කලා සංස්කෘතියක් අද අත්‍යවශ්‍යයි

ප්‍රවීණ සිනමාවේදී බූඩී කීර්තිසේන
ජුනි 1, 2023

ලාංකේය සිනමාව නව මඟකට යොමුකිරීමේ අරමුණින් මෙරට ආධුනික සිනමා වෘත්තිකයන් වෙනුවෙන් වෙනස්ම අත්දැකීමක් ලබාදීමට චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන ඉකුත්දා කටයුතු කළේය. එනම් ඔස්කාර් සහ ඇකඩමි සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයකු ප්‍රථමවරට කැඳවා ගෙනවිත් දෙදින සිනමා වෘත්තික වැඩමුළුවක් පැවැත්වීමයි. ඔහුගේ School Of Arts  ආයතනය මඟින් මැයි 13-14 දෙදින පිළියන්දල Barn House හිදී පැවැති මේ වැඩමුළුව ඇකඩමි සම්මානලාභී ජර්මන් චිත්‍රපට පාසල්හි සිනමා ගුරුවරයකු වන ජර්මන් ජාතික අධ්‍යක්ෂවරයකු වන ‘පෙප් ඩැන්කෝඩ්’ (Pape Danquart)  මෙහෙයවීය. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ සිනමාව පිළිබඳ ඔහුගේ දැක්මත් විමසීමට බූඩි සරසවිය හා මෙසේ එක්විය...

පසුගිය දිනක පැවැත්වූ වැඩමුළුව ගැන කිව්වොත්....?

මගේ  School Of Arts  කියන කලායතනය මගින් තමයි මෙම වැඩමුළුව පැවැත්වුවේ. මේක ගොඩාක් අයට වටිනවා. ආසාවෙන් දැනුම ලබාගන්න ඉන්න අයට වගේම කථිකාචාර්යවරුන්ට, ඉහළ මට්ට්මේ වෘත්තිකයන්ම මෙන්ම වෙනත් අංශවල අයටත් මේක වැදගත්.. පසුගිය 13-14 දවස් දෙකේ දෙදින වැඩමුළුවක් විදිහට කළේ. මේකට තෝරගත්තේ මගේ හොඳ මිත්‍රයෙක් වන කුශාන්තගේ පිළියන්දල Barn House  එක. මේ වගේ ඉහළ මට්ටමේ වැඩමුළුවක් ආධුනිකයන්ටත්, වෘත්තිය මට්ටමෙන් වැඩ කරන අයටත් වැදගත්. Master Class  ලැබෙන දේවල් බොහොමයි. වෘත්තාන්ත, වාර්තා, කෙටි චිත්‍රපට ගැනත් මෙහිදී කතා කළා. ඉදිරියටත් මාස 3න් 2න් වගේ වසරකට මෙවැනි වැඩමුළු 3ක් , 6ක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩමුළුවෙන් සිනමා, කලා ෆීල්ඩ් එකේ ඉන්න පිරිසගේ දැනුම වැඩිදියුණු වෙනවා. මේ වගේ Master Class  එකකින් අලුත් අය හම්බවෙනවා. ඔවුන් එකිනෙකා සිතන විදිහත් ඉගෙනගන්න පුළුවන්. ලංකාවේ Art Culture එකක් බිහිවුණු තැන් අඩුයි. මේ වගේ Master Class  එකකින් Art Culture එක ගැන අවබෝධයකුත් ලැබෙනවා.

වැඩමුළුව මෙහෙයවූ ‘පෙපේ ඩැන්කෝඩ්’ ගැන මතක් කළොත්.......?

ඔහු ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්...ඔස්කාර් සහ ඇකඩමි සම්මානලාභියෙක්. ඔස්කාර් සම්මාන දිනාගන්නත් කලින් ඉඳන් මගේ මිත්‍රයෙක්. අවුරුදු 30ක විතර හිතවත්කමක් ඔහු සමඟ තිබෙන්නේ... මම පෙප් ඩැන්කෝඩ්ට කතාකළාම ඔහු ඒ ආරාධනාව ඉහළින්ම පළිගත්තා. කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට, වෘතාන්ත චිත්‍රපට රැසක්ම කළ අධ්‍යක්ෂවරයෙක්....ඒ වගේම අපි හිතමු මා ළඟ තියෙනවා ඉතාලියයි, ලංකාවයි එක්ක කරන්න ඕන චිත්‍රපටයක්. එතකොට කොහොමද මේවගේ දෙයක් කරන්නේ කියලා හිතෙන කෙනෙක්ට පුළුවන් පෙප් ඩැන්කෝඩ්ගෙන් ඒ ගැන උපදෙස් ගන්න. සිනමාව ගැන බොහෝම අත්දැකීම් ඇති ජර්මනියේ චිත්‍රපට පාසල්වල උගන්වන සිනමා ගුරුවරයෙක් තමයි පෙප් ඩැන්කෝඩ් කියන්නේ.

අද වෙද්දී ලාංකේය සිනමාවේ දිශානතිය සහ සිනමාවට එන තරුණ පරපුර ගැන මොනවද හිතන්නේ....?

ඒ ගැන නම් කීවොත් මුකුත්ම හිතාගන්න බෑ...සාමාන්‍යයෙන් ලංකාවෙ මිනිස්සු ගොසිප්වලට කැමතියිනේ. ට්ධඵඵඪන ඛ්ඩචදදඥත, රධu tube , ඛ්ධථඥඤර තමා ලංකාවේ අද වෙද්දී ඉහළින්ම තියෙන්නේ......ඒවා හැරුණාම මිනිස්සු චිත්‍රපට බලන්න සල්ලි දීලා යන්නේ නැහැ. මගේ සිතුවිල්ල වැරදිද මන්දා. ඉතාලිය වගේ රටක හෙට බ්‍රහස්පතින්දා නම් ඒ දවස අපේ ටඪතථ ච්චර එක කියලා ඔවුන් නිවාඩුවක් ගන්නවා එදාට චිත්‍රපට බලන්න. ඔවුන් එහෙම ඛ්භතබභපඥ එකක ඉන්නේ. ඒවගේම Short film, feature film  එකක් කියන්නේ කලා මාධ්‍ය දෙකක්. කෙටිකතාකරුවෙක් හා නවකතාකරුවෙක් අතර වෙනස වගේ. ඊටත් වඩා u tube  වෙනස්.  u tube එක්ක සිනමාකරුවෙකුට තරග වදින්න අමාරුයි. u tube  කරන්නාට සිනමාව කරන්න අමාරුයි...ඒ වගේම තරුණ පිරිසගෙන් ජගත් මනුවර්ණ ගැන මට පැහැදීමක් තියෙනවා. ඔහු ඉදිරියෙන් ඉන්නවා. ජගත්ගේ ‘රහස් කියන කඳු’ හොඳමට්ටමේ චිත්‍රපටයක්...ඒ මට්ටමේ තව කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ...

ඔබේ නිර්මාණවලට ඔබ ගුරුකොට ගත් සිනමාව සහ සිනමාකරුවෝ ගැන කිව්වොත්....?

අපේ කාලයේ ගොඩාක් Directorsලා හිටියේ නැහැ. අනික ඒ කාලයේ චිත්‍රපට නෙවෙයි අද හැදෙන්නේ..වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, ලෙස්ටර් ජේමිස් පීරිස්, නීල් රූපසිංහ, ලෙනින් මොරායස් වගේ අයගේ ආභාසය මට තිබුණා. ඒ එක්ක විදෙස් සිනමාවේ එක් එක් අධ්‍යක්ෂවරුගේ ආභාසය ලැබුණා. හැම රටකම අයට මම කැමතියි. මම කැමති වර්ගයේ චිත්‍රපට කරන අයටත් ආසයි. ඒ වගේම මම Film School  ගියා. short films  කළා. Film School  ගියාම පොළොව අතුගාලාම පටන්ගන්න ඕනා. Film School  එකෙන් මූලික දැනුම ලැබුණා...

ඔබේ මුල්ම සිනමා නිර්මාණය වූ ‘සිහින දේශයෙන්’ නිර්මාණය කරන්න යොමුවුණු ආකාරය.....?

‘සිහින දේශයෙන්’ සඳහා ඩබ්ලිව්. ජයසිරි තමයි මට අදහස ගෙනාවේ. ඔහු එක්ක ඇමරිකාවේ ජෝර්ජ් කැපරෝනි කියලා හිතවතෙක් එකතුවෙලා තමයි තිර රචනය ලිව්වේ...පිටු තිස් ගණනක ScreenPaly එක පැය දෙකක වගේ චිත්‍රපටයකට ලිව්වා.එහෙම තමයි ‘සිහින දේශයෙන්’ ආරම්භ කළේ.

1996දී ‘සිහින දේශයෙන්’ එවකට සම්භාව්‍ය 05වැනි මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය කළේ...

‘සිහින දේශයෙන්’ , ‘නිම්නයක හුදෙකලාව’ වැනි නිර්මාණ ප්‍රේක්ෂකයාට වටහාගත නොහැකියි යන මතයක් තියෙනවා....?

‘නිම්නයක හුදෙකලාව’ ටිකක් අල්ලගන්න අමාරුයි. හැමෝටම ‘මාතා’, ‘මිල්ලෙ සොයා’ අල්ලගන්න අමාරු නැහැ..‘සිහින දේශයෙන්’ ඊටත් වඩා වෙනස්.. ‘නිම්නයක හුදෙකලාව’ තරම් ගැඹුරක් නැතත් ඒකේ ආකෘතියේ තියෙන දේවල් එක්ක සාමාන්‍ය දේවලට වඩා ටිකක් ‘සිහින දේශයෙන්’ වෙනස්. ‘නිම්නයක හුදෙකලාව’ තුළ සවිඥානික මනස හෙවත් උප විඥානය කියන දේ තියෙනවා.. ඒක අමුතුම තලයක තියෙන්නේ.. සංඥාර්ථවේදය භාවිත වෙනවා අඩුයි.. ඒක ලඝු කරන්න අමාරුයි. ඒ තුළින් කළේ මගේ ඔළුවේ කාලයක සිට හිරවෙලා තිබ්බ දෙයක් එළියට දැමීමක්. ආයේ ඒක කරන්න අවශ්‍ය නෑ. අනික ‘නිම්නයක හුදෙකලාව’ පෙන්වන කාලයේ ගංවතුර ආවා, රටේ ව්‍යසනයක් වුණා. Film එක දුවාගන්න බැරිවුණා. නමුත් අද ඒක බලන කට්ටියට කතාව වැටහෙනවා කියලා කියනවා. එදා බලලා ආයේ අද බලද්දි සමහරුන්ට වැටහෙනවා. ඒකට එක්තරා ප්‍රේක්ෂක පිරිසක් හිටියේ සහ ඉන්නේ. Fan Baseඑක 100දෙනා 300 වෙනවා.  Lower fan Base එකක්..

ඔබේ අනෙක් නිර්මාණ ගැන සඳහන් කළොත්....?

‘සිහින දේශයෙන්’ බලපු අය ඔවුන්ට එය තේරෙනවා මදි කිව්වට ඉතාමත් හොඳ මට්ටමේ විචාර, ප්‍රතිචාර තිබුණා. සමහර සිනමාශාලාවල ox Office වාර්තා තිබ්බා. ‘සිහින දේශයෙන්’ සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවත් විචාරකයන් කිව්වා. ඒ කාලයේ ෆිල්ම්ස් ගැන විශ්වාසයක් තිබ්බා. ‘මිල්ලෙ සොයා’ ගත්තාම ඒක කරත්‍ත දක්කන කෙනාටයි, පයිලට් කෙනාටයි එකට ඉඳන් බලන්න පුළුවන් නිර්මාණයක්. ඒ subject එක හැමෝටම Common.  ‘මිල්ලෙ සොයා’ බැලුවා ගොඩක් අය. ඒ වගේම ඒක රිලීස් වෙලා ගැලවිලා ගියාට පස්සේ තමයි ගොඩාක් අය බලන්න පෙලඹුණේ. ඒක හැමෝගෙම කතාව වුණා. මොකද හැම පවුලකම වගේ රට යන සිහිනය තියෙනවා, රට ගිය කෙනෙක් ඕනෑම පවුලක හිටියා. ඒවගේම අද වෙනකොට මාව දන්නේ, බූඩි කියලා කෙනෙක්ව දන්නේ ‘මිල්ලෙ සොයා’ නිසා..‘මාතා’ ගත්තොත් ඒක ගොඩාක් අය පොලිටිකල් කරගත්තා. වැඩිමහල් අයට ඒක පොලිටිකල් වුණා. තරුණ පිරිස ඒක ‘මාරයි’ කිව්වා.

ඔබ සිනමාශාලා හිමියෙක්. ඔබේ මරදාන සිනෙසිටි, කොස්වාඩිය දර්ශන සිනමාශාලාවල අද තත්ත්වයත් වත්මන් සිනමාශාලා ගැනත් කිව්වොත්...?

මෙහෙමයි, 2019දී පාස්කු ප්‍රහාරය ආවා, 2020දී රටේ තවත් ප්‍රශ්න ආවා, ආර්ථික, දේශපාලන අර්බුද ආවා, ඒ එක්ක ඔක්කොම දේවල් වෙනස් වුණා. අපි CineCity එකේ ගොඩක් පෙන්වන්නේ දෙමළ චිත්‍රපට. ඉස්සර මාසයක් දිව්ව චිත්‍රපට දැන් සති 2යි දුවන්නෙ ගැලවෙනවා. චිත්‍රපට ශාලාවල එක දිනකට, දර්ශන වාර 4ට චිත්‍රපට කිහිපයක් පෙන්වන ක්‍රමයකුත් තිබෙනවා...ඒ හැම චිත්‍රපටයක්ම හොඳත් නෑ. කොස්වාඩියේ සිනමාශාලාව දැනට වහලා. ආයේ අරින්න අදහසකුත් තියෙනවා. ගම් මට්ටමේ තියෙන්නේ තනි සිනමාශාලා. අද Multi Flex  නගරබදව යනවා...ඒවත් හොඳයි, ඒවත් තියෙන්න ඕනා..ෆිල්ම් එකත් බලලා, කෑම ටිකක් කාලා, ෂොපින් පාරක් දාලා, ළමයින්ට, සෙල්ලම් කරන්නත් දීලා එන්න පුළුවන්. අපි හැමෝම පුරුදුවෙලා තියෙන දේවල් වෙනස්වෙද්දී හරි ප්‍රශ්න. අලුත් ක්‍රම එක්ක යන්නත් ඕනා..අනික film festival ගිය පලියට මිනිස්සු ඒ චිත්‍රපට බලන්න එන්නෙත් නෑ. මේවගේ කතා කරන්න පැති ගොඩාක් තියෙනවා. ඕක දෙපැත්තට බැලන්ස් වෙන දෙයක්. සිනමාශාලාවල තව තව ප්‍රශ්න තියෙනවා..

සිනමාවට අමතරව රූපවාහිනියට ඔබේ දායකත්වය මොනවගේද..? ටෙලි නිර්මාණවලට අතගැසුවේ නැද්ද..?

2003දී මම ‘සත්‍ය’ කියලා ටෙලි සීරීස් එකක් කළා, ස්වර්ණවාහිනියේ 9:30 බෙල්ට් එක නග්ගලා දුන්නේ ඒකෙන් තමයි. ‘ඩොග් මා’ ස්ටයිල් එකෙන් ඒක කළේ. 2018දී ‘රූමස්සල’ කියලා කතාවක් කළා. ගමේගොඩේ සුපර් හීරෝස්ලා ඒකේ ඉන්නවා. ඒක කළේ Dialog View App එකට. ටෙලිනාට්‍ය කියන දේවල්වලටනම් සම්බන්ධ වෙන්නේ නැහැ. ටෙලි සීරීස් තමයි කරන්නේ..අද වෙද්දී Episode 08ක A4 Apple ñ මිනි සීරීස් එකක් කරනවා. එහි පළමුවැන්න Human Arrest කියලා. ඇත්තෙන්ම ටෙලි සීරීස් කියන දේ වෙනස්. ටෙලි සීරීස් කතාංග එකකට එකක් වෙනස්. එක කතාව වුණාට දවසින් දවස ඉවරවෙන කතා. ඇමරිකන් ටෙලි සීරීස් සහ ලංකාවේ ටෙලිනාට්‍ය බලද්දී මේ දෙකේ වෙනස සොයාගන්න පුළුවන්...format එක වෙනස්. ටෙලිනාට්‍යවල වගේ ‘මතු සම්බන්ධයි’ කියලා නෑ. අලුත් දෙයක් තියෙනවා ඊළඟ එපිසෝඩ් එකේ. ඒත් පරණදේටම සම්බන්ධයි. උදාහරණයකට ‘රොබින් හුඩ්’ ගනිමු...ඒකේ හැම සතියකම වෙනස්ම කතා යන්නේ. ඒත් එකම සීරීස් එක...

ඔබේ පියා වන ආචාර්ය බුද්ධි කීර්තිසේනගේ සිනමා දායකත්වය සහ ව්‍යාපාරිකයකු වශයෙන් ඔහුගේ වත්මන් තත්ත්වය ....?

ඔහු ගැන කවුරුත් දන්නවා, ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වගේම ව්‍යාපාරිකයෙක්..ඔහුගේ ‘බුද්ධි බතික්’ ව්‍යාපාරයට වසර 53ක් වෙනවා..ඒ වෙනුවෙන් ජුනි මාසයේ වැඩසටහනක් ලයනල් වෙන්ඩ්ට් එකේ තියෙනවා..ඒක මගේ සහෝදරියක් මූලික වෙලා තමයි මෙහෙයවීම් සහ සංවිධාන කටයුතු කරන්නේ. ඒ වගේම තවම තාත්තා තමයි ව්‍යාපාර කරගෙන යන්නේ. ඔහුගේ බුද්ධිය තවමත් හොඳ සක්‍රිය මට්ටමේ තියෙනවා. මතක ශක්තියත් හොඳයි..මගේ ‘මාතා’ චිත්‍රපටය හැර ‘සිහින දේශයෙන්’ , ‘මිල්ලෙ සොයා’ , ‘නිම්නයක හුදෙකලාව’ කියන චිත්‍රපට සියල්ල නිෂ්පාදනය කළේ ඔහුයි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]