වර්ණයේ අවර්ණීත සීමාව

අගෝස්තු 19, 2021

කොරෝනා වසංගතයේ හේතුවෙන් කලා ක්ෂේත්‍රයේ සියලු වැඩකටයුතු යම්තාක් දුරකට අඩාල වී ඇති මොහොතක නව නිර්මාණකරුවන් කලා ක්ෂේත්‍රයට පැමිණීමට මැලිකමක් දක්වන මොහොතක තරුණ නිර්මාණකරුවන් පිරිසක් තම කුලුඳුල් සිනමා නිර්මාණය නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටියි. මෙයා මනෝවිශ්ලේෂණීය පර්යේෂණාත්මක(Psychoanalytical experimental art cinema) ගණයට අයත් වන සිනමා නිර්මාණයකි. එය "සංඝටන" නම් වේ.

තරිඳු බණ්ඩාරගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක් සහ දනුෂ්ක එරන්දගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයෙහි ගිවිසුම් වලට එළඹ ඇති අතර, නිෂ්පාදන කටයුතු සැප්තැම්බර් මාසයේදී සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. සංඝටන සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වන තරිඳු බණ්ඩාර රංගනය සහ අධ්‍යක්ෂණය විෂයක් ලෙස අධ්‍යනය කර ටෙලිනාට්‍ය හා චිත්‍රපට කීපයක දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කර ඇති අතර ගීත කිහිපයකම රූප රචනා නිර්මාණය කර ඇත. මීට පෙර ඔහු කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කර ඇති අතර ඒවා අන්තර් ජාතික ඇගයීම් ලබා ඇත.

මෙම සිනමා නිර්මාණය නිර්මාණය නම සහ තේමාව සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් යොදා ඇති අතර අඩුම කාලයකින් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් සහභාගි වුණු ජනිත් ගුණසේකර මේ සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වේ.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණි, අමා විජේසේකර, දනුෂ්ක එරන්ද යන රංගන ශිල්පීන් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ.

කාර්ය මණ්ඩලය

නම සහ නමේ තේමාව - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

අධ්‍යක්ෂණය සහ තිරරචනය- ඩරිඳු බණ්ඩාර

නිෂ්පාදනය - දනුෂ්ක එරන්ද

සහාය නිෂ්පාදනය - රවිශ්ක මුතුකුමාරණ, ඉසුරු ඕෂද

කැමරා අධ්‍යක්ෂණය - ජනිත් ගුණසේකර

සංගීත අධ්‍යක්ෂණය - ඉඳුවර සූරියබණ්ඩාර

ගීත ගායනය - අමේලියා විජේසූරිය, ෂයිනි ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය - නිපුණ ගමච්චිගේ

සහාය අධ්‍යක්ෂණය - චමත් පියදේව, කේ.එම්. සමීර මධුෂාන්

නිෂ්පාදන කළමනාකරණය - නිපුණ සූරියාආරච්චි

සහාය නිෂ්පාදන කළමනාකරණය - ඩිල්ෂි ලක්නිකා

සම්බන්ධීකරණය - කෙවින් ඒ.ජේ.

ගී පද රචනය - චතුර වික්‍රමගේ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

පිටපත් රචනය - ශෂී දොන්පාඋළු

සහාය පිටපත් රචනය - ලෂිණි හේවගේ

සිතුවම් නිර්මාණය - වාසනා සඳමාලි, රවිඳු සී.චතුරංග

ඇඳුම් නිර්මාණය - මයුරි මධුෂානි, බානු කරුණානායක

නිෂ්චල ඡායාරූප - ප්‍රමුදිත දිසානායක, භාග්‍ය සේනානායක

ඔබ ආයතනය පිළිබඳ විස්තර පළ කරගන්න අමතන්න - 071 821 7056