නිහඬ සෙවණැලි එකොළොස් වැනිදා සිට

නොවැම්බර් 4, 2021

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සිනමා ශාලා නැවත විවෘත කිරීමෙන් පසු ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය උදෙසා අලුත් සිනමාපට කිහිපයක් තිරගත තිරගත වීමට සූදානමිනි. ඒ අනුව එළැඹෙන නොවැම්බර් මස එකොළොස් වැනිදා සිට වෙනස් ආරකින් යුතු සිනමාපටයක් ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවන් ප්‍රමුඛ තවත් සිනමාශාලා රැසකදී තිරගත වීමට නියමිතය. නිහඬ සෙවණැලි ඉන් එක් සිනමා පටයකි. ඩ්ධපපධප ගණයේ සිනමාපටයක් වන එය ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් වනු ඇත. නිහඬ සෙවණැලි සිනමාපටය සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. ටවුමේ ඉස්කෝලේ, වැලි පවුරු යන සිනමාපට නිර්මාණය කළ සුනිල්ගේ තෙවැනි සිනමාපටය වන්නේ මෙයයි. මෙහි පුබුදු චතුරංග, රොෂාන් රණවන, තාරුකා වන්නිආරච්චි, මාෂි සිරිවර්ධන, හරිත් වාසල, ධනංජි තාරුකා, කුමාර තිරිමාදුර, අජිත් වීරසිංහ, කුමාර වඳුරැස්ස, මීනා කුමාරි, සරත් චන්ද්‍රසිරි, සදුන් බණ්ඩාර, යොහානි හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වෙති. නිෂ්පාදනය ජානක රංචාගොඩ ගෙනි. හරිත් වාසල සහ සුනිල් ප්‍රේමරත්න තිර රචකයෝය

කේ. ඩී. දයානන්ද සහ මහේෂ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූහ.

සංස්කරණයෙන් අනුර බණ්ඩාර,

සහය අධ්‍යක්ෂණයෙන් සම්පත් රත්නායක,

සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශන වික්‍රමතුංග කලා අධ්‍යක්ෂණයෙන් කුමාර රාහුබද්ද,

අංග රචනයෙන් තරංග. රුක්මාල්වල සහ ප්‍රියන්ත දිසානායක නිහඬ සෙවණැලි සඳහා එක්වී සිටිති.

නිශ්චල ඡායාරූපකරණය සහ මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙන්ය. වසන්ත තිතුල් ගහමුදුන නිෂ්පාදන කළමනාකරුය., සුසන්ත ධර්මප්‍රිය ශබ්ද පරිපාලනයෙන් එක්විය, ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංකලනයකි, ගීත රචනය බණ්ඩාර ඇහැලියගොඩ සහ හරිත් වාසල විසින් සිදුකොට තිබේ

විශාරද එඩ්වඩ් ජයකොඩි සහ මිහිඳු ආරියරත්න ගීත ගායනා කරති.