හතළිස් වසරකට පසු හංස විලක් නැවත ප්‍රදර්ශනයට

මාර්තු 11, 2021

අසූව දශකයේ තරුණ සිනමාකරුවන්ට මඟ පෙන්වූ විශිෂ්ටතම සිනමා කෘතියක් ලෙස සැලකෙන සම්මානනීය සිනමාකරු ධර්මසිරි බණ්ඩාරනායකගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තය වන හංස විලක් නැවත වාරයක් මෙම මස 11 වැනිදා එනම් අද සිට සීමිත සිනමාශාලා කිහිපයක තිරගතවේ. මෙහි අධ්‍යක්ෂවරයාගේ අදහසකට අනුව මලිත් හෑගොඩ සහ අනුර ජසෙන්තුලියනගේ සහායෙන් සිනමාපටයේ නව ඩිජිටල් පිටපතක් සකසා තිබේ. අද සිට ප්‍රදර්ශනය වන්නේ එයයි. 1980 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා ප්‍රථම ප්‍රදර්ශනය ඇරැඹි හංස විලක් සිනමාපටයේ ධර්මසිරි බණ්ඩාරනායක, ස්වර්ණා මල්ලවාරච්චි, හෙන්රි ජයසේන, වසන්ති චතුරාණි, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, දෙනවක හාමිනේ ආදීහූ චරිත රූපණය කළහ. මෙය ඇල්බට් ජයසිංහගේ නිෂ්පාදනයකි.