වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
ආගන්තුක පේ‍්‍රමී
අහසට සොඳුරුද සඳ කෙතරම්,
ගසකට සොඳුරුද මල කෙතරම්,
සයුරට සොඳුරුද රළ කෙතරම්,
එතරම් මිහිරියි ඔබ මටනම්..
ඒක ආදරණීය ගීයක්. ඒ නිසාම තමයි එය පටිගත කොට ජනගත කෙරුවායින් පසුව එක රැයකින් ජනප්‍රිය වුණේ. දශකයකට අධික කාලයක් ගත වුණත් ඒ ජනාදරය එලෙසම තමයි. ඒ ගීතය ගැයුවේ කාශ්‍යප දිසානායක. ගායනයෙන් සහය වුණා ප්‍රවීණ ගායිකා නෙලූ අධිකාරි. නැසීගිය ගී පද රචක ආනන්ද හේවාරංහිඳගේ පන්හිඳෙන් ලියැවුණු අහසට සොඳුරුද සඳ කෙතරම් ගීතය සංගීතවත් කළේ වෛද්‍ය දේවක රත්නපාල විසින්. ඒ නිමැයුම්කරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස, එය ගයමින් ක්ෂේත්රයට අවතීර්ණ වූ කාශ්‍යපගේ නම ජනප්‍රිය ගායකයෙකු වශයෙන් ඉහළටම එසවුණා. එහෙත් ඒ එක්කම හිටිහැටියේම ඒ ගායකයා අතුරුදන් වුණේ නිතර දෙවේලේ ඒ ගීතය ඇසෙන සමයක. වසර ගණනාවකට පසු යළිත් ගී ගයන්නට එක් වුණු කාශ්‍යප තවත් අලුත් ගීතයක් පසුගියදා නිකුත් කළා. 'ආගන්තුක ප්‍රේමී' ලෙසටයි එය නම් කොට තිබුණේ.
කාශ්‍යප ආගන්තුක ප්‍රේමී ගැන කතා කරන්නට පෙර අපි පොඩ්ඩක් ඔබේ කලා ජීවිතයේ අතීතය දෙසට ගිහින් එමු?
මගේ පළවෙනි ගීතය තමයි අහසට සොඳුරුද සඳ කෙතරම්. ඒක ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. මම පීක් එකේම සිටිය කාලයේදීම තමයි මට ක්ෂේත්රයෙන් අයින් වෙන්න සිදුවුණේ. ඒ ගැන වැඩි විස්තර කිව්වොත් මට විදෙස්ගත වෙන්න අවස්ථාවක් ලැබුණා. අපි ගොඩක් සල්ලි තිබුණ උදවිය නෙමෙයි. මට හිතුණා මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ආර්ථිකය පැත්තෙන් ටිකක් සවිමත් වෙන්න. ඇත්තටම ඒ අරමුණ සාර්ථක වුණා. එහෙම කාලයක් විදෙස්ගත වෙලා ඉඳලා තමයි යළිත් ලංකාවට ඇවිල්ලා නිර්මාණකරණයේ යෙදෙන්න පටන් ගත්තෙ.
ඔබ ඉන් පසුව ගැයූ ගීත ගැන සඳහන් කිරීමක් කළොත්?
මම 2019 දී විතර මගේ දෙවැනි ගීතය කළා 'සිහින් සිනා' කියලා. ඒක කරන්න විශේෂ හේතුවක් තිබුණා. පොරමඩුල්ල ජාතික පාසලේ තමයි මම ඉගෙනුම ලැබුවේ. මට අවශ්‍ය වුණා ඉස්කෝලේ වටපිටාවේ ලොකේෂන් අරගෙන ගීතයක රූප රචනාවක් නිර්මාණය කරන්න. සිහින් සිනා ගීතය නිර්මාණය වුණේ ඒ අදහස ඔස්සේ. ඊට පසුව මම පසුගිය වෙසක් පොහොය කේන්ද්‍ර කරගනිමින් වෙසක් ගීතයක් එළි දැක්වූවා. එක නම් කරලා තිබුණේ 'වඩිනු මැනවි' කියලා. ඊට පස්සේ තමයි 'ආගන්තුක ප්‍රේමී' කියන මේ මගේ නවතම ගීය මගේ රසික රසිකාවන් වෙනුවෙන් තිළිණ කළේ.
අහසට සොඳුරුද සඳ කෙතරම් ගීතය තවමත් ඉහළ ජනප්‍රියත්වයක තියෙනවා?
ඇත්තම කිව්වොත් මම පසුව ගැයූ කිසිම ගීතයකට ඒ තත්ත්වෙට එන්න බැරි වුණා. ඒක තමයි ඇත්ත. මං හිතන්නේ මොකක්දෝ වාසනාවක් ඒ සිංදුවට තියෙනවා. අර සමහර ගීත තියෙනවානේ ලයිෆ් ටයිම් අහන්න පුළුවන්. මං හිතනවා අහසට සොඳුරුද සඳ කෙතරම් කියලා කියන්නෙත් ඒ වගේ ජීවිත කාලයේම අහන්න පුළුවන් සිංදුවක්. කවදහරි අපි නැති කාලෙක වුණත් ඒ සින්දුව මිනිස්සු රස විඳීවි.
ආගන්තුක ප්‍රේමී ගාවට තමයි ඊළඟට මම එන්නෙ?
මට ඒ සිංදුව ලියලා දුන්නේ රෝෂන් සමරවික්‍රම. ගීතය සංගීතවත් කළා කසුන් පොල්ගම්පල. ආගන්තුක ප්‍රේමී කියලා කියන්නේ ලව් සෝංග් එකක්. මට හිතුණා මේ දවස්වල ඇහෙන ගීතවලින් පරිබාහිරව ගීතයක් නිර්මාණය කරන්න. ඒ වෙලාවේ තමයි කසුන්ගෙ මේ පද පෙළ මට ලැබුණේ. මේ සිංදුව රූප රචනාව ගැන කතා කළොත්, සමීර බණ්ඩාර කපුකොටුව තමයි එහි අධ්යක්ෂවරයා. ඉතාම මිහිරි අන්දමින් ඔහු එය මට නිර්මාණය කරලා දුන්නා. ගීතය ටිකක් ශෘංගාරාත්මක පැත්තට බර වුණත් අපි රූප රචනාව නිර්මාණය කළේ ඉතාම පරිස්සමින්. පසුගිය බ්රහස්පතින්දාවෙ මම ආගන්තුක ප්‍රේමී ගීතය රූප රචනාව සහිතව එළිදැක්වුවා. මේ වන විට අසීමිත අන්දමින් ප්‍රතිචාර මට ලැබෙනවා.
මේ ගීතයේත් ගීතය නිර්මාණය කරන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?
මේ සිංදුව රූපගත කිරීම් කරන්න යොදාගත්ත දිනයට පෙර දවසේ මගේ මවගේ සැත්කමක් කරන්න සිදුවුණා. ඒ නිසා නොසිතූ අන්දමින් මම ගීතය වෙන දවසක ෂූට් කරන්න යොදා ගත්තා. ඇත්තටම ඒක තමයි මට වුණු එකම අමතක නොවන සිදුවීම.
ආගන්තුක ප්‍රේමී ගීතයට නිර්මාණයට සම්බන්ධ වූ සෙසු පිරිස මතක් කළොත්?
මේ රූප රචනාවේ මම තමයි ඒ ප්‍රධාන භූමිකාව නිරූපණය කළෙත්. මාත් එක්ක එලයිසා වින්කි කියන රංගන ශිල්පිනිය රංගනයෙන් දායක වුණා. මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ නර්ථනයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් මට දායක වුණු දෙදෙනාව. සුදාරි මදුරප්පෙරුම ඇඳුම් නිර්මාණයෙන් එකතු වුණා. ඒ වගේම සුදාරි සහ හිරුෂි පෙරේරා නර්තන අධ්‍යක්ෂණයෙන් මට සහයෝගය ලබා දුන්නා. සඳු රාජපක්ෂ සහ ධනූ පෙරේරා නර්තනයෙන් දායක වුණු අනිත් දෙදෙනා. කැමරා අධ්‍යක්ෂණය ශ්රීනික ලියනගේගේ. මේ සියලු දෙනාගේ සහායෙන් තමයි මෙම රූප රචනාව මෙම ගීතය නිර්මාණය වුණේ.