ඊයේ සහ අද චිත්‍රපට දෙකක් තිරයට

දෙසැම්බර් 23, 2021

බෙනට් රත්නායකගේ නවතම සිනමාපටය කවුරුවත් දන්නේ නෑ ඊයේ එනම් විසි දෙවැනිදා සිට රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හී තිරගත වීම අරම්භ විය. අස්වැසුම, සුළඟ, ඉර හඳ යට, නෙලා ආදී සිනමාපට මීට ප්‍රථම අධ්‍යක්ෂණය කොට ඇති බෙනට්ගේ පස්වැනි සිනමාපටය කවුරුවත් දන්නේ නෑ යයි.

එදා මෙදා තුර ශ්‍රීලාංකේය සිනමාවේ වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹූ වැඩිම ආදායම් වාර්තා තැබු චිත්‍රපට නිර්මාණය කළ ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නවතම සිනමා කෘතිය උදඤඥප ර්‍ථචදබඵ ඊඩඪඥට (ජංගි හොරා) අද (23 වැනිදා) ඊ.ඒ.පී. මණ්ඩලයේ තෝරාගත් සිනමා ශාලාවල තිරගත කෙරේ. ආචාර්ය සෝමරත්නයන්ගේ දසවන සිනමා කෘතිය වන ජංගි හොරා වැඩිහිටියන්ට පමණක් නිර්දේශීත ලේබලය යටතේ තිරගත කිරීම සඳහා ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලය අවසර ලබා දී ඇත.