වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
නටන කෙල්ල කියලා මට නමකුත් පටබැඳුණා

ගායිකාවක්, නිළියක්, සංගීත ගුරුවරියක් ලෙසින් කලා කෙතේ අස්වනු වපුරන ඈ නමින් ආශා දිනේෂානි පෙරේරාය. කලා ක්ෂේත්රයේ මැණික් පෙරේරා නමින් නමක් දිනා සිටින ඈ කලා කෙත ස්පර්ශ කරනුයේ සිව් හැවිරිදි වියේ පසුවන දැරිවියක්ව සිටිනා අවධියේ පටන්ය. කිසිදු ගුරුභවතෙකුගේ ගුරුහරුකමක් නොමැතිව තමන්ගේ සහජ හැකියාවෙන් කලාකෙතට පායා එන මැණික් හා පුරා කියා තම කලාකෙතේ අස්වනු නෙලන්නට පටන් ගනුයේ එළිමහන් ප්‍රසංග වේදිකාවත් සමඟය. කලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් අංශයේ කෘෂිකර්ම ඒකකයේ ව්‍යාප්පෘති කලමනාකාරිනියක ලෙසින් ද කටයුතු කළ මැණික් පෙරේරා මේ වනවිට සුම් තාක්ෂණය ඔස්සේ් පස්වන ශ්‍රේණිය දක්වා කුඩා දරුවන්ට පුංචි අපේ සිංදු ඉස්කෝලේ නමින් ඔන්ලයින් සංගීත පන්තියක් පවත්වමින් දැනුම බෙදා දෙන්නේ ද මහත් වූ සොම්නසකිනි. හින්දි දෙමළ ගී ගායනයේ සහජ හැකියාවෙන් පිරි මැණික් මේ වන විට තම ස්වතන්ත්රි ගී දහයක් තුළින් රසික හද දිනා ඇත්තේ ප්රචාරක මාධ්‍යයන්ගෙන් තොරව වීම ද විශේෂත්වයකි.
ගම් පළාත එහෙම කොහෙද?
මගේ ගම හලාවත. දැන් මම පදිංචි වෙලා ඉන්නේ නාරාහේන්පිට.
ආශා කියනවට ද මැණික් කියනවට ද වඩාත් කැමති?
මගේ උප්පැන්නේ නම ආශා දිනේෂානි පෙරේරා මට ගෙදරට ආදරයට කිව්වේ අම්මා මැණික් කියල ඉතිං මමත් මැණික් නමට ආසයි. මගේ පවුලේ නෑදෑයෝ මට කතා කරන්නේම මැණික් කියල. මේ නිසාම මගේ යාළුවොත් ආශා කියල කතා කරන එක අතහැරල මට මැණික් කියල කතා කළා. ඉතිං මමත් ආශා දිනේෂානි උප්පැන්නට විතරක් කියල මැණික් පෙරේරා වුණා. දැන් මම කොයි දේ කළත් මැණික් පෙරේරා නමින් තමයි පෙනී සිටින්නේ.
දැන් ඔබ කලා ක්ෂේත්රයේත් මැණික් පෙරේරා
ඔව්.
මැණික් කොහොමද කලාවට එන්නේ?
මම පුංචි කාලේ ඉඳලම නටන්න ආසයි. සංගීත සංදර්ශනයක් බලන්න ගියොත් පුංචි කාලෙදිත් මම නටනවා. ස්ටේජ් එක ළඟ ඒ කාලෙත් මම පුංචි වුණත් අම්මගෙන් අඩල හරි ඉල්ලා සිටින්නේ ස්ටේජ් එකෙන් තියන්න නටන්න කියල ඒ තරමට මම ප්‍රසංග වේදිකාවේ නටන්න ආසයි.
ඇත්ත ද අපේ රටේ හැම ගායකයකුගේම ගායිකාවක ගේම ගීත ගායනාවලට ඔබ නර්තනයන් ඉදිරිපත් කළා කියන්නේ?
ඒක මෙහෙමයි වෙන්නේ. මම සංගීත සන්දර්ශන බලන්න ගියහම එතැනදී ගායනා කරන හැම ගායකයෙකුගේම ගායිකාවකගේම ගීතවලට මම නටනවා. පුංචි කාලේ ඉඳලා ඉතිං. ප්‍රසංග සංවිධායකවරුත් මාව බොහොම ආශාවෙන් ස්ටේජ් එකට එකතු කරනවා. මගේ නර්තනයේ තියන විශේෂත්වය නිසාම.
ඒක නිසාම ද එළිමහන් ප්‍රසංග සංවිධාකයන් අතර ඔබට ආරූඪ නමක් පටබැදෙන්නේ?
වෙන්න පුුළුවන්. නටන කෙල්ල කියල මට නමකුත් පටබැඳුණා.
එළිමහන් ප්‍රසංග වේදිකාවේ නර්තන ශිල්පනියක් බවට පත්වන මුල්ම සිද්ධිය ඔබට මතකද?
මගේ කිරි අම්මා. පදිංචි වෙලා හිටියේ පන්නල මමත් ගොඩක් ආදරෙයි කිරි අම්මාට. ඒ නිසා කිරි අම්මාගේ ගෙදර ගිය දවසක පන්නල විශාල සංගීත සංදර්ශනයක් තිබුණා. ඒකට ආව බෑන්ඩ් එක වුණේ නලින් පෙරේරා ප්රමුඛ මේරියන්ස් මමත් ගියා අපේ නෑදැයෝ එක්ක මේ මියුසිකල් ෂෝ එක බලන්න. එතකොට මම උසස් පෙළ හදාරණ පාසල් ශිෂ්‍යාවක්. මමත් හරි හරියට සංගීතයට ස්ටේජ් එක ළඟ නටනවා. ඔය අතරේදී නලින් පෙරේරා මියුසිකල් ෂෝ එක බලන්න ඇවිත් හිටිය අයගෙන් කැමැති කෙනෙකුට ස්ටේජ් එකට ආරාධනා කළා. එයා කියන කළුකොට සුමනාවතී..... ගීතයට නර්තනයක් ඉදිරිපත් කරන්න එන්න කියලා. ඒත් කවුරුවත් ගියේ නෑ. ඊට පස්සේ නලින් පෙරේරා අත දිගු කරල මට කිව්වා එන්න නංගි ස්ටේජ් එකට මම කියන සිංදුවට ඩාන්ස් කරන්න කියලා. ඒ පාර මගේ යාළුවෝ නෑදෑයොත් මට කිව්වා නියම චාන්ස් එක උඹේ ඇගේ තියන උණටත් එක්ක පලයං කියල. මාත් ඉතිං ස්ටේජ් නැග්ගා. නලින් පෙරේරා සින්දුව කියනවා මම දන්න වැඩ දාලා එකට නර්ථනය කළා. වැඩේ නැගලා ගියා. සින්දුව ඉවර වුණා විසිල් පාර වගේම අත්පුඩි පාරත් ඒ වගේම ප්‍රසංග වේදිකාවේ අනන්‍යතාවය හූවත් මගේ නර්තනයට ගලා ආවා. පේ්රක්ෂකයෝ මගේ නර්තනය තව තව ඉල්ලුවා. මමත් තව ගීත කිහිපයකටම නර්තනයෙන් එක්වුණා. ඔය අතරේ නලින් පෙරේරා මගෙන් ඇහුවා මියුසිකල් ෂෝ එකක ඩාන්ස් කරන්න එන්න කිව්වොත් එනවාද කියලා. මම ගත් කටටම කිව්වා හා කියලා. එහෙනම් ටැලිෆොන් නම්බරය දෙන්න කිව්වා. අවශ්‍ය වුණොත් කතා කරන්නම් කිව්වා.
මැණික්ගේ දෙමාපියන් එහෙමත් කලාවට ළැදිද?
ඔව් තාත්තා කපිල යුගල ආරච්ච්ගේ. සංගීත කණ්ඩායමක ඔක්ටපෑඩ් එක ප්ලේ කළා. මගේ අම්මාත් කලාවට බොහොම ළැදියි. ඇයටත් ගීත ගායනා කරන්න පුළුවන්. ඇය දීපා ශි්රයානි වීරතුංග මගේ සැමියා නම් දැනට විදේශ ගත වෙලා ඉන්නේ.
මැණික් කොහෙද ඉගෙන ගත්තේ?
විජය කටුපොත විජයමහා විද්‍යාලයෙත්, විල්පත අනුර මධ්‍ය මහා විද්‍යාලයේත් මම ඉගෙන ගත්තා.
ඉස් ඉස්සෙල්ලාම ප්‍රසංග වේදිකාවට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
ආරාධනයකට ප්‍රසංග වේදිකාවට මම ඉස්සෙල්ලාම එක්වන්නේ 2002 වසරේ. එතකොට මම උසස් පෙළ පාසල් ශිෂ්‍යාවක්. දවසක් උදේක මට දුරකථන ඇමතුමක් ආවා. නලින් පෙරේරාගෙන් පුළුවන් ද අද හවසට රෙද්දකුයි හැට්ටයකුයි අරන් කෝට්ටේ මහපොළ මියුසිකල් ෂෝ එකට එන්න කියලා. මම හා එන්නම් කිව්වා. ඒ කිව්ව පරිදිම මම ඒ ෂෝ එකට ගියා. එදා නලින් පෙරේරා පැණි කොමඩු ගෙඩිය... ගීතය ගායනා කළා. මම ඒකට නර්ථනය ඉදිරිපත් කළා. මේ ප්‍රසංගය එදා ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශය වුණා. ඊට පස්සේ මට එළිමහන් ප්‍රසංග සඳහා රටේ නම් දරාපු සංගීත කණ්ඩායම් සෑම එකකින්ම ආරාධනා ආවා. ගීත ගායනා සඳහා නර්තනයෙන් එක්වන්න. රොනී රීච් කියන කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ... සන්ෆලවර්ස් කියන ආදරේ සිතුණ ද මා කෙරේ හැමදාම සුදු කෙල්ලේ... ආදී විවිධ ගීත සඳහා මම නර්ථනය ඉදිරි පත් කළා. මේ කාලයේ එළිමහන් ප්‍රසංග සංවිධානකයන්ගෙන් පවා මට ආරාධනා ආවා. ප්‍රසංග සඳහා නර්තනයෙන් එක්වන්න.
එවක රූපවාහිනී සජීවි විකාශයක ප්‍රසංග වේදිකාවේ තනිව නර්තනයක් ඉදිරිපත් කළ පළමු ශිල්පිනිය ඔබ ද?
ඔව්. ප්රාංසග වේදිකාවේ ගීත ගායනා වලට නර්තනයෙන් කීප දෙනෙක් සහභාගි වූ අවස්ථා තිබුණා. නමුත් ගීතයකට එවක තනිව නර්ථනයක් ඉදිරිපත් කළ පළමු ශිල්පිනිය වුණේ මම.
නර්තන ආචාර්යවරයෙක්ගේ ගුරුහරුකම් ලබන්නත් ඔබ පසුව පෙලඹෙනවා නොවේද?
මගේ පළමු රූපවාහිනී සජීව නර්තනය ඉදිරිපත් කිරීමත් සමඟ ඒ සඳහා ඇවිත් හිටිය ජාතික රූපවාහිනීයේ නිලධාරීන් මට පවසා සිටියා ඔයා ඩාන්ස් කරන්නේ ලංකාවේ නැටුම් නොවේ. බෝල්රූම් වගේ ඩාන්ස් එකක්. ඒ නිසා කැබරේ ඩාන්ස් කරන්න බෑනේ ගිහින් ඔයා නර්ථනය ඉගෙන ගන්න කියලා. ඒ කාලේ ලංකාවේ බෝල් රූම් ඩාන්ස් ප්‍රසිදධ වෙලා තිබුණේ නෑ. ඒවාට මේ අය කිව්වේ කැබරේ ඩාන්ස් කියලා. රූපවාහිනියේම අය මට කිව්වා ටවර්හෝල් පදනමේ මීගමුව රුක්මණීදේවි අනුස්මරණ ආයතනයේ නර්ථන පුහුණු පාඨමාලාව කරන සුනිල් තල්ගහගොඩ මහතා හමුවන්න කියලා. මම එතුමා හමු වී නර්තනය ඉගෙන ගත්තා. සුනිල් සර් මට නොමිලයේම නර්තනය ඉගැන්නුවා. එතුමා තමයි මගේ සහජ හැකියාවේ තිබු දක්ෂතා ඔප මට්ටම් කළ නර්තන ගුරුවරයා වුණේ.
ඔබ චිත්‍රපට සඳහාත් නර්ථනයෙන් එක් වෙනවා නේද?
මගේ නර්ථනාචාර්ය සුනිල් තල්ගහ ගොඩමහතාගේ නර්ථන කණ්ඩායමේ සාමාජිකාවක් වූ මා හට අවස්ථාව උදාවෙනවා සුනිල් සෝම පීරිස්ගේ පිස්සු ට්‍රිබල් චිත්‍රපටයේ නර්තනයක් සඳහා සහභාගි වෙන්න. ඊට පස්සේ රෝයි ද සිල්වාගේ සැළමුතු පින්න චිත්‍රපටයේ නර්තනයක් සඳහා සහභාගි වෙන්න වාසනා තල්ගහගොඩ මහත්මියගේ නර්තන කණ්ඩායමත් සමඟ.
මැණික් නර්තනයත් සමඟම ටෙලිනාට්‍ය රංගනයට එක් වෙනවා?
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ එච්.ඩී. පේ‍්‍රමරත්නගේ පුත් රංග පේ‍්‍රමරත්න නිෂ්පාදනය කළ රූපවාහිනි ගේම් ෂෝ සජීවී ප්‍රසංගයක් සඳහා ඉදිරිපත් වන මාව එහිදී දකින ගාමිණී රත්නසිරි මහතා මට ආරාධනා කරනවා ඔහුගේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක් වූ සඳතනියට ටෙලි නාට්‍යයේ රඟපෑමට මේක මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය සරත් කොතලාවල මහතාගේ බිරිය හැටියට තමයි මම රඟපෑවේ. ඊට පසු සුදත් සේනාරත්නගේ පිණිවැස්ස ටෙලි නාට්‍යයේ පාලිත සිල්වාගේ පෙම්වතිය ලෙස රඟපෑවා. ලලිත් රත්නායකගේ තෙත් සහ වියළි ටෙලි නිර්මාණයේ ඩබ්ලිව්. ජයසිරි සුමින්ද සිරිසේන සමඟ රංගනයෙන් දායක වුණා. නාලන් මෙන්දිස්ගේ වසන්තය ඇවිල්ලා, මම නෙමේ මම ටෙලි නාට්‍ය දෙකේ රඟපෑවා.
මැණික් නර්තනයට වගේම රංගනයට විරාමයක් තබා ගුවන් හමුදාවට එක්වෙනවා නේද?
2004 වෙනකන් මම රංගනයේ වගේම නර්ථනයේත් යෙදුණ 2006 වසරේ අග භාගයේදී මම ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට එක් වෙනවා. කෘෂිකර්ම ඒකකයේ සිවිල් අංශයේ සුබ සාධන ව්‍යාප්පෘති තුනක කළමනාකාරිණියක් ලෙසින් වසර පහක් මම ගුවන් හමුදාවේ සේවය කරනවා. 2011 වසරේ නැවත මම එයින් අයින් වෙනවා විවාහයත් සමඟ ගෘප් කැප්ටන් හරීන්ද්‍ර පේරුසිංහ තමයි අපේ ප්‍රධාන පරිපාලන නිලධාරි වශයෙන් කටයුතු කළේ. එතුමා මට කිව්වේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කියමන බින්ද කෙනෙක් ඔබ. මට මේ සුබ සාධන ෆීල්ඩ් එකේ අලුත් දෙයක් කරන්න උදවු කරන්න කියලා. අපේ ගුවන් හමුදා සුබ සාධන ඒකකය පිළිබඳ ගොවිතැනට උරදෙන ගුවන් නියමුවෝ නමින් පත්තරේ විශේෂාංගයක් පවා පළවුණා. අපිට අලුත් අදහස් ඉදිරිපත් කරන්න නිදහස දිලා තිබුණා. ඒ අනුව මම ඉදිරිපත් කළ අදහසකට අනුව ක්‍රියාවට නැංවු පළතුරු බීම වෙළෙඳ සැල, කටුනායක කඳවුරේ මාළු වෙළෙඳ සැල, කටුනායක කඳවුරේ පැල තවාන සුවිශේෂී ව්‍යාපෘති තුනක්. ගෲප් කැප්ටන් හරීන්ද්‍ර පේරුසිංහ හදිසියේ හෘදයාබාධයකින් මියගියත් එතුමන්ගේ නායකත්වයෙන් ඇරඹී ඒ ව්‍යප්පෘති අදටත් ක්‍රියාත්මක වීම සතුටට කරුණක්.
ගීත ගායනයටත් ඔබ පෙලඹෙන්නේ ස්වනිර්මාණ එකතුවක් සමඟ නේද?
වසන්ත දුක්ගන්නාරාළ, නිලාර් එම් කාසිම්, රත්නසිරි පරණවිතාන, ලක්ෂමන් රදාවාන, හේමසිරි හල්පිට, පි‍්‍රයන්ත කොඩිප්පිලි, ලක්ෂමන් හිල්මී මට ගී පද රචනා කරල තියනවා. එයින් ලක්ෂමන් හිල්මී ගීත හතක් සංගීවත් කරල තියනවා. තව ගීත තුනක් නවරත්න ගමගේ සංගීතවත් කරල තියෙනවා.
ඔබේ සංගීත දිවියේ ගුරුවරු වුණේ?
මම දැන් සංගීත ඩිප්ලෝමාධාරිනියක් මගේ සංගීත දිවියේ ගුරුවරු වුණේ කටුනේරියේ වැන්සස් පෙරේරා, ශි‍්‍රයාණි පෙරේරා යුවළ ඊට අමතරව ඉන්දිකා උපමාලි මහත්මියගෙන් සහ මායා දමයන්ති මහත්මිය යටතේ හඬ පාලනය පිළිබඳ පුහුණුවක් ලබනවා.
ස්වතන්ත්‍ර ගී එකතුව ගීත ඇල්බමයක් ලෙසින් එළි දක්වන්න හිතුවේ නැද්ද?
සියලු ගීත පටිගත කළා පමණයි. මම ඒ ගීත එක් මාධ්‍ය ජාලයට ලබාදුන්නා. ඒ අය ප්‍රචාරය කරන්න සල්ලි ඉල්ලුවා. ඒ මුදල් ඉල්ලපු නිසා මට ලොකු කලකිරීමක් ඇතිවුණා. මෙච්චර මහන්සිවෙලා අපි නිර්මාණ කළත් අද ඒවා ප්‍රචාරය කරන්න මුදල් ඉල්ලනකොට ටී.වී චැනල් වලටත් ගීත විෂුවල් කරල දුන්නා. ඒත් ඒවා මට ප්‍රතිචාර දැක්වුයේ නෑ. ඒ නිසාම මට ගීත ඇල්බමයක් කරන එකත් හිතින් අයින් කරගත්තා. ගාමිණී රත්නසිරි රූප රචනය කරල කරපු මියුසික් වීඩියෝවක් පවා කළා.
මෑතකදී ඔබේම දුව වෙනුවෙන් ඔබ ගීතයක් ගායනා කළ බව ආරංචියි?
මගේ දුව තමයි මගේ ජීවිතේ. ඒ නිසාම මම නිලාර් එම් කාසිම්ට කියල ගීතයක් ලියව ගත්තා.
දුවේ ඉතිං නාඩා නිදියන්නේ
ඉරයි හඳයි ගෙන එන්නට
අප්පච්චිට කාසි පනම් කොයි...
මේ ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ මගේ දුව යුගති විදානයා යාලගම දැන් දුවට අවුරුදු 11යි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. දුවට ගායන හැකියාවත් හොඳින් තියනවා. ඇය හරි දක්ෂයි. ජන ගී ගායනයට නර්තනයටත් එහෙමයි. ලතින් අමෙරිකන් ඩාන්ස් වලට තමයි දුව වඩාත් කැමැති.
මැණික් යලිත් ටෙලි නාට්‍ය රංගනයට සේම චිත්‍රපට රංගනයටත් අවතීර්ණ වෙලා ඉවරයි?
එරංග සේනාරත්නගේ ඉලංදාරියා, ලකී ඩයස්ගේ සීතල ගිනිදැල්, ටිකිරි රත්නායකගේ කුසුමාසන දේවි ටෙලි නාට්‍ය සඳහා මම රංගනයෙන් දායක වුණා. සුමිත් කුමාරගේ, සුබා තෙරණිය, වී. සිවදාසන්ගේ දෙවන යුද්ධය, එරංග සේනාරත්නගේ නිලූ මං ආදරෙයි චිත්‍රපට වලත් මම රඟපෑවා. මේ අතරින් දෙවන යුද්ධය, නිලු මං ආදරෙයි චිත්‍රපට දෙක ඉදිරියේදී තිරගත වෙන්න තියනවා.
සේයාරූ - මහේෂ් නිශාන්ත