වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සමාජ මාධ්‍යවලින් එළියට එන්නයි මට ඕනෑ

ඔහු කොළඹ අශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද ද්විතීක අධ්‍යාපනය ආනන්ද විදුහලෙන්ද ලබාගත්තේය. කුඩා කල තරමක් කලාවට ළැදිකමක් දැක්වූ අතර පාසලෙන් සමුගත් පසු කලාවට අවතීර්ණ වන්නේ ගීත රූප රචනයන්ගේ ආධුනික ශිල්පියෙකු ලෙසයි. නැවුම් ගීත කලාවට රූපරචනෙයන් හි නැවුම් මුහුණක් ලෙස සමාජ මාධ්‍ය ජාලාවල දක්නට ලැබුණු ඔහු නමින් සංඛ සමරවික්‍රමයි.
ඔබව හඳුන්වන්නේ කොහොමද?
සංඛ දර්ශන සමරවික්‍රම ලෙසයි. ඒත් ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ සංඛ සමරවික්‍රම කියලයි. මගේ උපන්දිනය 1976 අප්‍රේල් 25යි.
කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
මගේ කලා කටයුතු ආරම්භ වන්නේ ගමේ දහම් පාසලෙන්. දහම් පාසලේ වේදිකා නාට්‍යයවලන් තමයි මුලින්ම මම රංගනයට එකතු වුණේ. මේ කාලෙදි මගේ අක්කලා දෙන්නගේ පෙම්වතුන් හම්බෙන්න යන්න ඕන උණම අම්මලාගෙන් බේරෙන්න සිනමාපට බලන්න මාවත් එක්ක ගෙන යනවා. ඒ සිනමාපට බැලීම තුළිනුත් ගොඩක් ආභාසයක් ලැබුවා. පසුව ආනන්ද විදුහලට ආවට පස්සේ ගොඩක් පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ ආපු ගමන තමයි අද music video වලට රංගනයෙන් එකතු වෙන්න අවස්ථාවක් හිමි වුණේ.
පාසලෙන් සමුගත්තාට පස්සේ රංගනයට එකතු වුණේ කොහොමද?
මුලින්ම එකතුවෙන්නේ දුරෙන්ද්‍රා පීරිස් කියන ‘රස්තියාදු ආදරෙයි’ කියන ගීතය සමඟ රුප රචනයටයි. ඊට පස්සේ මේ මෑතකදි කරපු ඇයගේම ‘සිහින ඉරුණාදෝ’ කියන ගීතය. අනුරාධා එදිරිසිංහ සමඟම රංගනයෙන් එකතු වෙනවා. මේ ගීත දෙකම සමාජ මාධ්‍ය ජාලවල තමයි ප්‍රචාරණය වුණේ.
මේ ගීත රූපරචනා දෙකට පස්සේ එකතු වුණේ මොනවාටද?
නිශ්ශංක වේරදුව කියන තරුණ නිර්මාණ ශිල්පියෙකුගේ කෙටි චිත්‍රපටයකට දායාද වුණා Up side-down කියන චිත්‍රපටයයි. මේ කෙටි චිත්‍රපටය තව නොබෝ දිනකින් සමාජ මාධ්‍ය ජාලා YouTube හරහා ප්‍රචාරණය වෙනවා. ඒ වගේම දෙරණ ච්පඥචථඵබචප වලින් ආපු සුමිර සුමංගලගේ නවතම ගීතයට රූපරචනයට එකතු වෙනවා.
කෙටි ච්ත්‍රපටයේ කතා තේමාව ගැන කිව්වොත් මොනවගේද?
පවුල් සංස්ථාව තුළ සිදුවෙන කායික හා මානසික ඝට්ටනයක් සම්බන්ධව ඇතිවෙන ප්‍රස්තුතයක් තමයි මෙතන කතා කරන්නේ. ආලෝකා ගයත්‍රි සමඟම මා රංගනයෙන් එකතු වෙනවා.
ඔබ සමාජ මාධ්‍ය ජාලාවෙන් එළියට තාම ඇවිත් නැහැ නේද?
ඔව් තවම මට එතැනින් එළියට එන්නට අවස්ථාවක් ලැබිලා නැහැ. දැනට මම කලාවට ඇවිල්ලා අවුරුද්දක් විතර වෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල පමණයි. මෙතනින් එළියට එන්න තමයි උත්සාහගන්නේ. මම සෝෂල් මීඩියා එක තුළ විවිධ දේවල් රචනා කරනවා විනෝදාංශයක් හැටියට.
තවම ඔබට ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් නැහැ නේද ක්ෂේත්‍රය තුළ?
ඔහු එහෙම දෙයක් නම් තියෙනවා. ඒත් මම සිනමාපට සහ ටෙලි නාට්‍ය බලලා තමයි ඒ වගේ අත්දැකීම් ලබාගන්න පෙලඹෙන්නේ.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම විවාහකයි මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නම උසස් අධ්‍යාපනය හදාරනවා. ළඟදීම විදෙස්ගත වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සියලු දේවල් සමබරව පවත්වාගෙන කලාවේ නිරත වීම තමයි අපේක්ෂා කරන්නේ.