වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
විවිධ ශානරවලට අයිති නිර්මාණ බිහිවීම අත්‍යවශ්‍යයි

‘තණ්හා රතී රඟා’, ‘ද නිව්ස්පේපර්’ වැනි සම්මානනීය සිනමාකෘති රචනා කරමින් සහ රංගනයේ යෙදෙමින්, ‘ද නිව්ස්පේපර්’ අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ නොමැකෙන සලකුණක් තැබූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන කලා ශිල්පීන් දෙදෙනාගේ සුසංයෝගයෙන් මේ මස 28 වැනි දින එල්ෆින්ස්ටන් වේදිකාවෙන් ප්‍රේක්ෂකයා ඇමතීමට ‘නරි බුරති 2’ සූදානමින් සිටියි. සරත් කොතලාවල එහි අධ්යක්ෂණ කාර්යය සිදුකරන අතර කුමාර තිරිමාදුර ප්‍රධාන රංගන ශිල්පියා මෙන්ම තිරනාටක රචනයෙන්ද එයට දායක වී තිබේ. සරත්-කුමාර එකතුවේ නවතම වේදිකා නිර්මාණය වන ‘නරිබුරති 2’ ගැන සහ ඔවුන්ගේ කලා කටයුතු පිළිබඳ මෙම විශේෂාංගයෙන් විමසුමට ලක් කෙරේ.
‘නරිබුරති 2’ ආරම්භය සිදුවූ අයුරු මතක් කළොත් ?
‘නරි බුරති’ ආරම්භය ගැන කිව්වොත් මීට වසර 12කට පෙර කාලයට යන්න වෙනවා. ඒ කියන්නේ 2011 වසරේදී අපි සෙට් එක සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘සිංහාවලෝකනය’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. එතැනදී මම, කුමාර, පුබුදු, මිහිර වගේ අපි කට්ටිය හිතවත් වුණා. ඒ හිතවත්කම එක්ක අපි අපිම එකතුවෙලා මෙහි තිර රචනය ලියා නරිබුරති 1වේදිකාවට ගෙනාවා. අපි හැමෝගෙම අදහස් එකතු කරගෙන තිර රචනය කරලා 2011 වසරේ මැද වගේ රිහසල් කරලා එම වසරේ දෙසැම්බර් 23, 24 නරිබුරති 1 වේදිකාවට ගෙනාවා. මේකේ රඟපාන 8දෙනාම එකතු වෙලා නිෂ්පාදනය කළා.
නරිබුරති 2 නිර්මාණය කරන්න හිතුවේ 1 හි සාර්ථකත්වය පදනම් කරගෙනද...? ️ඔව්, ඇත්තෙන්ම මේකේ පළමු කොටස ඉතා සාර්ථක වුණා. දර්ශන වාර 700ක් වගේ වසර 7ක් තිස්සේ අපට පෙන්වන්න පුළුවන් වුණා. මිහිර සිරිතිලකගේ ‘කෝ කුක්කෝ’ 2015දී අපි කළා. එහි දර්ශන වාර 400ක් වගේ කළා. කෝ කුක්කෝ දුවනගමන් අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා නරිබුරති2 කරමු කියලා කතා වුණා..
මෙහි කතා සංකල්පය කුමක්ද..? එය වත්මන් සමාජයට කොතෙක්දුරට ගෝචරවේවි කියා ඔබ හිතනවද..? මේක ඇත්තෙන්ම බලු නගරයක් පාදක කරගෙන දිවයන නගරයක්. බල්ලෙකුයි, කොල්ලෙකුයි තමයි මෙහි ප්‍රධාන චරිතවෙන්නේ. මෙහි පළමුවැන්නේදී එක නගරයකින් ඔවුන්ව එලවනවා. ඉන්පසු ඔවුන් යන නගරය හෙවත් ඒ බලු නගරය ආශ්‍රිතව කතාව දිවයනවා. මෙහි කාන්තා චරිත කරන්නෙත් පිරිමීමයි. මෙය ප්‍රහසනය සමඟ යන නාට්‍යයක්. සමාජයේ තිබෙන ආර්ථික, දේශපාලන, සමාජීය සිස්ටම් එක ප්‍රශ්න කිරීමක් මෙහි තිබෙන්නේ. මතුපිටින් ප්‍රහසනාත්මක වුණාට මෙහි ගැඹුරු අර්ථයක් දෙනවා.
ප්‍රේක්ෂකාගාරය නරිබුරති 2 කෙසේ නම් භාරගනීද?
නරිබුරති 1 ජනප්‍රියත්වයත් එක්ක මෙහි දෙවැන්නත් සාර්ථක වේවි කියා හිතනවා. කුඩා දරුවාගේ ඉඳන් වයසක කෙනා දක්වාම ගෝචර වෙන නිර්මාණයක්. දැනටමත් දර්ශන වාර රැසකටම ආරාධනා ලැබී තියෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල, මොනරාගල, නුවර, හලාවත වගේ දුර පළාත්වලින් දැනටමත් නරිබුරති 2ට ආරාධනා ලැබී තියෙනවා...
මෙහි දේශපාලන කියවීමක් පැහැදිලිවම තිබෙන බව පේනවා....?
ඔව්, ඉතා පැහැදිලිවම දේශපාලන කියවීමක් මෙහි ප්‍රශ්න කරනවා.
නරිබුරති 1 සහ 2හි අමතක නොවන මතක අවදි කළොත්...? මෙහි සියලු දේම අමතක නොවන මිහිරි මතක තමා (හිනැහේ.) නරිබුරති 1මංගල දර්ශනය නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. ටවර්හෝල් එකේ තිබ්බේ. ඒ දවස්වල ටවර්හෝල් එක ඩධභඵඥ ටභතත වුණා. රිහසල් කාලේ තමයි හොඳම අත්දැකීම් ලැබෙන්නේ. රිහසල්වලින් ලැබෙන අත්දැකීමුත් කවදාවත් අමතක කරන්න බැහැ.
ප්‍රේක්ෂක රසවින්දනය ඔබ හඳුනාගන්නේ කෙසේද....? රසවින්දනය එකිනෙකාට සාපේක්ෂයි. ඒවගේම හැම ශානරයකටම අයත් චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය බිහිවෙන්න ඕන. සම්භාව්‍ය, හොරර්, කොමඩි, ට්‍රැජඩි වගේ එසේ හැම ශානරකම නිර්මාණ හැදෙනකොට තමයි නාට්‍ය සංස්කෘතියක්, සිනමා සංස්කෘතියක් බිහිවෙන්නේ...කවුරුන් හෝ කියනවා නම් මේවගේ ඒවා විතරයි ඕනෑකියලා එතැනදී කවදාවත් නාට්‍ය, සිනමා සංස්කෘතියක් බිහිවෙන්නේ නෑ. සාජන්ට් නල්ල තම්බි වෙනම එකක් මරාසාද් වෙනමම එකක්. හුණුවටයේ කතාව වෙනමම ශානරයක්. වේදිකා නාට්‍ය සංස්කෘතියට මේ සියලු නිර්මාණ අත්‍යවශ්‍යයි.
නරිබුරතිහි පරිකල්පනය යොදාගත් ආකාරය......?
මෙහි තිර රචනය මම ලිව්වා. අනිත් අයත් ඒකට සම්බන්ධ කරගෙන අපි තර්ක කර කර රණ්ඩු වෙවී මෙහි වෙනස්කම් කළා. එතැනදී හරි තැන තීරණය කරන්නේ තර්කය...මෙහි බල්ලන්ගේ නගරයක්, බල්ලා ඉන්නේ අපේ ඇතුළේම නේද කියලා අපි ප්‍රශ්න කළා..
පරිවර්තන, අනුවර්තන සහ ස්වතන්ත්‍ර වේදිකා නිර්මාණ ගැන ඔබේ අදහස......? පරිවර්තන, අනුවර්තන දැනට මම කරලාම නැහැ. ප්‍රකාශන මාධ්‍යයක් විදිහට පමණයි මම නාට්‍ය කලාව භාවිත කරන්නේ. ඒක අංක එක. මම කරන්නේ මගේ ප්රකාශනයක් විතරයි. ‘දාරියෝ ෆෝ’ගේ නාට්‍යයක් ගත්තොත් ඒක මගේ ප්රකාශනයක් නෙවෙයිනේ. අනුවර්තන, පරිවර්තන තියෙන්න ඕන. එයින් නාට්‍ය කලාවට විශාල පෝෂණයක් ලැබෙනවා. ඒවගේ අපට අහුනොවෙන තැන් තියෙනවා. කවුරුන් හෝ කියනවා නම් අරක හොඳයි, කැතයි, මේක හොඳයි කියලා මම ඒකට කැමති නෑ. මගේ චිත්‍රපට දෙකත් එහෙමයි. මගේම ප්රකාශනයක් විදිහට තමා කළේ. ඒවගේම විචාරය, විවේචනය කියන්නේ දෙකක්. සාහසික විවේචන තියෙනව. තමන්ගේ ශෛලියට පිටින් ගියොත් ඒක විවේචනය කරනවා. තමන්ගේ ප්රකාශනය මෙතනදී වැදගත්. අද හෝල් නෑ. ප්රචාරක වියදම්, රිහසල් වියදම් එහෙමත් දරාගෙන කළාට පස්සේ ඒක පහත් කර කතා කරනවා නම් ඒක සාහසිකයි.
මෙරට නාට්‍ය කලාව ගැන, වේදිකා නාට්‍ය ගැන, නව පරපුර ගැන ඔබේ අදහස..........?
අද වෙද්දි ඉතා සුන්දර නාට්‍ය තියෙනවා. පුළුවන් හැම වෙලේම ඒවා මම නරඹනවා. ඇත්තෙන්ම නාට්‍ය කලාව තියෙන්නේ තරුණයනබ් අතේ. ඒ ඒ කාලවල ඉන්නෙ කොල්ලෝ, කෙල්ලෝ අතේ. අලුත් අය වේදිකාව අත් හරින බවක් පේනව. කලාව අධ්‍යයනය කළයුතු විෂයක්.දවසින් දවස ජනප්‍රිය සංස්කෘතියක්. පුහුණුව, රඟපෑම යනු විද්‍යාත්මක කරුණක්. රඟපෑමේදී අපේ ලේවලට හැඟීම් ර්‍ථතචර කරද්දී ලේ ධාතුව වෙනස්වෙනවා. විදෙස් රටවල නම් පැය 3යි 4යි රංගනය කරන්නේ. සවසට ඩ්‍රින්ක් එකක් අරගෙන බඥදඵඪධද එක පඥජධමඥප කරනවා. රංගනයේදී අපි කේන්ති ගන්නේ බලෙන්.එහෙම කරද්දී ඇඟේ එන්සයිම ටික ඇවිත් ඒ ඒ තැන්වල තැන්පත් වෙනවා. පසුව රෝගී වෙනවා. ලෝකය වෙනස් කරන්න හැදුවට අපි වෙනස්වෙලා නෑ. ඒක තමයි කලාවේ ඛේදාන්තය
නරිබුරති2ට සම්බන්ධ වුණු ශිල්පීන් සහ වේදිකාගතවන දිනය මතක් කළොත්.....?
මෙහි මාත් එක්ක කුමාර තිරමාදුර, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, ජනක රණසිංහ, හේමන්ත ඊරියගම, වජිර කොඩිතුවක්කු කියන කට්ටිට රඟපානවා. මෙහි එක් නළුවෙක් චරිත 2,3 බැගින් කරනවා. 8දෙනාම චරිත 20ක් 25ක් කරනවා. නරි බුරති 1 අපිම නිෂ්පාදනය කළාට 2ට ජානක කියලා මගේ යාළුවෙක් තමා අර්ථපතීත්වය දරන්නේ....සංගීතය විමලජිත් දොඹගහවත්ත, පසුතල නිර්මාණය ප්‍රේමලාල් ලියනගේ, ආලෝකකරණයෙන් මිහිදුයි, ශිරානුයි එක්වෙනවා. ඇඳුම් නිර්මාණය සමන්ති කොතලාවල, ඒ කියන්නේ මගේ නෝනා. වේදිකා පරිපාලනය උපුල් කුමාර, චාමර විජේසූරිය, වේශ නිරූපණය ජනක රණසිංහ, ශබ්ද පරිපාලනය චන්දන නිශාන්ත පීරිස්...කුමාර තිරිමාදුර ගැනත් කියන්න ඕනි. ඔහු මේක මුලින්ම සැලසුම් කළේ...බැහැලම වැඩ කළා අනිත් අය හා කැපවීමෙන් වැඩකළා.
ඔබේ ඉදිරි කලා කටයුතු ගැන කියනවා නම් ...?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. කුමාරයි මමයි මේ සැරේ වෙනවෙනම චිත්‍රපට 2ක් අධ්‍යක්ෂණය කරන්න හිතාගෙන ඉන්නේ...වේදිකාවේ නම් මිහිර සිරිතිලකගේ ‘කෝ කුක්කෝ’ දිගටම කරගෙන යනවා... ‘නරි බුරති2’ උපරිම දර්ශනවාර ගණනක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ටෙලිනාට්‍යවලට නම් බොහෝම අඩුවෙන් යන්නේ.ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක භාවය ගැන නම් කලකිරීමක් තියෙන්නේ.....
වසර 35ක් පමණ රංගනයේ නිරතවෙමින් ලංකාවේ විශිෂ්ට ගණයේ නාට්‍යවේදීන්ගේ නිර්මාණවල රඟපාමින් කලාවේ ස්ථාවරත්වයකට පැමිණ සිටින කුමාර තිරමාදුර ද ‘නරිබුරති 2’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට ජීවයදීමට සූදානමින් සිටියි.සරත් කොතලාවල සමඟ එක්ව ‘තණ්හා රතී රඟා’ ‘ද නිව්ස්පේපර්’ සිනමාපටවල තිර රචනය ලියමින් , රඟපාමින් මෙන්ම ‘ද නිව්ස්පේපර්’ සරත් කොතලාවල සමඟ සම අධ්‍යක්ෂණය කරමින් වේදිකාවෙන් ‘නරිබුරති1 සහ 2’ සමඟ ඔබට සමීප වන කුමාර තිරමාදුර අප සමඟ නාට්‍ය කලාව සහ ඔහුගේ නිර්මාණ දායකත්වය ගැන මෙසේ සංවාදයට එක්විය.
ඔබේ කලාවේ ආගමනය මතක් කළොත්.......? අවුරුදු 16දී මම ජගත් මාරසිංහගේ ‘පරවේණි’ නාට්‍යයෙන් කලාවේ අත් පොත් තැබුවා....ඒ එක්ක ආව ගමනේ දැන් අවුරුදු 30ක්, 35ක් වගේ රංගන කාර්යයේ නිරතවෙනවා. ධම්ම ජාගොඩ, ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ නාට්‍ය කලාවේ දැවැන්තයන්ගේ නිර්මාණවලට දායක වී තිබෙනවා.
‘නරිබුරති2’ ටත් ඔබ සම්බන්ධ වෙනවා..?
ඔව්, නරිබුරති1 අපි වසර ගණනාවකට කලින් වේදිකාගත කළේ සාමූහික ප්රයත්නයක් වශයෙන්. මෙහිදී අපි 8දෙනෙක් ප්‍රධාන චරිත කරනවා. මගේ ප්‍රාණ සම මිත්‍රයා සරත් කොතලාවල තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ..ඔහුගේ ඉල්ලීමකට මට බැහැ කියන්න බැහැ. මම මෙහිදී ඔහුට මගේ උපරිම සහය දෙනවා. තිර රචනය අපි සියලුදෙනාගේ අදහස්, ආකල්ප, තර්ක, විතර්ක මත ගොඩනැගෙනවා....
මේ නාට්‍යය ඔබට සුවිශේෂීයි....? ඇත්තෙන්ම, මේක මට වගේම අපිත් එක්ක වැඩකළ පුබුදු, සරත්, චින්තක, මිහිර වගේ අපි 8 දෙනාටම සුවිශේෂියි. බලු නගරයක් කේන්ද්‍ර කරගනිමින් සමාජ, ආර්ථික, දේශපාලන සිස්ටම් එක ඉතා ප්‍රහසනාත්මකව විවේචනයට ලක්කිරීමක් තමා කරන්නේ...ඒ වගේම ‘නරිබුරති 1’ අපි 2011දී පටන්ගත්තේ අපි අපිම සල්ලි යොදවලා නිෂ්පාදනයට දායකවෙමින්. මෙහි විශේෂත්වයක් තමයි කාන්තා චරිතත් පිරිමි අපිම රඟපාන එක.
අද වෙද්දී නාට්‍ය කලාවට ප්‍රේක්ෂක දායකත්වය මොනවගේ තත්ත්වයකද තියෙන්නේ....?
අලුත් අය නිර්මාණ කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒත් ඒ නාට්‍ය ඉස්සර වගේ පැල් බැඳගෙන දුවන තත්ත්වයක් නැහැ, ඒ කාලයේ ධර්මසිරි බණ්ඩාරනායක, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන වගේ දැවැන්තයන් මානව හිතවාදි විශිෂ්ට නාට්‍ය කලාවක් අපට ලබාදුන්නා. අලුත් පරපුරේ අය ලිංගිකත්වය ගැන කතා කිරීමේ ප්‍රවණතාව වැඩියි. මොන හේතුවක්ද මන්දා අලුත් අය සෙක්ස්ම උලුප්පලා පෙන්වනවා වැඩියි. අද වනවිට ප්‍රේක්ෂකාගාරයට එන පිරිසත් අඩුවීමක් පැහැදිලිවම තිබෙනවා.
අද රටේ නාට්‍ය පෙන්වීම පිළිබඳවත් අර්බුද රැසක්ම තිබෙන බව හැඟෙනවා.....? පැහැදිලිවම, අඩුපාඩුනම් එමටයි. මගේ දහඩිය වගුරපු වේදිකාවක් ලංකාවේ නැති තරම්. ඒ වගේම අපි නාට්‍ය අරන් සමහර මධ්‍ය මහා විද්‍යාලවලට යනවා පෙන්වන්න. ඒ වගේ ඇත්තෙන්ම හරියට ටොයිලට් එකක් නැහැ. ඇඳුම් මාරුකරගන්න ඩ්‍රෙසින් රූම් එකක් නැහැ, අපේ සහෝදර ශිල්පීන් එකතුවෙලා රෙද්දක් අල්ලන් ඉන්න ඕන ඇඳුම් මාරු කරනකන්.ටොයිලට් එකක් හදාගන්න බැරි ජාතියක් අපි.මොනරාගල, බදුල්ල වගේ පැතිවල එහෙම අඩුපාඩු තියෙනවා...අනික ඒ/ඛ් නැහැ. ළමයි නාට්‍ය බලන්න ඇවිත් අඬනවා දාඩිය දාලා, පුටු ටික හරියට නෑ.
සිනමාවටත් මේ කරුණු බලපාලා තියෙනවා නේද...?
අද වෙද්දී ෆිල්ම් හෝල් කීයද තියෙන්නේ...? ඒවා කඩලා ටධධඤ ජඪබර හදලා...මේ හදන ටධධඤ ජඪබර වල මිනි තියටර් එකක් හදමු කියන යෝජනාව අපි කිව්වා...ඒත් වැඩක් වුණේ නැහැ...මම කියන්නේ ආසන 250මිනි තියටර් දෙකක් වගේ හැදුවානම් මිනිස්සුන්ට චිත්‍රපටය බලලා ජ්ධධඤ ඛ්ඪබර එකෙන් බඩුත් අරන් එන්න පුළුවනි. ඒ මිනි තියටර් දෙකේ එකක සිංහල චිත්‍රපටයකුයි, අනිකේ ඉංගී්රසි චිත්‍රපටයකුයි පෙන්වන ක්‍රමයක් හදන්න ඕනි. house full එකට ඉඩමක් දෙද්දී ෆිල්ම් හෝල් එකක් හදන්න ඕනමයි කියලා පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ක්‍රමවේදයක් තියෙනවා නම් හොඳයි.
අද ප්‍රේක්ෂක රසවින්දන ශක්තිය මොටවූ තත්ත්වයක් නේද තියෙන්නේ....?
ඔව්, ඒකට රූපවාහිනිය, රියැලිටි ෂෝ, යූ ටියුබ් නාලිකා බලපානවා. සාහිත්‍ය පොත්වලින් අද පරපුර අයින් වෙලා. කලා පෝෂණයක් අද නෑ....තියෙන්නේ මහා අඳෙීනා, ඝෝෂාකාරී ශබ්ද රසය විතරයි..
ඔබේ ඉදිරි කලා කටයුතු ගැන මතක් කළොත්...?
‘කෝ කුක්කෝ’ සහ ‘නරිබුරති’ වේදිකා නාට්‍යවල දිගටම වැඩ කරනවා...පසුගිය කාලයේ වේදිකාවෙන් ඉවත් වෙන්න තීරණය කළා ඒ චිත්‍රපට කිහිපයක් නිසා. ඒත් මගේ ප්‍රාණ සම මිතුරා සරත් කොතලාවලගේ කීම අහක දාන්න බැරිවුණා..ඒ නිසා ඔහුගේ නිර්මාණ අත හැරියේ නෑ..ටෙලිනාට්‍ය 120ක විතර මම රඟපෑවා...ටෙලියක් අධ්‍යක්ෂණය කළේ නෑ...ඒත් මගේම නාට්‍යයක් කරන්න අදහසක් තියෙනවා. මාත් සරතුත් එකතුවෙලා ‘තණ්හා රතී රඟා, ද නිව්ස්පේපර්’ කළා, මේ සැරේ අපි දෙන්නා චිත්‍රපට දෙකක් වෙනවෙනම කරන්න හිතන් ඉන්නේ. මගේ ඒ චිත්‍රපටය වියපත් මනුස්සයෙක්ගේ එක් ක්‍රියාකාරකමක් ගැන කතා කරනවා.... "ඊඩඥ ර්‍ණතඤ ර්චද" කියලා. ඒ වගේම චන්දන හේවාපතිරණගේ ‘නවාතැන් පහසුකම් ඇත’ ටෙලිනාට්‍ය එන්න තියෙනවා. ‘බල්ලොත් එක්ක බෑ’ නාට්‍යයෙන් ඉවත් වුණා. තිර නාටකවල අඩුපාඩුත් තියෙනවා.. තිර රචනයක් ලියන්න හොඳ අධ්‍යයනයක් කරන්න ඕනි. ලෝකය ගැන ගැඹුරු දැනුමක් තියෙන්න ඕන. මගේ ‘තණ්හා රතී රඟා’ තිර රචනය 8 සැරයක් ලිව්වා. ‘ද නිව්ස්පේපර්’ 7 සැරයක් ලිව්වා.
ඉතින් මේ 28 වැනිදා එල්ෆින්ස්ටන් එකට ඇවිත් ‘නරිබුරති2’ නරඹා එහි ගුණදොස් අපට කියන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා..
සේයාරූ - නිශ්ශංක විජේරත්න