මගේ දරුවන්ට වගේම සියලු ළමා පරපුරට නාලිකාවක් බිහිකිරීම සතුටක්

ඔක්තෝබර් 12, 2023

 

Dialog TV විකාශයේ A Plus සහ චැනල් 01 රූපවාහිනී නාලිකාවන්හි ආකෘතිය මෙන්ම තේමාව පිළිබඳවත් ඉදිරි වැඩසටහන් පෙළගැස්ම පිළිබඳව හා ළමා මානසිකත්වයට අනුරූපීව වැඩසටහන් ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කිරීමේ අරමුණින් එහි සභාපති, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් කංචක අසේල ගාල්ලගේ සරසවිය හා මෙසේ සම්මුඛ විය.

A Puls නාලිකාව ආරම්භ කිරීමේ සිතුවිල්ල ඇතිවුණේ කොහොමද....?

මුලින්ම කියන්න ඕන JA Plus කියන්නේ පැය 24ම ළමයි වෙනුවෙන් තිබෙන නාලිකාවක් කියන එක. ලෝකයේ එහෙම චැනල් තියෙනවා. ලංකාවේ එහෙම චැනල් නැහැ. අපේ රටේ චැනල් සියල්ලම තියෙන්නේ සියලුදෙනාටම බලන්න. එහෙම සියලුදෙනාම බලද්දී යම් ප්‍රශ්න ටිකක් මතුවෙනවා. එතැනදී ළමයින්ට බලන්න පුළුවන් ඒවත් තියෙනවා, බැරි ඒවත් තියෙනවා. ළමයි දැනගත යුතු සහ නොදැනගත යුතු දේත් තියෙනවා.ළමයා අනිවාර්යයෙන් බැලිය යුතු දේවල් වැඩිහිටියා බලද්දී ඒක ඔවුන්ට බෝරින් වෙනවා. එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. ලෝකයේ තියෙනවා එක් එක් චැනල්. ක්‍රීඩා චැනල්, පුවත් චැනල්, චිත්‍රපටවලට වෙනම චැනල් තියෙනවා. ලංකාවේ එහෙම දෙයක් මේතාක් බිහිවෙලා තිබ්බේ නැහැ. මගේ දුව ලැබෙද්දී මම මාධ්‍යකරුවෙක් විදිහට මට හැඟීමක් එනවා මගේ පොඩිඑකාට පෙන්වන්න ලංකාවේ චැනල් එකක් නැහැනේ කියලා. ඒ සිතුවිල්ල, හැඟීම තමයි ඒ ර්‍ථතභඵ ආරම්භ කරන්න මූලික වුණේ.

මේ නාලිකාවේ ආකෘතිය, තේමාව නිර්මාණයේදී ඔබට ඇතිවූ සිතුවිල්ල කෙසේද...?

මෙහෙමයි. විදෙස් රටවල සංස්කෘතිය ඒ ළමා මානසිකත්වයට ගැළපෙන විදිහටයි විදෙස් චැනල් බිහිවෙලා තියෙන්නේ. බේබි TV, ඩිස්නි ජූනියර්, ඩිස්කවරි වගේ ඒවා අපේ ළමයි ආසාවෙන් බලනවා තමයි. ඒත් ඒවායින් ළමයින්ට යන්නේ ඒ රටවල්වල සංස්කෘතිය. එතකොට අපේ සංස්කෘතිය යන්න විදිහක් නැහැ. අපට එහෙම ප්‍රශ්නයකුත් තිබුණා. අපේ මිනිස්සුන්ට ලංකාව කිව්වට අගයක් නැහැ. අපේ සංස්කෘතිය, සාරධර්ම, ගුණයහපත්කම් අපේ ළමයින්ට දීමේ අරමුණ ඇතිව තමයි මේ ඒ ර්‍ථතභඵ හි වැඩසටහන් ආකෘතිය නිර්මාණය කළේ.

අපේ දරුවන්ගේ මානසිකත්වය වෙනස් කිරීමේ සුබවාදී අරමුණක් මෙහි තිබෙන බව පේනවා, ඒ ගැන යමක් සඳහන් කළොත්....?

ඔව්, අද වෙද්දී අපේ රටේ ඉතිහාසය , සංස්කෘතිය වගේ විෂයයන් පාසල් විෂය මාලාවෙනුත් ඉවත්වෙනවා. බුදුදහමට, ආගමට අභියෝග කරන තරුණ පිරිසක් බිහිවේගන යනවා. ඒවා එක්ක ළමා කාලයේ ඉඳන්ම අපේකම නැතිව පිටරට දේ එක්ක හැදුණාම ප්‍රශ්න මතුවෙනවා . අනික ගිරව් වගේ කටපාඩම් කරන මානසිකත්වයක් ළමයින්ට හදනවා. ලකුණු 75ක් ගත්තේ නැත්නම් ඉවරයි, යාළුවා ගත්තට වඩා වැඩි ලකුණු ගත්තේ නැත්නම් ඉවරයි කියලා ළමයින්ගේ මනසට දෙයක් ඇතුළුවෙනවා. එතැනදී අපේ ප්‍රධාන තරඟකරු හරි තරහකරුහරි වෙන්නේ යාළුවා. ඒ එක්කම අපි කාර්යබහුල වෙනවා. අම්මා, තාත්තා ගැන බලන්නවත් කාලයක් නැතිවෙනවා. ඒ දේවල් වෙනස්කර අපේකම, සදාචාරය, සංස්කෘතිය කියාදෙන්න ඕන කියන සුබවාදී අරමුණ මාධ්‍යවේදියෙක් විදිහට මට ඇතිවෙනවා. ඒ අවශ්‍යතාව එක්ක මෙම නාලිකාවට මම ආරම්භය දෙනවා.

ඔබේ අරමුණට යන්න හොඳම තැන ඒ ර්‍ථතභඵ නාලිකාව ආරම්භය කියා ඔබ සිතුවාද...?

අනිවාර්යයෙන්ම. මේ කාර්යබහුලත්වය එක්ක අපි අමුතුම ලෝකයකට යනවා. ඒකට වගකිවයුත්තේ ළමයාද කියා මට සිතුණා. ළමයාට අපි දීලා තියෙන අරමුණ ළඟම ඉන්න කෙනා පරාජය කරන්න ඕන කියන එක, අපට තරඟයක් දුවන්න තියෙනවා කියන එක. ඒ තරඟකාරීත්වය කැඩෙන්න නම් අපි සොබාදහමට ආදරය කරන , මිනිස්සුන්ට, සත්තුන්ට ආදරය කරන පිරිසක් වෙන්න ඕන. ඒවා ළමයින්ටයි අවුරුදු 18දී, 20දී 25දී දීලා කියලා හදන්න බැහැ. එතකොට එයාලා හැදිලා ඉවරයි. ඒ නිසා මට හිතුණා මගේ දුව ලැබෙද්දී මෙතන ප්‍රශ්න ටිකක් තිබෙනවා නේද කියලා. මේක හදන්න සුදුසුම තැන ළමයින්ගේ තැන. ළමයින්ගේ තැන හදන්න හොඳම දේ මම ඉගෙනගන්න මාධ්‍ය විෂයය කියලා මට සිතුණා. මට හැකිදේ කරලා ඇස් දෙක පියාගන්න දවසට මම මනුස්සයෙක් විදිහට ඉපදිලා මනුස්සයෙක් විදිහට මැරෙනවා කියලා හිතුණාම ඒක මරු සිතුවිල්ලක් වෙනවා.

A Plus ආරම්භය ඇතිවුණේ කොහොමද....?

2017. 07. 03 දින තමයි A Plus නාලිකාවේ විකාශය ආරම්භවෙන්නේ. දැනට අවුරුදු 06ක් වෙනවා. මේක ආරම්භයේදී මා ළඟ මුදල් තිබුණේ නැහැ.. මෙහෙම දෙයක් තියෙනවා, ළමයි වෙනුවෙන් දෙයක් කරද්දී වියදම් කරන්න කට්ටිය නැහැ. මොකද ඒකට ප්‍රතිලාභ ලැබෙනවා අඩුයිනේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් මේක කරන්න පුළුවන් කියා මම සිතුවා. මම ඒක ඔප්පු කළා. මුලින්ම මම ඩයලොග් ආයතනයට යෝජනාව දැම්මා. ඔවුන් ඒ යෝජනාවට කැමැති වුණා. මට මුදල් ප්‍රශ්නයක් තිබ්බා. කොහොමහරි අහඹු ලෙස ඒ ප්‍රශ්නයත් විසඳුණා. වැඩේ ගෙනියන්න පුළුවන් නම් අනුග්‍රාහකයෝ එනවා කියලා මට හිතෙනවා.

ඔබ මාධ්‍ය ආයතන රැසකම විවිධ තනතුරු දැරූ අත්දැකීම් බහුල මාධ්‍යකරුවෙක්...?

මම සිරස TV නාලිකාවේ අවුරුදු ගණනක්ම ඉන්නවා. "වසූදා, කාව්‍යා, පතිනි" ටෙලිනාට්‍ය විකාශනය වුණේ මගේ කාලයේ. මම ඒවගේ සංස්කාරක වශයෙනුත් හිටියා. යම්යම් තැන්වලදී අධ්‍යක්ෂණය කරන්නත් යනවා. මුලින්ම මම සංස්කාරකවරයෙක් විදිහට හිටියේ. එතැනදී මහරාජා එකෙන් අපට ඉන්දියාවේ පුහුණුවකට අවස්ථාවක් ලැබෙනවා. ඒකනම් මාරම මාර වැදගත් පුහුණුවක් වුණා. කොහොමද වෙනස් විදිහට මේක දකින්නේ, කොහොමද ප්‍රේක්ෂකයා අල්ලාගන්නේ කියලා අවුරුදු 02ක විතර පුහුණුවක් තිබුණා. එතකොට අපිට අභියෝගය තිබ්බේ රූපවාහිනියේ තිබූ 8:30 ටෙලිනාට්‍ය විකාශන කාලය කඩන්න. ඒක කඩන්න තමයි "වසූදා" ටෙලිනාට්‍යය ගෙනාවේ. "වසූදා, දාමිණී" ටෙලිනාට්‍යවල මම සංස්කාරක වුණා. ඒකට තමයි මාව පුහුණු කළේ. ඒ අතර මම අධ්‍යක්ෂණය , ආලෝකකරණය , සංස්කරණය, ග්‍රැෆික් වගේ සියල්ලම ඉගෙනගත්තා. ඊට කලින් මම සිරසේ විකාශනය වුණු "කාගෙද ගී නද, සවනට වදනක්, අහන්න ආසයි ගයන්න, තරු මංසල" වැඩසටහන්වල සංස්කාරක විදිහටත් වැඩකළා. මම එතැනින් ඉවත්වෙන්නේ පසු නිෂ්පාදක ප්‍රධානි විදිහටයි.

එතැනින් පසු ඔබ බෞද්ධයා රූපවාහිනී නාලිකාවටත් සම්බන්ධ වෙනවා නේද....?

ඔව්, මම බෞද්ධයා නාලිකාවේ කළමනාකාර තනතුරකට යනවා. එතැනදී මම ඉගෙනගන්නවා අඩු වියදමින් ගුණාත්මක වැඩසටහන් කරන්නේ කොහොමද කියන දේ. සිරසෙදී ඉගෙනගත්තේ සල්ලි වියදම් කරලා ගුණාත්මක වැඩසටහන් හදන හැටි. ඊටපස්සේ මම හාමුදුරුනමක් එක්ක පටන්ගන්නවා TV දිදුල කියලා චැනල් එකක්. ඒක මගේම අදහසක්. ඒකේ ළමයින්ට කොටසයි බෞද්ධයන්ට කොටසයි වෙන්වෙන්නේ..ඒත් මට බෞද්ධ නාලිකාවක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ අරමුණ වුණේ ළමයි. එතැනින් ඉවත්වෙලා තමයි ඩයලොග් එකට ළමා චැනල් එක ගැන යෝජනාව දෙන්නේ....

කොහොමද A Plus නාලිකාවට මූල්‍ය පිරිවැය සහ සම්පත්දායකත්වය ලබාගන්නේ...?

මේක ආරම්භයේදී ගණන් බලද්දී බඩුවලට ලක්ෂ 70ක් විතර ඕන වුණා. මම සිරසේ ඉද්දී යම් යම් භාණ්ඩ ගත්තත් ඒවායින් මට ලැබුණු Commision එක මම අරගෙන තිබ්බේ නැහැ. ඒ බඩු ගත්ත තැන්වලට මම කිව්වා මම Commision එක අරගෙන නැහැ, ඒ ණය මට එපා ඒ වෙනුවට ලක්ෂ 60-70ක බඩු ගෙනවිත් දෙන්න කියලා. එහෙම තමයි මේකට බඩුටික සොයාගත්තේ. ඊළඟට තැනක් ඕන වුණා. යළුවෙක් කුලියට ගත්ත තට්ටු 04ක බිල්ඩිමක් තිබ්බා. එයා පාවිච්චි කළේ තට්ටු 03යි. එක් තට්ටුවක් මම ගත්තා..ඒ විදිහට ගෙයකුත් ගත්තා . දිදුල නාලිකාවෙයි තවතව තැන්වලදියි මම උගන්වපු ළමයි හිටියා. ඒ අයට කිව්වා මම චැනල් එකක් පටන්ගන්නවා වැටුපක් දෙන්නනම් බැහැ සෙට්වෙලා කරමුද කියලා. එයාලා කැමැති වුණා. කාර්ය මණ්ඩලයත් එහෙම සොයාගන්න පුළුවන් වුණා.

වැඩේ ඇදගෙන යද්දී අභියෝග ආවේ නැද්ද...?

මාස 06ක් කරගෙන යද්දී මේ නාලිකාව මිනිස්සු අතර නොහිතපු විදිහට ජනප්‍රිය වුණා...ඒත් මාස06න් පස්සේ දුවන්න බඩු නැහැ...මම ඒ ගැන ඩයලොග් එකට කිව්වා. මිනිස්සු ඒවෙද්දී මේක බලනවා. ඒවෙද්දී ජනප්‍රියයි කියලා මම ඔප්පුකරලා තිබ්බේ. මාසයකට කීයක් විතර යනවද කියා ඔවුන් ඇහුවා. එහෙම අහලා ඔවුන් කිව්වා ඔයා වැඩේ කරන්න වෙළඳ දැන්වීම්වලින් ෂේප් කරගනිමු කියලා. එතැනදීත් වැඩේ හොඳට කෙරුණා.

 දරුවන්ගේ ප්‍රායෝගික දක්ෂතා එළිදැක්වීමෙන් පරිපූර්ණ මිනිසෙකු බිහිකරන්න A Plus දායකවුණු ආකාරය පැහැදිලි කළොත්...?

මෙහි තේමාව විදිහට ගත්තෙත් වෙනස්ම දෙයක්..එතෙක්කල් තිබ්බේ ළමා සාරි ඇඳලා, මල් මල් ඇඳුම් ඇඳලා, වෙල්යායේ දුවගෙන එනවා වගේ ඒවානේ.මම බැලුවා මගේ දරුවෝ මොනවද බලන්නේ කියලා. එයාලා බලන විදෙස්නාලිකා මම කොපි කළා. ලංකාවේ බෞද්ධයා එකෙන්, පාසලෙන් ගත්ත දේවල් එකතු කරගත්තා. අපට අවශ්‍ය පරිපූර්ණ මනුස්සයෙක් හදන එකයි. ලංකාවේ ළමයින්ට බටහිර ක්‍රමයට අපේකම, අපේ සංස්කෘතික වටිනාකම් දෙන්නේ කොහොමද කියන දේ මම පටන්ගත්‍තා. ළමයිනුත් ආසාවෙන් කළා.

ළමයින්ගේ දක්ෂතා වෙනස්ම විදිහකට එළිදක්වන්න මාධ්‍යකරුවෙක් විදිහට එක් එක් සූක්ෂ්ම ක්‍රම A Plus නාලිකාවට යොදාගෙන තිබෙන බවත් පේනවා...?

මම කියන්නේ මේකයි. දරුවන්ව TV එකෙන්, කොම්පියුටර් එකෙන් අයින්කරන්න එපා. එතකොටයි ළමයි සහ වැඩිහිටියන් අතර පරතරය එන්නේ. A Plus එකේ අපි වැඩසටහන් කරන්නේ අමුතුම විදිහකට ඒකයි ඔබ සූක්ෂ්ම ක්‍රම යොදාගෙන තිබෙනවා කියන්නේ. බට සොයලා සරුංගලය හදලා, අලවලා ඒක උඩ යවන තැන දක්වා ෆොටෝස් ගහලා එවන්න කියලා අපි කියනවා. ඒකෙන් ළමයා අත්වැඩ ටික පුරුදුවෙනවා. ඊටපස්සේ මේගොල්ලන්ටම අරමුණක් තියෙනවා සරුංගල් කඩෙන් ගන්න බැහැ එතකොට ෆොටෝස් ගහලා යවන්න බැහැ කියලා. මේකෙන් ළමයාට නිර්මාණාත්මක හැකියාව ලැබෙනවා. අම්මා, තාත්තා කළයුතු දේ A Plus හරහා අපි කරනවා. ඒනිසා තමයි මවුපියන් බය නැතිව A Plus බලන්න දෙන්නේ. ඩයලොග් එක ඇතුළේ තියෙනවා Kids චැනල් 07ක්. මේ සියල්ලෙන්ම අංක 01A Plus Kids TV.. ළමයින්ට හරිදේ දුන්නොත් ඒක බලනවා. අපි කළ යුතු දේ A Plus කරනවා කියලා මවුපියන් කියනවා. ඒකතමයි පොයින්ට් එක. අපි මෙතැනදී අම්මා , තාත්තාටත් වෙනමම කතා කරනවා. කිස් කරන අවස්ථා අපි සංස්කරණයේදී ඉවත් කරනවා පාසල්වලිනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා . මොන්ටිසෝරි ළමයින්ට වෙනමම පාඩම් මාලාවක් යනවා. මෙයින් ලැබෙන ආත්මතෘප්තිය නම් හරිම ඉහළයි.

ඔබේ අනෙක් නාලිකාව චැනල් 01 ගැනත් සඳහන් කළොත්...?

චැනල් 01 දැනට වසර 04කට පෙර එනම් 2019..06.06. දින විකාශනය ආරම්භ කළේ. මම ඒ වෙනුවෙන් ඩයලොග් අංක 01ම ඉල්ලනවා. ඒකම මට ලැබෙනවා. චැනල් 01 එකේ තේමාව Review තරුණ පරපුර රූපවාහිනියට අද්දවා ගැනීමේ අරමුණින් මෙය සිදුකරන්නේ. රූපවාහිනියට තරුණ පිරිස එකතු කරගන්න නම් කරුණු 02ක් ගැන සොයන්න ඕන. එකක් ඇයි චැනල් එකෙන් ගියේ කියලා. අනෙක ගිහින් එයාලා මොනවද කරන්නේ කියලා. මෙතැනදී හේතුව සොයද්දී තේරුණා ඒගොල්ලෝ හැමදේම පෞද්ගලිකත්වයට ගේනවා කියලා. අපිට ඕන දේයි අපි බලන්නේ , චැනල් එක දෙන දේ නෙවෙයි කියලා ඔවුන් සිතන්නේ. ඔවුන් ගිහිල්ලා බලන්නේ මොනවද කියලා බැලුවොත් ඒක කොටස් 03-04කට කඩාගන්න පුළුවන්..විශේෂංග, ගොසිප්, Review වගේ දේවල්. මට හිතුණා මෙතැනදී Review. කියන දේට අත තියලා බලන්න

කොහොමද චැනල් 01 සඳහා Review යොදාගන්නේ....?

තරුණ පරපුර බලන්නේ අලුතින් ආව ෆිල්ම් එක මොකද්ද , වාහනය මොකක්ද , සින්දුව මොකක්ද වගේ දේවල්. අපට පොතක් බලන්න ඕනනම් , චිත්‍රපටවල Review. යන්න ඕනනම් , මේ දුරකතනය මොකද්ද කියලා බලන්න ඕනනම් තත්පර 30කින් කියනදේට වඩා Review. එකක් ගියොත් අපට පැය භාගයක් විතර ගන්න පුළුවන්. ගේම්ස් බලන්න ඕනනම් ඒකට අවශ්‍ය කොම්පියුටර් එක මොකක්ද , ඒකේ අචථ එක කොච්චරද වගේ මේ ඔක්කොම Review. එකකින් බලන්න පුළුවන් . ඉතින් අපි ReviewConcept එකත් එක්ක ගියා. මම් කරන්නේ අපිට ඕන එක නෙවෙයි, මිනිස්සුන්ට ඕන එක. එතැනදී මගේ ආත්ම තෘප්තියට බාධාවක් කරගන්නෙත් නැහැ..

චැනල් 01 වැඩසටහන් පෙළගැස්ම ගැන කිව්වොත්....?

චැනල් 01 වැඩසටහන් පෙළගැස්මේදී තරුණ අයට ප්‍රධාන ස්ථානයක් දෙනවා. ප්‍රධාන වෙනස Review. කියන එකයි. මෙහි නැවත විකාශන ලෙස හොඳ ටෙලිනාට්‍ය , චිත්‍රපට විකාශය කරනවා. අනෙක් වැඩසටහන් Review කියනදේ මූලිකව පොත්, චිත්‍රපට Review. වෙනවා. ඒවගේම අලුතින් විකාශන කාලයක් ආරම්භ කරනවා . එය කාන්තාවන් වෙනුවෙන් "රූ නාරී" කියලා. ගෙදර ඉන්න කාන්තාවන්ට මොනවාද ඕනේ කියන දේ මූලික කරගෙන එය ආරම්භ කරන්නේ.

අද ළමා පරපුර ගැන මොකද හිතෙන්නේ...?

මාරම දක්ෂ දරුවෝ අද ඉන්නේ. අපි හිතනවා මෙයාලා පොඩියි, මෝඩයි කියලා. එතැන තමයි අපට වැරදුණ තැන. පොඩි උන් එක්ක ඉද්දී මාත් එයාලගේ වයසට යනවා.ෆිල්ම්ස්, කාටුන් බලනවා. නැත්නම් මේක කරන්න අමාරුයි. මගේ පරීක්ෂණාගාරයේ මීයෝ ටික තමයි මගේ පොඩි උන් තුන්දෙනා. එයාලා මොනවාද බලන්නේ, කියවන්නේ කියලා මම බලනවා. මම කාර් එකේ යද්දී වයිෆ් දරුවන්ගෙන් චක්කරේ පාඩම් ගන්නවා මම දකිනවා. මම චක්කරේ උගන්වන්න උත්සහ කරන්නේ නැහැ. මම මෙතැනට ඇවිත් Animation එකක් හදනවා චක්කරේට. හදලා මේකේ දාලා පොඩි එකාට කියනවා බලන්න කියලා. වැඩේ සාර්ථකයි.

ඔබේ චැනල් 02 අන්තර්ජාතික අවධානයට යොමුකරන්න අදහසක් නැද්ද.....?

මේ චැනල් දෙකටම U Tube 02ක් තියෙනවා. ඊට අමතරව මම U Tube චැනල් 05-06ක් කරගෙන යනවා. මම ළඟදී ඕස්ට්‍රේලියාවට ගියා. මම දැක්කා මෙහේ කට්ටියට වඩා එහේ දරුවන්ට අපේකම උගන්වන්න අවශ්‍යතාව තියෙන්නේ එයාලට කියලා. ජීවිතයට A Plus ගන්නේ කොහොමද කියලා තමයි A Plus එකෙන් කියන්නේ. U.Kවලත් A Plus නාලිකාවක් ආරම්භ කරමු කියා යෝජනාවක් ඇවිත් තියෙන්නේ. ඒත් මම Busy වෙන්න බයයි. චැනල් 01 එකනම් දැනට අන්තර්ජාතික මට්ටමට යන්න අදහසක් නැහැ. ඒකේ Review Concept එක කොහොමත් පිටරටත් තියෙනවනේ.නැති දෙයකුයි එළියට ගෙනියන්න ඕන. A Plus තමයි ජාත්‍යන්තරයට ගෙනියන්න අදහස තියෙන්නේ

මෙම නාලිකාවන්හි තාක්ෂණික අංශය ගැන කතා කළොත්...?

දැනට අපි මේ චැනල් දෙකම ගෙනියන්නේ සැටලයිට් තාක්ෂණය හරහා. දැන් අපි සමාජ මාධ්‍ය හරහා ඩිජිටල් ප්ලැට්ෆෝර්ම් එකට එන්න උත්සහ කරනවා. ඒක ටිකක් සංකීර්ණයි. ඒකේ වාසියකුත් තියෙනවා. ළමයි දැන් TV එකට වඩා ස්මාර්ට් ෆෝන් එකේ ඊචඡ එකේ ඉන්නේ. ඒ නිසා ආර්ථික වශයෙනුත් මෙයින් වාසියක් එන්න පුළුවන්. A Plus කියන්නේ ලංකාවේ ම්ඪඤඵ ඕපචදඤ එකක්. මට පුළුවන් නම් A Plus එක එක්ක ළමයින්ට ඇවිත් සෙල්ලම් කරන්න තැනකුත් හදනවා. එහෙම ඕපචදඤ එකකට යන්න අදහසකුත් තියෙනවා. දැනට අපි එධපඬඉඩධන කරනවා

පාසල් මට්ටමිනුත් A Plus ව්‍යාප්ත කරන්න අදහසක් තියෙනවද...?

ඔව්. දැනටත් අපි පාසල්වල මාධ්‍ය ඒකක එක්ක සම්බන්ධ වෙලා වැඩකරනවා. මොන්ටිසෝරි නම් ගොඩාක් අපි Visit කරනවා. මොන්ටිසෝරි එක්ක වැඩසටහන් රැසක්ම කරගෙන යනවා. කොවිඩ්වලට කලින් සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ගේ ජීවිත කතාවත් එක්ක වැඩසටහන් කළා.

ළමා දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මොනවාද.....?

ළමා දිනය වෙනුවෙන් විශාල වැඩසටහනක් කරනවා..මෙතෙක් කල් ළමා දිනයට කියලා විශේෂ වැඩසටහන් කළේ නැහැ. මොකද 365 දවසම අපි ළමයින්ටමනේ කරන්නේ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ වැඩසටහනක් කළා නේද....?

ඔව්. "කොළඹගම" කියලා අවුරුදු දවසේ වැඩසටහනක් කළා. අවුරුද්ද කියලා අපි කරන්නේ බැලුම් පුපුරවනවා, හැන්ද උඩ දෙහිගෙඩිය තියාගෙන දුවනවා, පිටිගොඩේ කාසිය හොයනවා වගේ දේවල්නේ. එතැනදී අදහසක් එනවා බැලුම් පුපුරවන එකද අලුත් අවුරුද්ද කියන්නේ කියලා..ඒ නිසා අපි දැම්මා පරණ අලුත් අවුරුද්ද කියලා. අපි ඉස්සර සමරපු එකක් තිබ්බනේ , ඒක අපි "කොළඹගම" කියලා වෝටර්ස් ඒජ් එකේ කළා. අපි බලාපොරොත්තු වුණේ ළමයි 3000ක් වගේ එයි කියලා. ඒත් ළමයි 8000ක් වගේ ආවා. සංස්කෘතික අමාත්‍යාංශය අපි එක්ක ඉන්න නිසා එයිනුත් උදව් ගන්න හැකිවුණා..රූකඩ, අංගම්පොර කියන දේවල් අපේ සංස්කෘතික අංග කියලා අපි පෙන්නුවා . පරණ අලුත් අවුරුද්ද අපි එතැනදී ඇත්තටම කළා..දැන් තියෙන්නේ ටිකක් බටහිර වුණු එකක්නේ.

මාධ්‍යවේදියෙක් වශයෙන් ලාංකේය සිනමාව ගැන ඔබේ අදහස....?

අපේ ලාංකේය සිනමාවයි විදෙස් සිනමාවයි සන්සන්දනය කළොත් තාක්ෂණික අතින් අපි යම් පසුබෑමක ඉන්න බව මට පේනවා. ඒකට හේතුවක් තියෙනවා..අපට මුදල් දාන්න බැහැ..නිෂ්පාදකවරුන්ගේ ප්‍රශ්න එනවා. හැබැයි ඉන්දියාවේ ඒ ප්‍රශ්නය නැහැ. අපි හදන චිත්‍රපටයක් විදේශයේ පෙන්වන්න පුළුවන් පැහැදිලි ක්‍රමවේදයක් නැහැ.. අන්න ඒවගේ චිත්‍රපටයක් හදන්න කවුරුන් හෝ දායක වුණොත් ඒ කියන්නේ අපි සිනමා කෘතියක් ලංකාවේ සහ විදේශයේ අය ඉලක්ක කරගෙන නිර්මාණය කළොත් අන්න එදාට සිනමාව මෙතැනට වඩා උඩට ගන්න පුළුවන් කියා මම සිතනවා.අපේ තරුණ පිරිසට චිත්‍රපට හදන්න තාක්ෂණික දැනුම තිබුණට ඔවුන්ට ආයෝජකයෙක් නැති ප්‍රශ්නයක් තියෙනවා. තරුණයන් දක්ෂයි. ඇයි අපි ඔවුන්ව පාවිච්චි නොකරන්නේ.. සිංහල සිනමාවේ එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. සිනමාව තුළ අපිට මීටවඩා ඉහළටම යන්න පුළුවන් නම් හොඳයි කියා මට හිතෙන්නේ.. විශ්ව ගම්මානයක් වෙලා සිටින මොහොතක අපිට මීටවඩා තැනකට යන්න පුළුවන්

ඔබේ ඉදිරි සැලසුම් ගැන යමක් කීවොත්...?

ලංකාවේ පළමුවැනි 3D ගීත ද්විත්වය එළිදක්වන්න හිතාගෙන ඉන්නවා...ඊට අමතරව මේ දවස්වල මම පන්සිය පනස් ජාතකය 3ච්වලට හරවාගෙන යනවා . දැනට කොටස් දෙකක් අවසන්. ඒක ඊළඟ පෝය දිනයට හරි විකාශනය කරන්න හිතාගෙන ඉන්නවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේත් මමයි

A Plus TV රන් සම්මානයකින් පිදුම් ලැබූ අවස්ථාව සිහිනොකළොත් අඩුවක් වේව්....?

A Plus රූපවාහිනී නාලිකාව ක්‍රියාත්මක කළ"Little Communicator ජාතික ව්‍යාපෘති කළමනාකරණ _2023" සම්මාන ප්‍රදානෝත්සවයේදී තමයි A Plus TV රන් සම්මානයකින් ඇගයුමට ලක්වුණේ.. ශ්‍රී ලංකාවේ සාර්ථකම මාධ්‍ය හා ප්‍රචාරණ ව්‍යාපෘතියට පිරිනැමෙන රන් සම්මානයයි A Plus TV සඳහා පිරිනැමුණේ. ශ්‍රීලංකා ව්‍යාපෘති කළමනාකරණ ආයතනය 06වැනි වරටයි මෙය සංවිධානය කළේ. ව්‍යාපෘති කළමනාකරු ශ්‍රීලාංකික පුරවැසියකු වීම, අනුමත විෂය පථයක්, කාලරාමුවක්, අයවැයක් තිබීම සහ මෙම වසරේ මාර්තු 31 වනවිට සම්පූර්ණ කළ ව්‍යාපෘතියක් වීම ආදී නිර්ණායක මෙහිදී සලකා බැලුණා. කොළඹ කිංග්ස්බරි හෝටලයේ තමයි මෙම සම්මාන ප්‍රදානය සිදුකළේ..

චැනල් 02ක සභාපති වශයෙනුත් , අමාත්‍යාංශය මාධ්‍ය ලේකම්වරයකු වශයෙනුත් අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොකද්ද...?

මම උපරිමයෙන් තෘප්තිමත්. ආත්ම තෘප්තියට කරන වැඩේට ස්වභාව ධර්මයෙන් ගෙවීමක් කරනවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. තරුණයන්ටත් මම කියන්නේ හිතට එකඟව වැඩ කරන්න. හොරකම් කරන්න එපා. සල්ලි හම්බකරන්න සල්ලි තියෙන්නම ඕන නැහැ. හොඳම උදාහරණය මමයි. ආත්ම තෘප්තිය වෙනුවෙන් වැඩකරලා ජීවත්වෙන්න බැහැ කියන මතයට මම විරුද්ධයි. ඒකත් මම අත්දැකීමෙන් කියන්නේ. ආත්ම තෘප්තිය වෙනුවෙන් වැඩකරලා ජීවත්වෙන්න පුළුවන්. බුදුදහම කියන්නේ සරල බවම නෙවෙයි. ජීවිතය විඳීන්න ඕන. මනුස්සයෙක් විදිහට ඉපදිලා මනුස්සයෙක් විදිහට මම ලෝකයට දෙයක් කළා කියලා මැරෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

 

[email protected]