ද ගේම් අගෝස්තු 7 වැනිදා සිට ඕස්ටේ‍්‍රලියාවේ

ජූලි 21, 2022

සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ද ගේම් චිත‍්‍රපටය ලබන අගෝස්තු මස 7 වැනිදා සිට ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි සිනමාශාලා රැසක තිරගත කිරීමට නියමිතය.
 
 ‘ද ගේම්’ හි ප‍්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ජනපි‍්‍රය නළු රන්ජන් රාමනායකයි. ශ‍්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික‍්‍රමගේ, තරින්දි ප‍්‍රනාන්දු, ගීතිකා රාජපක්ෂ, තුෂාණි ප‍්‍රනාන්දු, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, වසන්ත කුමාරවිල, ටිරෝන් මයිකල්, ලාල් කුමාර, ලක්ෂ්මන් අබේසේකර, සුදේශ් වසන්ත පීරීස්, නිල්මිණි කෝට්ටෙගොඩගේ ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වෙති.
 
 තිර රචනය සුරංග ද අල්විස් සහ නිශාන්ත වීරසිංහ ගෙනි.

කැමරා අධ්‍යක්ෂණය ගාමිණි මොරගොල්ලාගමගෙනි. සංස්කරණයෙන් රුවන් වීරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැළියගොඩ සෝමතිලක, අංගරචනයෙන් චන්ද්‍ර සුගත් කුමාර, සටන් අධ්‍යක්ෂණයෙන් සමන්ත මායාදුන්න, ඇඳුම් නිර්මාණයෙන් ප‍්‍රියාන් අමර ශ‍්‍රී, නිශ්චල ඡුායාරූපකරණයෙන් අනුර ශාන්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් දර්ශන දිසානායක සහ සම්පත් අල්විස්, විධායක නිෂ්පාදනයෙන් නිශාන්ත වීරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් ද අල්විස් දායක වෙතිි.
 
 උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද සහ සංඛ දිනෙත් ගීත ගායනයෙන් එක් වී සිටිති. ද ගේම් සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
 
 රන්ජන් රාමනායක සිරගතවීමට පෙර රඟපෑ අවසන් චිත‍්‍රපටය ‘ද ගේම්’ වේ.