මහේලගේ ‘ස්නේහ’ අන්තර්ජාතික නාළිකාවක 19 වනදා රාත්‍රියේ නැවත විකාශය වෙයි

Cinemaworld ලංකාව ගැන අවධානයෙන්
ජූලි 15, 2021

 

අපේ සිනමාවට වසන්තය උදා නොවුණද වසන්තය සෑමදාම අපේ නොවන සිනමාව කරා ඇදී යයි. වසංගත සමයේ සිනමාව ගැන කතාබහ වැඩියෙන් ඇදුණේ බොහෝ දෙනාට සිනමාව දෙස උනන්දුවෙන් බැලීමට වේලාවක් ලැබුණු නිසාය. එසේ වෙද්දී කැමරාවක් ගෙන උනන්දුවෙන් සිනමාව කළ තරුණයෙක් සිනමා ලෝකය ජයගත් ප්‍රවෘත්තිය මුහුණු පොතේ හැම තැනකම දක්නට ලැබුණු දෙයක්.

මේ තරුණයා 23න් හැවිරිදි මහේල හෙට්ටිආරච්චි. ආරංචිය නම් ඔහු අධ්‍යක්ෂණය කළ 'ස්නේහ' කෙටි චිත්‍රපටය අන්තර්ජාතික සිනමා නාළිකාවක් වන එමෙන්ම මෙරට සිනමා ලෝලීන්ගේ අතිශය ගෞරවයට පත් Cinemaworld  නාළිකාවේ ප්‍රදර්ශනයට තෝරා ගැනීම. ඔවුන්ගේ Cinema Short  වැඩසටහන වෙනුවෙන් ජූලි 11සහ 14 ප්‍රදර්ශනය වූ අතර 19 වැනි දා රාත්‍රී 8.20 ට ස්නේහ නැවත ප්‍රදර්ශනය වනවා. මෙරට ප්‍රේක්ෂකයා සඳහා ඩයලොග් ටීවී නාළිකා අංක 87 ද පියෝ ටීවී නාලිකා අංක 33 ද එදිනට ස්නේහ වෙනුවෙන් වෙන්ව තිබෙනවා.

මහේල මුහුණු පොතේ අපට හමුවන නිර්දය සිනමා විවේචකයෙක්. උග්‍ර සීරසිමා (සීමා රහිත සිනමා මාන්දම) රෝගයෙන් පෙ‌ළෙන්නෙක්. අන්තර්ජාතික වේදිකාවක ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ස්ථානගත කිරීමේ මෙහෙයුම ඔබට ගෙන ඒම සඳහා අපි මහේල සමඟ සම්මුඛ වූවා.

 

-මහේල, Cinemaworld  නාලිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රථම චිත්‍රපටයද 'ස්නේහ' ?

ඔව්. මීට පෙර දිගු හෝ කෙටි චිත්‍රපටයක් ලංකාවෙන් Cinemaworld  නියෝජනය කරලා තිබුනේ නැහැ. මේ ප්‍රථම වතාව.

 

-මුහුණු පොතෙන් ස්නේහ හොඳට නිරාවරණය වුණා කියලා මට හිතෙනවා?

Cinemaworld  එකෙන් අපේ චිත්‍රපටයට තැනක් ලැබුණා කියන ආරංචිය මම කියපු ගමන් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම ඒ ආරංචිය අපේ මිත්‍රයෝ වගේම ගොඩක් ෆේස්බුක් සමූහ ස්නේහ ඔසවලා තිබ්බා. මුලින්ම අපි ස්නේහ මුදා හැරියේ කධභඊභඡඥ එක හරහා මේ අවුරුද්දේ මාර්තු 8 වනදා. ඒ නිසා ගොඩක් දෙනා ස්නේහ වෙත ආදරය කළා. මම දැන් බලාගෙන ඉන්නේ පිටරට ප්‍රතිචාර චිත්‍රපටයට ලැබෙනකල්.

ආසියාව පුරා කලාත්මක සිනමාව අගය කරන්නන් අතර Cinemaworld  නාළිකාව අතිශය ජනප්‍රියයි. භාෂා රැසකින් ස්නේහ වෙත උපසිරැසි එකතු වන බවයි ආරංචිය.

ඇත්තටම ඔව්. Cinemaworld  නාළිකාව රටවල් 28 ක ප්‍රචලිත වෙලා තියෙනවා. මේ මොහොතේ ස්නේහ දකුණු ආසියානු කලාපයේ ප්‍රදර්ශනය වෙන්නේ ඉංග්‍රීසි උපසිරැසි සහිතව. ඒ වගේම චීනය ආශ්‍රිත කලාපයේ චීන බසෙනුත් චීන තායිපේ බසෙනුත් උපසිරැසි යොදලා ඉවරයි.

 

19 වෙනිදායින් පස්සේ චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු කොහොමද වෙන්නේ?

චිත්‍රපටයේ ප්‍රදර්ශන අයිතිය පවරලා තියෙන්නේ Cinemaworld  නාළිකාවට. ඒ වගේම අපි තීරණය කරලා තියෙනවා ලෝකයේ තියෙන තවත් සිනමා උළෙලවලට ස්නේහ ඉදිරිපත් කරන්න. දැනටමත් සමහර උළෙලවලින් සුබ පණිවිඩ ලැබෙමින් පවතිනවා. ඉදිරි කාලයේදී සුදුසු අවස්ථාවල ස්නේහ ප්‍රදර්ශනය කරන්න Cinemaworld  කටයුතු යොදාවී.

 

කොහොමද ස්නේහ මේ වගේ වටිනා අන්තර්ජාතික වේදිකාවකට යන්නේ?

මේ අවස්ථාව අපිට එන්නේ පියෝ ටීවී හරහා. Cinemaworld  නාළිකාව ශ්‍රී ලංකාව සමඟ සියලුම සම්බන්ධීකරණයන් කළේ පියෝ ටීවී එකත් එක්ක. ඒකේ හිටපු ඩිල්ෂාන් විජේසිංහ අයියව අපි ආදරයෙන් මතක් කරනවා. ඔහු තමයි අපේ ස්නේහ ගැන නාළිකාවට යෝජනා කරලා ඒ ඉඩ හදලා දුන්නේ.

 

ස්නේහ ගැන සංකල්පය ලංකාවේ එක්තරා භූගෝලීය කලාපයක් ගැන හිතේ තියාගෙන රචනා කරපු එකක්ද?

සරලවම කියනවා නම් මම කැමතියි මගේ චිත්‍රපටයක කොළ පාට වැඩියෙන් තියෙනවා නම්. ඒ වගේ පරිසර කලාපයක, විශේෂයෙන් රිවස්ටන් වගේ පැත්තක රූ ගත කෙරුණේ තරුණියක් තමන්ගේ පෙම්වතා සොයාගෙන යන ගමනක් ගැන. මම ගොඩක් දකුණු ඉන්දීය සිනමාවට ආදරය කරනවා. ඒ සිනමාවේ ජීවිතය ගැන දරන අදහසත් චිත්‍රපටයේ පෙන්වන ජිවිතයට කඩා පනින අහඹුවත් මම ඉතා කැමති දේවල්.

 

දැන් මට මහේල කවුද කියල දැනගන්න අවශ්‍යයි. මාතර නේද ජන්ම භූමිය ?

ඔව්. මාතර පිටබැද්දර මගේ ගම. පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන් 5 ශිෂ්‍යත්වය සමත් වෙලා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ගියා. උසස් පෙළ කාලයේ ඉඳන් මට සිනමාව ගැන පැෂන් එකක් තිබ්බා. ඒ හින්දාම අත නොහැර මම සිනමාවත් එක්ක හිටියා කිව්වොත් නිවැරදියි.

 

මහේලගේ පෞද්ගලික සිනමා රුචිය මොන වගේද?

ගොඩක් දෙනා බලන, පොදු සමාජය කැමති සිනමාවට මමත් කැමතියි. ඒක බොහෝ විට වාණිජ සිනමාවට බර වෙන්න පුළුවන්. ඒත් වාණිජ අන්තයක තියෙන සිනමාවට මම කැමති නැහැ. විශේෂයෙන්ම ඒ වගේ චිත්‍රපටයකට සංගීතයෙන් දෙන බර විශාලයි. ඉතින් ඒ වගේ චිත්‍රපටයකට මම ගොඩක් කැමතියි.

 

සිනමා ජිවිතයේ අත්දැකීම් ලැබෙන කාලයක්නෙ මේක. කොහොමද සිනමාව ගැන අධ්‍යනය ලබා ගන්නේ?

ටැරන්ටිනෝගේ ජීවිතයේත් සිනමාව හැදෑරුවේ සිනමාවෙන්මයි. මමත් කැමති ඒ මාවතටමයි. බොහෝ දෙනාට වගේම මටත් තියෙන්නේ කධභඊභඡඥ එක සහ වෙබ් අඩවි තමයි. දැන් මට අවශ්‍ය වෙන්නේ සිද්ධාන්ත ගැන හැදෑරීමක් කරන්න. ඒක මගේ දැනුමට යමක් එක් කරනවා වගේම ඒ දේවල් දැන සිටීම මගෙන් හොඳම ධභබනභබ එක ඉදිරියට ඒමටත් බලපානවා.

 

මම දැක්ක සුවිශේෂී කාරණයක් තමා ස්නේහ ප්‍රවර්ධනය කරද්දී Cinemaworld  නාළිකාව අපේ රටේ සුන්දරත්වය ගැන වැඩියෙන් කතා කරනවා?

ඇත්තෙන්ම ඔව්. Cinemaworld  නාළිකාව ලොකු උනන්දුවක් දැක්වූවා මේ කාරණයට. ඔවුන්ගේ ඇස ස්නේහ වෙතට යන්න ලොකු හේතුවක් වුණේ මේ කොළ පාට සුන්දරත්වය. ඒ වගේම ඔවුන් සූදානම් ලංකාවේ සිනමාපට එකතු කරගෙන සිනමා උලෙළක් නාළිකාව මඟින් ප්‍රදර්ශනය කරන්න. ඉතින් දැන් ලංකාව ලෝකයේ අවධානයට ලක් වෙලා ඉවරයි.

 

හොඳයි. ඔබ කාටද ස්තූති කරන්නේ?

මං මේක අවස්ථාවක් කරගන්නවා ස්නේහ නිෂ්පාදකයන් දෙදෙනාට ස්තූති කරන්න. මහාචාර්ය ඉන්දික ගවරම්මාන සහ ජනිදු රාජකරුණා. මේ වගේ කාලෙක කෙටි චිත්‍රපටයකට මුදල් යොදවනවා කියන්නේ හරියට මකර කටට සල්ලි දානවා වගේ වැඩක්. ඒ වගේම චිත්‍රපටයේ වැඩ කරපු සියලුම දෙනා. ඔවුන් මගේ හොඳම යාළුවො. චිත්‍රපටය Cinemaworld  යන්න කලින් Cinema Short  නැරඹුම් වාර 15,000ක් සම්පූර්ණ වුනා. ඒ නරඹපු අයටත් ස්තූතියි. ෆේස්බුක් එකේ සිනමාවේදීන් ඇතුළු සමූහවලටත් Cinemaworld  කාර්ය මණ්ඩලයත් පියෝ ටීවී එකේ ඩිල්ෂාන් අයියටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.