කබඩි සහ කලම්බෝ නැවතත් සිනමාහල්වල

ජූලි 22, 2021

 

සිනමාශාලා නැවත විවෘත කිරීමෙන් පසු කබඩි සහ කලම්බො යන සිංහල චිත්‍රපට මේ වන විට තිරගත වෙමින් පවතියි. කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මැයි මස පළමු සතියේ සිනමා ශාලා වසා දැමූ අතර පසුගිය ජුලි 16 වැනිදා සිනමා ශාලා නැවත විවෘත කරනු ලැබීය.

හර්ෂ උඩකන්දගේ තිර රචනයක් හා අධ්‍යක්ෂණයක් ද නිශාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයක් ද වන "කබඩි" චිත්‍රපටයෙන් කබඩි ක්‍රීඩාවට ජීවිතය කැප කළ තරුණයකුගේ කතාවක් චිත්‍රණය කරයි. අසම රන්දීල්ගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් ද අනූෂ සංජීව එදිරිමුණිගේ නිෂ්පාදනයක් ද වන "කලම්බො" චිත්‍රපටයෙන් නාගරික ලුම්පන් පන්තියේ තරුණයන්ගේ ජීවිත කතාව ඔබ හමුවේ තබයි. මෙම චිත්‍රපට ද්විත්වයම සිනමා ශාලා වැසීමට ප්‍රථම තිරගත වීම ආරම්භ කළ චිත්‍රපට වේ.