වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ගී නිර්මාණයක් පැතිකඩ කිහිපයකින් කියවිය හැකි නම් සාර්ථකයි

නිර්මාණකරණයේ දී අංශ ගණනකින් කටයුතු කිරීම සුවිශේෂී වූ අවස්ථාවක් ලෙස හඳුනාගත හැකිය. ගීත රචනය ගායනය හා කාව්‍යකරණයේ යෙදීම ප්‍රමුඛව නිර්මාණකරණයේ තවත් අංශ කිහිපයක් ඔස්සේ සිය හැකියා සමඟ කටයුතු කරන නිර්මාණකරුවකු ලෙස ශිරන්ත ප්‍රගීත් අපිට හඳුනා ගත හැකි වේ. විශේෂයෙන් ප්‍රවීණ ගායක දයාන් විතාරණ ගායනය කරන තියා ගිය නුඹෙ මතක සිතුවම් ගීතය ඔස්සෙ අවධානයට ලක්වන නිර්මාණකරුවකු ලෙස ශිරන්ත ප්‍රගීත් ඔහුගේ නිර්මාණ පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි මේ.
මම ගීත ගයනවත් ඵක්කම සින්දු ලියන කෙනෙක්. එසේම පිටපත් රචනයේ යෙදන කෙනෙක්. මේ වන විට ගීත හයක් මම ගායනා කර තියෙනවා. ඵයින් තුනක් මම ලියූ ගී. වෙනත් ප්‍රවීණ ගායකයන් ඇතුළු ගායක ගායිකාවන්ට ලියු ඔවුන් මේ වන විට ගයනා කරන ගීතත් තියනවා. බම්බලපිටිය වජිරාරාමාධිපති අමරපුර නිකායේ මහා නායක ධුරන්දර තිරිකුණාමලයේ ආනන්ද හමුදුරුවෝ තමයි මේ නිර්මාණ කාර්යයට මට විශාල ලෙස ගුරුහරුකම් දුන්නේ.
පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුර නිර්මාණ කාර්යයේ යෙදෙන්න මොන වගේ පසුබිමක්ද තියෙන්නේ?
මම මගේ නිර්මාණ කටයුතු සියල්ලෙම යෙදෙන්නේ රැකියාවෙන් පරිබාහිරවයි. ඵ් අයුරින් තමයි රැකියාවෙත් නිර්මාණ කාර්යයේත් සමබරව යෙදෙන්න මම සෑමවිටම කටයුතු කරන්නෙ.
නිර්මාණකරණයේ ආරම්භය ගැන මතක් කළොත් පුංචි කාලෙ නම් මට මේ ගැන ලොකු හැඟීමක් තිබුණෙ නැහැ. පාසල් යන අවධියේ, දහම් පාසල් යන කාලයේ දැඩි ඕනෑකමකින් නිර්මාණ කාර්යයට යොමු නොවුණත් කාලයත් සමඟ මම කවි ලියන්න පෙලඹුණා. ඵ් කවි තමයි පසුකාලීනව ගීත විදිහට ටිකෙන් ටික ඔපමට්ටම් වුණේත්. මගේ නිර්මාණ කාර්යයේ පටන්ගැන්ම ඵහෙමයි.
ඉන්පස්සේ දිගින් දිගටම මම අවධානය යොමු කළේම ඵ් වෙනුවෙන්. ඵ් කාලයේ් මම මගෙ ගීත නිර්මාණ නොයැවු කෙනෙක් නැතිතරම්. හැබැයි ඵ් දිනවල මට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. ඵ්ත් දවසක් මම ගෙදර ආ විගස අම්මා ඇහුවා, මම සින්දු ලියනවාද කියා. මොකද කවුරු හෝ එදා අපේ ගෙදරට කතා කර තිබුණා. නමුත් ඒ වෙලාවෙ මම කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. මොකද අපේ ගෙදර කිසිවකු හෝ දැන සිටියෙ නෑ ඵ් වෙද්දි මම ගීත ලියන බව. හැබයි ඊට පස්සේ මම අම්මට කිව්වා මම ගීත ලියන බව. එදා යම් ගායකයකු තමයි ගෙදරට කතා කර කියා තිබුණේ මගේ ගීතයක් ගායනා කරන්න තෝරා ගත් බව.
මගේ පළමු ගීතය බොදු බැති ගීයක්. ඔය කාලයේ හරි අපූරු සිදුවීමකුත් වුණා. අපේ සෝම හිමියන්ගේ ගුණානුස්මරණ උත්සවයක් සඳහා ගුණානුස්මරණ ගීයක් ලියන්න මට ඇරැයුමක් ලැබුණා. හැබැයි ඒ සඳහා වැඩි කාලයක් තිබුණේ නැහැ. ගීතය ලියා තනුව හා සංගීතය යොදා ගායනය සඳහා පුහුණුවීමටත් තිබුණේ දවසකටත් අඩු කාලයක්. නමුත් ඒ ඇරැයුම අනුව මම ඒ අභියෝගය භාරගෙන ගීතය ලිව්වා. ඵ් ගීතය සුදුසුයි කියා අනුමත වූ පසු ඊට සංගීතය මුසුකර ගායනා කළේ සජීව සංකල්ප.
ඒක මගේ ජීවිතයේ අමතකම නොවන සිදුවීමක්. විශේෂයෙන් සෝම හිමියන් වෙනුවෙන් මට ලැබුණූු විශේෂ අවස්ථාවක් විදිහටයි මා එය දකින්නේ. මුල් අවධියේ මම බුදු ගුණ ගී ලියන්න තමයි මම වඩාත් නැඹූරුවක් තිබුණේ. හැබැයි පසු කාලයේ බොහෝ දෙනෙක් කිව්වා නිර්මාණකරණයේ තවත් පැතිවලට යොමු වෙන්න කියලා. ඒ අනුව තමයි මට ප්‍රේම හා විරහා ගීත ලියන්න නැඹුරුවක් ඇති වුණේ.
ඔබ වඩාත්ම ආස කරන දේ මොකද්ද?
මට කුමක් හෝ අවස්ථාවක් ලැබෙනවා නම් එයින් තව කෙනෙකුටත් ආලෝකයක් ලබා දෙන්න මගේ තමයි මගේ ලොකුම කැමත්ත. මොකද මගේ මුල් අවධියේ මම ගොඩක් දුක්වින්ද කෙනෙක්. මුලින් ගීත රචනා කරන අවධියේ කිසිවකු මාව දැනගෙන හිටියේ නෑ. නමුත් මම අද නිතරම බලන්න අවස්ථාවක් නොලැබ සිටින ආධුනියකුට උපකාරයක් කළ හැක්කේ කොහොමද කියලා බලන්නයි. සමහර විට ඔවුන්ට අත දී උඩට ගත්තොත් ක්ෂ්‍රේත්‍රයේ දැවැන්ත චරිත විය හැකියි සමහරවිට. මම කැමති මාත් එක්කම ඔවුන්නුත් ඇදගෙන යන්න තනි ගමනක් යනවට වඩා මම කැමති ඒකට. අපි උදාහරණයක් ගනිමු. මුහුණ පොතේ කවි ලියන බොහෝ පිරිසක් ඉන්නවා. හැබයි බොහෝ දෙනෙක් එවාට දමන කමෙන්ට් ඔවුන්ව පහතට දානසුලුයි.
සමහරවිට ඒ එක් අදහසකින් ඔවුන්ගේ නිර්මාණ දිවිය ම අඩපණ විය හැකියි. නමුත් කවදාවත් මම එසේ කරන්නේ නැහැ. යම් අදහසක් ලියන්නෙ හෝ කියන්නේ ඔවුන් දිරිමත් කරන විදිහට. ඔවුන්ට උපදෙස් ලබා දෙන්නේ ඔවුන්ගේ නිර්මාණ දිවියට හානියක් නොවෙන විදිහටයි. මොකද මගෙන් ආරම්භය ඒ ආකාරයි. අද ඒ විදිහට ක්ෂේත්‍රයේ ඉතා හොඳ තැනක සිටින කීප දෙනකු පිළිබඳ මට අත්දැකීම තියෙනවා. ජනප්‍රිය ගායක ගායිකාවන් අද ඒ අයගේ ගීත ගායනා කරනවා. ඒ එදා ඔවුන් සමඟ අදහස් බෙදා ගනිමින් ගුරුකම් දෙමින් ඔවුන්ගේ නිර්මාණය අගය කරමින් ගමනක් ආනිසයි.
නිර්මාණ කාර්යයේදී ඔබ නිරන්තරයෙන් සැලකිලිමත් වන කාරණා මොනවාද?
සිංහල බෞද්ධයකු විදිහට මම යම් පසුබිමක් තුළ ඉන්නවා. මම කවදාවත් එයින් පිට පනින්න උත්සාහ දරන්නේ නෑ. ඒ සහා්‍යයත්වය වටිනාකම් ඇතුළෙ තමයි මම සැමවිටම වැඩ කරන්නේ. එසේම සෑහීමකට පත් වෙන්න බැරිනම් කවදාවත් මම මගේ නිර්මාණයක් සිතට එකඟ නොවන විදිහට ජනගත කරන්න උත්සාහ කරන්නේ නෑ. විශේෂයෙන් සමාජ හිතකාමී නොවන විදිහට මගේ ගීයකට රූප රචනයක් හෝ කරන්න මම අකමැතියි. විශේෂයෙන් මා වටා හිඳිමින් මට උපදෙස් අනුශාසනා ලබා දෙන ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා වගේම මා ඇසුරු කරන බොහොමයක් උගත් පිරිස ඇසුරෙන් මට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයන් හා ගුරුහරුකම්. ඉතින් මම කැමැතියි ඒවගේම පසුබිමක් තුළ ඉඳගෙන වැඩ කරන්න. මොකද පොඩි දෙයකින් හෝ නම ගැන කර ගත්තොත් නැවත හදා ගන්න බෑ එය කවදාවත්. නිර්මාණ කාර්යයටත් එහෙමයි. මම හරියට නිර්මාණයක් කළොත් එය කාලයක් පවතියි.
ගීතයක් හා රූප රචනයන් අතර කුමනාකාර සම්බන්ධයක් ගොඩ නැඟිය හැකියි ඔබ කල්පනා කරනවා ද?
මම හිතන විදිහට රූප රචනයකින් ගීතයක යථාර්ථය දෙන්න බෑ. හැබැයි මම ගීතයක් ලියූ වූ විට දහදෙනෙක් ඒ ගැන දස විදියකට කතා කරයි නම් එය සාර්ථකයි කියා මට හිතෙනවා. යම් නිර්මාණයක් පැතිකඩ කීපයකින් කියවිය හැකිනම් එය සාර්ථක නිර්මාණයක්. මම තවදුරටත් මා තුළම වර්ධනය කරගත යුත්තේ ඒ තත්ත්වයයි.
ඔබේ නිර්මාණකරණයේ අරමුණ මොකක්ද?
සමාජ පරිහානියේ මූලිකම හේතුවක් වන්නේ සමාජයක් කලාවේ රසවින්දනයට නැඹූරු නොවී වර්ධනය වීමයි. කලාව ස්පර්ශ කරන පුද්ගලයන් සංවේදීයි. සමාජ හිතකාමියි. මගේ නම් අදහස මෙය පුංචිම දරුවාගේ සිට, පාසල් මට්ටමේ සිට ඇරැඹිය යුතු බවයි. ඒකට අපි තවමත් ප්‍රමාද නෑ.
ඔබේ අනාගත පැතුම් මොනවාද?
අනාගතයේ මම ඒකාංගික ප්‍රසාංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම කවි පොතක් කරන්න කැමැත්තක් තියෙනවා. මම නිම කරපු නවකතා එළිදක්වන්නත් ඕන. ඒ වගේම කොටසක් පනහකින් විතර යුත් මගේ ටෙලි නාට්‍ය පිටපතේ වැඩ කටයුතු නිම කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මම මෙතනදී නවකයන්ට කියන්නේත් මේ දෙයයි. මම ගීත රචනයේ යෙදෙනවා. කවි ලියනවා. ගීත ගායනයේ යෙදෙනවා. පැති ගණනාවක් ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙනවා. එහෙම නම් මම අනිත් අයටත් කියන්නේ ඔබටත් කුමක් හෝ දෙයක් ඔස්සේ ඉදිරියට ආ හැකියි කියන එකයි.
ඔබේ නිර්මාණ අතරින් වඩා කැමති?
කීපයක් තියෙනවා. එකක් තමයි මම රචනා කළ දයාන් විතාරණ ගායනා කළ තියා ගිය නුඹෙ මතක සිතුවම් ගීතය. මම ගොඩක් ආසා ගීතයක්. ඒ වගේම වගේම මම මං ගායනා කරන රසික උපුල් ජයවර්ධන රචනා කළ තරිඳු කොස්තා සංගීතවත් කළ තිරු කිනිති විසිරී ගීතයටත් මම ගොඩක් ආසයි. ඒ වගේ ගීත කිහිපයක් ප්‍රමුඛව මගේ හැම නිර්මාණයකටම මම කැමැතියි.