ගිනිඅවි සහ ගිනිකෙළි දෙවැන්නට සැරසේ

ජූලි 2, 2020

දයකාන්ත වර්ණසූරිය තම මීළඟ චිත්‍රපටය සඳහා වසර 22කට පසු අනුර හොරේෂස් සමඟ යළිත් එක් වී "ගිනිඅවි සහ ගිනිකෙළි" චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට සැරසෙයි. අනුර කොරේෂස් මෙහි කතාව ලියා ඇති අතර තිර රචනය හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි.

1980 දශකයේ අග භාගයේ හා 90 දශකයේ මුල් භාගයේ සත්‍ය පාතාල සිදුවීම් අලළා ගිනිඅවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ මුල් කොටස නිර්මාණය වූ අතර එම චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහාසයේ එක්තරා නොමැකෙන සිහිවටනයක් බවට පත් විය. පළමු කොටසේ අවසානයෙන් පසු මැදභාගයේ සත්‍ය සිදුවීම් රැසක් අලළා චිත්‍රපටය නිර්මාණය වනු ඇත. පළමු චිත්‍රපටයේ "තුම්මුල්ලේ පත්මේ" නැමැති පාතාල නායකයෙකුගේ චරිතය රඟපෑ "ජැක්සන් ඇන්තනී" තවත් පාතාල නායකයෙකුගේ චරිතයක් රඟපාමින් ගිනිඅවි සහ ගිනිකෙළි දෙවැනි කොටසට එක්වෙයි.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ළඟදීම ආරම්භ වනු ඇත. මෙම චිත්‍රපටයේ නිෂ්පාදකත්වයට සම්බන්ධ වීමට කැමැති අය ඇත්නම් ඒ සඳහා ද අවස්ථාව ලබාදීමට උදයකාන්ත හා අනුර සූදානම්ව සිටිති.