සින්දු ලියන නර්ස් නෝනා

ත්‍රීලක්ෂි චතුරිකා ජිනදාස
නොවැම්බර් 30, 2023

තමන්ගෙ ජීවිතයේ කිසිම වේදනාවක් පිටතට නොපෙන්වන අය ඉන්නවා. ඒ අය අතරින් මැය නිතර අඬන්නෙ නැති, වේදනාව දරාගෙන දුක කියවන්නේ නැති, ඍජු පෞරුෂයක් එක්ක ඉතාම හයියට වටපිටාව සකසා ගනිමින්, ලෝකේටම මේ මගේ දිරිය ශක්තියයි කියාගෙන සමාජයට මෙහෙවරක් කරන දිරිය කතක්. වෙනත් අයගේ දුක්ඛ දෝමනස්ස පෑන් තුඩෙන් වචන කර සමාජ ගත කරන ඇය හෙදියකි. කුරුවිට හික්ගස් වත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ශිෂ්‍යත්වය පාස් වී ද්විතික අධ්‍යාපනය ලබා පසුව රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය. විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරා හෙද විද්‍යාලයට ද ඇතුළත් වූවාය. 2004 වසරේ හෙද පාඨමාලාවේ හොඳම ශිෂ්‍යාව වූයේ ඇයයි. එහි ප්‍රතිඵලයක් ලෙස සූතිකා පුහුණුව ලබා ගැනීමට ඇයට හැකි විය. මේ අතරතුර කාලය විසින් නිසදැස් කාව්‍ය සංකල්පනාව ඇගේ සිත් තුළ පැලපදියම් විය. පාඨමාලා කාල සීමාව අවසන් වීමත් සමග 2007 වසරේ කොළඹ ජාතික රෝහලටත්, සූතිකා පුහුණුව අවසන් වීමෙන් පසු කොළඹ සොයිසා කාන්තා රෝහලේත්, නිල රාජකාරිය සඳහා අවස්ථාව හිමිවිය. මෙලොව එළිය දකින්නට වෙර දරන බිලිඳුන්ගේ හා මවිවරුන්ගේ දිරිය ශක්තියේ මව ඇය වූවාය. අනේක විධ සිතුවිලි උදේ පටන් රෑ වෙනතුරුත්, රැය සිට උදේ වනතුරුත් සියැසින් දකින සිහින පමණක් නොව සැබෑ ලෝකයේ සිහින ද මෙලෙසයි කියා පෑන් තුඩෙන් සටහන් කරන්නට ඇයට හැකි වන්නේ ද මේ රාජකාරි ජීවිතයේ විවිධ අවස්ථා පසුබිම් කර ගනිමින්ය. කාටත් නිර්ලෝභීව දයාව අනුකම්පාව දක්වන ඇය ත්‍රීලක්ෂි චතුරිකා ජිනදාසය. මේ ඇය සමඟ කළ කතා බහයි.

ඔබ කවිකාරිනියකගේ භූමිකාවට පෙර ඊට පසුබිම සිදු වූයේ කොහොමද ?

පාසල් ජීවිතයේ දී මම සෞන්දර්ය අංශයට වැඩි නැඹුරුතාවයක් දැක්වූවා. පාසලේ නිවේදන කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වපු ශිෂ්‍යාවන් අතර මම මුල් පෙළේ සිටිය ශිෂ්‍යාවක්. පාසලේ පැවැත්වෙන ඕනෑම උත්සව කටයුත්තක දී නිවේදන කටයුතු සිදු කළේ මමයි. මේ අතරතුර කාලයේදී තමයි, මම 860, දෙල්ගමුව, මුතුහර ළමා සමාජයේ සාමාජිකාවක් බවට පත්වෙලා රූපවාහිනිය සමඟ නිවේදිකාවක ලෙස ගනුදෙනු කරන්න පටන් ගත්තේ. ඊට අමතරව කෙටි නාට්‍ය පිටපත් රචනය, නාට්‍යවලට සංගීත නිර්මාණය, නිසදැස් කාව්‍ය සංකල්පනා ලිවීම, කව් ලිවීම, මාගේ විනෝදාංශයක් බවට පත් වුණා. මේ තුළින් ජයග්‍රහණ රැසක් ද මම හිමි කරගත්තා. 860 මුතුහර ළමා සමාජයත් සමඟ එකතු වුණාට පස්සේ මගේ ඉදිරි ගමනේ කාව්‍යමය සංකල්පනා වැඩිදියුණු කර ගැනීමට මට බෙහෙවින්ම උපකාරී වුණා. කෙටි නාට්‍ය පිටපත් රචනයට මගේ දැඩි ඇල්මත් නිසා, ඒ තුළ ගැබ්වෙන සංකල්පනාවට මගේ පදපේළි වචන බවට පත් වුණා. ඒ වචන ශබ්ද රසයට පත්වීමත් සමඟ මගේ ලිවීමේ හැකියාව දිගින් දිගටම සිදු වුණා.

ලියු නිසදැස් කාව්‍ය තුළ ගැබ් වූයේ මොනවාද?

මේ මම ලියූ සියලුම දේවල්වල තියෙන්නේ සැබෑ අත්දැකීම්. මගේ ජීවිතේ මම සමහර දවස්වලට මනසින් ගොඩක් දුර ඇවිදගෙන ගියා. කොළඹ නගරයෙන් බොහෝ දුර පළාතක කෙනෙක් වුණත් අදහස් සියල්ලම මට දැනුණේ මේ සැබෑ ජීවිතයේ මුහුණ දෙන විවිධ ප්‍රශ්න හා ගැටලුයි. මම සෞන්දර්යාත්මක චින්තනය මේ තුළට ගැබ් කරන්නේ කොහොමද කියලා සිතූ වාර අනන්තයි. ඒ සිතිම පෙරළා මගේ පන්හිදෙන් කිසිවක් නොමැති හිස් කොලේකට සටහන් වුණා. ඉගෙන ගන්න කාලය තුළ යාළුවන් කියූ කතා, මගේ සහෝදර සහෝදරියන් නෑදෑ හිතවතුන් කියූ දෙවල්, රාජකාරි ජීවිතයේ මුහුණ දුන්නු සිදුවිම්, ගැබිනි මාතෘවරුන් කියූ කතා, සත්‍ය තොරතුරු මේ සියල්ලම මගෙන් සටහන් වුණා.

ඔබේ මුල්ම ගීතය ලියැවෙන්නේ මේ කුමන කාල වකවානුවකද?

මගේ මුල්ම පද වැල් ලියැවෙන්නේ 2020 වර්ෂයේයි. සීතල උඳුවප් මාසයේදීයි. මෙය නත්තල් මාසයේ ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මම සිතනවා. "සංසාර ආදරේ" තරමටම මේ ගීතය ගායනා කළේ උරේෂා රවිහාරි සමඟ ලක්ෂ්මන් දේව්. නවරත්න ගමගේගේ මියුරු සංගීත නාද රටාවන් නිසා මට කිසිදිනක අතහැරලා දාලා යන්න හිතුණෙත් නැහැ මේ ගීත ලිවීම. ඒත්, මගේ මුලින්ම ප්‍රචාරණය වුණු ගීතය තමයි, දර්ශන වික්‍රමතුංගගේ සංගීතයට ඩෙසික කමලාන්ජන ගායනා කළ '"දිගැසි ගිතය. මේ වන විට ගීත 14 ක් විතර මගේ අතින් ලියවිලා ලබා දීලා තියෙනවා. මේ දාහතර ඇතුළේ එකිනෙකට වෙනස්ම සංකල්පනාවන් තමයි ලියවිලා තියෙන්නෙ.

එකිනෙකට වෙනස් වූ සංකල්පනාවන් කියන්නේ මොනවාද?

ජීවිතයේ නොයෙක් බලාපොරොත්තු පොදි බැඳගෙන යන ගමන් තුළ අපි අතර මැදදී ගමන නතර වෙනවා වගේ දැනෙනවා නම්, ඒ ගමනේ අතරමග නැවතුණ තැන තමයි අපේ අරමුණ කරා ළඟා වෙන්න පුළුවන් ලේසිම මාර්ගය. සෑම ගායකයෙකුට ගායිකාවකටම ප්‍රවිණයාගේ සිට ආධුනිකයා දක්වාම විරහා ගීත ලියැවුණා. විරහ ගීත සරල ගීත සමග සමාජයට උචිත ගීත ලිය වුණා. විවිධ හඬ පරාසයන් අනුව තමයි ඕනෑම පද රචකයෙක් මේ සින්දුව අරයට, මෙයාට කියලා ලියන්නේ.

තාමත් මම ආධුනික ගී පද රචිකාවක ලෙස ඉගෙනගනිමින් විශේෂ අනුභූතීන් වලට ගීත ලියන්න පුරුදු වෙන්නේ. ඒත් දැන් මම කාලීන සිදුවීම් අලළා ගේය පදරචනා කරන්න හරි කැමැත්තක් දක්වනවා. මේ වකවානුවේ ලියැවුණු අලුත්ම ගීතය තමයි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ දුවකු ගැන අම්මා කියන කතාව. අනුරාධ සෙනෙවිරත්න සමග මාලක රත්නායක මේ ගීතය ගායනා කරනවා. මගේ අලුත් නිර්මාණ ගොන්නක් ඉදිරියට එන්න තියෙනවා. ඒවත් එකිනෙකට වෙනස් ගේයපද රචනා.

වෘත්තියෙන් හෙදියක් වන ඔබට ගීත රචිකාවක වෙන්න සිත්නේ ඇයි?

මම රත්නපුර හෙද විදුහලේ ඉගෙන ගන්න කාලෙ ඉදන්ම හෙදියකගේ සංකල්පනාවෙන් එහා ගිහිල්ලා කලා ලෝකය ගැන සියලු දේ ස්පර්ශ කළා. එහිදී සඳහන් කරන්නේ ව්භපඵඪදඨ ඪද ඒපබඵ කියලයි. මගේ රාජකාරි ජීවිතයත් එක්ක නිදහස ලැබෙන හැම විටෙකම කියවන්න සහ ලියන්න මම පුරුදු වෙලා හිටියා. මනස නිරවුල් කරගන්න හොඳ ඖෂධයක් තමයි මේ ගීත ලිවීම. රාජකාරි කරන අතරතුර විවිධ පුද්ගලයන් දුර ඈත ප්‍රදේශවල ඉඳන් ආපු අය කියන කතා හා සත්‍ය සිදුවීම් පාදක කරගෙන මට හැමවෙලේම විවිධ දේවල් ලියන්න හිතුණා. මගේ ජීවිතයට මට ලබන අත්දැකීම් වැඩියි. ලෝකයේ සෑම පුද්ගලයෙක්ම විවිධ ක්‍රියාකාරකම්වලට දක්ෂතාවයන් දක්වනවා. එකම රාජකාරි ජීවිතේ ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා විවිධ දේවල් අත්හදා බලන්නත් ඕනනෙ. ඒවගේ නිරත වෙන්නත් ඕනෑ. එහෙම හිතුණු හින්දා තමයි මම මගේ ජීවිතේ වෙනස් කර ගත්තෙ. අද මේ ගීත ලියනවා කියන එක හරියට ජීවිතේ භාවනාවකට සම වදිනවා වගේ වැඩක්. ඒ තුළ නිරත වෙලාම බලන්න ඕනෑ මොනවද ලැබෙන දේවල් කියලා. ඒක වචනවලින් පෙරළලා විස්තර කරන්න අමාරුයි. වැඩියෙන්ම මේ දේට යොමු වුණේ මගේ ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාමත් මගේ පාසල් කාලයේ සියලු දෙනාමත් මාව දැඩි ලෙස මගේ පවුලෙ අයත් මහත්තයත් මාව මේ දෙයට උනන්දු කළ නිසයි. ඒ නිසා ඔවුන්ගේ ආශිර්වාදය මැද මම මේ ගමන යනවා.

හෙදියකට ලැබෙන ප්‍රේමය, ආදරය දැනෙන්නේ කො⁣හොමද?

මගේ ජීවිතේ මම ප්‍රේමය සහ ආදරය උපරිම විඳීනවා. ප්‍රේමය සහ ආදරය එකිනෙකාට වෙනස්. ලබාගන්නා විදිය හා ලැබෙන විදිිය හා ඒ අනුව තමයි මනුෂ්‍ය සන්තාපය වෙනස් වෙන්නේ. ප්‍රේමය විඳීනවා, වෙනුවට විඳවන එක තමයි සියලු දෙනාම කරන්නේ. එහෙම වෙන තැනට කටයුතු කර ගන්න එක සිදු වෙන්නේ කීයෙන් කී දෙනාද කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒත්, ආදරේ හා ප්‍රේමය එක ලෙස ලැබෙනවා නම්, මේ සියල්ල නිරවුල් වෙනවා කියලා මට දැනෙනවා. රාජකාරිය සහ විවාහ ජීවිතය පටලවගන්නෙ නැතුව ජීවිතය ගෙවනවා නම් ඒ හැම දෙයක්ම නිසියාකාරව ලබාගන්න පුළුවන්. රාජකාරි ජීවිතයේ දී ප්‍රේමය සහ ආදරය අපි ලබා දෙන්න ඕනෑ. මම කරන රාජකාරි ස්ථානය තුළ ගර්භනී මවුවරුන්ට සහ දරුවන්ට ඒ ආදරය දෙනවා. හැමවෙලේම ඔවුන් ආදරේ සහ සෙනෙහස බලාපොරොත්තු වෙනවා. ඒ දෙයින් අපිට කවදාවත් මිදෙන්න බැහැ. ඉපදිලා මැරෙනකම් කාලය තුළ මේ සියලු දේ අඩු වැඩි නැතුව දෙන්න වෙනවා. ඒ දේ කවුරුත් හරියට තේරුම් ගෙන නැති එක තමයි මට නම් තියෙන එකම දුක.

රාජකාරි ජීවිතයේ දී ඉහළ නිලධාරීන්ගෙන් සහ සහෝදර නිලධාරින්ගෙන් ඔබගේ ගේය නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කෙහොමද?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් මට රාජකාරී මට්ටමින් සෑහෙන්න උදව් කරනවා. මේ ගේය පද රචනාවල නිරත වෙලා ඉන්න කාලය තුළ මට දැනුණේ පුදුම සහනයක්. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයට. අපේ සියලු දෙනාම කලාවත් එක්ක එකතු වීම නිසා ඔවුන්ගේ උපරිම සහයෝගය ලැබෙනවා. මාව විශේෂ ඇඟීම්වලට පවා ලක් කරනවා. ඔවුන් තුළින් අදහස් හුවමාරු කර ගැනීම නිසා මගේ ගේය පද රචනයට පුදුම සහයෝගයක් ලැ⁣බෙනවා. 

ගේය පද රචකයකුට රචිකාවකට හැදෑරීම අත්‍යවශ්‍යයිද?

මේ තැනට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම හැදැරිමක් අත්‍යවශ්‍යයි. මේ ගමනට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම තමන් හැදෑරීමක් නොකර ක්ෂේත්‍රය පිවිසෙනවා නම් එතැන තමන්මයි අගාධයට වැටෙන්න කියන එක අනිවාර්යයෙන්ම කිව යුතුමයි. කලා ක්ෂේත්‍රයේ සියලුම සන්ධිස්ථානයන් හා සියලුම දෙනාට හැදෑරීමේ පාසලක් තිබුණොත් අපේ ගමන හරිම පහසුයි කියල මම හිතනවා. ඒ වගේම තමයි අද රචනා කරන ගීතයක් ගායකයෙකු හා ගායිකාවක් ගායනා කරනවානම්, ඒ ගීතය ඉදිරියට රැගෙන යාමට අනිවාර්යනේම මියුසික් වීඩියෝ එකක් අනිවාර්යයෙන් කළ යුතුයි. මොකද නවීන තාක්ෂණයත් එක්ක තියෙන මෙවලම් එක්ක තමාගේ ගමන යා යුතු වෙනවා. ඒ හැර වෙනත් විකල්පයක් දැන් නැහැ.

මේ ආපු ගමන ගැන හා පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අපේ රටේ තමයි ජාති වර්ණ ප්‍රභේද සියල්ල ඇතිවෙලා තියෙන්නේ. ඒත්, වෙනත් රටවල පුද්ගලයන් හරිම ළෙන්ගතු ලෙස පිළිගෙන ඔවුන් අප හා එකට කාලා බීලා රැකියාව කරනවා. ඒත් පුද්ගල සම්බන්ධතාවය අනුව ඒවා සියල්ල වෙනස් වෙන්න පුළුවන්.

මේ තුළින් එකිනෙකා ලබාගන්නා දැනුම හා අත්දැකීම් අතිමහත්. ඒ නිසාම සමාජයේ විවිධ පැතිකඩවල් විවිධ දක්ෂතා තියෙන කොට්ඨාසයක් බිහිවෙනවා. මගේ ස්වාමිපුරුෂයා ඇතුළු දරු දෙන්නා අම්මලා, තාත්තලා මට හොඳ සහයෝගයක් දෙනවා. ඒ වගේම රාජකාරි ජීවිතයටත් ඔවුන්ගෙන් ලැබෙන සහය මම අගය කරනවා. එසේ නොවුණා නම් මෙච්චර දුර ගමනක් එන්න ලැබෙන්නේ නැහැ. අද තරගකාරී වෙළෙඳ පොළක් බවට පත්වෙලා. එනිසා ගුණාත්මකභාවයක් නොමැති ඒවත් ප්‍රචාරය වෙනවා කියලා මට බොහෝ දෙනා පවසනවා. ඒ කියන කතා පසකින් තබා හොඳ නිර්මාණ ටිකක් කිරීම තමයි මගේ ඒකායන අරමුණ වී තිබෙන්නේ. මා අතින් ග්‍රන්ථයක් ද රචනා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවෙන් සිටිනවා.