සැටර් හෙවත් උපහාසය නැතහොත් උපහාස රචනා

අගෝස්තු 12, 2021

 

සාමාන්‍යයෙන් ප්‍රබන්ධ ස්වරූපයෙන් හා ප්‍රබන්ධ නොවන සාහිත්‍ය තුළ මනුෂ්‍ය දුර්වලතා වන දුෂ්ටකම්, මෝඩකම්, අපයෝජන හා අඩුපාඩු සමච්චලයට ලක්කිරීම හෝ ලැජ්ජාවට පත් කිරීමේ අභිලාෂය පෙරදැරි කරගත් හාස්‍ය උත්පාදන රංගය සැටර් නමින් විස්තර වේ. හාස්‍යජනක වුවද එහි පළල් අරමුණ සමාජ විවේචනයකි. සොෆොක්ලිස්ගේ සැටර් ප්‍රහසනයේදී දේවසභාව, දෙවියන්, ඔවුන්ගේ හැසිරීම් බරපතළ ලෙස විචේචනයට ලක් කරයි. සමාජයේ විශේෂිත හා පුළුල් කාරණා පිළිබඳ විවේචනයක් සහිතව ප්‍රබල උත්ප්‍රාසය (Irony) හා උපහාසය  (Parody)   සම්බන්ධ කොට ගෙන ලිවීම සැටර් රචකයාගේ අරමුණ වේ. සටන්කාමී උත්ප්‍රාසය මෙන්ම උපහාසත්මක ප්‍රශ්න කිරීම සහිත කලාත්මක ප්‍රකාශන ආකාරයෙන් සැටර් රචනාව සකස් වේ. සැටර් නම් උපහාසාත්මක වදන එන්නේ ග්‍රීකයෙන් වූවද රෝමයේ දී එයට ලතින් අර්ථ කථනයක් ඇත. සැටර් හෙවත් සාතර් යන ලතින් විග්‍රහයේදී එහි අර්ථය සම්පුර්ණ, විවිධාකාර යන්නයි. එය විවිධ රසැති පිළිතුරුවලින් පිරුණු ආහාරයක් යනුවෙනි. රෝම පදය උපහාසයට ලක්කිරීමේ අරමුණින් අර්ථ දක්වයි. ‘කේවින්ට්ලියන්’ නම් විචාරකයා උපහාසාත්මක අර්ථයක් සතුර යනු රෝම සම්භවයක් සහිත සටුර ප්‍රභේදයක් බවයි. එය ග්‍රීක මූලයක් සහිත වන අතර උපහාසත්මක රචනයේ පුරෝගාමියා ලෙස සලකන්නේ ඇරිස්ටොෆනිස්ය.

පුළුල් අර්ථයෙන් උපහාසාත්මක යන යෙදුම භාවිත කළේ ‘අපුලියස්’ නම් විචාරකයාය. ග්‍රීක වචනයක් වූ සැටීර් (සැටීරෝස්) යන වදනින් ව්‍යුත්පන්න වූ සටුර් යන වචනයට ඉංග්‍රීසි සාහිත්‍යයේ උපහාසය ලෙස පැමිණයේය. කෙසේ වුව උපහාසය, උපහාසාත්මක යන වදන්වලට ඇත්තේ ග්‍රීක සම්භවයකි.

ක්‍රි.ව. 4 සියවසේ දී උපහාසාත්මක ලේඛකයින් හැඳීන්වුයේ සැටරිකස් යනුවෙනි. මෙකල ප්‍රකට උපහාස ලේඛයෙකු වූ ශාන්ත ජෙරොම් නැමැත්තා ගද්‍යයේ උපසාහාස්තමක ලේඛකයා යන අර්ථයෙනි. P Satiricus Sculptor Prosa) - ප්‍රොසාහි සැටරිකස් ස්ක්‍රිප්ටර්) හැඳීන්විය. පසුකාලීනව සැටර් වචනයෙන් බිඳී ගිය තවත් වචනවලින් උපහාසාත්මක ලේඛකයා නාමකරණයට ලක්විය. සතුර යන වචනය ‘සත්‍ය’ නම් අර්ථය සඳහා ද භාවිත විය. උපහාසාත්මක රචනා සැටියර් සැටයර් නමින් හැඳීන්විය.

 

සරදම්කාරි රසිකතාව

(Humour)

සැටයර්හි ඉතා වැදගත් අයෙක් වනුයේ සරදම්කාරීය රසිකතාවයයි.  (Humour)  විශ්ව කෝෂයේ සිහින උපදවන සුළු පුද්ගලයා නොහොත් කවටයා දක්වා ඇත්තේ සරදම්කාරයා Humourist)යනුවෙනි. හාස්‍යයෙන් සිනහව පූර්ණ වශයෙන් උපහාසාත්මක අංගයක් නොවන අතර විහිළු නොවන උපාහාසාත්මක චර්යා ද දක්නට ලැබේ. දේශපාලනය, ආගම සහ කලාව වැනි මාතෘකා අනිවාර්යයෙන්ම උපහාසාත්මක නොවන අතර සැහැල්ලු හෘදයාංගම උපහාසයේ පවා බැරෑරුම් රසයක් පසුව ලැබෙනු ඇත. එම බැරෑරුම් සරදමේ අභිලාෂය වනුයේ ‘පළමුව මිනිසුන් සිනහගන්වන්නා පසුව ඔවුන් සිතීමට පොළඹවන්න.' යන ආදර්ශයයි.

සැටයර් රචනාවල සමාජ හා මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් (Social and psychological Function) දක්නට ලබන අතර සමාජීය හා මානසික කාර්ය භාර්යය සහිත සාමූහික මනෝභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි. එහි ගැඹුරු සාරධර්ම හා රූප අරුචිකම් හා සමාජ බල ව්‍යුහයන්වල ස්වභාවය හෙළි කරයි. සමහර කතුවරු උපහාසය (Satyr)ඉතිහාසය හා මානව විද්‍යාව වැනි විකට හෝ කලාත්මක නොවන විෂයයන්ට වඩා උසස් යැයි සලකති. පුරාණ ග්‍රීසියේ එන උදාහරණයකට අනුව ඇතිනි. සමාජය අවබෝධ කරගැනීම සඳහා පොතක් ඉල්ලු විට ප්ලේටො විසින් ඒ තැනැත්තා පැරිස්ටෝනොසස් නාට්‍ය වෙත යොමු කළ බව දැක්වේ. ආර්ථිකය, ආගම සහ බලයේ ප්‍රමුඛ ක්ෂේත්‍ර, නායකයින් සහ බලධාරීන්ට අභියෝග කිරීමේ හා ඒ මඟින් මහජන මතයක් ඇති කොට බලපෑම් කිරීමේ මෙවලමක් ලෙස උපහාසය වැදගත් බව ග්‍රීකයෝ විශ්වාස කළහ.

උපහාසයේ ස්වභාවය නිසාම හා එහි සමාජ භූමිකාව නිසා බොහෝ සමාජවල ප්‍රවීණ පුද්ගලයන් හා ආයතන සමච්චලයට ලක් කිරිමේ විශේෂ බලපත්‍රයක් උපහාසයට ඇතැයි විශ්වාස කරයි.

සැටයර් නැතහොත් සැටර් ග්‍රීසියේ උත්පාදනය වුවද මෙම උපහාසාත්මක ප්‍රභේදය විවිධාකාර ප්‍රභේදයන්, වර්ගිකරණයන් හා අර්ථ දැක්වීමට විවෘත වන අතරම පුළුල් පරාසයක උපහාසාත්මක මානයන් සහිතය. උපහාසාත්මක සාහිත්‍යයේ ප්‍රධානතම මානයන් ත්‍රිත්වයක් යුරෝපීය නාට්‍ය හා සාහිත්‍යයේදී හඳුනාගත හැකිය. මේ සාහිත්‍යමය උපහාසාත්මක ශානරයන් හොරේෂියන් (Horatian)ජූවනලියන් (Jurenalian) මෙනිපියන් (Menippean)  නම් වේ.

harartian Satire

හොරෙෂියන් උපහාසය

ක්‍රි.පු.65 දී රෝමයේ (පළමු ශත වර්ෂයේ දී) උපන් හෝරස් නම් ලේඛකයාගේ හොරාමියානු උපහාසය මෘදු හා සැහැල්ලු හාස්‍යයක් ජනිත කරනසුලු සමාජ විවේචනයක් සහිත එකකි. ක්වින්ටන් හොරාමියස් ලියන ලද උපහාසාත්මක රචනා පුරාණ ග්‍රීක හා රෝම දාර්ශනික විශ්වාසයන් ඉතා මෘදු සැරකින් විවේචනය කිරීම ඔහුගේ උපක්‍රමය විය. රළු බව හා චෝදනාත්මක බව වෙනුවට හාස්‍ය හා සමච්චල් සහගත බවක් සහිතව මෘදු ප්‍රකාශනයකි. නපුර හා මෝඩකම ලෙස හඳුන්ගන්නා ලද මතවාදයන් කෙරෙහි බුද්ධිමත් වුත්, අතිශයෝක්තිමත් වුත්, අවලස්සන හාස්‍යයක් වෙත යොමු කරන ඔහුගේ විලාසය විශේෂයෙන්ම නූතන සමාජයේ ද බහුලව දක්නට ලැබේ. විශේෂයෙන්ම දේශපාලන තීරු රචනා කාටුන්වල ඇත්තේ මේ රීතියයි.

හොරෙටියනු උපහාසාත්මක වියමන්වල ඉලක්කය කෝපයෙන් නොව සිනහවෙන් යුතුව සමාජ දේශපාලන සංසිද්ධි දෙස විචාරයෙන් පිවිසීමයි. එනිසාම හොරේටියානු උපහාස රචනා ජීවිතය බැරෑරුම් ලෙස නොසලකන මෘදු මතක් කිරීමක් වේ. ඔවුහු කිසිවිටකත් විශේෂිත හෝ පෞද්ගලික ප්‍රහාරයන්ට වඩා සාමාන්‍ය මිනිස් මෝඩකම් විහිළුවට හා සමච්චලයට ලක් කරති. හොරේටියානු උපහාසය භාවිත කරන උපහාස රචකයන් කතාවේ චරිතවලට සරදම් කරනුයේ සමචලයට ලක්කරන චරිත මෙන් තමන් හා සමාජය ඒ ආකාරයෙන් හැසිරීම ගැන සිනාසෙමිනි.

සදාචාරයෙන් සුවකරන දේ බුද්ධියෙන් රිදවීම ඉගැන්වීමක් හොරේටියානු උපහාසයේ ඇත. යුරෝපයේ පැරණි හා නූතන බොහෝ ලේඛයන්ගේ රචනාවල හොරේටියානු උපහාසයේ ලක්ෂණ දක්නට ලැබේ. බියර්ස් ඇම්බ්‍රෙස් (Bierce Ambrose)  යක්ෂයාගේ ශබ්දකෝෂය The Devil's Dictionary)  තෝමස් මො (Thomas More) ගේ යුටෝපිය (Utopa)  මාක් ටිවේන් ගේ හකල්බරි ෆින් Adventures of Huckleberry finn)   එවන් රචනාවෝ වෙති. මෘදු උපහාසය මේ සෑම කෘතියක මෙන්ම හොරේටියානු උපහාස රචනා ශෛලියේ ප්‍රධාන ලක්ෂණය වේ. බල්ලොත් එක්ක බෑ. සාජන්ට් නල්ලතම්බි වැනි නාට්‍යවල මෙන්ම බොහෝ පුවත්පත් කාටූන්වල Cartoon)  ඇත්තේ මේ ශෛලියට සමීප උපහාසයකි.