ද ගේම් මංගල දර්ශනය දා

ජුනි 23, 2022

සුරංග ද අල්විස්ගේ නවතම සිනමා නිර්මාණය 'ද ගේම්' (The Game) චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 16 වැනිදා ලිබර්ටි ලයිට් සිනමා ශාලාවේදි පැවැත්වුණි. 'ද ගේම්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ රන්ජන් රාමනායක විසිනි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික්‍රමගේ, තරින්දි ප්‍රනාන්දු, තුෂිනි ප්‍රනාන්දු, ගීතිකා රාජපක්ෂ, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, වසන්ත කුමාරවිල, ටිරෝන් මයිකල්, ලාල් කුමාර, ලක්ෂ්මන් අමරසේකර, සුදේශ් වසන්ත පීරිස්, නිල්මිණි කෝට්ටෙගොඩ ඇතුළු පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වී සිටිනි. 'ද ගේම්' තිර රචනය සුරංග ද අල්විස් සහ නිශාන්ත වීරසිංහ ගෙනි.

කැමරා අධ්‍යක්ෂණය ගාමිණි මොරගොල්ලාගම, සංස්කරණය රුවන් වීරසිංහ, කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලක, චන්ද්‍ර සුගත් කුමාර අංග රචනය සටන් අධ්‍යක්ෂණය සමන්ත මායාදුන්න, ඇඳුම් නිර්මාණය ප්‍රියාන් අනුර ශ්‍රී, නිශ්චල ඡායාරූපකරණය අනුර ශාන්ත, නිෂ්පාදන කළමනාකරණය දර්ශන දිසානායක සහ සම්පත් අල්විස්, විධායක නිෂ්පාදනය නිශාන්ත වීරසිංහ සහ සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂණයෙන් 'ද ගේම්' චිත්‍රපටය වෙනුවෙන් දායක වී ඇත. උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද සහ සංඛ දිනෙත් ගීත ගායයෙන් එක් වී සිටිති. අනුර සමරජීව සහ සුරංග ද අල්විස් නිෂ්පාදනය කළ 'ද ගේම්' සංගීතා ෆිල්ම්ස් සහ ඒ 4 ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි. 'ද ගේම්' පසුගිය 17 වැනිදා සිට දිවයින පුරා තිරගත කෙරේ. මේ එහි මංගල දර්ශන දා අවස්ථා කිහිපයකි.

ඡායාරූප - සුරංග ද අල්විස්ගේ මුහුණු පොත