‘තාත්තා’ පසු නිෂ්පාදන අවසන්

ජුනි 23, 2022

ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ තාත්තා සිනමාපටයේ සංස්කරණ කටයුතු මේ වන විට නිම වී තිබේ. එහි වර්ණ සංයෝජනය සහ සංගීත සංයෝජනය සිදුකෙරෙමින් පවතියි. අප කාටත් සුවිශේෂී වූ තාත්තා නමැති චරිතය සහ තාත්තාගේ ආදරය පිළිබඳ කියාපාන්නාවූ කතාවකින් සමන්විත මෙම සිනමාපටයේ තාත්තාගේ චරිතය රඟපාන්නේ කුමාර තිරිමාදුරයි. නිල්මිණී තෙන්නකෝන්, සිනෙති අකිලා, තිසෙව් සත්සිළු විජේනායක, ඔනෙලි හිමහංසි, රුෂාන්ත විජේනායක, කුෂේයා අනගි, කුමාර වඳුරැස්ස, සනත් රත්නායක, සඳෙව් වලිමුණි, උපුල් වීරසිංහ, ලක්නිමා උපේන්ද්‍රි, සැනට් දික්කුඹුර, සමන් කුමාර ගමගේ, විජිත් හේවාවිතාරණ, සුමිත් ගල්හේන, රොහාන් පෝල්, ලලිත් නවරත්න, නිශ්ශංක විජේරත්න, රෝහණ සේනාරත්න, ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂවරයාය, තරිඳු ඉලංගකෝන් සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය, තාරක අධිකාරි අංගරචනයෙන් එක්විය, කලා අධ්‍යක්ෂණය ගීතානි සෙනවිරත්නගෙනි, සංස්කරණය ශාන් අල්විස්. කතා සංකල්පය සහ තිරරචනය ලලිත් වර්ණප්‍රියගෙනි. නිෂ්පාදන කළමනාකරණය සහ මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි. තේමා ගී පද රචනය වෛද්‍ය ශානි ඇන්තනීගෙනි. මේරියන්ස් නලින් පෙරේරා සහ උපේඛා නිර්මාණි ගායනයෙන් දායක වූහ. චේතිය ලහිරු නිශ්චල ඡායාරූප ශිල්පියාය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසාද් සමරතුංග සම තිරරචකයාය. තාත්තා සිනමාපටය ප්‍රසාද්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි. ඉස්කෝලෙට මං ආවා ඔහු නිර්මාණය කළ පළමු චිත්‍රපටය වේ.