වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
‘ගුත්තිල’ ජුනි 01 සිට තිරයට එඩ්වඩ් ජයකොඩි සිනමා රංගනයට

සූත්‍ර පිටකයේ බුද්දක නිකායෙහි ජාතක දේශනාවේ එන ගුත්තිල ජාතක කතාව මුලාශ්‍ර කර ගනිමින්, පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය කෘතිය ඇසුරින් සනත් අබේසේකර තිර පිටපත ලියමින් අධ්‍යක්ෂණය කළ ‘ගුත්තිල’ සිනමා පටය එළැඹෙන ජුනි මස 01 දින සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන්හී තිරගත වීමට නියමිතව ඇත. ගායන ශිල්පියකු ලෙස ප්‍රකට එඩ්වඩ් ජයකොඩි ප්‍රථම වරට සිනමා රංගන ශිල්පියකු ලෙස, ගුත්තිල ගාන්ධර්වයාගේ චරිතයට පණපොවමින් සිනමා රංගනයට පිවිසෙන්නේද ‘ගුත්තිල’ චිත්‍රපටයෙනි. විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇති මෙහි සෙසු චරිත රංගනයෙන්, අඛිල ධනුද්ධර, චූලක්ෂි රණතුංග, යශෝධා විමලධර්ම, සනත් ගුණතිලක, වීණා ජයකොඩි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අයිරාංගනී සේරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, නදීකා ගුණසේකර, හේමන්ත ඊරියගම, අමිල කරුණානායක, සරත් චන්ද්‍රසිරි, මහින්ද පතිරගේ ඇතුළු විශාල නළු නිළියන් පිරිසක් එක්වී ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, සහය අධ්‍යක්ෂණයෙන් ආනන්ද එස්. කපුගේ, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රවීන් ජයරත්න, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, අංග රචනයෙන් තරංග රුක්මල්වල, සංගීත අධ්‍යක්ෂණයෙන් දිනේෂ් සුබසිංහ, ගේය කාව්‍ය රචනයෙන් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ සමඟින් මහාචාර්ය සුනිල් ආරියරත්න, ගීත ගායනයෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි, අඛිල ධනුද්ධර, නර්තන නිර්මාණයෙන් චන්දන වික්‍රමසිංහ සමඟින් චන්න විජේවර්ධන ද, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක, විධායක නිෂ්පාදනයෙන් රොෂාන් සංජේ හේරත් ද එක්වී ඇති ‘ගුත්තිල’ තිස්ස නාගොඩවිතාන ගේ අධීක්ෂණය යටතේ, හරේන් නාගොඩවිතාන සමඟින් දිලිනි සිල්වා එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.