වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
ජනතාවට නිවැරැදි දේ දෙන්නයි මට ඕනෑ

ඇගේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත් වූයේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ සිප් සතර හදාරන කාලයයි. විවිධ අංශයන්ට සම්බන්ධ වී නොසිතූ ලෙස දක්ෂතාවයන් පෙන්විමට අවස්ථාවක් උදාවිය.ජාතික ගුවන් විදුලියේ ළමා පිටියේ ළමා නිවේදිකාවක විම තුළින් රූපවාහිනියට සම්බන්ධ විමට අවස්ථාව ලැබුණි.ඒ පැමිණි ගමනේ 21 වසරක් ගත වී හමාරය.මේ 21 වසර තුළ සිදු වූ සිදුවීම් හා මුහුණ දුන් අනපේක්ෂිත අවස්ථා කියා හෝ ලියා නිම කළ නොහැකිවේ.ප්‍රවෘත්ති වාර්තාකාරිණියක ලෙස ඇරඹුණු ගමන ඇගේ දක්ෂතාවය නිසාම අද සිරස නාලිකාවේ ප්‍රවෘත්ති කළමනාකාරිනිය දක්වා පැමිණියේය.විවිධ සම්මාන උලෙළ වලදි සම්මාන ලද සම්මාන ලාභිනියකි.
එමෙන්ම ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස රයිගම්,පීපල් එවෝඩ් සම්මාන ඇගේ නමට සටහන් විය.මාධ්‍ය ලෝකයේ බලාපොරොත්තු රඳවා ගන්නා සියලු දෙනා හමුවේ ඇයත් බලාපොරොත්තුවක් රඳවා ගත්තේ උතුරා යන සොම්නසය. මේ සතුට බෙදාගන්න පසුගියදා සරසවිය පුවත්පතට ගොඩවුණු ඇය ඔමායා කෝවිලගොඩගේයි.
ළමා පිටියෙන් ඇරැඹු ගමන ගැන කියන්න කැමතිද?
මාධ්‍යය ජීවිතේට මම ඇතුළත් වෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියෙන්. ඊට පස්සේ ස්වදේශීය වෙළෙඳ ක්‍රීඩා නාලිකාවල නිවේදිකාවක් ලෙස සේවය කරනවා. ඒ අතරතුර 2000 දි සිටි එෆ් එම් සේවයට හා පවන රෙඩියෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නිවේදිකාවක් වෙනවා.මම නිවුස් ෆස්ට් සමඟ සම්බන්ධ වෙන්නේ 2003 අගෝස්තු මාසයේ. මුලින්ම ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් නිවේදිකාවක්,නිෂ්පාදිකාවක් සහකාර කළමනාකාරවරියක් විදිහට සේවය කර තිබෙනවා.දැන් දඥඹඵ ටඪපඵබ කළමනාකාරිනිය ලෙස වැඩකටයුතු කරනවා.
ජිවිතේ බලාපොරතු තුළ සතුට ඉතිරිලා යනවා නේද?
හිතේ කොනක ඇත්තටම නිහතමානි සතුටක් තියෙනවා.අද මෙතනට එන්න ගොඩක් දුක් මහන්සි වුනා .ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති කළමනාකාරිනියක් කියන්නේ භාරදූර කර්තව්‍යයක්.කාන්තාවකට මාධ්‍ය ක්ෂේත්‍රයේ ගමන හරිම අමාරු කර්යයක්. ඒ ආපු ගමන අමාරුවෙන් හරි ආපු එකගැන පුදුම සතුටක් දැනෙන්නෙ.සිරස නාලිකාව කියන්නේ සියලු දෙනාට සම අයිතීන් ලබා දුන්න ආයතනයක් නිසා අද මට ප්‍රවෘත්ති කළමනාකාරිනිය වෙන්න අවස්ථාව උදා වුණා.ක්ෂේත්‍රය තුළ සියලු සුදුසුකම් සපුරා ගෙන ඉදිරියට යනවා නම් ඔවුන්ට ඔවුන්ගේ ඉලක්කය කරා යන්නට හොඳම අවස්ථාවක් තමයි මම ඉන්න තැන.අද තරගකාරිත්වය වැඩියි.ඒත් තමන් දක්ෂ නම් ඒ තරගකාරීත්වයට බය විය යුතු නැහැ.තරගයක් දුන්නොත් තමයි ගමන තියෙන්නේ කියලයි මගේ ඒකායන අරමුණ වුණේ හැමදාම.මේ ජීවිතයේ මම ලබපු, ලැබුණු ,ලබා ගත්ත දේවල් බොහෝයි.ජීවිතයට ලබා ගත්ත දේවල් ලියල කියල ඉවර කරන්න බැහැ .
ඇගයිම් සම්මාන ලැබිලා තියෙනවා නේද?
ඔව් මට හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස සම්මානය ලැබිලා තියෙනවා.ඒ මුල්ම කාලෙ නම් ඇත්තටම සම්මානයක් ලැබීම ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා.ක්ෂේත්‍රයට ඇවිල්ලා කාගෙත් බලාපොරොත්තුව සම්මානයක් ගැනීමයි.අපේ ගමනේ අරමුණ සාක්ෂාත් කරගන්න ඒ කාලේ සම්මාන ලැබීම හරිම වැදගත් වුණා.එදා මම දැක්කේ ඕනෑම වෘත්තියක නියැළිලා ඉන්න කොට කෙනෙකුගේ ඇගයීමට සම්මානයක් සහතිකයක් ලැබෙනවා නම් හරිම වටිනවා කියලයි.ඒ සතුට මම එදා වින්දා.ඒත් මම කවදාවත් ඉල්ලලා සම්මාන ගන්න කැමති නැහැ. අපි ඉදිරිපත් කරන ප්‍රවෘත්ති නිවේදනය තුළ ජනතාව අපව තීරණය කරනවා හොඳ නිවේදිකාවක් ද නිවේදකයෙක් ද කියන සලකුණ.ඒ නිසා ඕනෑම සම්මාන උලෙළකදි විනිශ්චය මණ්ඩලය ජනතාව බලන කෝණයෙන් බලලා දක්ෂයෙක්ද ද නැද්ද කියන එක තීරණය කළ යුතුයි.අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ සෑම රටකම ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන හා ඉදිරිපත් කරන සියලුම දෙනා වගකීම් සහිත රාජකාරියක නියැළෙන්නේ.ඒ නිසා දක්ෂයන් හඳුනා ගැනීම නිරීක්ෂකයන්ට සහ ජනතාවට බාරයි.අපි පෝලිමේ ගිහිල්ලා මම දක්ෂයි මට දෙන්න සම්මානයක් කියලා කියලා ඉල්ලලා ගන්න සම්මාන ලෝකයේ වෙනත් රටවල් වල නැහැ.ඒ නිසා වෙනත් රටවල් වල තියෙන්නෙ ප්‍රවෘත්ති නිවේදනයට වැඩිම කුසලතාවන් දක්වන සහ ජනතාව අගයන සම්මානය තමයි ඒ නිසා මම හැමදාමත් ඉන්නේ ජනතාවගේ සම්මානය ලබන තැනයි.
ඕනැම අයකු රාජකාරි ජීවිතේ කවදාක්වත් බලාපොරොත්තුවක් නැතුව රාජකාරියට වාර්තා නොකළයුතුයි .නව පරම්පරාවේ බොහෝ දෙනා බලාපොරොත්තු ඇතිව තමයි දැන් නම් රාජකාරි වල නියැළෙන්නේ. මට ඇහිල තියන විදිහට සමහර ආයතනවල ප්‍රධානින් සම්මාන උළෙලක් ළඟා වෙන විට ඉදිරිපත් වෙනවා නේද කියලා අහනවා.ඒත් මගේ ආයතනයේ එහෙම තැනක නැහැ . ඒ නිසා තමයි මේ සම්මාන උළෙලවල් හැම එකටම නියෝජනය කරන්න ඉදිරිපත් වන තැන අපි නැත්තෙ.ආයතන නියෝජනය කිරීම වෙනුවෙන් අපි ඉදිරිපත් විය යුතුයි.එහෙම නොවුණොත් වෙනත් ආයතන පමණක් ඉදිරිපත් වුණොත් අපේ ඉදිරිපත්වීමේ දුර්වලතාවයක් ලෙස දකින්න පුළුවන්.තරඟයකට ඉදිරිපත් වීමේ දී ලොකු කාර්යභාරයක් තියෙනවා.ඒ රාමුව තුළ ඉඳගෙන තමයි අපි හැම මොහොතම කටයුතු කරන්න ඕනේ.මේ ඉදිරිපත් වුණ හැම මොහොතකම අන්තිම මොහොතේ තමයි ඉදිරිපත් වුණේ.
ප්‍රවෘත්ති කළමනාකාරිනියක ලෙස ඔබ හිතන්නේ කුමක්ද?
මගේ ඒකායන ම බලාපොරොත්තුව ජනතාවට නිවැරදි දේ ලබාදීම පමණයි.ප්‍රවෘත්ති අංශයක වැඩ කරනවා කියන්නේ හරි භාරදූර කාර්යක්. වරදින්න බෑ සත්‍ය දේ වටහල දිම හා පෙන්වාලා නිවැරදි මාර්ගයක යන්නට අවස්ථාව සලසා දෙන්න ඕන.මුලින් ඉදිරිපත් කිරීමේදී වැරදිලා නැවත සමාවෙන්න වැරදීමක් කිව්වට ජනතාව ඒය වටහා ගන්නේ නෑ.සිය දහස් වාරයක් කල්පනා කරලා නිවැරදිව ම වටහා ගෙන වැඩ කරන්න ඕන. විශේෂයෙන් අලුතෙන් එන තරුණ පරම්පරාව බහුතරයක් වෙනත් බලාපොරොත්තු ඇතුව රැකියාවට එන පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්.ඒත් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගත යුතුයි. හැම ක්ෂේත්‍රයකටම.නව පරම්පරාව අතර සිය දහස් ගුණයකින් දක්ෂයන් ඉන්නවා.ඒත් වංගු දාලා උඩට යන පිරිසුත් ඉන්නවා.නැවත අවස්ථාවකදි වංගුව කෙළින් කරනකොට පාර කොතනද තිබ්බෙ කියලා දන්නැතුව ආපස්සට හැරිලා බලන්නට සිදුවෙනවා. එවිට ඔවුන් දුක් වෙනවා මම ඉගෙනගත්ත දෙයක් නෑනෙ කියලා .අපි විඳපු අත්විඳපු දේවල් නව පරම්පරාවට ලැබෙන්නැහැ. ඒ නිසා ඔවුන්ට වෙනත් මාර්ග තියනවනම් පෙන්වා දීම මගේ ඒකායන අරමුණක්.ඒ හැම දෙයක්ම කරන්නේ මම ජනතාවගෙ පැත්තෙ හිටගෙනයි.සත්‍ය දේ පළමුවර නිවැරදිව ගෙන යා යුතුයි.ඒ නිසා තමයි ලෝකය විවිධ නාලිකා අද නිවැරදිව වටහා ගෙන තියෙන්නෙ ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්නේ නිවැරදි දේ ඉදිරිපත් කිරීම කියන එකයි. කපලා කොටලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා කියන එක සත්‍ය දේ නෙවෙයි.ජනතාව අද ඉන්නේ නිවැරදි තැන.ගෙවන තත්පරයක් මොහොතක් පාසා නිවැරැදි තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතුයි ප්‍රවෘත්ති කළමනාකාරිනියක් ලෙස, මම පහළම මට්ටමේ ඉදන් ආපු කෙනෙක් හැටියට මම ඒ අත්දැකීම් විඳල තියෙනවා. ඒ නිසා මට ඒක හොඳීන්ම දැනෙනවා.
ඇගයිමක් ලැබීම ඔබ හිතන්නේ මොන විදිහටද?
සම්මානයක් ලැබෙනවා කියන්නේ මම හිතන විදිහට සාපෙක්ෂ දෙයක් අපේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ.ඒත් අපේ ක්ෂේත්‍රය තුළ සම්මාන උළෙලකට ඉදිරිපත් වීමේදී නිවේදිකාවකට හෝ නිවේදකයකුට ජයග්‍රහණය කරපුවාම අවසානයට තේරුණ කෙනා ගැන සමාජය කියන කතා තුළදී කියන්නේ අරයට දෙන්න තිබුණා. මෙයාට දෙන්න තිබුණා. කියන අදහස් තුළ ඒක හරියටම මම හිතන්නේ සාපේක්ෂ දෙයක් කියලා.ඒත් දුවන තරඟපිටියකදී සුගත් හෝ අඹේපිටි දුවද්දි සුගත්ට දෙක වෙන්න තිබුණා. අඹේපිටියට දෙක වෙන්න තිබුණා කියලා කවදාවත් කියන්නේ නැහැ නේද?.එහෙම බලපුවම තමයි මම මේ කියන්නේ සාපේක්ෂයි කියලා.මේ තුළ සතුට රඳා පවතින්නේ බහුතර විනිශ්චයකින් තරගකරුවන් පිරිසකගෙන් තරගකාරීත්වය බලලා හොඳම කෙනා තෝරලා ඒ සම්මානය ලබාදීම එක ගැන පමණයි.කෙටියෙන් පැහැදිලි කරනවා නම් මට කියන්න තියෙන්නේ බහුතරයක් තුළ තෝරාගැනීම තුළ ජයග්‍රහකයා ඒයා තමයි කියන සතුට තමයි භුක්ති විඳීන්න ඕන.ඇත්තටම මම දැන් ඇවිල්ල අවුරුදු 21කට එහා ගිහිල්ලා තියෙන්නෙ මම ජ්‍යෙෂ්ඨ කෙනෙක් හැබැයි හෙට එන කෙනා කනිෂ්ඨයෙක් මට වැඩ්ය දක්ෂයෙක් වෙන්න පුළුවන් මම ඒක කවදාවත් අවතක්සේරුවක් කරන කෙනෙක් නෙවෙයි.ඇයගේ දක්ෂතාවය, පෙනුම, ඉදිරිපත් කරන විලාසය තුළ මට වැඩියෙන් ඉදිරියෙන් ඉන්නේ කියලා කියන්න පුළුවන් නම් ඒ හරියටම සාපේක්ෂයි.මම හිතන්නේ මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා කියන එක විතරයි.
ආපස්සට හැරිලා බලන විට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
මම හිතෙනවා අපි ආපු කාලසීමාවදි මම ලබපු අත්දැකීම හා දැනුම 90හා2000 දසක ඉපදිච්ච කිසි කෙනෙකුට ගන්න පුළුවන් වෙයි කියලා.ඒ ගත්ත භයානක අත්දැකීම් ඔවුන්ට ගන්න නොලැබේවා කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා.මගේ පවුලේ කිසිම කෙනෙකු රුපවාහිනි මාධ්‍යයට සම්බන්ධ වෙලා නෑ අදටත් නැහැ මම තමයි ඉන්න එකම කෙනා. මල්ලි ගුවන් විදුලි ක්ෂේත්‍රයට සම්බන්ධයි. 2004 සුනාමිය එනකොට මම උඩු ගුවනේ සිට සිරස රාජකාරි නිරතවෙයි හිටියේ.මුලින්ම උඩු ගුවනේ සිට එදා සජීවී රාජකාරියේ හිටියේ මමයි.එදා ඒ අත්දැකීම අපි විකාශනය කළා.විහාර මහාදේවිය පාකරලා යැවුවා කියන කතාව අහලා තිබුණට පස්සේ මම ලබපු අත්දැකීම තමයි මුහුද ගොඩ ගලනවා කියන එක ඒ වගේ අත්දැකීම් අපිට පුදුම විස්මය ජනක ගෙන දෙන ප්‍රවෘත්ති බවට ඒකාලේ පත්වුණා.ඒ තුළින් අපි රෝහල්වලට ගිහිල්ලා මිනිසුන්ගේ අත්දැකීම් ඇරගෙ වාර්තාමය වැඩසටහන් හැදුවා.විදුලිය නෑ තිබ්බේ මේ වගේ තාක්ෂණය දියුණු කමක් තිබ්බේත් නෑ ඒ වගේ අත්දැකීම් තුළින් තමයි මගේ ජීවිතේ ගමන ආරම්භ කළ.
එදා ලබපු අත්දැකිම මේ සියලු දේවල් වලින් පසුව ලෝකෙම වෙලා ගත් කෝව්ඩ් වසංගතය මේ ලබපු අත්දැකීම් එක්ක ආපස්සට හැරිලා බලනකොට අද ඉන්න තැන ගැන ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ. අපි මේ පහු කරල ඇවිල්ලා ඉන්නේ අඳුරු කාලයක් කියලයි.අද පරම්පරාවට පහසුකම් අපරිමිතයි.ඒ අතින් බලපුහාම අපි අවාසනාවන්තයි. නමුත් අද අපි ඇවිත් ඉන්න දුර හරිම සතුටුයි. ජනතාවගේ සම්මානය නිසා හැමදාම රැඳී පවතින්නේ මම හෙමින් ගමනක් ආපු නිසයි.අද වන විට මම ප්‍රවෘත්ති කළමණාකාරීත්වත් එක්කම ගම්මැද්ද ජාතික මෙහෙවර ,විවිධ දේශපාලනික වැඩසටහන්, වාණිජමය වැඩසටහන් මෙහෙයවන නිෂ්පාදනය කරන තැනටත් පත් වී සිටිනවා.මම කිසි විටෙකත් එකම රාමුවකට කොටුවෙලා වැඩ කරන්න කිසිදිනක බලාපොරොත්තු නොවුන කෙනෙක් වුණා.මම ඒයින් බලාපොරොත්තු වෙන්නේ මගේ හැකියාව තුලින් උපරිමයෙන්ම සේවය ආයතනයට ලබා දීමයි
ඔබට රාජකාරයේ නොලැබුණ අත්දැකිම් මොනවාද?
මම යුද්ධය කාලයේ ප්‍රවෘත්ති අංශයේ වැඩ කළා . නමුත් මම නවකයෙක් නිසා නිවේදන කටයුතු වලට පමණයි අවස්ථාව හිමි වුණේ . යුද්ධය වාර්තා කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ . බෝම්බ පිපිරීමේ සිදුවීම්, මැති ඇමැතිවරුන් අකාලයේ ඝාතනය වන අවස්ථා , ඒව නිවේදනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා . මට හොඳටම මතක සිදුවීමක් තමයි එල්ටීටීඊ ගුවන් යානයක් කොළඹට පැමිණීම . ඒ වෙලාවේ ප්‍රවෘත්ති කියන්න සූදානම් වෙලා හිටියේ . නමුත් පැවති පැවති තත්ත්වය මත පැය දෙකක් පමණ මම සහ අපේ කණ්ඩායම බිම දිගා වී සිටියා මතකයි .ඒ ආරක්ෂාකාරී පියවරක් විදිහට .යුද්දයේ අවසානය විදියට ඹ්ඊඊඡ් සංවිධානයේ නායක ප්‍රභාකරන් මිය යද්දිත් මම ප්‍රවෘත්ති අංශය රාජකාරි කරමින් සිටියා . මේවා දැන් නූතන පරම්පරාවේ මාධ්‍යවේදීන්ට හිමි නොවන විරල ගණයේ අත්දැකීම් විදියට මට මේ වෙලාවේ මතක් වෙනවා.කටුනායක ගුවන් තොටුප පහරදිම ,පාරමී කුලතුංග බෝම්බය පිපිරීම පන්නිපිටිය, මට මේ සිදුවිම් කිසිවකට යන්න නොහැකිවුණා , ඒ මම නවකයෙක් නිසාවෙන්ය.දැන් එන අලුත් පරම්පරාවටත් පහුගිය වූ යුද්ධය ඇතුලු දේවල් ගැන කියන්න තියෙන්නෙ පුස්තකාල දර්ශන හා ලියු ලිපි ලේඛන වලින් පමණයි.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික කාලයක් ජනප්‍රිය නිවේදිකාවක් නිෂ්පාදකවරියක් සහ කළමනාකාරිනියක් විදිහට වැඩකිරීම අභියෝගයක්, මේක කොහොමද ඔබ ජය ගන්නේ?
ඇත්තටම අභියෝගයක් තමයි , හැබැයි හොඳට ප්‍රවෘත්ති කියන ඔමායා වුණා කියන එකට මම හරි ආදරෙයි .හරියට ගරු කරනවා . ජීවිතේ පැවැත්ම, අධ්‍යාපන ,රැකියාව, සමබර කර ගැනීම , ඇත්තටම අභියෝගයක් . නමුත් මම සේවය කරන සිරස මහාරාජා ආයතනය තුළ එවැනි අසීරු තත්ත්වයක් නැහැ . ඔවුන් කාන්තාවන්ට සම අවස්ථා , දක්ෂතාවයට හැකියාවට වැඩ කිරීමට අවස්ථාව දෙනවා..දක්ෂ පුරුෂයන් අතරේ මට මම ගැන සතුටුයි. ලෙහෙසියෙන් රටේ ජනතාවගෙන් ලබාගන්න බැරි ආදරයක් මට සිරස ඉතුරු කරලා තියෙනවා. ගැළපෙන තනතුරක මම ඔසවා තබා තිබෙනවා . මට සුදුසු රස්සාව මන් සතුටින් විඳිනවා.ලෝකයේ හැම ක්ෂේත්‍රයකම දෙස බලන විට අද කාන්තා පාර්ශවය තමයි ප්‍රධාන පුටුවල හිඳ ගෙන ඉන්නේ. වෙලාව වැඩ කිරිම සහ අභියෝග ජය ගැනීම තමයි ඕනෑම ක්ෂේත්‍රයක කාන්තාවකට කරන්න පුළුවන්ම තැන වෙත රැගෙන යන්නේ .එවිට කිසිවිටෙක අභියෝගවලට බය විය යුතු නෑ.