වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
රොඩ්නි නමැති මහලු මිනිසා තුළ තරුණයකු ජීවත් වෙනවා

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය මාධ්‍ය කොට කුසලතාපූර්ණ රංගනයක නියැළෙන චරිතාංග නළුවකු වූ විල්සන් ගුණරත්න අපට සිටින ප්‍රතිභාපූර්ණ රංගවේදියෙකි. සිය රංගන ජීවිතයට අඛණ්ඩව පනස් වසරක් සපුරා ඇති විල්සන් ගුණරත්න එදා මෙදාතුර තම රංගන කුසලතාවයෙන් ඔප නැංවූ කලා නිර්මාණයන් බොහෝමයකි. ඔහු ගේ පිටපත් රචනයෙන් අධ්‍යක්ෂවරයෙන් මෙරට කලා ක්ෂේත්‍රයේ නිර්මාණය වූ කලා නිර්මාණයන්ද බොහෝය.තමන්ටම ආවේණික වූ චරිත බොහෝමයකින් ප්‍රේක්ෂක හද ඇදබැද ගත් විල්සන් ගුණරත්න වේදිකාවේ සේම පුංචි තිරයේ ද කළ රංගනයන් සේම ඉදිරිපත් කළ නිර්මාණයන්ද අදත් ප්‍රේක්ෂක මතකයෙන් ඈත්වී නොමැත. සත් පුරවැසියෝ-පප්පා, නෝනාවරුනි මහත්වරුනි-කොඩිතුවක්කු චරිත සේම කොඩි විනය, කතුර, අටුව, චරිත අටක් ආදී නිර්මාණයන් ඔස්සේ හද බැදඟත් ඔහු අදත් කලා ක්ෂේත්‍රයේ නැතුවම බැරි චරිතයක් වී හමාරය.
කලා ක්ෂේත්‍රයට අමතරව හෝටල් කළමනාකරණය හා මූල්‍ය ආර්ථික කළමනාකරණය පිළිබඳව දෙස් විදෙස් පුහුණූුවක් අධ්‍යාපනයක් ලැබූ විල්සන් ගුණරත්න මේ වනවිට පුරා වසර විසිපහක පටන් කළමනාකරණය වෘත්තීය පුහුණු පාඨමාලා. කෙනෙකුගේ විසල් සිරුර තුළ සැඟවී ඇති දක්ෂතා හඳුනා ගැනීම සඳහා දෙනු ලබන මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් ආධ්‍යාත්මික, කායික, මානසික වශයෙන් සුවපත්වීමට, සවිමත්වීමට අවශ්‍ය කරන වැඩසටහන් රාශියක් සිදු කරමින් රජරට විශ්ව විද්‍යාලයේ, ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ, සී.එච්.එම් වෘත්තිය පුහුණු ආයතනයේ ආදී ආයතන රැසක ආරාධිත ජ්‍යේෂ්ට කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරනු ලැබේ. කලකට පසු විල්සන් ගුණරත්නයන් හා කෙරෙන කතාබහකි මේ.
මේ දවස්වල ඔබේ කාර්යභාරය මොන වගේ නිර්මාණ අතරේද ගෙවිලා යන්නේ?
රංජිත්.ඩී අල්විස් නාට්‍යවේදියාගේ දුම්මල වරම නාට්‍යයෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඔසඳ ගුණරත්නගේ ජනනාද බ්‍රහ්මදත්ත වේදිකා නාට්‍යයෙත් පෙරපුහුණුවීම් කටයුතුවල නියැළී ඉන්න අතරේ කාල කළමනාකරණ විෂය මම ප්‍රයෝගිකව ක්‍රියාවට නංවමින් මේ හැම දෙයක් සඳහාම කාලය බෙදාහදා ගන්නවා.
මේ දවස්වල ඔබ පුංචි තිරයේ රොඩ්නි?
‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ රොඩ්නිගේ චරිතයට මම රඟපානවා. මේ චරිතයට මම රඟපෑම කළත් විදේශ රටකින් මම ගෙන්න ගත්ත යන්මෑන් ඇන්ඩ් ඕල්මෑන් නම් වු පොත කියවලා යම්දෙයක් ලබා ගත්තා. ඔබ ටෙලිනාට්‍ය තුළ දකින රොඩ්නි තුළ මහලු චරිතය තුළ තරුණයෙක් ඉන්නවා කියලා ඔබට දැනිලා ඇති. ඒ දේ මම එකතු කළේ අර පොත තුළින් ලත් දැනුම මත. මම කියන්නේ නළුවෙක් හැදැරීම් කළ යුතුයි. පොතපත කියවිය යුතුයි. පරිකල්පන ශක්තිය චරිතයට අදාළව වැඩි දියණූු කළ යුතුයි. අධ්‍යයනය විශේෂයෙන් නළුවකුට අත්‍යවශ්‍යයි. මගේ මේ චරිතයේ සාර්ථකත්වය නිසාම වෙන්නැති මිනිස්සු කියනවා රොඩ්නි චරිතය මම හොඳට රඟපානවා කියලා. මම මෙතනදි ඒ චරිතයට අවශ්‍ය දේ කියවීම තුළින් ලබාගෙන මගේ පරිකල්පන ශක්තිය අවදි කරලා තමයි රොඩ්නි වෙලා ඉන්නේ.
අද නව පරපුරේ රංගන ශිල්පීන්ට ඔබ දෙන පණිවිඩය?
නව පරපුරේ අයටත් මම කියන්නේ චරිතවලට රංගනයෙන් සම වැදෙනකොට චරිතවලට ඕන කරන මෙවලම් උපයෝගී කරගන්න ඕනේ. එහෙම කාළොත් විතරයි රංගනය කියන දේ සාර්ථක වෙන්නේ. තමන්ට හොඳ ගමනක් නිර්මාණය වෙන්නේ.
විල්සන් ගුණරත්න කියන චරිතාංග රංගවේදියා ඔය කියන සිද්ධාන්තය තමන්ගේ නිර්මාණ තුළ අනුගමනය කළාද?
ඔව්. මගේ එක් නිර්මාණයක් අරන් බලමු. චරිත අට නිර්මාණය. ඔය කියන තියරිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවුවේ නැත්නම් කොහොමද අර එකිනෙකට වෙනස් කටහඬවල් අවදි කළේ. කොටින්ම කියනවා නම් අනුකරණය කළ සමහර චරිතවල හුස්ම ගන්න ආකාරය තමන්ගේ වාග් ශෛලීය තමන් කතාව නතර කරන ආකාරය එය නැවත පටන් ගන්නේ කොහොමද මේ හැම අධීක්ෂණයක්ම සමීක්ෂණයක්ම හා නිරීක්ෂණයක්ම මම කරල තමයි අවසානයේ චරිත අටක් වගේම කතුර වැඩසටහන, කොඩිවිනය වැඩසටහන මම ජනීජනයාට දායාද කළේ.
චරිත අටක් ඉතා දීර්ඝ කාලයක් පුරා මෙරට ප්‍රේක්ෂක ප්‍රජාවට සේම විදෙස් රටවල ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් වේදිකා ගතවුණා?
පුරා අවුරුදු විස්සකට වැඩි කාලයක් හරියටම මූලින්ම චරිත අටක් පටන්ගත්තේ දෙදහා වසරේ හත්වෙනි මාසෙයේ හත් වැනිදා සවස හතයි හතට.
චරිත අට නාට්‍යය තුළින් ඔබ කියන්න උත්සහ කළ දේ ජනතාව තුළ බලපෑමක් ඇති කළා ද?
මට පෞද්ගලිකව පැෆරල් සංවිධානය කියා සිටියා මිනිස්සු ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මගේ නාට්‍ය නිසාවෙන් අඩු වුණා කියලා.
ඉදිරියේදි සිනමා නිර්මාණයන් තුළ ඔබගේ රංගනයන් ප්‍රේක්ෂකයන් අතරට එන්න තියෙනවද?
ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘එකගෙයි සොකරි’ චිත්‍රපටය එන්න තියෙනවා. මම මේ චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් රඟපෑවේ. ‘ඩුන්ගුරා’ නම් වූ ඒ චරිතය චිත්‍රපටය ආවට පස්සේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබේවි.
චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපළකගේ නිර්මාණ දෙකක එකම චරිතය රඟපෑමේ වාසනාව හිමිකරගත් නළුවෙක් නේද ඔබ?
මම වාසනාවන්ත වුණා. සිනමාවේ චිත්‍රපට නිර්මාණ දෙකක එකම චරිතය රඟපාන්න. ඒ භාග්‍යමත් චරිතය වුණේ අසිත තවුසාගේ චරිතය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ බිම්බා දේවි හෙවත් යශෝධරා චිත්‍රපටයේත් සමන් වීරමන් අධක්ෂණය කළ ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයෙත් මම අසිත තවූසාගේ චරිතය නිරූපණය කළා. ඒ අවස්ථාව මට ලැබීමත් මාව ඒ සඳහාම සිනමා අධක්ෂකවරු දෙදෙනෙක් එකම චරිතයකට තෝරාගැනීම මගේ රංගන ජීවිතයේ සුවශේෂි අවස්ථාවක්.
බොහෝවිට ඔබ අතින් නිර්මාණය වූ දේශපාලන ප්‍රහසනාත්මක කලා නිර්මාණවලින් සමාජයට කියන්න උත්සහා ගත්තේ මොන වගේ දෙයක්ද?
සුදුසු අය සුදුසු තැන්වලට සුදුසු අවස්ථාවේ පත් නොවුණොත් නුසුදුසු වගේම බොහෝම අවාසනාවන්ත ඛේදවාචකයන්ට රටේ ජනතාවට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා කියන දේ දකින්න පුළුවන්.
දැන් බලන්න අපේ තරුණ ආවේග භාවිතා වන්නේ කොයි පැත්තටද කියලා. ඔය තරුණ ආවේග අපිටත් තිබුණා. නමුත් අපි ඒ දේ නිවැරදිව කළමනාකරණය කරගත් නිසා අපි අද මේ ඉන්න තැන රැකිලා ඉන්නවා. අද මේ තරුණ ආවේග පාලනය කරන්න උත්සාහයක් ගැනීම අවැසි ක්‍රමෝපායන් දෙනවද ඒ අය ලබා ගන්නවාද කියනදේ ප්‍රශ්නයක්. අපේ කාලයේ පරිකල්පන ශක්තිය මැවීමේදී සීමාවන් තිබුණේ නෑ. අද මේ ජංගම දුරකථනයකින් මේ හැම පරිකල්පන ශක්තියක්ම සීමා කරලා තියෙන්නේ. විවිධාකාර ඇබ්බැහි වීම් තුළින් ඈත් වෙන්න බැරිවෙලා තියෙනවා. අද තරුණ ප්‍රජාවගෙන් මම අහන ප්‍රශ්නය තමයි කලාව කවුරුන් උදෙසාද කුමක් උදෙසාද මානව වර්ගයා උදෙසා සෞන්දර්යාත්මක වටිනාකමින් පොහොසත් සංවේදීභාවයෙන් අනූන වෙන තමන්ගේ දැනුම නිවැරැදි ආකාරයෙන් මතුපරපුරක් වෙනුවෙන් ගොඩනැංවීම තමයි කලාකරුවෙකුගේ වටිනාකම. යුතුකම වෙන්නේ. මගේ ජිවිතය තුළ මා ආපසු හැරිලා බලනකොට මම අසතුටට පත්වෙන දෙවල් කරලා නෑ. මම කිසිම දේශපාලන පක්ෂයක කඳවුරක නෑ. ඒවායේ සාමාජිකයෙක් නොවේ. ඒවාට ගන්න අනන්ත අප්‍රමාණ උත්සහා ගත්තා. නමුත් මම යන්නෙත් නෑ. වැහි නැති වැලි විතරක් තියන කාන්තාර අපේම වරිගයා එකතු වෙලා ධනවත් රාජ්‍ය බවට පත් කරලා තියනවා. ආර්ථික දේශපාලනීය සමාජීය බහුවිධ බහුවර්ණ ජීවන ගැටලු පාදක කරගෙන ධනවත් පොහොසත් ෙඓතිහාසික වටිනාකමින් පෝෂිත මානව ගතිවලින් සුපෝෂිත රටක් බංකොලොත් රටක් බවට ලෝකෙට කියාදෙන තරමට මේ රට බංකොලොත් කළේ කවුරුද කියන එක තමයි මගේ නිර්මාණවලදී විශ්ලේෂණය වන්නේ.
කලකට පසු ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් එක්කරලමින් ටෙලි චිත්‍රපටයක් රැගෙන එන්නද ඔබේ මීළඟ සූදානම?
මගේ සංකල්පයක් අනුව මගෙත් අන්තර්ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම්ගෙත් සංකලනයෙන් හා මගෙත් චන්ද්‍ර තිලක් ගුණරත්නගේ සහ සුමේන්ද්‍ර කිතුලේ ගොඩගේ තිර රචනයෙන් නිර්මාණය වන සුරපුරය ටෙලි චිත්‍රපටයේ රූප ගතකිරීම් ජුනි මස 07 වැනිදා ආරම්භ කරනවා කොටස් 50ක නිර්මාණයක් වන මෙහි දෙස් විදෙස් අය ගොඩක් රඟපානවා මෙය පසුව වෙනත් භාෂා දෙකකට පරිවර්තනය කර අන්තර්ජාතික තලයට භාර දෙන්නත් සැලසුම් කරලා තියනවා.
සුරපුරය ප්‍රහසනයට බර නිර්මාණයක්ද?
මේක ප්‍රහසනයක්ම පමණක්ම නොවෙයි. මෙහි තියෙන්නේ විද්‍යාත්මක සාධක රටකට නිවැරැදි ආර්ථික සැලැසුම්කරණය සහ මූල්‍ය විනය සහ ජනතාවගේ දේශප්‍රේමීත්වය නිසි ලෙස ගොඩනගා ගැනීම සංවර්ධනය උදෙසා දේශප්‍රේමිත්වය භාවිත කිරීම පාදක කරගත් නිර්මාණයක්.
හරසුන් නිර්මාණයන්ට ලොල්වී සිටින ප්‍රජාව ඔබගේ මේ උත්සාහය හදවතින් වැලඳගනි කියලා අපේක්ෂා කරනවාද?
සිනමා ඉතිහාසය ගත්තොත් අවුරුදු ගණනාවක් තුළ සිදුවෙලා තියෙන්නේ එකම විදියේ කතා වස්තු නමුත් එයින් පිට පැන්න නිර්මාණත් තිබිලා තියෙනවා. ඒවාත් මිනිස්සු වැලඳගෙන තියෙනවා. අපට සිද්ධ වෙනවා ඇතැම් ජනතාවගේ රසයට අනුව සැපයුම දෙන එක නොවේ කරන්න ඕනේ. අපි ජනතාවට හිතන්න පුරුදු කරන පිරිසක් බවට පත් කරන්න ඕනේ. මේ නාට්‍යයේ මගේ තේමාව නම් මුල් භාගයේ සිනාසෙන අගභාගයේ හඬා වැටෙන ඒ දෙයාකාර තත්ත්වයන් තුළ හිතන්න පුරුදු කරන ජනතාවක් වර්ධනය කරගැනීම. මේ රටේ පුරවැසියන් හැටියට අපට වගකීමක් තියෙනවා. ඒවා පිළිපැඳිය යුත්තේ ඇයි කියලා ජනතාව දැනුම්වත් කරන්න ඕනේ. කෙනෙක් උපතින් දුප්පත් වීම වළක්වා ගන්න බැරිවුණත් ඔහු මියයනතුරු දුප්පතෙක් වීම වළක්වා ගන්න පුළුවන්. මේ විසල් සිරුර තුළ තිබෙන ශක්තීන් මත.
ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසත් පාඨමාලා උපදේශකයෙක් ලෙසිනුත් ඔබ සුවිශේෂ කාර්ය භාර්යක් සිදු කරනු ලබනවා?
මාගේ පාඨමාලාවල තියෙනවා ආධ්‍යාත්මික මනෝ විද්‍යාත්මක පාඨමාලා කිහිපයක්. එයින් එකක නම වනුයේ මාවත සහ මා-වත. මෙයින් කියන්නේ දියුණු වීමේ මාවත. හැම මිනිහෙක්ගේම සිරුර තුළ තියනවා කියන එක. අපි හැමෝටම මොළයක් තියෙනවා. ලෝකයේ සුපිරි ධනවතුන්ට තියෙන මොළයේ හැඩයත් අපට තියෙන මොළයේ හැඩයත් එකයි. නමුත් ඔවුන් එක් විදියකුත් අප තවත් විදියක් වෙන්නත් හේතුව මොකක්ද? ඔවුන් ඔවුන්ගේ දකුණු මොළයත් වම් මොළයත් නිසි ලෙස පරිහරණය කිරීම. ඒ දේ අපි කළොත් අපිටත් බොහෝ දුෂ්කරතාවලින් ගොඩ එන්න පුළුවන්. නමුත් අපේ බහුතරයක් දන්නෑ තමන්ට එහෙම කොටස් දෙකක් තියෙනවාද කියලත්. රන්ජන් සිල්වා රචනා කළ සුසිරන්ද සිල්වා අධ්‍යක්ෂණය කළ ඊ බ්‍රේන් ටෙලිනාට්‍යයේ මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස මම රඟපෑවා. මට මෙහිදි හිටපු මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගේ උදව් උපකාර ඇතුව මොළේ පිළිබඳ හැදෑරීම් කරන්න විවිධ සුවිශේෂි පුද්ගලයන් වෙත යොමු කළා. මම මරණ පරීක්ෂණ රැසක් දැක්කා. ඒ හැම කෙනෙක්ම මොළය එකවගේ එකම හැඩතලේ. මොළයේ එකනම් එකිනකා සාර්ථක ආර්ථික මට්ටමක්. සමාජ මට්ටම් හදාගෙන තියෙන්නේ නිසි ලෙස පරිහරණය කිරීමෙන්. අපි දැනට හුඟක් අය පාවිච්චි කරන්නේ දකුණු මොළය විතරයි. එහි ක්‍රියාත්මක වන්නේ හැඟීම් විතරයි. එ්ක තමයි මේ ආවේගවලට මුල. වම, අපට තියෙන තාර්තික ඥානය භාවිත කරන්නේ බොහොම අඩුවෙන්. මගේ උත්සාහය නම් රවටන්නේ ඇයි රැවටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට විසඳුමක් සොයන්න. ඔබ ඔබේ සිහින මාලිගා අද පරපුරත් මතු පරපුරත් වෙනුවෙන් නිවැරැදිව ගොඩනගා ගන්න. බොහෝ රටවල නිර්ධන පන්තිය කියන පන්තිය නැති වුණේ දේශපාලඥයන්ගේ සැලසුම් නිසා පමණක් නොවෙයි. තමනුත් තමන්ගේ බුද්ධිය අවධි කොට අන්ධ භක්තිය දුරුකොට මහා වෘක්ෂයක් මෙන් නැගිට තවත් කෙනෙකුට ඒ වෘක්ෂයේ සෙවණැල්ල ලබාදීම නිසා. ඊළඟ මගේ ඉල්ලීම නම් දැනුම පමණක් ප්‍රමාණවත් නැත. එය භාවිතයට ගන්න ඕනකම පමණක් ප්‍රමාණවත් නැත. ඒ ඕනෑකම ප්‍රතිපල සහගත වන විදිහට භාවිත කරන්න. මේ සටහන කලාකරුවෙකුට පමණක් විතරක් නොව ජ්‍යේෂ්ට කථීකාචාර්යවරයකු ලෙස තියෙන මගේ බැංකු තුනේ තැන්පතුවලින් මම මේ දේ කියන්නේ. මට මේ රටේ තියෙන බැංකු තුන මේ රටේ අනික් මිනිස්සුන්ටත් තියෙනවා. දැනුම් බැංකුව, මතක බැංකුව, හැඟීම් බැංකුව. මේ ත්‍රිත්වයට නිසි තැන්පතු තැන්පත් කොට බලන්න ලැබෙන පොළිය කියන්න තියෙන්නේ තැන්පතු අසීමිත බවයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න