වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
‘අමුතු ඉලන්දාරියා’ ඔස්කාර් තරගයට

සම්මානනීය ඉන්දීය සිනමා අධ්‍යක්ෂිකා දීපා මෙහෙතා විසින් ශී‍්‍ර ලාංකිකයකුගේ නවකතාවක් ඇසුරු කරගනිමින් මෙරටදී රූගත කෙරුණු Funny Boy චිත්‍රපටය 2021 ඔස්කාර් සම්මාන උලෙළේ අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය(International feature) යටතේ තරග වැදීමට නියමිතය. "ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු ලේඛකයකු වූ ශ්‍යාම් සෙල්වදුෙරෙයිගේ පළමු නවකතාව ලෙස 1994 දී කැනඩාවේ ප්‍රකාශයට පත්කළ Funny Boy ප්‍රවීන නාට්‍යවේදී සුගතපාල ද සිල්වා විසින් අමුතු ඉලන්දාරියා නමින් සිංහලට ද පරිවර්තනය කරන ලදී.
2021 වසරේ OSCAR සම්මාන උළෙල සඳහා Funny Boy චිත්‍රපටය ඉදිරිපත් කෙරෙන්නේ කැනඩාවේ නියෝජනයක් ලෙසය.
දැඩි ප්‍රේක්ෂක සහ විචාරක අවධානයක් දිනාගත් තුන් ඈඳුතු චිත්‍රපට (trilogy) වන FIRE ( (1996), EARTH (1998) සහ WATER((2005) චිත්‍රපට නිර්මාණය කළ දීපා මෙහෙතා මීට පෙර දෙවරක් ඇගේ සිනමා නිර්මාණ ලංකාවේදී රූගත කොට තිබේ. 1970 සහ 80 දශකවල ශ්‍රී ලංකාවේ ජීවත් වුණු (අර්ජි) Arjie නම් තරුණයෙක් ආශ්‍රයෙන් මේ කතාව ගොඩනැඟේ. ලාංකික කොළඹ සමාජයේ ජීවත් වන ජාතික වශයෙන් සුළුතරය නියෝජනය කරන ජනවර්ගයක තරුණයෙක් සහ ලිංගික සුළුතරය නියෝජනය කරන සාමකාමී තරුණයෙකු වන ආර්ජි Arjie) ඇසුරින් ශ්‍යාම් එවක ලාංකීය සමාජ දේශපාලනික වටපිටාව ගැන ගැඹුරු කතිකාවක් ගොඩනඟා ඇත.
බ්‍රැන්ඩන් ඉන්ග්‍රෑම් Brandon Ingram), නිම්මි හරස්ගම, අලි කස්මි, අගම් දර්ශි (Agam Darshi), , සෙමා බිස්වස් (Biswas), රේනා මුදන්නායක, ශිවන්ත විජේසිංහ, නඳුන් දිසානායක, අරුන් ඉන්දික, රුවින් ද සිල්වා ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී ඇත. ශ්‍රී ලංකාවේ දර්ශන තල උපයෝගී කරගනිමින් මෙහි රූගත කිරීම් සිදු කර තිබේ. චිත්‍රපටය දෙසැම්බර් 10 වැනිදා සිට Netflix ඔස්සේ නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇති බව නිෂ්පාදකයෝ දන්වා සිටිති.