වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
Regal Cineplex දෙමටගොඩදී විවෘත වේ

වසර 90කට අධික කාලයක් පුරා චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමීන් වන සිලෝන් තියටර්ස් පෞද්ගලික සමාගම දෙමටගොඩදී නව සිනමා සංකීර්ණයක් විවෘත කිරීමට නියමිතය. එය Regal Cineplex නම් වන අතර නවීනතම සිනමාශාලා තුනකින් සමන්විතයි. එහි පළමු සිනමාශාලාව (3D) සඳහා ආසන 253ක්ද දෙවැනි සිනමාශාලා සඳහා ආසන 99ක්ද තෙවැනි සිනාමාශාලාව සඳහා ආසන 99ක්ද වේ.
ඉංග්‍රීසි, දෙමළ, හින්දි සහ සිංහල චිත්‍රපට මෙම සිනමාහල් තුන තුළ තිරගත වීමට නියමිතය. ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නවතම සිංහල චිත්‍රපට COVID 19 වසංගත තත්ත්වයෙන් පසුව එළිදකින විට අනෙකුත් ඉංග්‍රීසි දෙමළ හා හින්දි චිත්‍රපට සමඟ සිනමාශාලාව විවෘත කිරීමට සැලසුම් කර ඇත.