වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
The Second Show ජූලි පළමු සතියේ
ජුනි 23, 2022

හේමාල් රණසිංහ රංගන දායකත්වය සපයන “ද සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය ජූලි මස පළමු සතියේ තිරගතවීමට නියමිතය.
“ද සෙකන්ඩ් ෂෝ” අන්තර්ජාතික සිනමාවට පිවිසීමට ගත් උත්සහයක් ලෙස ද හැඳීන්විය හැකිය. ඉන්දියානු-ශ්‍රී ලංකා කලා ශිල්පීන් ඒකරාශී කොට ඒ.ටී. ඥානම් අධ්‍යක්ෂණය කළ මෙහි කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර්, පල්ලවි සුභාෂ්, විද්‍යා ප්‍රදීප්, අක්ෂතා සහා පූජා මොන්ඩාල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. “ද සෙකන්ඩ් ෂෝ” ලාංකේය නිෂ්පාදිකාව වන්නේ කෞශල්‍යා වික්‍රමසිංහයි.