‘ප්‍රාණ’ හෙට සිට දිවයින පුරා

ඔක්තෝබර් 6, 2022

සංජය නිර්මාල් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය ‘ප්‍රාණ’ හෙට (07) සිට දිවයින පුරා ප්‍රදර්ශනය අරම්භ කිරීමට නියමිතය. ප්‍රාණ ජනක පෙරේරාගේ නිෂ්පාදනයකි. එහි විධායක නිෂ්පාදනය ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමා වන අතර කැමරාව ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංස්කරණය ශාන් අල්විස්, කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් ධම්මික හේවාදුවත්ත, සංගීතය නදික ගුරුගේ, ගායනය කුෂින් සිම්සන්, සහාය අධ්‍යක්ෂණය ප්‍රියන්ත සමරකෝන්, නිෂ්පාදන සැලසුම්කරණය සුනෙත් මාලිංග ලොකුහේවා යනාදීන් විසින් සිදු කර ඇත.

ට්‍රේ හික්ස්, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නිරංජනි ශන්මුගරාජා, කින්ග් රත්නම්, ස්ටීවන් මාර්ක් ලොඩ්සික්, රොබට් සියේරා, පිටර් සටුනිටස්, සුරංගා රණවක, කල්ප මුණසිංහ, දිනේෂ් ද සිල්වා, ළමා නිළි පහන්දි නෙතරා වල්පිට, කපිල ගල්පිහිල්ල, චන්ද්‍රහසන්, සෙනෙෂ් බණ්ඩාර දිසානායක, වගීෂා සල්ගාදු, මොහාන් ෂර්මා, ජී.ඒ.ෂාහිඩ්, විදුර ලක්තිලක, සහයන් සෙනෙවිරත්න, ජෝන් බොස්කෝ, මයිකල් කොලින් ප්‍රාණ සඳහා රංගනයෙන් දායක වෙති.