මගේ රට වෙනුවෙන් මෙවැනි උලෙළක් පැවැත්වීම සතුටක්

නිෂ්පාදිකා අරුණි බොතේජු
මාර්තු 2, 2023

 

අවුරුදු තුන,හතරක දැරියක් ව සිටියදී තම මවගේ සුළැඟිල්ලේ එල්ලී කලාසූරීි ලතා වල්පොලගේ සංගීත ආශ්‍රමයට ඇතුළු වන්නීය. ඒ මතුදා ගායිකාවක් කිරි⁣මේ බලාපොරොත්තු මවගේ වෙනි. මවගේ සහ පියාගේ ආභාසය නිසා කුඩා කල සිටම කලාවට බෙහෙවින් ඇලුම් කළ ඇය ප්‍රිය කළේ ගායනයට වැඩිය නර්තනයටය. සෞන්දර්ය කලාවට එක ලෙස දස්කම් දැක්වූ පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් විය. දක්ෂ නර්තන ශිල්පිනියක් වු ඇය වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්ද විය. වෙළෙඳ රූප රචනයේ ඇගේ මුහුණ නොදැකපු කෙනෙක් නැත. ඒ තරම්ම එකල රූමත් තරුණියකි. වයස අවුරුදු 17 දි කලාව දෝතින්ම තුරුලු කරගෙන ඇය ඇමරිකාවේ කැලිෆෝර්නියා නගරයෙහි පදිංචියට ගියාය. එහිදී විවිධ කලා කටයුතුවල නිරත වූවාය. තම අධ්‍යාපන කටයුතු ද අවසන් කරමින් Small business banking officer  ලෙස රැකියාවකද නිරත වෙමින් ඉඩ ලැබෙන සැම මොහොතකම සිනමා ලෝකයට අවතීර්ණ විය. ජීවිතයේ තිබූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගනිමින් තම මව් රටේ කලාකරුවන් වෙනුවෙන් කැලිෆෝනියා ශ්‍රී ලංකා අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළක් පැවැත්වූවාය. චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස තවත් පියවරක් තැබුවාය. පසුගිය දිනක මෙරට සිනමා ශිල්පීන් ceylon international film festival හිදී ලැබූ ජයග්‍රහණ සම්මාන පිරිනැමීමට පැමිණි මොහොතේ සරසවිය සමඟ එහි තොරතුරු පවසන්නට අමතක නොකළාය. ඇය නමින් අරුණි බොතේජුයි.

 

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලක් පවත්වන්න හිතුවේ ඇයි?

මගේ කලාවට තිබෙන ආසාව ඇති වෙන්නේ වයස අවුරුදු තුනේ, හතරේදී. මගේ දෙමව්පියන්ට වුවමනා වුණේ මම දක්ෂ ගායිකාවක් වෙනවා දකින එකයි. ඒත් මට කවදාවත් ගීත කියන්න බැරි බවක් තිබුණේ. මම මගේ ආච්චිත් එක්ක එකතු වෙලා හොඳට විවිධ භාෂා වල සිනමාපට නැරඹුවා. මම ඒ කාලේ වැඩියෙන්ම ඇලුම් කළේ නර්තනයට සහ රංගනයටයි. මේ කාල සීමාව තුළ දී මම විවිධ සම්මාන උලෙළවල් දැකලා තියෙනවා. ඒ කාලයේ ලංකාවේ තිබුණ හොඳ සම්මාන උලෙළක් තමයි සරසවිය සම්මාන උලෙළ කියන්නේ. මම ඒකට නොගියත් කලාකරුවන් කියපු දේවල් අහලා දැකලා තියෙනවා. ලෝකයේ විවිධ අන්තර්ජාතික සම්මාන උලෙළවල් මම බලලා තියෙනවා. ඒ බලපු ආභාසය අරගෙන මට හිතුණා අපේ රටේ කලාකරුවන්ට සහ ලෝකයේ විවිධ දක්ෂතා තියෙන නිර්මාණ කරන කලා ශිල්පීන්ට සම්මාන උලෙළක් අන්තර්ජාතික මට්ටමෙන් පවත්වන්න ඕන කියලා. විශේෂයෙන් covid  වකවානුවේ එරට දී කිසිම entertainment  එකකට බැංකුවේ ආධාර රජයෙන් කිසිම දෙයක් ලැබුණේ නෑ. විශාල වශයෙන් පවත්වාගෙන යන production house පවා බිමට සමතලා වුණා වගේ දැනුණා. ඔවුන්ට කිසිම දෙයක් කරගන්නට බැරි වුණා. ඒක මට ගොඩක්, දැනුණා හා බලපෑවා Small business banking officer  කෙනකු ලෙස. කලාව වෙනුවෙන් කිසි දෙයක් නොලැබීම නිසා සියලු කලා ශිල්පීන් අසරණ තත්ත්වයට පත්වුණා. ඉන් පස්සේ මම සහParamount Pictures වැඩ කරන මගේ නංගි නාළිකා රුවනි හොරණ ගේ තීරණය කළා ලංකාවේ සිටින ශිල්පීන්ටත් මෙවැනි දේවල් ඇතිවෙන්න ඇති කියලා. ඒ ඇතිවෙච්ච සිතුවිල්ල තමයි මම අන්තර්ජාතික මට්ටමෙන් Ceylon International Film Festival  පදනම කියලා පදනමක් බිහි කළේ. නිර්මාණවේදීන් සියලු දෙනාම සිනමාව වෙනුවෙන් කරන කැපකිරීම ඇගැයිමටයි මම මේ දේ ආරම්භ කළේ. කිසිදු විටක පෙර තියා ප්ලෑන් කරලා මම මේ සම්මාන උලෙළ පවත්වන්න අදහස් කළේ නෑ.

 

පළමු අන්තර්ජාතික සම්මාන උලෙළ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

මේ සම්මාන උලෙළ 2022 වසරේ ඇමරිකාවේ කැලිෆෝනියා ශාන්ත බාබ්රාහි පැවති (ceylon international film festival)  ප්‍රථම අන්තර්ජාතික සිනමා උලෙළයි. රටවල් 44කින් සිනමා පට 315 ක් මෙම සම්මාන උලෙළ සඳහා තරඟ වැදුණා. ලාං⁣කේය සිනමාපට 34 වන අතර short film සහ feature film ඒ අතර වුණා. Animations & Documentary film  සුනාමි, ද නිව්ස්පේපර්, ආයු, සිනමාපට තුන සහ Alone කෙටි චිත්‍රපටය තේරීපත් වුණා. Festival  එකට සිනමාපට ඉදිරිපත් කරන්න කියලා film previ platform එක අරගෙන අපේ වෙබ් සයිට් එකේ ද දාපු වෙලාවෙදි පැය දෙකක් ඇතුළත චිත්‍රපට විස්සකටත් වැඩි ප්‍රමාණයක් apply  කළා. මම හිතුවේ මුළු Festival එකටම ෆිල්ම් විස්සක් විතර ඇප්ලයි කරයි කියලා. එහිදී විනිශ්ච මණ්ඩලය විසින් සම්මාන 13ක් ලංකාවට පිරිනැමීමට නිර්දේශ කළා. සිනමා පටයක අඩංගු සියලු ගුණයන් ඔවුන් එහිදී විශ්ලේෂණය කළා. ශ්‍රී ලාංකික කිසිවකු මේ විනිශ්චය මණ්ඩලයට ඇතුළත් නොවුණ එක තමයි විශේෂම දේය. සියලුදෙනා විදේශිකයන්ය.ජීවිතේ එක්වරක් පමණක් කලාකරුවකුට හිමිවන සම්මාන දෙකක් ද සමඟ මුළු සම්මාන ගණන15ක් ලංකාව වෙනුවෙන් පිරිනැමුවා.

 

සිනමා උලෙළ නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් කළ සිනමාපට වර්ග මොනවාද?

Documentary film,Short film, feature film and Animation film  යන සිනමා වර්ගීකරණය යටතේ අපි appilication කෝල් කළා. විවිධ දක්ෂතාවයන් තියෙන නිර්මාණකරුවන් ඉදිරි පත්විමද සතුටුදායක දෙයකට අපි සියලු දෙනාම සතුටට පත්වුණා. අපේ රට වගේ කුඩා රටවල් තිබුණා හොඳ නිර්මාණය ඉදිරිපත් කරලා. එහිදී අනාගත නිර්මාණකරැවන්ගේ බිහිවීම දක්නට ලැබුණා. හොඳ දක්ෂ නිර්මාණකරුවන් හැටියට

ඒ ඒ රටවල් වලට අමිල සම්පත් බවට ඔවුන් පත් වෙනවා කියලා මම හිතනවා.

මේ සම්මාන 15 ලබා ගන්නට ලාංකික සිනමා කරුවන්ට කැලිෆෝනියාවට ආරාධනාවක් කළේ නැද්ද?

මම ඒ සියලු දෙනාටම ආරාධනාවක් කළා. රටේ පවතින වාතාවරණයත් ආර්ථිකයත් නිසා සම්මානයට පාත්‍ර වූ සිනමා කලාකරුවන් එරට සම්මාන උලෙළ නියෝජනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ඒ සඳහා එහිදී ලබාගත් සම්මාන පිරිනැමීමෙ උලෙළක් සංවිධානය කරන්නට මම තීරණය කළා. ඇමරිකාවේ කැලිෆෝනියා ශ්‍රී ලංකා අන්තර්ජාතික සිනමා සම්මාන පදනම සහ සිනෙස්ටාර් පදනම ඒකාබද්ධව පසුගිය 10 වැනි දා සවස කොළඹ නවලෝක රෝහල් නව ගොඩනැගිලේ ශ්‍රවනාගාරයේදිය. ඒ සඳහා මම සහ සිනෙස්ටා පදනම ඇමරිකානු තානාපතිනිය ජුලි චාන් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගෙන්වීමට තීරණය කළා. කැලිෆෝනියා ශ්‍රී ලංකා අන්තර්ජාතික සිනමා සම්මාන පදනමේ සභාපතිනිය ලෙස මම හා කාර්ය මණ්ඩලයද, සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා හා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ඒ ලැබුණු සම්මාන සියල්ලම පිරිනැමීමට ලැබීම ගැන පුදුම සතුටක් මට තියෙන්නේ.

 

ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සම්මාන දෙක ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇමරිකාවේ කැලිෆෝනියා ශ්‍රී ලංකා අන්තර්ජාතික සිනමා සම්මාන පදනම වෙනුවෙන් මානෙල් හොරණගේ විසින් ජීවිතේ එක් වරක් පමණක් කලාකරුවකුට හිමිවන ceylon international film festival lifetime award  සම්මාන දෙක සහ කේමදාස සංගීත ආශ්‍රමයට පිරිනැමු මුල්‍ය පරිත්‍යාගය සිදුකළා. එම සම්මාන දෙක පිරිනමනු ලැබුවේ ලාංකික සිනමාව වෙනුවෙන් හා සංගීත දිවිය හා කලාව වෙනුවෙන් කැප කළ කලාසූරී ලතා වල්පොලටත්, සිනමාව සහ කලාව වෙනුවෙන් කැප කළ ප්‍රවීණ රංගනවේදී අයිරාංගනී සේරසිංහටයි. ඒ වගේම සිනමාව වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් නිෂ්පාදිකා රේණුකා බාලසූරියටත් විශේෂ සම්මානයක් පිරිනැමිමට මේ මෙතැනදි අපි තෝරා ගත්තා. විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා. මේ ලැබුණු සම්මාන ටික අපිට දෙන්නට අවස්ථාව සලසා සම්බන්ධීකරණ කටයුතු කරල දුන්නේ සිනෙස්ටාර් පදනම සභාපති ජයන්ත ධර්මදාස මහතා හා කලාකරුවන් සමඟ ප්‍රවීණ ගායන ශිල්පිනි ප්‍රදීපා ධර්මදාස මහත්මියයි. ඇය කළ කැප කිරීම ලාංකික කලාකරුවන් වෙනුවෙන් ඇත්තටම මම අගය කළයුතු දෙයක් වෙනවා.

 

ඇමරිකාවේ කැලිෆෝනියා ශාන්ත බාබ්රාහි congressman පිරිනැමු සම්මානය මොකක්ද?

2022 වසරේ ඇමරිකාවේ කැලිෆෝනියා ශාන්ත බාබ්රාහි පැවති ප්‍රථම ශ්‍රී ලංකා අන්තර්ජාතික සිනමා උලෙළ පැවැත්වුවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ශාන්ත බාබ්රා අතර සංස්කෘතික බැඳීම හා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මෙන්ම ශ්‍රී ලංකාවේ සිනමාව හා කලාව වෙනුවෙන් කරනු ලබන අනුපමෙය කැපකිරීම උදෙසා ඇමරිකා පුරවැසිභාවය හිමි ලාංකේය සිනමා නිෂ්පාදිකාවක් ලෙස හිතලා මට කැලිෆෝනියා ශාන්ත බාබ්රාහි කොන්ග්‍රස්මන් Congressman) Salud Carbajal  විසින් ප්‍රථම වතාවට National Congressional award  සම්මානය පිරිනමනු ලැබුවා. එවැනි සම්මානයක් මේ රට නිෂ්පාදිකාවක් ලැබූ ප්‍රථම වතාව මෙයයි

 

මේ සියලු දේවල් කරන්නේ ඔබ කැමරාව ඉදිරිපිට හිටපු කෙනෙක් හැටියට ද?නැත්නම් කැමරාව පිටුපස කාර්යභාරය තේරුම් අරගෙනද?

ඔව් මම මීට ඉස්සෙල්ලා පාසල් යන කාලයේ දි අවුරුදු16, 17 දීි වෙළඳ දැන්වීම් කලාවට මූණදුන්න කෙනෙක් හැටියට මම කැමරාව ඉදිරිපස කෝණය හොඳාකාරවම දන්නවා. ඒත් කැමරාවේ පිටු පසු කෝණය ගැන මට හොඳ අවබෝධයක් නැහැ. ඒ නිසා මා සමඟ පිටුපස කෝණය සහ ඉදිරිපස කෝණය ගැන දන්න කට්ටියක් එකතු වුණා. ඒ නිසා මට ගොඩක් ශක්තියක් ලැබුණා ඔවුන්ගෙන්. production manager  කාර්යභාරය හොඳට මට අවබෝධ වුණා. ඒත් යම් යම් තැන්වල අවබෝධ නොවුණු තැන් තිබුණා. ඒ පැත්ත මට හොඳටම වැටහි ගියා. බැංකු රැකියාවක් කර නිසා මුදල් ගනදෙනු හර බැර වෙන නිසා. ඒ සමඟම මගේ පාසල් යන කාලයේ 89 ඉඳන් මගේ හොඳම මිතුරෙකු වු සුදේශ් මානගොඩ මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මගේ තව හිතවතකු වන මාර්ක් ද මේ සඳහා එකතු උණා.

teamwork  හැටියට අපි සියලු දෙනාම එකතු වීම තුළ හොඳ වැඩක් කරන්නට අපිට අවස්ථාව උදාවුණා.

Netfilx පරිහරණය කරන කෙනෙකු හැටියට ලංකාවේ සිනමාව දකින්නට ලැබෙනවා ද ?

කියන්න ඇත්තටම කනගාටුයි. covid  කාලේ පුදුම විදිහට සිනමාපට නරඹන්නට ආසා කළේ. ශ්‍රී ලාංකික සිනමාවේ සිනමාපට Netflix එක ඇතුළේ කිසිම නරඹන්නට අවස්ථාවක් නෑ. සිංහල සිනමාවේ සිනමාපට නැති නිසා. අපිට එළියට යන්න බෑ. ඒක හින්දා Netflix තියන සිනමාව තමයි සියලුම දෙනා නැරඹුවේ. ඒ ඇතුළේ විවිධ රටවල් වල විවිධ භාෂාවලින් සිනමාපට තිබුණා. නමුත් කනගාටුවෙන් හරි කියන්න වෙනවා අපේ සිනමාවට මොකද මේ වෙලා තියෙන්නේ කියලා අපිට හිතා ගන්න බැරි වුණා. පරණ සිනමාපට නැතිවුණත් නව සිනමාපටවත් ඇතුළේ දකින්නට නොලැබීම ගැන පුදුම කනගාටුවක් ඇතිවුණේ. මේ ඇතුළෙත් වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ american movies   සහ  indian movies සමඟ Spanish movies තමයි තියෙන්නේ. අනිත් රටවල උනත් සිනමාපට මේ ඇතුළේ සමානකම් දක්වනවා. මම සිනමාවේ වර්ගීකරණයක් කරල සිනමාපට නරඹන්නේ නැති නිසා මට මේ වෙනස හොඳටම තේරුණේ. ඒ නිසා මට ඕන වුණා ලංකාවේ සිනමාව හොඳ තැනකට ගේන්න ඕන කියලා.

 

ලංකාවේ සිනමාපට නිර්මාණය කරන්නේ මොකටද කියලද හිතන්නෙ?

අන්තර්ජාතික සිනමා උලෙළවලට පමණක් සිනමාපට නිර්මාණය කරන පිරිසකුත් ඉන්නවා. ලංකාව තුළ පමණක් ප්‍රදර්ශනයට නිර්මාණ කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි commercial ඔර්ඩියන්ස් එකක් ඒ සියලු දෙනාටම නැති බව තේරෙනවා. ඒ නිර්මාණකරුවන්ගේ අභිලාෂය වෙන්නේ අන්තර්ජාතික වශයෙන් සම්මානයක් ලබාගැනීම හා ඔවුන් වියදම් කරපු මුදල ඒ තුළින් ලබාගැනීමත් වෙන යම් කිසි ම හේතුවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කරගැනීමට ලෝකෙ වටේම යන බවයි තේරෙන්නෙ. ඒත් commercial audience එකකට ඔවුන්ගේ නිර්මාණය ගේන්න බැරි වෙලා තියෙනවා. තම රටේ ප්‍රේක්ෂකයාටත් ඒ නිර්මාණ දක්නට ලැබෙන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ අරමුණ ඊට වැඩිය හාත්පසින්ම වෙනස් ඒ අරමුණ වෙනස් වෙලා ලංකාව තුළට අවශ්‍ය සිනමාපට නිර්මාණය වුණොත් අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වෙනවා නොඅනුමානයි. commercial ෆිල්ම් නිර්මාණය කළ යුතුයි commercial audience ගෙන්වා ගැනීමට නම්. මේ Netflix එක ඇතුළෙත් සිනමාපට දක්නට නොලැබෙන්නේ ඒ නිසයි. ඒ නිසා මට ඇති වුණු එක දෙයක් තමයි මාර්ක් එක්ක කතා කරන විට ලාංකීය සිනමාපට කොහොමද විදේශීය රටවල නැරඹීමට අවස්ථාව සලස්වා දෙන්නෙ කියන එකයි. ඒ තැනට ඉඩ සලසන්න අපි මේ දවස්වල ගොඩක් වෙහෙසෙනවා.

 

ජූරි සභිකයින් තෝරා ගැනීමේදි නිර්ණායක වුණේ මොනවාද?

සිනමාව පිළිබඳව අවුරුදු තිහ, හතළිය, පනහා, හැට පළපුරුද්ද තියෙන සභිකයින් හිටියා. වර්තමාන පරම්පරාව නියෝජනය කරන තරුණ පිරිසක් හිටියා. සැන්ට බාබ්රා නගරය සිටි කවුන්සිලර් කෙනකු සිනමාව පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් තියෙන පුද්ගලයෙක්. ඉන්ඩස්ට්‍රි එක ගැන හොඳ පළපුරුදු අත්දැකීම් තියෙන පිරිසක් තමයි ජූරිය නියෝජනය කළේ.

 

අවසන් වටය සඳහා සිනමාපට කීයක් තෝරා ගත්තාද ඒ මොනවාද?

සිනමාපට 315 අතරින් Feature film  10ක් අවසන් වටයට තේරුණා. Short film 25, Docmentary 4 Animation film  3 අවසන් වටේ නියෝජනය කිරීමට සිනමාපට හතළිස් දෙකක් තේරුණා. මේ තේරීපත්වූ සිනමාපට 42 විවිධ භාෂාවලින් යුක්ත වෙනවා. ලංකාවෙන් Feature film  නවයක් අවසන් වටය නියෝජනය කළා. ලාංකේය සිනමාපට නවය නැරැඹීමට හිටියේ විදේශීය ප්‍රේක්ෂක පිරිසක්. මේ ප්‍රේක්ෂකාගාරයට ඇතුළු වෙච්ච සියලු දෙනාම ලංකාවේ movies  දැක්කේ පළමු වැනි වතාවටයි. දින තුනක් ඇතුළත මේ සියලුම සිනමාපට ප්‍රේක්ෂකයන්ට රස විඳීන්නට අවස්ථාව සලසා දුන්නා. දින තුනක් ඇතුළත අවසන් වටයට තෙරුණ සිනමාපට ප්‍රේක්ෂකයන්ට රස විඳීන්නට වසර 150ක් පැරණි California lobaro theatre එකේ ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නා. වෙනත් film festivalවල ලංකාවෙ අය පමණයි ප්‍රේක්ෂකාගාරයට ඉඳගන්න ඉඩ සලස්වන්නේ. ඒත් මෙතන අපි වැඩියන්ම විදේශිකයන්ට තමා ඉඩ වෙන්කළේ.

 

මෙවැනි භාරධූර කර්තව්‍යයකට අත ගසන විට මොන වගේ ප්‍රශ්නද මතුවුණේ?

ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලාම කියන්න පටන්ගත්තේ ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද? මේක බරපතළ කර්තව්‍යයක් කියලයි. මේ ෆීල්ඩ් එක ගැන ඔයා හරියට අවබෝධ කරගෙන නැහැ කියලා කිව්වා. දෙපාරක් හිතන්න කිව්වා. මේ වගේ වැඩක් කරන්න යන විට හැබැයි මම දෙපාරට සිය දහස් වාරයක් හිතලා තමයි ඕනෑම වැඩකට අත ගහන්නේ. කාන්තාවක් හැටියට ඕනෑම දෙයකට අත ගැහුවොත් ශක්තිමත් වෙනවා. එක ලෝකෙ හැම තැනකම තියෙන දෙයක්. දැන් ඒ ශක්තිය මට ඕනෑම වැඩක් කරන්නට තියනවා. ඕනෑම කෙනෙකුට ජීවිතේ අභියෝග එන්න එන්න මූණදෙන්න ඇයව ශක්තිමත් කරනවා. ඒ හැම වැඩකටම ඒක තමයි තිබිය යුත්තේ කියන එක මම අවබෝධ කර ගත්තා. festival එක කරන්න ගිය දිනයේ පටන් හැම වැඩකදීම.

ගොඩක් දෙනෙක් කකුලෙන් ඇදලා වට්ටන්න දඟලන වෙලාවක මාව නැගිට්ටන්න පිරිසකුත් ඒ පිටිපස්සෙ හිටියා කියන්නම ඕන.

 

වෙනත් අන්තර්ජාතික ජුරි එක්ක සන්සන්දනය කරන විට ඔබේ ජූරියත් වසරින් වසර වෙනස් වීමක් සිදුවෙනවාද?

ඇත්තටම ජූරියක් වසරින් වසර වෙනස් විය යුතුයි. මොකද අලුතින් එන ෆිල්ම්වලට අලුත් සාමාජිකයන් ඉදිරිපත් කළ යුතුයි. ඕනෑම ජූරියක පරණ කට්ටිය එක දිගටම හිටියොත් ඒ එතන අක්‍රමිකතා සිදු වෙන්න පුළුවන් කියන මතය මට තියනවා. හැම මොහොතකම අපි හිතන්න ඕනේ තරඟකරුවා ට නිවැරැදි විනිශ්චයක් ලබා දෙන්න. ඔහුගේ නිර්මාණයට ඇගැයීමක් ලබා දෙන්න නම් සර්ව සාධාරණ විනිශ්චයක් ලැබිය යුතුයි. සමහරක් festival තියෙනවා අක්‍රමිකතා සිදු වෙන තැන්, එවැනි දේවල් මම මගේ පදනම හරහා සිදු වුණා කියන එක අහන්න කවදාකවත් ඉඩ තියන්න කැමති නෑ. Ceylon International Film Fedaration එක හැටියට අපේ දහ දෙනෙක් ගෙන් සැදුම්ලත් ටීම් එකද එතන ඉන්නේ. මගේ ජූරිය සඳහා මම කිසි විටෙකත් එකම රටේ ජූරි සභිකයන් නෙවෙයි තෝරාගන්නේ විවිධ රටවල්වල සිනමාව හා ක්ෂේත්‍රය ඇතුළේ ඉන්න පිරිස් තමයි යොදා ගන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ලංකාවේ කිසිම පුද්ගලයකු මේ ජූරියට අපි ඇතුළත් කර ගන්නේ නෑ. අපි එක එක්කෙනාගේ කාර්‍යයන් හරියාකාරව ඉෂ්ට සිද්ධ කරන්න තමයි හැම කෙනාම කැපවෙලා ඉන්නේ.

 

ලෝකයේ අනිකුත් අන්තර්ජාතික සිනමා සම්මන උලෙළවලදී පිරිනමන සම්මාන පිරිනැමීමට වැඩිය වෙනසක් කළා නේද?

ඇත්තටම ඔව්. වෙනත් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළවලදී තරගයෙන් ජයගත් තරගකරුවා සම්මාන උලෙළ පවත්තපු රටේ සම්මාන ප්‍රදාන උත්සවයට නොපැමිණි මොහොතක ච්ඩ්ඹ් හරහා තරඟය නියෝජනය කළ තරගකරුවාට සම්මානය ලැබෙන්න සලස්වනවා. ඒත් අපි ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි කළේ. ඒ සම්මාන උලෙළට තරඟ වැදිලා ජයග්‍රහණය කරපු තරඟකරුවන්ට එන්න බැරි වුණා නම් ඒ රටේ වගකිවයුතු පාර්ශවයට කතා කරල කරලා අපි සම්මාන උලෙළක් පැවැත්වූවා. ලංකාවේ විතරක් නෙවෙයි මෙහෙම කළේ බල්ගේරියාව, මෙක්සිකෝ යන රටවල් දෙකේදිද අපි ගිහිල්ලා මේ විදිහටම සම්මාන උලෙළවල් පවත්වලා ඔවුන්ව ඇගැයීමට ලක් කළා. ඒ රටේ නිලධාරීන් සමඟ එකතුවෙලා. ලෝකයේ නිර්මාණ කරන බොහෝ දෙනෙක් මුදල් අතේ තියාගෙන නෙමෙයි නිර්මාණකරණයේ යෙදෙන්නේ. ඉතාම අඩු පහසුකම් තියාගෙනයි. ඒ නිසා ඔවුන්ව දිරි ගන්වන්න නම් අපි ඔවුන් ළඟට යන එක අපිට කිසිවිටෙකත් පාඩුවක් සිදු වෙන්නෑ කියලා මගේ පදනමේ සියලුදෙනාම හිතනවා.

 

මීළඟ සම්මාන උලෙළ මොන ආකාරයෙන්ද පවත්වන්න සූදානම්ද?

මම හිතන විදියට මේ අවුරුද්දේ 315 පමණ සිනමාපට තමයි තරගයට ඉදිරිපත් වුණේ. මෙහි ඊළඟ උලෙළේදී 315 තුන්ගුණයක් වෙන්නත් පුළුවන්. අපි මෙවර විශේෂ සම්මාන ප්‍රදානයක් ද සිදු කරනවා. ඒ ඒ රටේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත හිමිවන සම්මානය. විශේෂයෙන්ම තමන්ගේ රටේ ප්‍රදර්ශනය කරපු සිනමාපට පමණයි අපි මේ සම්මාන උලෙළට තෝරා පත් කර ගන්නේ. එයට හේතුව තමයි බොහෝ දෙනෙක් අන්තර්ජාතික සම්මාන උලෙළවල් පමණක් නියෝජනය කරන්න සිනමාපට හදන නිසායි. ඕනෑම නිර්මාණවේදියකුට අවතීරණ වන්න ජනවාරි 23 අපි ආරම්භ කළා මැයි 08 වැනිදායින් අවසන් වෙනවා සිනමා උලෙළ නියෝජනය කරන්න තරගයට ඉදිරිපත් වෙන්න. film previ  ගිහිල්ලා ceylon international film festival එකට apply  කරන විදිහ තියෙනවා. ඒ සඳහා ඕනෑම සිනමාපටයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. හැබැයි මම අර ඉස්සෙල්ලා කියපු පදනම විය යුතුමයි.

 

සිනමා නිෂ්පාදිකාවක් හැටියට මොනවද කියන්න තියෙන්නේ?

මම දැනට කෙටි චිත්‍රපටයක් සහ සිනමාපටයක් නිෂ්පාදනය කරල තියෙනවා. ඒ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා ඒ තිරගත කිරීමට තමයි ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හොඳ නිර්මාණ කීපයක පිටපත් ඇවිත් තියෙනවා ඒවා තෝරා බේරාගෙන නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කටයුතු සියල්ලටම මට මගේ බබාලාගෙන් සහ පවුලෙන් හොද සහයෝගයක් ලැබෙනවා. ඩිරෙක්ටර්ස්ල සහ producers සහ actors  හා ක්ෂේත්‍රයට සම්බන්ධ කට්ටිය ගෙනල්ලා workshop  කරන්න මගේ අදහසක් තියෙනවා. ඒ වගේම sister City programme  එක ක්‍රියාත්මක කරන්න මම කැලිෆෝනියා ගමන් කරන්නේ. එවිට කොළඹ සහ කැලිෆෝනියාව අතර සහසම්බන්ධතාවය ගොඩනඟා ගැනීමෙන් ගොඩක් දේවල් සියලුදෙනාටම කරගන්න පුළුවන්කම ඇති වෙනවා. Film festival  එකේ සිට මේ දක්වා මට උදව් කරපු සියලු දෙනාටම මම අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්න. විශේෂයෙන් Directory leef  ආයතනය කැලිෆෝනියා සියලුම දෙනාට, සිනෙස්ටාර් පදනමේ සියලුම දෙනාටත්. ඉදිරියේදී දිගටම නිෂ්පාදිකාවක් හැටියට ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට තමයි බලාපොරොත්තු තියෙන්නේ.

 

[email protected]