වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘පෙණ පිඩු නංවන ගංගාවෝ’ චංචල දෑසට ඉඟි පෑවෝ

මෙරට කලා ක්ෂේත්‍රය තුළ අප්‍රකට චරිත රැසකි. ඒ අතරින් කරුණාරත්න ඩී.පිලිප් මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හෙතෙම 1956 දේශපාලන පෙරළියෙන් පසු මෙරට බිහිවූ ශිෂ්‍ය ව්‍යාපාර අතර කැපී පෙනුණු කොළඹ කුමාර විද්‍යාලය කේන්ද්‍ර කරමින් සමස්ත ලංකා එක්සත් ශිෂ්‍ය පෙරමුණ බිහි කරමින් ආරම්භක ලේකම්වරයා ලෙසත්, පසුකාලීනව එහි සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් ප්‍රධාන දේශපාලන ධාරාවට සෘජුවම දායකත්වය ලබාදුන් ශිෂ්‍ය නායකයෙකි.
60 දශකයේ ආරම්භයේදී ළමා ලේඛක ලේඛිකාවන්ගේ රසික හවුල බිහි කරමින් දිවයින පුරා විසිරී සිටි ළමා නිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවක් ගොඩ නැගීමට ඔහු සමත් වූයේ මෙරට ශිෂ්‍ය ව්‍යාපාර තුළින් ලද පන්නරයෙනි. ඒ ඔස්සේ පසුකාලීනව මාධ්‍යය - සාහිත්‍ය හා කලා ක්ෂේත්‍ර පෝෂණය කළ නිර්මාණවේදීන්ගේ පරපුරක් බිහි කරලීමට ඔහු සමත් විය. එමර්සන් හිප්පොල, පනංගල ජී. කුමාරතිලක, එස්.කරුණාරත්න, මහින්ද කැල්ලපත, කේ.පී. නිහාල්නන්ද, අශෝක කොළඹගේ, ඒ.ජී.පියදාස, ලැම්බට් පෙම්මාවඩු, සිරිසේන උක්වත්තගේ, ප්‍රයංවදා බන්දුවර්ධන, පර්සි ජයමාන්න වැනි විශිෂ්ට නිර්මාණකරුවන් රැසකගේ අවතීර්ණය සිදුවූයේ ළමා ලේඛක ලේඛිකා රසික හවුලෙනි.
1960 ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ පැවැති ප්‍රධාන උත්සවයේ ආරාධිත අමුත්තා වූ එවකට ළමා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඕ.ටී. දේවේන්ද්‍ර මහතා පිළිගැනීමට එක්තරා නිවෙසක මෙහෙකාර සේවයේ යෙදී සිටි දරුවකු යොදා ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීමෙන් දැඩි කතාබහට ලක්වූ කරුණාරත්න ඩී.පිලිප් මහතා තම ශිෂ්‍ය ව්‍යාපාරය ඔස්සේ ඒ වසරේදීම ළමා දිනයට සමගාමීව ලෝක ළමා සතියක් පැවැත්වීමට නායකත්වය ගෙන කටයුතු කළ අතර, දිවයින පුරා දිස්ති‍්‍රක් මට්ටමින් පාසල් දරුවන් අතර ගායන, වාදන, කථික, ලේඛන හා චිත්‍ර තරග පවත්වා දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරිමට කටයුතු කළේය. එදා රචනා තරගයෙන් ජයගත්තේ පසුකාලීනව මහ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජනගේ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කළ බුද්ධදාස බෝධිනායක මහතාය. කථික තරගයෙන් ජයගත් කුසුම් පීරිස් පසුව රටටම කතා කරන අංක එකේ නිවේදිකාවක් බවට පත්වූවාය.
පිලිප් මහතා සිය දේශපාලන කටයුතුවලින් විරාමයක් ලැබුවේ 1963 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා එස්.කරුණාරත්න මහතා නිර්මාණය කළ ‘බුහුමන් සොයා‘ වේදිකා නාට්‍ය යේ පරිපාලක ලෙස කටයුතු කරමින් නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූවාට පසුවය. ඉන් අනතුරුව ඔහු 1965 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලට ‘අතරමං වූවෝ‘ නාට්‍ය නිර්මාණය කළ අතර එය හොඳම නාට්‍ය 20 අතරට එක් විය. 1976 වසරේදී ‘පෙත්තප්පු රූං රූං‘ නාට්‍ය රචනා කොට නිෂ්පාදන කළ හෙතෙම ප්‍රවීණ කවියකු වූ බුද්ධදාස ගලප්පත්ති සමඟ එක්ව ‘ලුණු උපත‘ නමින් ද නාට්‍යයක් නිර්මාණය කළේය.
කරුණාරත්න ඩී.පිලිප් මහතාගේ සිනමාගමනය ද රසවත් කතාවකි. 60 දශකයේ මුල් භාගයේදී ඔහු එවකට කැලණිය, වරාගොඩ පදිංචිව සිටි නිවෙසට යාබද නිවෙසේ සිටි පාසල් සිසුවකුට පාඩම් කියාදීමට ඔහුට අවස්ථාවක් ලැබී තිබිණි. එම සිසුවා කලාවට බෙහෙවින් පි‍්‍රය කළ අතර, නාට්‍ය පිළිබඳ වරින් වර ඔහුගෙන් විමසන්නට පුරුදු වී සිටියේය. තමාට ද නාට්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටි මොහොතේ නොපැකිළිව එය අගය කළ හෙතෙම ඒ වනවිට ඔහු සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ශිෂ්‍ය පෙරමුණ මගින් බොරැල්ලේ වයිඑම්බීඒ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ එක්තරා ප්‍රසංගයකට නාට්‍යයක් නිර්මාණය කරන්නැයි ඇරියුම් කළේය. පසුකලෙක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ජනපි‍්‍රයත්වයට පත්වූ එම සිසුවා පතිරාජ එල්.එස්.දයානන්දය.
1969 වසරේදී පතිරාජ එල්.එස්.දයානන්ද සිය පළමු චිත්‍රපටයේ දෙබස් රචනයත්, තේමා ගීතයත් දෙකම භාර දෙනු ලැබුවේ කරුණාරත්න ඩී.පිලිප් මහතාටය. එවකට රිදී තිරයේ ජනපි‍්‍රයත්වයට පත්වෙමින් සිටි විජය කුමාරතුංග සහ මාලිනි ෆොන්සේකා යුවළ යොදා ගනිමින් නිර්මාණය වු හත්දින්නත් තරු චිත්‍රපටයේ තේමා ගීතය වූ සුජාතා අත්තනායක ගයන ‘පියවි මිනිස් ලොව සබඳකමින් පිරි‘ ගීතය රචනා කරමින් චිත්‍රපට ගී රචනයට එක්වූ කරුණාරත්න ඩි. පිලිප් මහතා එතැන් සිට පතිරාජගේ සෙලීනාගේ වලව්ව, ජෝඩු වළලු, සහ 24 පැය චිත්‍රපටවලටද ගීත රචනයෙන් එක්වූයේය. ඒ අතරින් සෙලීනාගේ වලව්ව චිත්‍රපටයට ලියූ ‘පෙණ පිඩු නංවන ගංගාවෝ‘ (ඩබ්.පේ‍්‍රමරත්න සහ ශී‍්‍රමතී තිලකරත්න) සහ ‘සම්පත් පිරී ඉතිරේ‘ (අමරදේව ශූරින්) එකළ ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් විය. පතිරාජගේ කිවුලෙගෙදර මොහොට්ටාල චිත්‍රපටයේද දෙබස් රචකයා වූයේ කරුණාරත්න ඩි.පිලිප් මහතාය. ඊට අමතරව නිවන් දක්නා ජාති දක්වා සහ තුත්තිරි මල් චිත්‍රපට සඳහා ද ඔහු ගීත රචනයෙන් දායක විය.
ලේඛකයකු ලෙසත් කැපී පෙනෙන දස්කම් පෑ හෙතෙම කණකොක් සුද කෙටිකතා සංග්‍රහය, නොතැබෙන පා (සිරිසේන උක්වත්තගේ සමග ලියූ කෙටිකතා සංග්‍රහය), කෙරුම්කාරයා (පියසිරි පී.මීගොඩ සමඟ ලියූ කෙටි කතා සංග්‍රහය) සහ රත්තරන් දුවේ උපදේශාත්මක කෘතියක් ද පළ කර තිබේ.
මාධ්‍යවේදී වින්සන්ට් පෙරියප්පෙරුම සමඟ එක්ව 70 දශකයේ මුල් භාගයේදී ඔහු විසින් ලියා පළ කරන ලද කෙටි චිත්‍රපට පිළිබඳ ශාස්තී‍්‍රය සංග්‍රහය එකල වැඩි කතාබහට ලක්විය. එය මෙරට කෙටි චිත්‍රපට පිළිබඳ පළ කරන ලද පළමු ශාස්තී‍්‍රය සංග්‍රහය ද විය.
ඊට අමතරව එඩ්වින් ආරියදාස, සුගතපාල සෙනරත් යාපා, ධර්මසේන පතිරාජ, පේ‍්‍රමසිරි කේමදාස, පර්සි ජයමාන්න, ජයතිස්ස දිල්ලිමුණි, සෝමවීර බෝපිටිය, සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, පියසිරි ගුණරත්න ආදී ප්‍රකට සිනමාවේදින් සමඟ එක්ව කෙටි චිත්‍රපට නමින් ශාස්තී‍්‍රය සංග්‍රහයක් ද පළ කිරීමට පුරෝගාමීව කටයුතු කළේය.
වසර ගණනාවක් ජාතික ලුණු සංස්ථාවේ ප්‍රචාරක නිලධාරි ලෙස ද කටයුතු කළ ඒ මහතා මුල් කාලයේ කොටහේන දීපදුත්තාරාමයේ හා ඔහු ඉගෙනුම ලැබූ කුමාර විද්‍යාලයේ පුස්තකාලාධිපති තනතුර දැරූ අතර, පසුව තැපැල් දෙපාර්තමේන්තුවේ ගිණුම් ලිපිකරුවකු ලෙස සේවය කළේය.
එකල කුමාර විද්‍යාලය කේන්ද්‍ර කරමින් සිසු බලය නමින් පුවත්පතක් ප්‍රකාශයට පත් කරමින් පුවත්පත් කලාවට ද පිවිසි පිලිප් දයාවංශ ජයකොඩි මහතා එළි දැක්වූ හෙළබිම පුවත්පතේ සහ ඩීමන් ආනන්ද මහතා ප්‍රකාශයට පත් කළ රිදී තිරේ පුවත්පතේ ලේඛකයකු ලෙස කටයුතු කළේය.
ලුණු සංස්ථාවේ රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 1994 දී පළමුව රස ප්‍රකාශන ආයතනයත් පසුව සිරිපා ප්‍රකාශන ආයතනයත් හිමිකාරකත්වය දැරූ බිරිඳ, සම්පත, ඈ ඇතුළු පුවත්පත් ගණනාවක ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ කරුණාරත්න. ඩී.පිලිප් මහතා මේ වනවිට අසූ හැවිරිදි වියෙහි පසුවෙයි. ඔහුගේ බිරිය ඩේසි ධම්මිකා පෙරේරා මහත්මියයි. දියණිය දිමුතු තුෂාරි කරුණාරත්නය. පුතු නුවන් උදාර කරුණාරත්න ලක්හඬ ගුවන් විදුලියේ මාධ්‍යවේදියෙකි.