සරලා කියන්නේ සැර කටකාර චරිතයක්

යොවුන් රංගන ශිල්පිනී උදාරී සෞභාග්‍යා
මාර්තු 9, 2023

කෙනෙකුට සිය වෘත්තිය ඇතැම්විට සෞභාග්‍ය කැඳවයි. මෙවර අපේ කතා නායිකාවටද එය එසේම වූවාය. ජනප්‍රියතම යොවුන් ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ සරලා නම් චරිතය ඇයට අසීමිත ජනප්‍රියත්වයක් හිමිකර දුන්නාය. මේ වන විට එය තමාට නොඅඩුව ලැබෙමින් පවතින බවත් එය සිය ජීවිතයට සෞභාග්‍ය යාකර දුන් බවද ඇය පැවසුවාය. මේ දිනවල ඇය දෙවෙනි ඉනිමේ මයික්ගේ කෙල්ල හෙවත් පෙම්වතිය සරලා ලෙසින් රාත්‍රී 8. 30 දෙරණ නාළිකාවෙන් ඔබේ ආලින්දයට ගොඩවන්නීය. ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිනියක් වන ඇය නමින් උදාරී සෞභාග්‍යා වේ.

උදාරි ඉන්නේ කොහෙද?

නුගේගොඩ

 

ඉගෙනගත් පාසල ?

ශ්‍රී ජයවර්ධනපුර බාලිකා මහ විදුහල

 

ඒ කාලේ උදාරිට අරමුණක් තිබුණද ?

එයා හොස්ටර්ස් (Air hostess) කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියේ. එහෙමත් නැත්නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න.

මේ දවස්වල දෙවෙනි ඉනිමේ මයික්ගේ පෙම්වතිය ලෙස හරිම ජනප්‍රියයි. ඒ අවස්ථාව ඔබට ලැබෙන්නේ කොහොමද?

මගේ මාමගේ යාළුවෙක් තමයි මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් හා චාමිකා මෙන්ඩිස් යන අය. ඒ දෙන්නා දවසක් ඩිනර් එහෙකදී මාව දැකලා හමුවෙලා කතාබහ කිරීමකින් පස්සේ ස්ක්‍රීන්ටෙස්ට් (තිර පරීක්ෂණය) එහෙකට එන්න කියලා කිවිවා. ඉතින් ඊට පස්සේ මං ගිහින් ඒකට ඉදිරිපත් වුණා ඊට පස්සේ තමා මේ අවස්ථාව ලැබුණේ.

 

උදාරි දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙලා දැන් කොච්චර කල්ද?

දැන් අවුරුදු දෙකක් වෙනවා.

 

මෙය ඔබේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනයද ?

ඔව් අයියේ දෙවෙනි ඉනිම තමා මං රගපාන ප්‍රථම ටෙලි නාට්‍යය.

 

දෙ‍වෙනි ඉනිමේ රූගත කිරීම් සිදුකරන විටදී උදාරිට අමතක නොවන දේවල් එහෙමත් සිදුවෙලා ඇති නේද?

මයික් ලෙස රඟපාන දෙනුවන් අයියා ඇතුළු ඒ ටීම් එකේ ඉන්න අය විවිධාකාර දේවල් කරනවා. ඒවට හිනා යනවා. දෙනුවන් අයියා තමා වැඩියෙන්ම ඒ වගේ දේවල් කරන්නේ. ඒවා මෙන්න මේ විදිහයි කියලා මට කියන්න තේරෙන්නෑ.

 

සරලා කියන චරිතය ගැන මතක් කළොත් ?

හොඳ සැර කටකාර චරිතයක්. මයික්ගේ කෙල්ල හෙවත් පෙම්වතිය ලෙස තමා මං එහි රඟපාන්නේ.

 

සැබෑ ජීවිතයේදී උදාරී සැර නපුරු කෙනෙක් නේද?

අනේ නැ අයියා ඔයාටත් එහෙම හිතෙනවාද?

 

ඔව් ඔයා එක්ක මං මුලින්ම දුරකථනයෙන් කතා කරද්දී සැර ලෙසනේ මට කතා කළේ.

ගොඩක් අය එහෙම කියනවා. මං සැරයි කියලා අයියේ. මං හිතනවා හැබැයි මං එහෙම සැර කෙනෙක් නෙවෙයි කියලා

 

යාළුවෝ ගෙදර අය උදාරිට තවත් නමකින් ආමන්ත්‍රණය කරනවා නේද?

පැටි කියල තමා කියන්නේ. මට ඒ නමින් කතා කරනවාට මං කැමති.

 

මේ දවස්වල උදාරී වෙනත් නිර්මාණ වලටත් සම්බන්ධ වෙලා ඉන්නවාද?

නැහැ. දෙවෙනි ඉනිමට විතරයි සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. මං මීට පෙර රඟපෑ ටෙලිනාට්‍යයක් පසුගිය කාලේ විකාශය අවසන් වුණා පීතෘ කියලා. ඉදිරියට කරන්න බලාපොරොත්තු වන වැඩ දෙකකට විතර මට ආරාධනා ලැබිලා තියෙනවා ඉදිරියට තවත් ආරාධනා ලැබුණොත් ඒවා ගැනත් හොයලා බලලා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා

 

ඉස්සරහට මයික් සාරලා දෙන්නගේ සම්බන්ධය නැති වෙලා යයිද? එහෙම නැතිනම් විවාහ වෙයිද?

දෙන්නට දෙන්නා ආදරයක් එක්ක රංඩු කර කරත් ඉදීවි. අපි බලමු ප්‍රේක්ෂකයින්ටම ඒක ඉදිරිතයටත් එය නරඹන්නම ඉඩ ඇරලා.

 

උදාරිගේ පෞද්ගලික ජීවිතය පැත්තට හැරෙමු. දැන් වයස කීයද?

අවුරුදු විසිතුනයි. (23)

 

ඔබට පෙම්වතෙක් ඉන්නවාද?

තවම නැහැ.

 

උදාරිගේ ජීවිතේ බලාපොරොත්තු වන විදිහේ කෙනෙක් ඉන්නවාද?

ඔව් මගේ වැඩ කටයුතුවලට සහය වන කෙනෙක්. මට රැකවරණය, ආදරය ලබාදෙමින් ඉන්න පුළුවන් විදිහේ කෙනෙක්ට තමා මම කැමති. මේ ක්ෂෙස්ත්‍ර යේ හෝ ක්ෂේත්‍රයේ කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැ.

 

එහෙම කෙනෙක් ලැබුණොත් උදාරි කවදා විතර වගේද විවාහ වෙන්නේ?

බලමු. ඉතින් එහෙම කෙනෙක් හමුවුණොත් ගෙදර අයගෙ කැමැත්තත් බලලා ඒ කෙනාව හොඳින් ඇසුරු කරලා ඊට පස්සේ ඉතිං වෙන්න ඕනෙ දෙවල් තීරණය කරනවා

 

අවසාන වශයෙන් උදාරිට මතක් කළ යුතු අය ඉන්නවාද?

මගේ පවුලේ උදවිය. සහ විශේෂයෙන් මගේ මාමා ප්‍රියන්ත විජේකෝන්. මගේ වටේ ඉන්න මම ආදරේ කරන සහ මට ආදරේ කරන හැමෝමයි. නම් වශයෙන් කියන්න බැරි වුණත් මාව නිර්මාණවලට දායක කරගත් අය සහ මට විවිධ අයුරින් සහාය දුන් සැමට ස්තූතීයි.

 

[email protected]