්‍රමයක් යටතේ ආයෝජකයන්ට අවස්ථාවක් ලබා දී මිනි තියටර් හදන්න උදවු කරන්න කියලා. ඒත් ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවා මා ඉල්ලා සිටියේ, අපේ සිනමාවට අහිමි වූ සිනමාශාලා ටික නැවත හදලා දෙන්න කියලා පමණයි.
 
 ටෙලි නිර්මාණයකට හෝ චිත‍්‍රපටයකට විශාල ගමන් වියදමක් දරන්න වෙනවා; නිර්මාණකරුවෙකුට හම්බන්තොට ගිහින් රන්මිහිතැන්නේ කරන්න. මම නම් යෝජනා කළේ මේ වගේ දෙයක් හැදිය යුත්තේ කළුතර දිස්ත‍්‍රික්කයේ කියලා. ඒ සඳහා ඕනෑතරම් වටපිටාවක් ඉඩකඩම් එහි තියෙනවා. නමුත් ගොඩන`ගපු ස්ථානය හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එහෙට දුර වැඩියි. ඒ හින්දා කළුතර වගේ ප‍්‍රදේශයක මේක තිබුණා නම් හැමෝටම පහසුයි.
 
 වාණිජ සිනමා ධාරාවේ චිත‍්‍රපට රංගනයේ නියැළී ඔබ එවක සම්භාව්‍ය ගණයේ චිත‍්‍රපටවල වැඩි වශයෙන් දායක නොවුණේ ඇයි?
 
 මම රංගන දායකත්වය ලබාදීපු වාණිජ චිත‍්‍රපටවලින් සියයට අනූවක් ම අති සාර්ථකයි. විශාල චිත‍්‍රපට ප‍්‍රමාණයක් දින සියය පසු කළා. චිත‍්‍රපට නිෂ්පාදකවරුන් වාණිජ වශයෙන් සාර්ථක වෙනකොට ඒ අයත් මාව නැවත නැවත තෝර ගන්න කොට මමත් අතිශයින් කාර්ය බහුල වුණා. ඒ තත්ත්වය තුළ මාව වාණිජ චිත‍්‍රපට නළුවෙක් කියලා. ලියාපදිංචි කළා කිව්වොත් හරි. ඒ ලියාපදිංචිය තුළ කලාත්මක චිත‍්‍රපට කරන අධ්‍යක්ෂවරු බය වුණාද මම දන්නෑ. මම වාණිිජ චිත‍්‍රපට නළුවෙක් විතරයි කියලා කෙළිමඬල, තුන්වෙනි ඇහැ, සත්‍යාදේවි වගේ වෙනස් ම`ගක් ගත් චිත‍්‍රපට කීපයකට මට දායක වෙන්නත් ලැබුණා. කෙළිමඬල චිත‍්‍රපටයේ හොඳම සහය නළුවා ලෙස මට සරසවිය සම්මානය පවා හිමිවුණා. ඒ වගේම මට කුසලතා සම්මානත් ලැබුණා. මේ වගේ චිත‍්‍රපට මම කළත් සම්මාන උලෙළවලදී විනිශ්චය මණ්ඩල පවා සම්මාන දීමේදී ඒ ගැන සැලකිලිමත් නොවුණාද කියලාත් මට හිතුණා. නමුත් ඒ විනිශ්චයන්වලට මම අභියෝග කරන්නැහැ. ඒ ගැන මගේ කනගාටුවක් නැහැ. ඒක ඒ අයගේ තීරණයක්. ඒ දීපු විනිශ්චයන් මම භාරගත්තා.
 
 ඒ යුගයේ කලාත්මක සිනමා නළුවකු වීමේ පෞද්ගලික වුවමනාවක් ඒ වකවානුවේ ඔබ සතු වුණේ නැද්ද?
 
 සමහරු නම් කිව්වා ඒ කළේ අපි ගිහින් සම්භාව්‍ය ගණයේ නිර්මාණකරුවන් හමුවෙමු කියලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරමු කියලා. ඒත් මම පෞද්ගලිකව කැමැති වුණේ නැහැ. නිර්මාණ වගේම චරිත සොයා යාමේ වන්දනාවට. එහෙම වන්දනාවේ ගිහින් නිර්මාණ ගන්න තරම් උනන්දුවක් ඒ කාලේ මට ඇතිවුණේ නැහැ. නමුත් මගේ රසික රසිකාවන්ගේ ඉල්ලූ‍ම අනුව මගේ සැපයීම සිද්ධවුණා. ඒ හින්දා චරිත වන්දනාව මම ප‍්‍රතික්ෂේප කළා.
 
 සිනමා නළු නිළියන්ට වඩාත් ආදරය කරන පේ‍්‍රක්ෂක පිරිසක් සිටිනා අවධියක තමයි ඔබ සිනමාවේ පෙරළිකාර නළුවකු බවට පත්වන්නේ. ඒ ආශාව නිසාම ඔබ නිර්මාණකරුවන් සොයා යන චරිත යදින්නෙක් ලෙසින් කටයුතු කළාද? ඔබේ ජනප‍්‍රියත්වයත් එක්ක?
 
 මම සිනමාවට ආපු අවධියේ කර්මාන්තය තුළ මාව තෝරා ගත්තේ දුෂ්ට චරිතයට. ඒ අවධියේ කීප අවස්ථාවකදී උත්සාහ කළා දුෂ්ටයා තුළ වෙනසක් ඇති කරන්න. උදාහරණයක් වශයෙන් ප‍්‍රාර්ථනා චිත‍්‍රපටය තුළ විශේෂ පරිසරයක් හැදුවා. දුෂ්ටයාට චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා හා කතා කරගෙන මට අවස්ථාව දෙන්න සින්දුවකට කියලා. එතකොට අධ්‍යක්ෂවරයාට ප‍්‍රශ්නයක් වුණා දුෂ්ඨයාට කොහොමද සින්දුවක් කියන්නේ කියල. නමුත් ඔවුන් මගේ ඉල්ලීමට අවස්ථාවක් දෙමු කියල තමයි මැණික් කුරුකුලසුරිය සමඟ සින්දුවක් දුන්නේ. එකෙන් පස්සේ මම දුෂ්ටයාට විසිල් ගහන පරිසරයක් හදාගත්තා. රෝයි ද සිල්වාගෙන් මට හිත හොඳ කොල්ලා ලැබුණා. කදිරා චිත‍්‍රපටයේ මුතු බණ්ඩා කියන ගමේ පෙම්වතාගේ චරිතය ලැබුණා. ඊට පස්සේ මගේ ඉලක්කයක් තිබුණා සිනමාවේ කවදාහරි වීරයා වෙනවා කියල. ඒ සඳහා මම බයික් ස්ටන්ට් කළා. සටන් කලාව ප‍්‍රගුණ කළා. සටන් කලාව මම හදාරපු කෙනෙක්. ඒක මම සිනමාව පැත්තට බර කළා. සටන් කලාව එකතු කරගෙන ඒක වැඩිදියුණු කළා. මේ හැකියාවන් සියල්ලලෙන් පරිපූර්ණ වුණාට පස්සේ තමයි හිතහොඳ චණ්ඩියා චිත‍්‍රපටය විවිධ අපහසුතා මාධ්‍යයේ මමම නිෂ්පාදනය කළේ. මගේ හැකියාවන් එක්ක රංජීත් සිරිවර්ධනත් තිරකතාව ලියාගෙන චිත‍්‍රපටයක් කළා. ඒක ඒ වසරේ ඉතා සාර්ථක ලෙස පේ‍්‍රක්ෂකයා වැළඳ ගත්ත චිත‍්‍රපටයක් ලෙස තිරගත වුණා.
 
 ජීවන් සිනමාවේ තරුවක් ලෙස ස්ථාවර වුයේ කුලූ`දුලේ නිෂ්පාදනය කළ හිත හොඳ චණ්ඩියා සමඟ. ඊදං ධෙසෙජැ වාර්තා රැසක් ගෙන ඒමේ හැරවුම් ලක්ෂ්‍ය හිතහොඳ චණ්ඩියා නොවේද?
 
 සිනමාවේ චණ්ඩි පැටවු ගැහුවත් මගේ හිතහොඳ චණ්ඩියා මටත් හිතවත් වුණා, මගේ ගමන අති සාර්ථක කරගන්න. මේකෙන් පස්සේ තමයි මට චිත‍්‍රපට වැල නොකැඞී ගලා ආවේ. මේ වෙනකොට චිත‍්‍රපට සියයකට වඩා මම රඟපාලා තියෙනවා. හිත හොඳ චණ්ඩියා කරල මම පෙන්වනවා මාව දුෂ්ටයාට කොටු කරගෙන හිටිය අධ්‍යක්ෂවරුන්ට මට වීරයත් වෙන්න පුළුවන් කියලා. මම චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්න කලින් විවිධ අධ්‍යක්ෂවරුන්ට ගිහින් කිව්වා මීට පස්සේ මම දුෂ්ට චරිත රඟපාන්නේ නෑ කියලා. මට හීරෝ චරිතයක් ආවොත් දෙන්න කියලා. ඔවුන් ගේ ප‍්‍රතිචාරය වුණේ මචෝ උඹ ඉවරයි එහෙනම් වෙන ජොබ් එකක් හොයාගනින් කියන එක තමයි. හිත හොඳ චණ්ඩියා තිර කතාව ලියාගෙනත් මම නිෂ්පාදකවරු කීප දෙනෙක් ළඟටම ගිහින් කිව්වහම ඔවුන් නිෂ්පාදනය කරන්න එකඟ වුණා. හැබැයි ප‍්‍රධාන චරිතයට ඔවුන් මාව දාන්න කැමති වුණේ නෑ. ඔවුන් තෝරාගෙන හිටිය අධ්‍යක්ෂවරුන් ඒ මතයේම හිටියා. ඒ හින්දම තමයි මමම තනියම මේ චිත‍්‍රපටය කරන්න හිතුවේ. මම ළඟ ඒ වෙනකොට චිත‍්‍රපටයක් කරන්න තරම් මුදලක් තිබුණේ නෑ. මා ළඟ තිබුණ පරණ ජීප් එක විකුණලා මුලික මුදල හොයාගෙන තමයි චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමේ මුලික අඩිතාලම දැම්මේ. ඒ මො‍හොතේ නළු නිළියෝ කාර්මික ශිල්පීන් සියලූ‍ දෙනාම මට සහයෝගයක් ලබාදුන්නා. හිතවතුන්ගෙන් උපරීම සහයක් ලැබුණා. ඇලරික් ලයනල් ප‍්‍රනාන්දු දළ සේයා පිට මුද්‍රණය කරල දුන්නා. නළු නිළියෝ කාර්මික ශිල්පීන් ආෆ්ට රිලීස් ක‍්‍රමය යටතේ තමන්ගේ මුදල් ලබා ගැනීමට කැමැත්ත පළ කරමින් මට ආදරණීය සහයක් ලබා දුන්නා.
 
 ඔබ ජනප‍්‍රියත්වයේ හිණිිපෙත්තේ වැජඹෙන වකවානුවේ යුගයක් බිහි වෙනවා නොවේද? සිංහල සිනමාවේ ජීවන් - අනෝජා යුගය?
 
 මගේ පළවෙනි චිත‍්‍රපට නිෂ්පාදනයට මුලින්ම තෝර ගත්තේ අනෝජාව. ඒ වෙලාවේ අනෝජාත් ඔබට දිවුරා කියන්නම් චිත‍්‍රපටය කරමින් නිෂ්පාදක වරියක් බවට පත්වෙනවා. අනෝජාත් එයාගේ නිෂ්පාදනවලට ඒ එක්කම මාව තෝරගන්නවා. මමත් නිෂ්පාදනය කරපු චිත‍්‍රපට කීපයකම අනෝජා ඉන්නවා. ඒ එක්කම අනෙකුත් චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ආනෝජාත් මාවත් කපල් කරලා චිත‍්‍රපට කරන්න පෙලඹෙනවා. ඒ චිත‍්‍රපට අතිසාර්ථක වෙන කොට ඔවුන්ගේ ඊළඟ චිත‍්‍රපට නිර්මාණ වලටත් අපි දෙන්නව ගත්තා. ඒකත් එක්ක

සරසවිය, විචිත‍්‍ර, තිරතරු වගේ ඒ කාලේ තිබුණු සිනමා පත්තරත් අපි දෙන්නට ලොකු තල්ලූ‍වක් දුන්නා. මේ යුගය නිර්මාණය කරන්න.
 
 නළු නිළියෙක් පාරක තොටක හමුවෙන මොහොතක චිත‍්‍රපටයක් තිරගත වෙන මොහොතක පේ‍්‍රක්ෂකයන්ගෙන් අසීමිත ආදරයක් ලැබුව නළු නිළියන්ට පසුකාලීනව ඒ පිළිගැනීම රසිකයන්ගෙන් නොලැබීමට හේතුව ලෙස ඔබ හිතන්නේ?
 
 මේ නම් මට හැමකෙනෙක්ම දිගු කරන ප‍්‍රශ්නයක්. ඔය ප‍්‍රශ්නයට පිළිතුරක් දෙන්න නම් අපහසුයි. උත්තරයක් දෙන්න වුණත් ඒක හොයාගන්න තවම බැරිව ගියා. මට හැබැයි දැනිච්ච දෙයක් තියෙනවා. අපි එදා දායකත්වය ලබාදුන් චිත‍්‍රපටවල තිබුණා අපේකමක්. එදා රසික රසිකාවන් ආදරය කළ ඒ අපේක්ෂා කළ දේ ඒ වෙලාවේ අපේ රංගනය තුළින් ඔවුන්ට ලැබුණා. එකේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි අදටත් අපිට පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙන්නේ. අද නිර්මාණය වෙන නිර්මාණවල පේ‍්‍රක්ෂක රුචිකත්වය තියනවාද කියන සැකය මට තියෙනවා. ඒ නිසා ද මම දන්නේ නෑ අපට එදා තිබුණ ආකර්ෂණය අද නළු නිළියන්ට නැත්තේ කියලා. කෙළින් උත්තරයක් නම් මම කොහොත්ම දෙන්න බෑ.
 
 ඔය ප‍්‍රශ්නයට නළුවෝ නිළියෝ වගකියන්න ඕනෙ කියල කිව්වොත්?
 
 යම් මට්මමකට එහෙම වෙන්න පුළුවන්. එදා නළුවෝ නිළියෝ පේ‍්‍රක්ෂකයන්ට රසිකයන්ට ආදරය කළා. ඔවුනුත් පෙරළා නළුවන්ට නිළියන්ට ආදරය කළා. අපිට සමීප වුණා. අපි ඔවුන්ව වැල`ද ගත්තා. ඔවුන් අපිව වැල`ද ගත්තා. එදා මේ දෙපාර්ශවය අතර ලොකු සමීප බැදීමක් ඇතිවුණා. ඒ බැදීම නළු නිළියන් අතින් කඩවුණා ද කියන දේ ප‍්‍රශ්නයක් මේ තත්ත්වය ඇතිවෙන්න.
 
 දේශපාලන ගමන් ම`ගත් සමඟ එදා ඔබට තිබු රසික ප‍්‍රජාවගේ බැඳීම යම් අයුරක අඩුවීමක් දකින්න ලැබුණේ නැද්ද?
 
 අපි දෙපාර්ශ්වය අතරට තිබු බැඳීම පලූඳු නොවීම නිසානේ මට දේශපාලනය තුළත් අවුරුදු විසි තුනක් කටයුතු කරන්න ලැබුණේ. එකෙන්ම පේනවානේ මගෙන් රසිකයෝ ඈත් නොවුණා කියලා.
 
 කෙනෙකුට කියන්න පුළුවන් නේද විජය කුමාරතුංගට තිබුණ ජනප‍්‍රියත්වය නිසාවෙන් ජීවන් කුමාරතුංග කියන චරිතය ගොඩ නැ`ගුණා කියල?
 
 එතන දෙපැත්තක් තියෙනවා. විජය කුමාරතුංගයන්ට රසික රසිකාවන් ආදරය කළේ ඔහු තුළ තිබු මානව දයාවට ඔහු තුළ තිබු විශේෂ ආකර්ෂණයට. නළුවෙක් හැටියට වගේම පුද්ගලයෙක් හැටියටත් ඔහුව රටේ ජනතාව වැලඳ ගන්න චරිතයක්. ඒ නිසාම මම පරිස්සම් වුණා. සමහර අධ්‍යක්ෂවරු මට කිව්වා මේ චරිතය අර විජය වගේ කරන්න කියලා. නමුත් මම මුල සිටම මට අනන්‍ය වූ රංග ශෛලියක් ගොඩ න`ගාගන්න උත්සාහ කළා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තමයි විජයගේ පළු‍වක් (අනුරුවක්) කියන පැත්තට මාව තල්ලූ‍ නොකළේ. ජීවන්ගේ රංගන කලාව මේක විජයගේ රංගන කලාව මේක කියල පැහැදිලි වෙනසක් තිබුණ නිසා එසේ වන්නට මමත් බොහෝ සේ සැලකිලිමත් වුණා.
 
 වේදිකාව වගේම පුංචි තිරය කියන මාධ්‍යයේ ඔබ කොයි ආකාරයෙන් ද වැල`දගත්තේ?
 
 රන්කහවණු, සුදු පරෙවියෝ, හිඟන කොල්ලා වගේ ටෙලි නාට්‍ය දහයක් විතර මම රඟපෑවා. විශාල වශයෙන් ඒ පැත්තට මම ගියේ නෑ. ඒ චිත‍්‍රපට පැත්තෙන් අපි දායක වෙන කොට ලබන සතුටකුත් තියෙනවනේ. ඒක බොහෝ දුරට ටෙලි නාට්‍යවල ලබන්න බෑ. ඒ හින්ද මම ටෙලි නිර්මාණ භාරගත්තේ නෑ. අදටත් මට ආරාධනා තියනවා. චරිතයක් බාරගැනීමේදී මම බලන්නේ ඒ චරිතයේ මට කරන්න පුළුවන් දේ මොකක්ද කියල. ලොකුවට යමක් කරන්න ඒ චරිතය තුළ නොමැතිනම් මම ඒක බාරගන්නෙත් නෑ. මම පළමුවෙන්ම නළුවෙක් ලෙස පැමිණියේ වේදිකාවට. සීදුවේ මගේ ගමේ පිහිටුවා ගත් සරසවි කලායතනයේ පොල්කොට උඩහදන වේදිකාවේ වසරකට නාට්‍ය දෙකක් විතර රඟපෑවා. ඊට පස්සේ මම ආවා සුදර්ශියට රඟපාන්න අවස්ථාවක් ලබාගන්න. එහිදී දෙව්ලොව යනකම්, නායකයා, ජුලියා, කතරගම රූමතිය ආදී නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ දී තමයි මට තනිතරුව චිත‍්‍රපටයට ආරාධනාවක් ලැබුණේ. රඟපෑම සඳහා.
 
 ඔබේ සිනමා රංගනයේ ඇරැඹුම තනිතරුව?
 
 රත්නවීර ද සිල්වාගෙන් මට ආරාධනයක් ලැබුණා තනිතරුව චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න කියලා. නමුත් එහි නිෂ්පාදකවරුන් රූපගත කිරීම් ආසන්න වෙන කොට විරෝධයක් පළ කළා. මාව ප‍්‍රධාන චරිතයට ගන්නවාට. ඒ වෙනකොට සනත් ගුණතිලක චිත‍්‍රපට පහක විතර රඟපාල තිබුණා. එහිදී සනත්ව ප‍්‍රධාන චරිතයට අරන් මාව ගත්තේ දුෂ්ට දඩබ්බර චරිතයට. එහිදී මට කරන්න ලැබුණේ පාසල් ශිෂ්‍යාගේ චරිතය. එතැතින් පස්සේ මට චිත‍්‍රපට 15 විතර දුෂ්ට චරිත ලැබුණා. වේදිකා නාට්‍ය පහ හයක විතරයි මට රඟපාන්න ලැබුණේ. ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න සිදුවුණා. පුහුණුවීම් කරන්න. සිනමාවේ කාර්ය බහුලත්වයක් සමඟ මට පැය විසි හතරක් මදි වුණා. දවසට චිත‍්‍රපට දෙක තුනේ වැඩ කළා. ඒක නිසාම වේදිකාව මට අතහරින්න සිදුවුණා. අකැමැත්තෙන් වුණත්.
 
 ඔබ මේ වන විට චිත‍්‍රපට සියයක පමණ රඟපා තිබුණත් ඒ නිර්මාණ අතරින් ඔබ සිත්ගත් චරිත වගේම නිර්මාණත් ඇතිනේද?
 
 හිතහොඳ චණ්ඩියා මගේ සිනමා ගමනේ වෙනසක් කරපු හින්දා මට සුවිශේෂයි. ඊට අමතරවත් මට කලාත්මක සිනමාව අහිමි වුණත් මම කරපු කෙළිම`ඩල, සීතල ගිනිකඳු, තුන්වෙනි ඇහැ, සත්‍යාදේවි වගේ මතකයේ රැ`දුණු චිත‍්‍රපට චරිත තියෙනවා.
 
 දුකක් නැද්ද සම්භාව්‍ය දාරාවේ චිත‍්‍රපට හා ගමනක් යාමට නොහැකිවීම ගැන?
 
 පොඩි කනස්සල්ලක් තියෙනවා. ඒ ගැන මම දුක්වෙන්නේ නෑ. අදටත් මට තියන පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරය දිහා බලන කොට මම දුක් හැරල සතුටු වෙනවා.
 
 ඔබගේ ආගමනය තුළ ලැබුණු හැම චරිතයක්ම සතුටු සිතින් බාර ගත්තද?
 
 මට සිනමාව තුළ එදා ලැබුණේ වානිජ දාරාව තුළ නිර්මාණ. ඒවායින් මම තෝරගත්තේ මට ඕනෙ දේ විතරයි. අතහැර දාපු දේ කොතෙකුත් තිබුණා. මම හිතනවා මම තෝරගන්න දේ හරි කියලා මොකද ඒ සියල්ල පාහේ අතිසාර්ථක වුණ නිසා මගේ තේරීම නිවැරදියි කියල හිතනවා.
 
 වාණිජ සිනමාවේ ඔබ රඟපෑ චිත‍්‍රපට අතුරින් දින සියය ඉක්මවූ චිත‍්‍රපට වැලක පුරුක්දාමයක් නේද ජීවන් කුමාරතුංග කියන නළුවා?
 
 මමයි රාජා, නොම්බර 17, හිතහොඳ චණ්ඩියා, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, සිනාසෙන්න රත්තරන්, ඔක්කොම රජවරු ආදී චිත‍්‍රපට වැලක් තියෙනවා. ඒ කාලයේ හෝල්වලින් දින සියය ඉක්මවූ‍ පසු අපිට ගෞරව සම්මාන දුන්නා. ඒ සම්මානවලින් වැඩි ප‍්‍රමාණයක් මගේ සම්මාන රාක්කය අදටත් පුරවල තියෙනවා.
 
 ඔබේ පියාත් චිත‍්‍රපට නළුවෙක්?
 
 ඔව් මගේ පියා සිඞ්නි කුමාරතුංග රන්ඔන්චිල්ලා චිත‍්‍රපටයේ රඟපෑවා. මම අහල තියනවා මගේ ආච්චි මට ෆෝටෝ පෙන්නල තියෙනවා. බාප්පාගේ (විජය කුමාරතුංගගේ) තාත්තා බෙන්ජමින් රාලහාමි ටවර්හෝල් යුගයේ නාට්‍ය කීපයක රඟපාල තියෙනවා කියලා.
 
 ඔබ තුළ නළුවකු වීමේ සිහිනය ඇතිවන්නේ බාප්පා වූ විජය කුමාරතුංගයන් නිසාමද?
 
 පාසල් යන අවධියේ කොළඹ කේරී විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ පාසල් නාට්‍යවල රඟපෑවා. බාල දක්ෂ කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ බර්මින් ලයිලි ප‍්‍රනාන්දු තමයි මගේ බාල දක්ෂ ගුරුවරයා. පාසල් නාට්‍ය දැක තිබූ ඔහු නිතර මාව උනන්දු කළා. බාල දක්ෂ කඳවරුවල ගිනිමැල ජවනිකාවල කෙටි නාට්‍ය සඳහා ඒ නාට්‍ය ලිව්වා. නාට්‍ය පුහුණුවීම් එහිදී මම කළා. ලංකාවෙන්ම බාල දක්ෂ ජම්බෝරියෙන් පළමු ස්ථානය ලැබුවේ මම කළ නාට්‍යය. ඒ හැකියාව මට එදා ඉදලා තිබුණා. ඊට පස්සේ පාසලෙන් ඉවත් වෙලත් සීදුවේ සරසවි කලා කවය හදාගෙන ගමේ නාට්‍ය පෙන්නුවා. ඒ අනුව වසන්ත ජයකොඩි කියන මගේ හිතවතාගේ යෝජනාවකට ටික ටික ප‍්‍රසිද්ධ වේදිකාව සොයාගෙන ගියා. ඊට අමතරව මගේ අම්මා හරහා බාප්පාට මගේ අදහස කිව්වා. එතකොට මට බාප්පා අභියෝගයක් බාරදුන්නා. ජීවන් මම පාර හදාගෙන ගිහිල්ලා තියෙනවා ඔයා දැන් හැකියාව පෙන්නලා එන්න මම අතින් ඇදගෙන යන්නේ නෑ ඔයා හැකියාවන් පෙන්වන්න කියලා. ඒ අභියෝගය අනුව මම එයට මුහුණ දුන්නා. ඒ අභියෝගය මම ජයගත්තා. හැබැයි පසුකාලීනව සෝනියා දිසා, සුනිල් සෝම පීරිස් මමයි රජා චිත‍්‍රපටයට මාව තෝර ගත්තේ කදිරා චිත‍්‍රපටයේ මුතු බණ්ඩා චරිතය මට ලැබුණේ බාප්පාගේ කීමට. ඔය වගේ චිත‍්‍රපට ගණනාවක්ම මට සම්බන්ධ වෙන්න ලැබුණේ බාප්පාගේ උදව්ව.
 
 එදා විජය කුමාරතුංගයන් වටා තිබුණු දැවැන්ත ජනතා ආකර්ෂණය ඔබට සිනමාවේ ගමනක් යන්නට ඉණිම`ගක් නිර්මාණය කරනවා නේද?
 
 මගේ සිනමා ගමනේ දැවැන්ත සෙවණැල්ල විජය කුමාරතුංගයන් වටා සිටි සියල්ල මට ලැබුණා. එතුමා ලබාදුන්න අභියෝගයත් ජයගන්න ලැබුණේ එතුමා මා ළඟ සෙවණැල්ලක් සේ සිටිය නිසා.
 
 ජීවා ඔබගේ පුද්ගලික අත්දැකීමක් ද?
 
 නෑ මේක අපි හදාගත්ත කතාවක්. ඒ කතාවේ වාණිජ ගුණයත් රැකෙන ආකාරයට මම පිටපත සංශෝධනය කළා.
 
 ඔබ මෙරට ප‍්‍රධාන පෙළේ නළුවෙක්, චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක් දැන් එතනින් එහාට ගිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්? ර`ගපාන ගමන් අධ්‍යක්ෂණය කිරීම අභියෝගයක් නේද ?
 
 එහෙම බලපාන්න හේතුවක් නෑ. මේ චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ති‍්‍රශූල දීප තඹවිට. ඔහුට මම වගකීම භාරදීල තිබුණා. මගේ රංගනයේදී වගකීම දරන්න. නිෂ්පාදන කණ්ඩායමේ ලැබුණු සහය මට මේක සමබර කරගන්න ශක්තියක් වුණා.
 
 ඉදිරියේදීත් ඔබ චිත‍්‍රපට අධ්‍යක්ෂණයේ නියුතු වෙනවද?
 
 මම හැමවෙලාවෙම සැලකිලිමත් වෙනවා. නිෂ්පාදකයා ආරක්ෂා කරගන්න. අනවශ්‍ය වියදම් කපා හැරල බජට් එකක් ඇතුළේ ඉදගෙන මනා කළමනාකරණයකින් යුතුව තමයි මම චිත‍්‍රපටය කළේ. එදා ඉඳලම මට සම්බන්ධවෙන හැම නිර්මාණයකදීම මම නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමේ වගකීම ගැන සැලකිලිමත් වුණා. දැනටත් මට කතා කරල තියනවා දෙන්නෙක් චිත‍්‍රපටයක් කරමු කියල. ඒත් එය දැන්ම කරන්න අදහසක් නැහැ. තිර කතාවක් ලියන් ඉන්නවා චිත‍්‍රපටයක් කරන්න. ඒත් එක් දැන්මට කරන්න අදහසක් නෑ.
 
 එදා තරම් අද පේ‍්‍රක්ෂකයා තුළ චිත‍්‍රපට සඳහා ආකර්ෂණයක් නෑ නේද?
 
 නැතුවත් නෙමෙයි. නමුත් ප‍්‍රදර්ශනයේ පේ‍්‍රක්ෂක ආකර්ෂණය අඩු චිත‍්‍රපට ෘඪෘ අලෙවියෙන් ලාබ ලබපු අවස්ථා තිබුණා. අපේ සිනමා ආකර්ෂණය හා අත්වැල් බැඳගත් පේ‍්‍රක්ෂකයෝ තවමත් ගෙවල්වල ඉන්නවා. ඒ අයට අපි සිනමා ශාලාවලට ගේන්න ඕනේ. මම ජීවා චිත‍්‍රපටයෙනුත් කරල තියෙන්නේ. එවැනි අයව සිනමා ශාලාවලට කැඳවා ගැනීමක්.
 
 අද තියෙන සිනමා ප‍්‍රවේශ පත‍්‍රයක ගාස්තුවත් පේ‍්‍රක්ෂකයා සිනමාවෙන් අයින් කරන්නත් ඒක හේතුවක් නේද?
 
 අපිට තිබුණ සිනමාශාලා නළු නිළියන් සමඟ එයින් බහුතරයක් අපට අහිමි වුණා. අහිමි වීමත් සමඟ අපිට හිටිය පේ‍්‍රක්ෂකයොත් අහිමි වුණා. නමුත් චිත‍්‍රපටයක් තැනීමේ ප‍්‍රඩක්ෂන් කොස්ට් එක ඉහළ ගියා. දවසින් දවස. ඒ නිසා ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තුවත් ඉහළ ගියා. මම පිළිගන්නවා අද පවුලක් වශයෙන් හෝල් එකට ගිහින් චිත‍්‍රපටයක් බැලූ‍වොත් අපට ඒක දරාගන්න බැරි වියදමක් කියලා. මේ තත්ත්වයට මම විකල්පයක් විදිහට යෝජනා කරනවා මිනිතියටර්ස්. මේ වගේ දෙයක් පටන් ගන්න අයෝජකයන්ට ණය ලබාදෙමින් අපි උදව් කරන්න ඕනේ. ඔවුන්ව දිරිමත් කරන්න.
 
 අද තරුණ ප‍්‍රජාව ජංගම දුරකථනයෙන් චිත‍්‍රපට බලන කාලවකවානුවක් එහෙම තියෙද්දී තව දුරටත් සිනමා ශාලා හඹායයි ද?
 
 සිනමා කර්මාන්තයට රූපවාහිනිය, හෝම් තියටර්ස් පැමිණීමත් සමඟ දැඩි බලපෑමක් කළා. ඒ බලපෑම තවත් තීව‍්‍ර කළා. නැතහොත් පැමිණීමත් සමඟ අද චිත‍්‍රපටයක් අත උඩ තියන් බලන්න පුළුවන් යුගයක් නිර්මාණය වෙලා. ඒ අභියෝගය ජයගන්න අපිට පහසු වෙන්නේ නෑ. සිනමා ශාලාවකට ගිහින් අපි බලන ඒ දැවැන්ත නිර්මාණයේ තියන සිනමා ගුණය අපිට කුඩා ෆෝන් එකකින් ලබන්න පුළුවන් ද ඔබම හිතලා බලන්න.
 
 එදා නළුනිළියන් අතර තිබූ බැඳීම අද නළු නිළියන් අතරේ දකින්න නෑ කියලයි ආරංචි?
 
 ඉස්සර අපිට ටෙලි ෆෝන් නෑ. වාහන නෑ. කවුරුත් ෂුටින් ගියේ එක වාහනයක. ඒ ගිහින් ලොජ් එකක නැවතිලා කණ්ඩායමක් විධියට එකා වගේ වැඩකළා. අද තමන්ට කියල වාහන ටෙලිෆෝන් තියනවා. ඒකේ ආවා රඟපෑම කළා යන්න ගියා. මෙතනදී අපි එදා එකට ඉඳන් කළ කී දෑ කිසිවක් සිද්ධ වෙන් නෑ. තිරපිටපත් ගැන සාකච්ඡා කිරීම, චරිත ගැන කතාබහ කිරීම එකිනෙකා අතර දැනුම බෙදාගැනීම වගේ ක‍්‍රියාකාරකම් නැවතී ගිහින් තියෙනවා. ඉතිං කාලයත් සමඟ ඒ තිබුණු එකිනෙකා අතර තිබුණු අ‍නෝන්‍ය බැ`දීම අද පලූ`දු වෙලා තියෙනවා. අද ඉන්නේ චිත‍්‍රපට නළුවෝ නිළියෝ නොවෙයිනේ. ඉන්නේ රූපවාහිනී ටෙලි නාට්‍ය නළුවෝ නිළියෝ. රූපවාහියේ බලනකොට රූපය පෙන්නේ කුඩාවට. නමුත් සිනමා ශාලාවක බලන කෙනාට රූපය පෙන්නේ විශාලව. එකනේ අදටත් අපිට මිනිස්සු ආදරේ. සිනමා තිරයේ දැවැන්තකම කෙනෙකුගේ සිත ආක‍්‍රමණය කරන්නේ ලේසියෙන් අමතක කරලන්නට නොවෙයි.
 
 ජීවන් කුමාරතුංග කියන ජ්‍යෙෂ්ඨ නළුවා මෙතෙක් ආපු ගමන් මඟ ගැන ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?
 
 දශක හතරකට වැඩි කාලයක් කලාව තුළ නියැළී සිටිමට මට හැකි වීම ගැන ගොඩක් සතුටුයි. අපේ සිනමාවේ සුන්දරම යුගයක් තිබිල මම එනකොට යම් පසුබෑමක් ලබා සිටි මොහොතක කර්මාන්තයේ පුනර්ජීවනයක කොටස්කාරයන් වෙන්න ලැබීම ගැන තියෙන්නේ විශාල සතුටක්. දේශපාලනයෙත් එහෙමයි. මම දේශපාලනය කරල හම්බ කරගත්ත දෙයක් නෑ. සිනමාවෙන් හම්බ කරගත්ත දෙයක් තිබුණා නම් දේශපාලනය නිසා නැතිවුණා වෙන්න පුළුවන්.


 ඡායාරූප නිශ්ශංක විජේරත්න