වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
“විෂමභාග”වලට තවත් අන්තර්ජාතික සම්මානයක්

ඉතාලියේ පසුගියදා පැවති ඔස්ටියා අන්තර්ජාතික සිනමා උළෙලේදී “හොදම අධ්‍යක්ෂක”ට හිමි සම්මානය “විෂම භාග” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකට හිමි වී ඇත.
දෙවෙනි වරට පැවති ඔස්ටියා උලෙළෙහි ශ්‍රී ලාංකේය සිනමාපටයක් නියෝජනය කළ පළමු වර්ෂය 2020 වසර විය. මෙහිදී “විෂම භාග” චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කාර්යය වෙනුවෙන් ලලිත් රත්නායක ලද 06 වෙනි ජාත්‍යන්තරය සම්මානය මෙය වේ.
“විෂම භාග” චිත්‍රපටය සමඟ චීනය, බල්ගේරියාව, ඉරානය, ස්පාඤ්ඤය නියෝජනය කළ සිනමාපට 04 ක්, දීර්ඝ වෘත්තාන්ත සිනමාපට තරග අංශය (Long Feature Competition) යටතේ අවසන් වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබුණි. ඒ අතුරින් “හොඳම අධ්‍යක්ෂක සම්මානය ශ්‍රී ලංකාවට හිමිවූ අතර ‘හොඳම වෘත්තාන්ත සිනමාපටය’ට හිමි සම්මානය ඉරානය නියෝජනය කළ ‘වෙයිට්ලස්නස්’ (weightlessness) චිත්‍රපටය දිනා ගැනීමට සමත් විය.