වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
ඇමරිකාවට අපේ කෙල්ලක් ‘ද ස්පීඩ්’ නමින් සිනමා පටයක් හදයි

සිනමා අධ්‍යක්ෂිකා වින්ද්‍යා හාරිස්පත්තුවට ඇමරිකාවේ ඩ්‍රීම් වර්ල්ඩ් නිව්යෝක් ක්‍රියේෂන් නිෂ්පාදන ආයතනය මඟින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ඇරැයුම් ලැබී ඇත. තිර පිටපත් රචිකාවක මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන ඇය විසින්ම ලියූ තිරපිටපතකට අනුව මෙරටදි මේ දිනවල එය රූගත කරන අතර ‘ද ස්පීඩ්’ නැමැති මේ ක්‍රියාදාම චිත්‍රපටයේ ඉතිරි රූපගත කිරීම් ඇමරිකාවේදී එරට නළු නිළියන්ගේ ද දායකත්වය සහිතව සිදු කිරීමට නියමිතය. ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයකට අනුරූපිව තැනූ දර්ශනතල මත රූපගත කිරීම් සිදුකරනු ලබයි. කලණ ගුණසේකර, චමත්කා නිල්මිණි, ඒශාන් පද්මික, ඒ.ඩී යුගාන්ත, ඔශාන් පීරිස්, සාජි ඩ්‍රේක්, කල්හාරි පුන්සරා, අරලිය සත්‍යජිත් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. කැමරාකරණයෙන් එම්.ඩී.ආරියවංශ, සටන් අධ්‍යක්ෂණයෙන් අභීත සසස රුවන්ජිත්, කලා අධ්‍යක්ෂණයෙන් මහේෂ් සුගතපාල, අංග රචනයෙන් සඳමාලි නෙයිල් ආරියරත්න ඇතුළු පිරිසක් කාර්මික දායකත්වය දක්වා ඇත .
ඇය විසින් නිර්මාණය කරන ලද ‘69’ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතය, ‘ගරා’ නම් දෙවැනි නිර්මාණය ද මේ වන විට රූපගත කිරීම අවසන් කොට ඇති අතර පසු නිෂ්පාදන කටයුතු සිදුකෙරේ. වින්ද්‍යා මේවන විට කෙටි චිත්‍රපට 2ක්ද වෘත්තාන්ත සිනමාපට 02ක සියලු වැඩ කටයුතු අවසන් කොට ඇත. ඉදිරියේදී සියලුම නිර්මාණ අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමට අදහස් කරන අතර ‘ද ඇඩ්මින්’ , ‘සසල දිය’ හා ‘රෙඩ් ඈශ්’ යන නම්වලින් තැනෙන නවතම චිත්‍රපට ත්‍රිත්වයක රූගත කිරීම් ඇරැඹීමට ද නියමිතය.