සුනිල් ටීගේ 73 ට ‘මේක පුදුම කතාවක්’

නොවැම්බර් 4, 2021

 

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන, සුනිල් ටී ප්‍රනාන්දුගේ 73 වැනි නිෂ්පාදනය වන මේක පුදුම කතාවක් සිනමා සිත්තමේ මුහුරත් පසුගිය පළමුවැනිදා තලවතුගොඩ එස්.ටී.වී නෙට්වර්ක් ආයතනයේදී පැවැත්වුණි. තුෂාර පෙරේරා සම නිෂ්පාදනයෙන් දායක වන මේක පුදුම කතාවක් හි දෙබස් හා තිර රචනයද අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේවගෙනි. ජයමාල් සමන්ත ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණයෙන්ද, ජණිත් ගුණසේකර කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනිල් ධර්මසිරි ගීත රචනය හා නිෂ්පාදන කළමනාකරණයෙන්ද දායක වන මේක පුදුම කතාවක් පවුලේ කතාවකි.

චිලි තිලංක, රෙක්ස් කොඩිප්පිලි, මානෙල් වානගුරු, කැළුම් ශ්‍රී, රජිත රොඩ්‍රිගෝ, ටෙඩී විද්‍යාලංකාර, සමන් අල්මේදා, කාංචනා ඛාන්, ශ්‍රීපාලි හෙට්ටිආරච්චි, ලස්නි සමල්කා, හිරුණි රණසිංහ, කවිතා අංජලි, මහේෂ් රන්දෙණිය, සුනාලි රත්නායක, පමුදි අබේකෝන්, බුද්ධික හසිත, දිනූ ප්‍රියදර්ශනී, චන්දු ඉඹුලාන, සෙනුර අභිෂේක් මෙහි රංගනයෙන් දායක වෙති.

 

සේයාරූ - තිලක් පෙරේරා