මගේ සිහිනය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි

අධ්‍යක්ෂ මලින්ද රත්නායක
පෙබරවාරි 8, 2024

සහය අධ්‍යක්ෂවරයකු , නිෂ්පාදකවරයකු, සංස්කරණ ශිල්පියකු, කැමරා ශිල්පියකු, තිරරචකයකු, රංගන ශිල්පියකු ආදී භුමිකා රැසකම ප්‍රායෝගික අත්දැකීම් ලබමින් අද වනවිට අධ්‍යක්ෂවරයකු බවට පත්ව සිටින හෙතෙම මේ දිනවල ප්‍රේක්ෂක කතාබහට ලක්ව තිබෙන හිරු ටීවී නාලිකාවේ විකාශය වන ‘33 කාමරය’ සහ ‘හිරු ටෙලි සිනමා සිත්තම’ ආදියේ අධ්‍යක්ෂවරයා ද වෙයි. නමින් මලින්ද රත්නායක වන ඔහු සිය නිර්මාණ කාර්යයන් සහ අධ්‍යක්ෂණ භූමිකාව දක්වා පැමිණි ගමන්මඟ පිළිබඳ කතාබහ කිරීමට මෙසේ සරසවිය හ එක්විය.

ඔබේ පාසල් අවධියට මුලින්ම ගියොත්....?

මම ඉපදුණේ වැල්ලම්පිටියේ . අම්මා ගෘහණියක්. තාත්තා හමුදාවේ සේවය කළේ. වැඩිහරියක් හිටියේ අපි ත්‍රිකුණාමලයේ. මුලින්ම ප්‍රාථමික විද්‍යාලයක ගියේ. පසුව තිස්ස මහා විද්‍යාලයට ගියා. ඒක ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ තිබුණු පාසලක්..තාත්තා හමුදා සේවයේ සිටි නිසා ඒ පාසලට මට යන්න වුණේ. උසස්පෙළ කරන්න මාතර සාන්ත සර්වෙසස් විද්‍යාලයට ගියා. උසස්පෙළට ඉගෙනගන්න කාලයේ මාතර ප්‍රදේශයේ මම හැදුණේ වැඩුණේ.

කලාවට යොමුවෙන්න පෙර ඒ පිළිබඳ යම් හැදෑරීමක් කළාද....? අපි ගාල්ල, වක්වැල්ල ට්‍රේනින් සෙන්ටර් එකේදී පදනම් ආයතනයයි චිත්‍රපට සංස්ථාවයි උඉච්ඡ් එකයි එකතුවෙන් අවුරුද්දක ඇකඩමික් පාඨමාලාවක් හැදැරුවා. එහි ප්‍රධාන දේශකවරුන් විදිහට ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි ප්‍රවීණ අන්තර්ජාතික මට්ටමක ගිය අධ්‍යක්ෂවරුන් දෙදෙනා සම්බන්ධ වුණා. සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, එම්.ඩී. මහින්දපාල වැනි දේශකවරුන් ද ඒ පාඨමාලාවේදී අපට උගන්වන්න ආවා. රංගනය සම්බන්ධයෙන් සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු දේශන පැවැත්වුවා. කැමරාකරණය, කැමරා කෝණ භාවිතය ආදිය පිළිබඳ එම්.ඩී. මහින්දපාලයන් ඉතා හොඳ ඉගැන්වීමක් කළා. එවැනි පිරිසකගෙන් ගුරුහරුකම් ලබාගන්න පුළුවන් වීමම ඇත්තෙන්ම මගේ වාසනාවක් කියා මා සිතනවා . ඒවගේ ප්‍රවීණ, ප්‍රතිභාපූර්ණයන්ගේ ඇසුර ලබන්න ඔවුන්ගෙන් දැනුම හුවමාරු කරගන්න ලැබීම මගේ කලා දිවියට විශාල ආලෝකයක් වුණා කිව්වොත් හරි.

ජගත් මනුවර්ණත් ඒ පාඨමාලාව හැදෑරූ ඔබේ සමකාලීනයෙක් ....?

ඔව්, ජගත් මනුවර්ණත් ඒ පාඨමාලාව හදාරන්න ඇවිත් සිටියා. එතැනදී තමයි මම ජගත්ව මුලින්ම හඳුනාගන්නේ. අපි හැත්තෑපස්දෙනෙක් වගේ විතර කණ්ඩායමක් පාඨමාලාවට සම්බන්ධ වුණා. ඒ අතරින් දැනට හතරක්, පහක් වගේ පිරිසක් තමයි සිනමා කලා ක්ෂේත්‍රයේ අදටත් ක්‍රියාකාරීව සිටින්නේ.ඒ අතර මමත් ජගතුත් ඉන්නවා.

මෙම පාඨමාලාව සහ පසුකාලීනව ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් ඔබට කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න මූලික අඩිතාලමක් වුණා කියා මම සිතනවා....? ඇත්තෙන්ම ඔබ හරි. මේ පාඨමාලාවේ දේශකවරයෙක් ලෙස සහභාගී වුණු කෞශල්‍යා ප්‍රනාන්දු අක්කාගේ මඟපෙන්වීම යටතේ දෙරණ නාලිකාවට එකතුවෙන්න මට පුළුවන් වුණා. 2005 ඒ නාලිකාවේ ආරම්භක අවධියේදීම තමයි මම ඒකට සම්බන්ධ වෙන්නේ.නිවේදකයකු විදිහටයි මම මුලින්ම දෙරණට එකතුවෙන්නේ. නිවේදකයකුට අමතරව නිෂ්පාදකවරයකු , සහය අධ්‍යක්ෂවරයකු ලෙසත් මම ක්‍රමක්‍රමයෙන් වැඩකරන්න ගන්නවා. පසුකාලීනව ඒ නාලිකාවෙන් සමුගෙන මම ස්වර්ණවාහිනී ආයතනයට එකතුවෙනවා. එතැනත් කාලයක් වැඩකරලා ර්චය ඊඍ, කධභ ඊඍ වැනි නාලිකාවලත් මම වැඩකරනවා. ඒ ආයතනවල වැඩකටයුතු කිරීමෙන් මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මට ඉතා හොඳ දැනුම් පරාසයක් ලබාගන්න හැකියාව ලැබෙනවා . ර්චය ඊඍ, කධභ ඊඍ චැනල්වල වැඩසටහන් කළමනාකරුවෙක් ලෙසත් මාධ්‍ය ක්ෂේත්‍රයේ මම වැඩකර තියෙනවා .ඒ කාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ විදිහට හිටියේ රොෂාන් කුරුප්පු මහතා. ඒ වෙද්දී මම කැමරාකරණය , ආලෝකකරණය ගැනත් ප්‍රායෝගිකව අභ්‍යාස කරලා මනා පුහුණුවක් ලබා තිබුණා. තිරරචනා පිළිබඳවත්, සංස්කරණය පිළිබඳවත්, රංගනය පිළිබඳවත් මම ඒ කාලයේ හොඳීන්ම හැදෑරීම් කළා. ඒ අත්දැකීම් සමඟ පරිපූර්ණත්වයට පත්වෙලයි මම අධ්‍යක්ෂවරයකු බවට පත්වෙන්නේ. ඊට පෙර ඉඬර ඡ්දබඥපබචඪදථඥදබ ආයතනයේදී ප්‍රවීණ සිනමා, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩිගේ පෞද්ගලික සම්බන්ධීකාරක විදිහටත් වැඩකරන්න ලැබුණා. එහිදී ප්‍රසන්න ජයකොඩිගේ ඇසුරත් ලබාගැනීමෙන් තවත් දේවල් මට ඉගෙනගන්න ලැබුණා. එහිදි වෙළෙඳ දැන්වීම්කරණයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත් සහය අධ්‍යක්ෂවරයකු ලෙසත් අත්දැකීම් රැසක් ලබාගන්නවා. ඒ ආකාරයට වසර කිහිපයක්ම මම වැඩකළා..වෙළෙඳ දැන්වීම් ව්‍යාපෘති 35ක් විතර කළා. හොඳම බ්‍රෑන්ඩ් කොම්පැනිවල ප්‍රොජෙක්ට් කරලා තියෙනවා . රංගනය පිළිබඳවත් යම් මට්ටමකින් හදාරා තිබෙනවා. රංගන කාර්යයෙහිත් යෙදී තිබෙනවා. නිවේදක භූමිකාවත් කර තිබෙනවා. සමහර තැන්වල වැඩකරද්දී සංස්කරණය පිළිබඳ ඉගෙනගන්න ලැබුණා. ඒවගේ ඉහත කියූ ආකාරයෙන් ක්ෂේත්‍ර රැසක හැදෑරීම් කරලා තමයි අද වනවිට අධ්‍යක්ෂවරයාගේ භූමිකාව දක්වා මේ ගමන පැමිණියේ..

හිරු නාලිකාව සමඟ ඔබේ සුසංයෝගය ඇතිවෙන්නේ කෙසේද....?

ඉඬර ඡ්දබඥපබචඪදථඥදබ ආයතනයේ සේවයෙන් පසුව මම මගේ ගමන නැවත ආරම්භ කරනවා රූපවාහිනී නාලිකාවලින්. එතැනදී හිරු නාලිකාවට මම එනවා. නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයෙක් වන චාමර ජයවීර මහත්තයා තමයි මට ඒ නාලිකාවට එන්න උදව් කරන්නේ.ඒ මෙගා ස්ටාර් 02 වැඩසටහනට. එතැනින් පස්සේ තමයි හිරු නාලිකාවේ අනෙක් වැඩසටහන්වලට අධ්‍යක්ෂණ කාර්යයෙන් එකතුවෙන්නේ.

හිරු ටෙලි සිනමා සිත්තම ඔබේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් කියා මා කිව්වොත්....? ඔව්, සැබැවින්ම එතැනින් මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සිදුවෙනවා කිව්වොත් හරි. හිරු ටෙලි සිනමා සිත්තමේ මට වැඩකරන්න අවස්ථාව ලැබීම ඇත්තෙන්ම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් තමයි. ඒඕඛ් මාධ්‍යජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහතාගේ සංකල්පයකටයි මෙය නිර්මාණය වෙන්නේ..මෙහිදී මට සුවිශේෂීම පුද්ගලයෙක් තමයි වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත මහතා. ඔහු තමයි මට හිරු ටෙලි සිනමා සිත්තම කරන්න මූලික අඩිතාලම දමලා දුන්නේ එහි අධ්‍යක්ෂණ කාර්යය වෙනුවෙන්. එතුමා නොහිටින්න අද මට මේ ගමන මේ මගේ හැරවුම් ලක්ෂ්‍යයට මෙතෙක් දුරක් එන්න ලැබෙන්නේ නැහැ කිව්වොත් හරි.ඒ වගේම මෙහිදී කසුන් තරින්ද, ඉරුෂ ද සිල්වා, වගීෂ විතාන වගේ අය යටතේ වැඩකර ඔවුන්ගේ ගුරුහරුකම් ලබාගෙන තිබෙනවා . මේ වෙද්දී හිරු ටෙලි සිනමා සිත්තමේ කතාංග 230ක් පමණ විකාශය වී තිබෙනවා. ඒ අතරින් මේ ටෙලි සිනමා සිත්තම සහ අපේ "සසර සෙවණැලි" පෝය ටෙලිනාට්‍ය මාලාවේත් මම වැඩ කර තිබෙනවා . ඒ දෙකෙහිම කතාංග 180ක විතර සහය අධ්‍යක්ෂ ලෙස දායක වී තිබෙනවා . ප්‍රවීණ සහ නවක බොහෝ පිරිසකගෙන් මට විශාල අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. විරාජ් වැලිවත්ත මහතා ඔහුගේ දැක්මෙන් දැකලා මට ඒක කළහැකියි කියා විශ්වාස කරලා ටෙලි සිනමා සිත්තමේ නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරන්න මට භාරදුන්නා.

අධ්‍යක්ෂණ කාර්යය ගැන ඔබේ මතය කවරාකාරද ....?

සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට මම ටෙලිනාට්‍ය 180ක විතර වැඩකරලා තියෙනවා "සසර සෙවණැලි" ටෙලිනාට්‍යයත් එක්ක. මේවා සහය අධ්‍යක්ෂණය කරන අතරදී ටෙලිනාට්‍ය විසි ගණනක විතර මම රංගනයෙන් දායකවී තිබෙනවා. වෙළෙඳ දැන්වීම් සහ හඬකැවීම් කටයුතුත් ඒ අතර සිදුකර තිබෙනවා. ප්‍රඩක්ෂන් අංශයත් හදාරා තිබෙනවා. ඒ සියල්ලේම අත්දැකීම් සමඟ මම අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙනවා. මම විශ්වාස කරනවා ඒවගේ වපසරියක වැඩ නොකර අධ්‍යක්ෂවරයෙක් වීම තේරුමක් නැහැ කියලා හැමදේම අපි උත්පත්තියෙන් අරන් එන්නෙත් නැහැ. හැමදේම අපිට එකවර ඇඟට එන්නේත් නැහැ. සමහර දේවල් වේලාසන අපි ඉගෙනගන්නවා. සමහරු තරමක් ප්‍රමාදවෙලා දේවල් ඉගෙනගන්නවා. මමත් ටිකක් ප්‍රමාදවෙලයි ඉගෙනගත්තේ. හැබැයි හරි දේ හරියට ඉගෙනගත්තා. මගේ තියෙන එකම දේ අවශ්‍ය දේ වේලාවට කරන්න උත්සහ කරනවා. මගේ අතිනුත් වැරදීම් සිදුවෙලා තියෙනවා සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට. පුළුවන් තරම් මගේ දේවල් මම හදාගෙන තියෙන්නේ.

මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබෙන ඔබේ අධ්‍යක්ෂණයෙන් යුතු "33කාමරය" ගැන කතා කළොත්....? "33 කාමරය" වසර 06ක්, 07ක් විතර පරණ වැඩසටහනක්. මම එහි වැඩ භාර අරන් අවුරුදු එකහමාරක් වගේ වෙනවා. මේක සමාජයට විශාල පණිවිඩයක් ලබාදෙන වැඩසටහනක් . මේ වැඩසටහන යම් ප්‍රමිතියකින් අධ්‍යක්ෂණය කරන්න මම උත්සහ කරනවා. හිරු ටීවී ආයතනය මඟිනුයි මට මේ "33 කාමරයේ" අධ්‍යක්ෂණ කාර්යය වගකීමෙන් යුතුව භාරදුන්නේ.මෙහිදී ආධුනික පිරිසට රංගනයට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙය ඇත්තෙන්ම සෞඛ්‍ය වාර්තාමය වැඩසටහනක් කිව්වත් හරි. ලංකාවේ ච්ධජභථඥදබචපර ච්පචථච අංශයට අයත්ව විකාශනය වෙන්නේ මේ "33 කාමරය" සහ හිරු නාලිකාවේම විකාශනය වෙන "ඇගේ කතාව" වැඩසටහනයි. නවක, දක්ෂ පිරිසව අපි තෝරාබේරාගෙන මෙහි රංගන අවස්ථා ඔවුන්ට ලබාදෙනවා . ඔවුන්ගේ රංගන හැකියාව ගැන විශේෂයෙන් අපි සැලකිලිමත් වෙනවා. තෝරාබේරා ගැනීමකින් පිරිසව මේකට එකතු කරගන්නේ..මෙරට සමාජය තුළ සැඟවුණු මාතෘකාවක් වගේම කතා කළයුතු මාතෘකාවක් අපි මේ තුළින් සමාජගත කරන්නේ. විශාල පිරිසක් "33 කාමරය" නරඹනවා. ඉහළම මට්ටමේ පිරිසේ සිට පහළ මට්ටමේ ජනතාවක් මෙය නරඹන බව පේනවා. ඔවුන්ගෙන් පෞද්ගලිකව හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ කතා නොකරන මාතෘකාවක් අපි සියුම්ව සමාජයට ආදර්ශයක් ලබාදෙමින් කතා කරනවා. මෙහි ගුණාත්මක බව තවදුරටත් රැකගෙන යන්න මම උපරිම උත්සහ කරනවා. ලසිත සමරතුංග මගේ මිතුරා, අධ්‍යක්ෂවරයා මට විශාල ශක්තියක් වෙනවා. ඔහු මා සමඟම සම නිෂ්පාදනයෙන් දායකවෙනවා.

හිරු ටෙලි සිනමා සිත්තම ගැනත් මතක් කළොත්....?

හිරු ටෙලි සිනමා සිත්තමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙක් ඉන්නවා. මම ඉන් එක්කෙනෙක්. මෙය ගුණාත්මක මට්ටමින් අධ්‍යක්ෂණය කරන්න උත්සහ කරනවා. මෙය ළමයි මූලික කරගෙන විකාශය වෙන ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක් කිව්වොත් හරි. හිරු නාලිකාවේ සභාපති රෙනෝ ද සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම ටෙලිනාට්‍ය මාලාව ආරම්භ කළේ. දැනට වසර 04, 05ක සිට මෙම ටෙලිනාට්‍ය මාලාව විකාශනය වෙමින් පවතිනවා .

අධ්‍යක්ෂණ කාර්යයට එන්න පෙර ඔබ අංශ රැසකම ප්‍රායෝගික පුහුණුව ලබාතිබීම වැදගත් වුණා නේද...? දැනට මම නිර්මාණ 10ක් පමණ අධ්‍යක්ෂණය කර තිබෙනවා. මට ලොකු හදිසි ගමනක් නැහැ. හෙමින් ගමනක් මම යන්නේ. අද මම අධ්‍යක්ෂවරයෙක් වුණාට ඒ සඳහා මාර්ගය හදාගත්තේ සහය අධ්‍යක්ෂණය, රංගනය, නිවේදනය , කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය, හඬකැවීම්, වෙළෙඳ දැන්වීම්කරණය ආදී අංශ රැසක අත්දැකීම් ප්‍රායෝගිකව ලබාගනිමින් කිව්වොත් හරි.අලුතින් එන බූම් ආර්ටිස් කෙනෙකුට හරියට බූම් එක දාලා පෙන්වන්න මට පුළුවන්. බෝඩ් එකහරි අල්ලලා දෙන්න පුළුවන් මට්ටමකට මම බිම් මට්ටමේ ඉඳන්ම හැදිලා ආව කෙනෙක්.ඒ නිසා ලොකු ශක්තියකින් මම මේ ගමන යනවා.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන කීවොත්...?

හැම අධ්‍යක්ෂවරයකුගේම වගේම මගේත් සිහිනය සිනමා ක්ෂේත්‍රයට පිවිසීමයි. සිනමා ක්ෂේත්‍රයට එන්න සුදුසු වටපිටාව සහ පසුබිම දැනටමත් මම හදාගෙන යනවා. මේ දිනවල සිනමා තිරරචනයක් ලියාගෙන යනවා. ඒවගේම දැවැන්ත නිර්මාණයක් කරන්නත් ආසාවෙන් ඉන්නවා .මේක මගේ හිමින් යන දීර්ඝ ගමනක්. ඒගමනට අවශ්‍ය වටපිටාව මේවනවිට ටිකටික සපුරාගෙන යනවා. හොඳ අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් දෙයක් සොයන්න මා තුළ පිපාසයක්, කුතුහලයක් තිබෙනවා. නිතරම අලුත දෙයක් කිරීමේ වුවමනාව මට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම, ශක්තිය, දැනුම මේමොහොත වෙද්දී ලබමින් සහ ඒ ගැන ස්වයං අධ්‍යයනයක යෙදෙමින් ඉන්නවා. සිනමා ක්ෂේත්‍රයට ඇවිත් හොඳ, අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා

ඔබේ කලා දිවිය ගැන නැවත හැරී බැලුවොත් මොකද හිතෙන්නේ....?

කලා ක්ෂේත්‍රයට එන්න කුඩා කාලයේ ඉඳන්ම සිහිනයක් තිබ්බා. මුලින්ම ආස කළේ නළුවෙක් වෙන්න. ඊටපස්සේ ඉතින් එක් එක් මානයන් කරා යොමුවුණා. නිවේදකයෙක් වෙන්නත් ආස කළා. එයට අවශ්‍ය පසුබිමත් හදාගත්තා. දෙරණ නාලිකාවේ ආරම්භක කාලයේ නිවේදකයෙක් විදිහට වැඩ කළා.සහය නිෂ්පාදකවරයෙක් සහ නිවේදකයෙක් ලෙස තමයි මම මගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළේ. මගේ පාසල් කාලයේ මිතුරන් පවා මට කියලා තියෙනවා ඔවුන්ගේ අරමුණු තිබ්බේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වගේ වෙන්න කියලා. ඒත් ඔවුන් අද වෙනවෙන පැතිකඩවලට ගිහින්. ඒත් මගේ කුඩා කාලයේ ඉඳන්ම එකම අරමුණක් තිබ්බා මොන බාධක, ප්‍රශ්න ආවත් මේ කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා කියලා. සමහරුනම් කිව්වා ඕක අතැරලා වෙන එකක් කරපන් කියලා. අරක කරපන්, මේක කරපන් කියලා කිව්වා. කවුරු මොනවා කිව්වත් මොන ප්‍රශ්න ජීවිතයට ආවත් මම මේ කලා ක්ෂේත්‍රය තුළින් ඉදිරියටම යනවා කියන අධිෂ්ඨානය මගේ සිතේ හැමදාම මම තියාගත්තා. ඒ අධිෂ්ඨානයම මට ආශීර්වාදයක් වුණා කිව්වොත් හරි. අද වෙද්දී මම මා ගැන සතුටුවෙනවා. මම ඇවිත් තියෙන දුර ඉතාම කෙටියි.ඒ ආ කෙටි දුර ගැන මම සතුටුවෙනවා. මොකද මම මේ ගමන ආවේ බොහෝ අමාරුවෙන්, මහන්සියෙන්, කැපවීමෙන්, ධෛර්යයෙන් නිසා. මම අද ඉන්න ස්ථානය කුඩා වුණත්, ලොකු වුණත් මට එතැන හොඳ වටිනාකමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. තව බොහෝදුර ගමනක් මට යන්න තියෙනවා. ඒ ගමනට මම මගේ දැනුම තව සන්නද්ධ කර ගත යුතුයි. අභ්‍යාස කළ යුතුයි. ඒවා ගැන ස්වයං අධ්‍යයනයක යෙදෙමින් මම මගේ ඉදිරි ගමන යන්න බලාපොරොත්තු වෙනවා.හිමීට ඒවගේම හරි පැහැදිලි ගමනක් යෑම තමයි මගේ අරමුණ .ඇත්තෙන්ම මගේ කලා දිවිය ගැන ආපසු හැරී බලද්දී මට අවංකවම සතුටුවෙන්න පුළුවන්.

ඔබේ ගමනට අතහිත දුන් පිරිස ගැනත් සිහිපත් කරනවා නම්.....? මුලින්ම මට මේ ගමනට අඩිතාලම හැදුණු දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙන්න ඕන.නිවේදකයකු විදිහටයි මම මගේ ගමන ඇරඹුවේ. දෙරණ නාලිකාවේ නිෂ්පාදකවරයෙක් වුණු චන්දන කළුආරච්චි මහතා මගේ කලා දිවියේ මුල්ම කාලයේ හමුවුණු තැනැත්තෙක්. ඔහු තමයි මුලින්ම මගේ තිර පරීක්ෂණය කළේත්.දෙරණ නාලිකාවට මාව සම්බන්ධ කළ කෞශල්‍යා ප්‍රනාන්දු අක්කා වගේම බණ්ඩාර, කැමරාකරුවන් වන ධම්මික කුමාර, තරිඳු ධනංජය, අසංක මුණසිංහ, සුමිත් ජයලාල්, කුමාහේව අයියා වගේම ෂර්මිලා ධර්මදාස මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඒවගේම ඉඬර ඡ්දබඥපබචඪදථඥදබ ආයතනයේ සේවය කරද්දී මට සහය වුණු ප්‍රසන්න ජයකොඩි, රසික ජිනසේන දෙදෙනාවත් ආදරයෙන් මතක් කරනවා. එසේම හිරු නාලිකාව සම්බන්ධයෙන් ඒඕඛ් මාධ්‍යජාලයේ ගරු සභාපති රෙනෝ ද සිල්වා මහතා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. එතුමා අපේ මේ නිර්මාණ කාර්යයන් සඳහා මිල කළ නොහැකි සහයෝගයක් ලබාදෙනවා. ඔහුව මේ අවස්ථාවේ ගෞරවපූර්වකව සිහිපත් කරන්න කැමැතියි. ඒ වගේම අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි (ඛ්.ඡ්.ර්‍ණ.) විල්සන් සිල්වා මහතාවත් සිහිපත් කරනවා .ඔහුත් මේ කටයුතු කරගෙන යන්න හොඳ සහයක් ලබාදෙනවා.ඒවගේම නිෂ්පාදක, අධ්‍යක්ෂවරයකු වන චාමර ජයවීර මහතා ගැනත් යමක් කියන්න ඕන. ඔහුයි මාව මේ ආයතනයට ගන්නේ සහ මට මේ ආයතනය ඇතුළේ වැඩක් කරන්න මුලින්ම අවස්ථාව දෙන්නේත්.වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත මහතා තමයි හිරු ටෙලි සිනමා සිත්තම කරන්න මට පාර හදලා දුන්නේ.ඔහු තමයි මගේ ගෙදර අයගෙන් පස්සේ මාව ගොඩාක්ම විශ්වාස කළේ. මට ටෙලි චිත්‍රපට කරන්න පුළුවන් කියලා ඒ දේ භාරදුන්නේ විරාජ් වැලිවත්ත මහතායි. ඔහුම තමයි කිව්වේ මට මේකට සම්බන්ධ වෙන්න කියලා. එතුමාගේ මඟපෙන්වීම මට හොඳ වටිනාකමක් ගෙනවිත් දුන්නා.අපේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක්, නියෝජ්‍ය වැඩසටහන් කළමනාකරු වන දමිත් ප්‍රනාන්දු මහතාවත් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනි. එමෙන්ම කසුන් තරින්ද, ඉරුෂ ද සිල්වා, වගීෂ විතාන,නිවන්ත ප්‍රසාර,ඩිල්ෂාන් අමරසිංහ වගේ අයත් මට ගුරුවරුන් වගේ හැමදේම කියා දීලා මගේ ගමනට හොඳ ශක්තියක් වුණා. ඒවගේම එකීමෙකී නොකී බොහෝ පිරිසක් ඉන්නවා මට උදව් කරපු අය. කැමරාකරුවන් කැමරා සහයකවරුන්, වේශනිරූපණ ශිල්පීන් , කලා අධ්‍යක්ෂවරුන් වගේ බොහෝ පිරිසක් මට උදව් කර තියෙනවා . විශේෂයෙන් මගේ මවුපියන් දෙදෙනාවත් මගේ සහෝදරියවත් මගේ යහළුවන්වත් මෙහිදී සිහිපත් කරන්න ඕනි.

පවුලේ විස්තර සඳහන් කළොත් .....? මගේ පවුලේ අම්මයි , තාත්තයි, නංගියි ඉන්නේ.ඔවුන්ගෙන් මගේ මේ ගමනට හොඳ සහයක් ලැබෙනවා ..

මේ ක්ෂේත්‍රය තුළ ඔබේ සමකාලීන මිතුරන් රැසක් එහෙමත් ඇති විශේෂයෙන් මතක් කළ යුතු....?

ඔව්, ඇත්තෙන්ම මාත් එක්ක අධ්‍යක්ෂණ කාර්යයේ යෙදෙන ලසිත සමරතුංගව මතක් කළ යුතුමයි. ඔහු හිරු නාලිකාවේ "ඇගේ කතාව" ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරනවා. ඔහු මගෙත් එක්ක ක්ෂේත්‍රයට ආව සමකාලීනයෙක්. ඒවගේම අමිල චින්තක ගමගේ මාධ්‍ය ලෝකයේ මට සෑමවිටම උදව් කරන කෙනෙක්. ඒ වගේම කසුන් සෙබස්තියන්, ශිහාන් පතිරාජ, මාලක ලෝෆුන්, ජේ.බී. අමිල කුමාර ආදී මිතුරනුත් මතක් කරන්න ඕන.

 

[email protected]