”ද නිවුස්පේපර්”‍ ඉන්දියානු උප මහද්වීපයේ ”‍හොඳම චිත‍්‍රපටය”‍ට නිර්දේශ වේ

අගෝස්තු 18, 2022

 

ඉන්දියානු චිත‍්‍රපට සේම, ඉන්දියානු උප මහද්වීපයේ සෙසු රටවලට අයත් චිත‍්‍රපටද ඇගයීමේ අරමුණින් වාර්ෂිකව ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ඉන්දියානු මෙල්බර්න් සිනමා උලෙළේ (Indian Film Festival of Melbourne) 13 වෙනි අදියර අගෝස්තු 12 මෙල්බර්න් නුවරදී ආරම්භ විය. එහිදී උලෙළ නියෝජනය කිරීමට තෝරා ගත් දකුණු ආසියානු කලාපීය රටවල චිත‍්‍රපට අතුරින් ”‍හොඳම ඉන්දියානු උප මහාද්වීපික චිත‍්‍රපටය”‍ උදෙසා වූ සම්මානය වෙනුවෙන් නිර්දේශ ලැබීමට සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණය කළ ”‍ද නිවුස්පේපර්”‍ චිත‍්‍රපටය සමත්ව ඇත.

2010 වසරේ සමාරම්භය සනිටුහන් කළ ඉන්දියානු මෙල්බර්න් සිනමා උලෙළේ 13 වෙනි අදියරට ”‍ද නිවුස්පේපර්”‍ සමඟ චත‍්‍ර වීරමන්ගේ ”‍ආයු”‍ චිත‍්‍රපටයද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. එසේම මීට පෙර 2012 දී ”‍ඉගිළෙන මාළුවෝ”‍, 2013 දී ”‍ඉනි අවන්”‍ , 2014 දී ‘තණ්හා රතී රඟා”‍, ”‍මයිල්ස් ඔෆ් අ ඞී‍්‍රම්”‍ හා ”‍බෝම්බ සහ රෝස”‍, 2017 දී ”‍දිසදි පත්”‍, 2018 දී ”‍තුන් දෙනෙක්”‍ යන ශ‍්‍රී ලාංකේය දීර්ඝ චිත‍්‍රපට ද තිරගතව ඇත. එනමුදු උලෙළේ පිරිනමන සම්මානයක් වෙනුවෙන් ශ‍්‍රී ලාංකේය චිත‍්‍රපටයක් නිර්දේශ වූ පළමු අවස්ථාව සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර කුලූ`දුලේ අධ්‍යක්ෂණය කළ ”‍ද නිවුස්පේපර්”‍ හරහා සනිටුහන් වීම කැපී පෙනේ.

පසුගිය දෙවසර තුළ, අන්තර්ජාතිකව පිළිගත් සිනමා උලෙළ නියෝජනය කළ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම චිත‍්‍රපට 05 ක් ජූරිය විසින් උලෙළේ ”‍හොඳම ඉන්දියානු උප මහාද්වීපික චිත‍්‍රපටය”‍ සඳහා නිර්දේශ කොට ඇති අතර, ඒ අතරට ”‍ද නිවුස්පේපර්”‍ චිත‍්‍රපටයද ඇතුළත් ව තිබීම, එම චිත‍්‍රපටය ලද ජයග‍්‍රහණයකි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ හා එච්.ඞී.පේ‍්‍රමසිරි මෙය නිෂ්පාදනය කළහ.