නිහඬ සෙවණැලි මංගල දර්ශනය දා

නොවැම්බර් 18, 2021

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ නිහඬ සෙවණැලි චිත්‍රපටයේ මංගල දර්ශනය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේදී පැවැත්විණ. මෙය අධ්‍යක්ෂවරයාගේ තෙවැනි සිනමා නිර්මාණය වන අතර ඔහු විසින් මීට ප්‍රථම ටවුමේ ඉස්කෝලේ සහ වැලිපවුරු යන සිනමාපට අධ්‍යක්ෂණය කරන ලදී. ඩධපපධප ගණයේ චිත්‍රපටයක් වන මෙය ජානක රංචාගොඩ ගේ නිෂ්පාදනයකි. මේ වනවිට දිවයින පුරා සිනමා ශාලාවන්හී නිහඬ සෙවණැලි සිනමාපටය තිරගතවේ. මේ එම සිනමාපටයෙන් මංගල දර්ශනයේ සේයාරූ කිහිපයකි.

සේයාරූ - නිශ්ශංක විජේරත්න